• Home »
  • Sinhala »
  • අදටත් පාර්ලිමේන්තුව පාලනය කරන ප‍්‍රභාකරන්ගේ දේශපාලන සගයෝ

අදටත් පාර්ලිමේන්තුව පාලනය කරන ප‍්‍රභාකරන්ගේ දේශපාලන සගයෝ

( Courtesy of The Divaina)

parliment
යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ප‍්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපය සමග එකතු වී යුද්ධය දිනූ ශ‍්‍රී ලංකාව විනාශ කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බව ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ සිසිර ජයකොඩි පසුගිය 09දා චෝදනා කළේය. පුංචි බොරැල්ලේ ශ‍්‍රී වජිරාශ‍්‍රමයේ පැවැති මාධ්‍ය හමුවකදී එම මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් යොදාගෙන මහ බැංකුව මංකොල්ලකෑම මෙම එජාප – ද්‍රවිඩ ජාතික සන්ධානය රටට එරෙහිව ක‍්‍රියාත්මක කරනු ලබන මෙහෙයුමේ කොටසක් බවයි. ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ජයකොඩි මන්ත‍්‍රීවරයාගේ පසෙකින් විය. ත‍්‍රස්තවාදී යුද්ධය සමයේ රටට එරෙහිව ක‍්‍රියාත්මක වූ එජාප ප‍්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය, ද්‍රවිඩ ඩයස්පෝරාව, රාජ්‍ය නොවන ආයතන තවමත් එම ක‍්‍රියාදාමයේ යෙදී සිටින බවට චෝදනා කළේය.

තමන් නියෝජනය කරන මහින්ද රාජපක්‍ෂ නායකත්වය දුන් රජය ද්‍රවිඩ ජාතික සන්ධානය ත‍්‍රස්තවාදී කොටි සංවිධානය සමග සන්ධානගත වීම පිළිබඳව කිසිදු ක‍්‍රියාමාර්ගයක් 2009 මැයි මස යුද්ධය අවසන් වූවාට පසුවත් නොගත්තේ ඇයි දැයි මෙම ලියුම්කරු ප‍්‍රශ්න කළ විට ජයකොඩි මන්ත‍්‍රීවරයා පැවසූයේ යම් පාර්ශ්වයක් දරනු ලබන දේශපාලන ස්ථාවරය පිළිබඳව කටයුතු කිරීමට නොහැකි බවය. එවැනි ක‍්‍රියාමාර්ගයක් ගත්තා නම් හිටපු ජනපතිවරයා අමාරුවේ වැටීමට තිබූ බවත් මන්ත‍්‍රීවරයා පැවසීය. මෙම ලියුම්කරු නැවත මන්ත‍්‍රීවරයාට පෙන්වා දුන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ දේශපාලනය පිළිබඳව ප‍්‍රශ්නයක් නැති බවත්, නමුත් පැවැති රජය ආර්. සම්බන්ධන්ගේ පක්‍ෂය කොටි ත‍්‍රස්තවාදීන් සමග පැවැත්වූ ප‍්‍රබල සම්බන්ධකම සහ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමග සන්ධානගත වීම පිළිබඳව කිසිදු ආකාරයකින් කටයුතු නොකිරීම බරපතල වරදක් බවය. ජයකොඩි මන්ත‍්‍රීවරයා මෙම ලියුම්කරුට චෝදනා කළේ එතුමාගේ පාර්ශ්වයෙන් දිගින් දිගටම මෙලෙස ප‍්‍රශ්න කළත්, එජාපය සම්බන්ධයෙන් එවැනි ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවය. මෙම ලියුම්කරු එජාප – ද්‍රවිඩ ජාතික සන්ධානය පිළිබඳව ප‍්‍රශ්නයේදී එම කණ්ඩායමට හිතවත්ව කටයුතු කරන බව පැවසීය. ගුණවර්ධන අමාත්‍යවරයා කතාවට මැදිහත් නොවීය. මෙම ලියුම්කරු පෙරළා මන්ත‍්‍රීවරුන්ගෙන් ප‍්‍රශ්න කළේ එජාපය ප‍්‍රමුඛ දේශපාලන කණ්ඩායම 2009-2010 කරලියට පැමිණීම පිළිබඳව ඔවුන් දැනගෙන සිටියේද? එම කණ්ඩායමේ කොටස්කරුවෙකු ලෙස ජවිපෙ කටයුතු කිරීම පිළිබඳව දැනීමක් තිබෙනවාද?

ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වයි. එම පක්‍ෂය පුනරුත්ථාපන කඳවුරුවල රඳවා සිටි ත‍්‍රස්තවාදීන්ද දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වයි. එලෙස දේශපාලන සිරකරුවන් ලෙස හැඳින් වූ පුනරුත්ථාපනය වූ ත‍්‍රස්තවාදීන් පසුගිය නොවැම්බර් 30 දා උදෑසන සිංහල සහ ද්‍රවිඩ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මඩකලපුවේ වව්නතිව්හිදී මරා දැමීය. මෙම අපරාධය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදීන් තුන් දෙනෙකු දින කිහිපයක් තුළදී පොලිස් අත්අඩංගුවට පත්විය. 2009 මැයි මස 19 උදෑසන වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළුි ත‍්‍රස්තවාදී රොත්තක් නන්දිකඩාල් කලපුවේදී මරා දැමීමෙන් පසු එම සංවිධානයේ සාමාජිකයන් සිදු කළ ප‍්‍රථම ප‍්‍රහාරය වව්නතිව්හිදී සිදු කළ බව අමතක නොකරන්න. මෙවැනි ප‍්‍රහාරයක් සිදුවන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව තුළ බරපතල මැදිහත් වීමක් සිදු කරමින් සිටිනා අවස්ථාවකදීය.

එජාපය ප‍්‍රමුඛ 122 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායමේ 14 දෙනෙකු ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරයි. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ නැවත අගමැති කිරීමට තම පක්‍ෂය කිසිසේත් කටයුතු නොකරන බවට පවසන ජවිපෙ මන්ත‍්‍රීවරු හයදෙනාද මෙම 122 කණ්ඩායමේ සිටී. මන්ත‍්‍රීවරු 122 ගෙන් 20 ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහ ජවිපෙ නියෝජිතයෝ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එජාපය එම පක්‍ෂ දෙක මත යැපෙන බව පැහැදිලිය.

ද්‍රවිඩ ජාතික සන්ධානය තම කණ්ඩායමේ සහයෝගය 2018 ඔක්තෝබර් 26 ට පෙර පැවැති එජාප ප‍්‍රමුඛ රජයට හිමිවන බව ජනපති මෛත‍්‍රීපාල සිරිසේනට පසුගිය නොවැම්බර් 29 දැනුම් දුන්නේය.

parliment2
තම පක්‍ෂය එජාපයට පොරොන්දු වූ පරිදි සහ ජනාධිපතිවරයාට දැනුම් දුන් ආකාරයට පාර්ලිමේන්තුවේදී දෙසැම්බර් 12 දින ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල් වික‍්‍රමසිංහට විශ්වාසය පළ කළේය. එජාප උපනායක සජිත් පේ‍්‍රමදාස වික‍්‍රමසිංහ වෙනුවෙන් ඉදිරිපත් කළ විශ්වාසය පළ කිරීමේ යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජන්ද 14ක් ලැබිණි. 16 සමන්විත වන එම කණ්ඩායමේ දෙදෙනකු එම අවස්ථාවට සහභාගි වූයේ නැත. එම දෙදෙනාගෙන් එක් අයකු අගමැති මහින්ද රාජපක්‍ෂට මෑතකදී එකතු වූ අතර අනෙකා ජන්දය දීමෙන් වැළකී සිටියේය. එම මන්ත‍්‍රීවරුන් දෙදෙනා පිළිවෙළින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ කොටස්කරුවන් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ ඊ. පී. ආර්. එල්. එෆ්. පක්‍ෂ දෙකට අයත් විය. ද්‍රවිඩ ජාතික සන්ධානය වික‍්‍රමසිංහ නැවතත් අගමැතිවරයා ලෙස පිළිගත්තේය. වික‍්‍රමසිංහ රට නොබෙදා ජාතික ප‍්‍රශ්නය විසඳීමට පොරොන්දු විය. කථානායක කරු ජයසූරිය ජනාධිපතිවරයා වෙත, වික‍්‍රමසිංහ අගමැති ධුරය නැවත ලබාගැනීමට අවශ්‍ය බහුතරය පාර්ලිමේන්තුවේදී නිසියාකාරව පෙන්වා දී ඇති බව දැන්වීය. ද්‍රවිඩ ජාතික සංධානයේ ජන්ද 14 සමග එජාප ප‍්‍රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායම ජන්ද 117ක් ලබාගත්තේය. ද්‍රවිඩ ජාතික සංධානය වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට කිසිදු ආකාරයකින් තනතුරු ලබා ගැනීමෙන් සම්බන්ධ නොවන බව නැවතත් ප‍්‍රකාශ කළේය. අමාත්‍ය තනතුරු ලබා ගැනීමට අවශ්‍ය නැත. එම පක්‍ෂය එජාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

ද්‍රවිඩ ජාතික සංධානය දෙසැම්බර් 12 පාර්ලිමේන්තුවේදී ගත් ක‍්‍රියා මාර්ගය එම කණ්ඩායම 2009-2010 ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති ධුරයට පත්කිරීමේ එජාපය නායකත්වය දුන් මෙහෙයුමට අනුකූලවය.

රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම වර්තමාන අර්බුදය ඇති වූවාට පසු හයවන වරටත් දෙසැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුව වර්ජනය කළේය.

ත‍්‍රස්තවාදීන්ගේ බළල් අත වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අවශ්‍යතාවයට ද්‍රවිඩ ජාතික සන්ධානය 2001 ඔක්තෝබර් අගදී පිහිටුවිය. ආරම්භයේදී දේශපාලන පක්‍ෂ සහ හිටපු ත‍්‍රස්තවාදී සංවිධාන කිහිපයක් මෙම සන්ධානයට අයත් විය. ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් එම සංධානයේ මූලික පරමාර්ථය වූයේ ත‍්‍රස්තවාදීන් පෝෂණය කිරීමයි. සම්බන්ධන් ප‍්‍රමුඛ එම සන්ධානයේ නායකයෝ කොටි ත‍්‍රස්තවාදීන් ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාවගේ එකම නියෝජිතයන් ලෙස හඳුන්වා දුන්නේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් මෙවැනි ක‍්‍රියා මාර්ගයක් ගත්තේ ඇයිදැයි ඇසීමටවත් එවකට චන්ද්‍රිකා කුමාරතුංගගේ රජයට අවශ්‍යතාවක් නොවීය. ද්‍රවිඩ ජාතික සන්ධානය දේශපාලනය උඩුයටිකුරු කළ එම වසරේ කොටි ත‍්‍රස්තවාදීන් ඉතා ප‍්‍රබල ‘හමුදා’ බලයක් පතුරුවාගෙන සිටියේය. වන්නියේදී ප‍්‍රබල පසුබෑම්වලට මුහුණදී පරාජිත මානසිකත්වයකින් කටයුතු කළ යුද හමුදාව 2001 අග වන විට යුදමය වශයෙන් ඉතාම වැදගත් අලිමංකඩ හමුදා සංකීර්ණය රැක ගැනීමේ අසීරු සටනක යෙදී සිටියේය. ද්‍රවිඩ ජාතික සංධානය දේශපාලනයට පිවිසීම විමසා බැලිය යුතුව ඇත්තේ 2001 උතුරේ යුද භූමියේ පැවැති තත්ත්වය පාදක කරගෙනය.

2001 දෙසැම්බර් 05 පැවැති මහ මැතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය ජාතික ලැයිස්තු ආසනයක් සමගින් උතුරු – නැගෙනහිර නියෝජනය කිරීමට මන්ත‍්‍රීධුර 15 දිනාගත්තේය. කොටි ත‍්‍රස්තවාදීන් පාර්ලිමේන්තු ආසන 15 ලබාගැනීම බියකරු තත්ත්වයක් ඇති කළේය. කොටි ත‍්‍රස්තවාදීන්ගේ පූර්ණ ආශිර්වාදය යටතේ උතුරු නැගෙනහිරට තරග කළ ද්‍රවිඩ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව හැසිරවීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ විය.

2001 දෙසැම්බර් 05 මහ ජන්දයෙන් එජාපය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ජය ලැබීය. එජාපය – ද්‍රවිඩ ජාතික සන්ධානය සමග කටයුතු කළේය. 2002 පෙබරවාරි 21 දින අගමැති වික‍්‍රමසිංහ සහ කොටි සංවිධානය නොර්වේ රජයේ මැදිහත් වීමෙන් සටන් විරාම ගිවිසුමට ඇතුළු විය. එතැන් පටන් ද්‍රවිඩ ජාතික සංධානය පාර්ලිමේන්තුව තුළ ප‍්‍රබල භූමිකාවක් කළේය. එලෙසම ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් පාර්ලිමේන්තුව පිටතදී පෙනී සිටියේය. ත‍්‍රස්තවාදීන් කොළඹ පිහිටි බටහිර තානාපති කාර්යාල සමග ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා සම්බන්ධකම් පැවැත්වීය.

කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන් සටන් විරාම ගිවිසුම නොතකා කටයුතු කිරීම සම්බන්ධන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම අනුමත කළේය. පසුගියදා මහින්ද රාජපක්‍ෂට අගමැතිවරයාට හිතවත් මන්ත‍්‍රීවරු කණ්ඩායම ඉතාමත් අශෝභන ලෙස හැසිරීම පිළිබඳව කතා කළ කිසිදු දේශපාලන පක්‍ෂයක්, තානාපතිවරු හෝ රාජ්‍ය නොවන සංවිධාන ද්‍රවිඩ ජාතික සන්ධානය ක‍්‍රියා කලාපය පිළිබඳව මුනිවත රැකීය.

ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් පූර්ණ ලෙස පෙනී සිටියේය. එම කණ්ඩායමේ මන්ත‍්‍රීවරු පැහැරගත් ද්‍රවිඩ දරුවන් ‘යුද පුහුණුව’ ලබාදී ත‍්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් ලෙස විසිර යෑමේ උත්සවවලට පවා සහභාගී විය. ආර්. සම්බන්ධන් කොටි ත‍්‍රස්තවාදී නායකයන් සමග එම විසිරයෑමේ උත්සවවලට සහභාගි විය. පාර්ලිමේන්තුව ද්‍රවිඩ ජාතික සංධානයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව නිශ්ශබ්දව සිටියේය. සටන් විරාමය සමයේ කොටි ත‍්‍රස්තවාදීන් තම පිරිස් බලය වැඩිකර ගැනීමේ ක‍්‍රියාවලියක ලහි ලහියේ යෙදී සිටිය බව පැහැදිලිය. ද්‍රවිඩ ජාතික සන්ධානය එම ක‍්‍රියාවලියට තම පූර්ණ දායකත්වය දුන්නේ පාර්ලිමේන්තුව නොසලකා හරිමිනි. එජාපය කිසිවක් නොදන්නා ආකාරයට කටයුතු කළේය. කුමාරතුංග ප‍්‍රමුඛ පොදුජන පෙරමුණ ද්‍රවිඩ ජාතික සන්ධාන ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. එජාප රජය සහ කොටි ත‍්‍රස්තවාදීන් අතර පිටරටවල සාම සාකච්ඡා සිදුවන අතරේදී වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඉදිරිපත් කළ අන්තර්වාර පාලන යෝජනාවටද ද්‍රවිඩ ජාතික සන්ධානය පෙනී සිටියේය. ඇත්ත වශයෙන්ම එම පාර්ලිමේන්තු කණ්ඩායම කොටි ත‍්‍රස්තවාදීන්ගේ දේශපාලන අංශය ලෙස එළිපිටම ක‍්‍රියා කළේය. සම්බන්ධන් ප‍්‍රමුඛ කණ්ඩායම තමන් කටයුතු කරන්නේ තම පක්‍ෂයේ නායක මන්ත‍්‍රී අප්පාපිල්ලේ අමිර්තලිංගම් සහ මන්ත‍්‍රී වෙට්ටිවේලූ යොගේශ්වරන් 1989 කොළඹදී මරා දැමීමට නියෝග කළ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමග බව අමතක කළේය. එවකට ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අනුග‍්‍රහයෙන් ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් කොළඹට පැමිණි ත‍්‍රස්තවාදීන් තුන් දෙනකු අමිර්තලිංගම් ඔහුගේ බිරිඳ ඉදිරියේ මරා දැමීම සම්බන්ධන් අමතක කළ බව පැහැදිලිය. 2002 සටන් විරාම ගිවිසුම් කාලය තුළ මනුෂ්‍ය ඝාතන කළ අකාරයටම 1989 -1990 එජාප කොටි මධු සමය තුළද ඉවක් බවක් නැතිව කටයුතු කළේය.

ත‍්‍රස්තවාදීන් ලෙස පුහුණුව ලබා විසිර යන ළමා ‘සොල්දාදුවන්’ මරණයට දක්කාගෙන යන බව ද්‍රවිඩ ජාතික සන්ධානය නොදැක්කා සේ සිටියේය. එපමණක් නොව එම ක‍්‍රියාවලියට සම්බන්ධවීම හේතුවෙන් එම දරුවන්ගේ මරණවලට වගකීමද ද්‍රවිඩ ජාතික සන්ධානය භාරගත යුතුය. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන හඬනගන ආර්. සම්බන්ධන්ගේ කණ්ඩායම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කළ අකාරය අද පාර්ලිමේන්තුවේ සිටින කිසිදු පක්‍ෂයකට මතක නැත.

කොටි ත‍්‍රස්තයන් සමග හෙළුවෙන් එජාප ක‍්‍රියාකාරිත්වය රටේ ආරක්‍ෂාවට බරපතළ තර්ජනයක් ලෙස තීන්දු කළ ජනපති කුමාරතුංග 2003 අගදී පාර්ලිමේන්තුව විසුරුවා හැර 2004 අපේ‍්‍රල් මහ මැතිවරණයක් කැඳවීය. 2003 අපේ‍්‍රල් මස කොටි ත‍්‍රස්තවාදීන් නොර්වේ මැදිහත්කරුවකු ලෙස සංවිධානය කළ සාම සාකච්ඡාවෙන් ඉවත් විය. ත‍්‍රස්ත ක‍්‍රියා වඩාත් තීව‍්‍ර කළේය. 2003 අගදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර කුමාරතුංගට ගත හැකිව තිබූ වෙන ක‍්‍රියාමාර්ගයක් නොවීය. ත‍්‍රස්තවාදීන් සාකච්ඡා මේසයෙන් ඉවත්වීම ද්‍රවිඩ ජාතික සංධානය අනුමත කළ අතර 2004 අපේ‍්‍රල් මහ මැතිවරණය වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ තරග කිරීමට තීරණය විය. අප රටේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සහ ජාතික ලැයිස්තුව ත‍්‍රස්තවාදී සංවිධානයක පූර්ණ අධීක්‍ෂණයකට ලක්විය. ද්‍රවිඩ ජාතික සන්ධානය කොටි නායක ද්‍රවිඩ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස නම්කර ඇති අවස්ථාවක එම පක්‍ෂය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන කණ්ඩායම තීරණය කිරීමේ අයිතිය ත‍්‍රස්තවාදියෙකුට හිමිවීම පිළිබඳව පුදුම විය යුතු නැත. පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙකුත් පක්‍ෂ මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව කතා කිරීමෙන් වැළකී සිටියේය. ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරු – නැගෙනහිර දිනවීමට කොටි ත‍්‍රස්තවාදීන් එජාප අපේක්‍ෂකයන් සහ දේශපාලන විරුද්ධවාදීන් මරා දැමීය. භීෂණය ඇති කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානය දිනවීමට අවශ්‍ය සියලූ කටයුතු ත‍්‍රස්තවාදීන් කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානය කිසිදු හිරිකිතයක් නොමැතිව ත‍්‍රස්තවාදීන්ගේ උපකාරයෙන් උතුර – නැගෙනහිර වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත්තේය. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ආසන දෙකක් සමග ආසන 22 ක් දිනා ගැනීමට සම්බන්ධන්ගේ කණ්ඩායම සමත් විය. 2001 දෙසැම්බර් ලබාගත් ආසන 15 වඩා වැඩි ප‍්‍රමාණයක් ලබාගැනීමට මූලික වූ එකම හේතුව වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සම්බන්ධන්ගෙක් දේශපාලන හවුලට තම ‘මිනීමරු’ සහාය දීම බව බහුතර ජන්ද දායකයන්ට නිච්චියක් නැත. 2004 පාර්ලිමේන්තුවට තේරීපත්වූ සහ පත්කළ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් 1/10 ක් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් තෝරාගත් පුද්ගලයන් විය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ ක‍්‍රියා පිළිවෙත පූර්ණ විමසීමකට ලක් කළ යුතුය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සහ ආර්. සම්බන්ධන් 2004 අපේ‍්‍රල් මහ ඡුන්දයට ගිවිසුම් ගතවීමත් සමග ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක විරසිංහම් ආනන්දසංගරී සම්බන්ධන්ගේ කණ්ඩායමෙන් ඉවත්විය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ත‍්‍රස්තවාදීන්ගේ නායකත්වය පිළිගත් කණ්ඩායමෙන් ඉවත් වීමත් සමග සම්බන්ධන්ගේ කණ්ඩායම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය මෙවලමක් කර ගත්තේය. එහි වරදක් නැත. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ද්‍රවිඩ භාෂාව කථා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගැනීමට සූදානම් ආර්. සම්බන්ධන් වැනි ජනතා නියෝජිතයකුට ඕනෑම කටයුත්තක් කිසිදු හිරිකිතයක් නොමැතිව කළ හැකිය.

2004 අපේ‍්‍රල් මස පාර්ලිමේන්තුවට පත් වූ මන්ත‍්‍රීවරු පක්‍ෂ හතරකට අයත්විය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයට අමතරව ඉන්දියාව 80 දශකයේදී ස්ථාපිත කළ ත‍්‍රස්තවාදී කණ්ඩායම් තුනක් ද්‍රවිඩ ජාතික සංධානයට අයත් විය. එම ත‍්‍රස්තවාදී කණ්ඩායම් තුනම ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ සමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයට එක්විය. පුදුමය එම සංවිධාන නැවතත් ත‍්‍රස්තවාදී සංවිධානයක නායකත්වය පිළිගැනිමයි.

යුරෝපීය සංගමය 2004 අපේ‍්‍රල් මස මහ ජන්දය පිළිබඳව පළකළ වාර්තාවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය නිරුවත් කර තිබිණි. කොටි ත‍්‍රස්තවාදීන්ගේ සහයෝගයෙන් සම්බන්ධන්ගේ පක්‍ෂය උතුරු නැගෙනහිර ආසන 22 ලබාගැනීම පිළිබඳව යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම දැඩි ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයට දොස් නැගීය. කොටි ත‍්‍රස්තවාදීන් සහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ ‘මිනීමරු’ සහයෝගිතාවය යුරෝපීය සංගමය 2004 ජුනි හෙළිකළ බව රහසක් නොවේ.

වාර්තාව අප රටේ අසාර්ථක පාර්ලිමේන්තුව අදටත් යුරෝපීය සංගමය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැත. හතර වන ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට පෙර ත‍්‍රස්තවාදීන් තමන්හට හිතවත් කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ ස්ථානගත කළ බව පැහැදිලිය. ආසන 225 තිබෙන පාර්ලිමේන්තුවේ ආසන 22 ලබාගැනීම වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ලබාගත් ජයග‍්‍රහණයකි.

පාර්ලිමේන්තුව තුළ සිට ද්‍රවිඩ ජාතික සන්ධානය භීෂණය වපුරන ත‍්‍රස්තවාදීන් පෝෂණය කළේය.

විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා නායකත්වය දුන් මඩකලපුව – අම්පාර ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් නායකත්වය දුන් කොටි සංවිධානයෙන් 2004 මුල් කාලයේ ඉවත් වූවත්, ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ පාර්ලිමේන්තු උතුරු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් සමග රැඳිනි. නැගෙනහිර පළාතෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත‍්‍රීවරු කරුණාගේ උදහසට ලක්විය. පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට යම් මන්ත‍්‍රීවරුන්ට බලපෑම් කෙරිණි. කෙසේ වෙතත් සම්බන්ධන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමග සම්බන්ධතාව පවත්වා ගත්තේය. එයට ප‍්‍රධාන හේතුව ත‍්‍රස්තවාදීන්ගේ යුද ශක්තිය පිළිබඳව ද්‍රවිඩ ජාතික සන්ධානයට තිබූ විශ්වාසයයි.

ලබන සතියේ – 2005 නොවැම්බරයේ ප‍්‍රභාකරන් – සම්බන්ධන් මෙහෙයුම


184 Viewers