• Home »
  • Sinhala »
  • අපට මොනවාද මේ වෙන්න යන්නේ

අපට මොනවාද මේ වෙන්න යන්නේ

රට උඩු යටිකුරු වෙන ඇග කිලිපොලා යන පුවත් දැන් මැවෙමින් පවතියි .. අද සිංහල ජාතික සංවිධාන වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන නාමල් කුමාර , ඩෑන් ප්‍රියසාද් , අමිත් වීරසිංහ, ප්‍රංශයේ තුෂාර පීරිස් , කපිතාන් අසේල ධර්මසිරි , සාලිය රණවක ,නානසාර ස්වාමීන් වහන්සේ … ද ඒ වගේම DIG නාලක , LTTE ඩයස්පෝරාව …. පිලිබදව හෙළිදරව්වෙමින් පවතින්නේ රට කොයි තරම් නම් විනාශ මුඛයට පත්වෙමින් තිබේද යන්න මනාව පැහැදිලි කරමිනි.

නාමල් කුමාරගේ හෙළිදරව්වෙන් අද මේ සිංහල ජාතික සංවිධාන හා LTTE ඩයස්පෝරාවේ සම්බන්ධතාවය මනාව හෙළිවෙමින් පවතී . LTTE මුදල් බටහිර සිට විශාල වශයෙන් රට අභ්‍යන්තරයට ගලා යමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව රටේ සිදුවීම් සිදු වෙමින් පවතී . එනම් මෙම LTTE මුදල් සිංහල ජාතික සංවිධාන හරහා රට තුලට ගලා යමින් අළු යට ගිනි පුපුරු මෙන් සැගවී යලි යලි රටේ විවිධ තැන්වලින් මතු වුන බව හැමෝම දනියි.

LTTE යට අද උවමනවෙන්නේ කුමක්ද ? ඔවුන් ලෝකයට පෙන්වීමට යන්නේ කුමක්ද ? සිංහලයන් අතින් මුස්ලිම් වරුන් පීඩාවට පත්වෙන බවත් මෙසෙම දෙමල ජනයාද පීඩාවට පත්වූ බවටත් ඔවුන් මෙම සිංහල ජාතික සංවිධානවලින් තමන්ගේ අවශ්‍යතාවය මනාවට රගදක්වමින් සිටී. තවද නාමල් කුමාරගේ හෙළිදරව්වට අනුව නැගෙනහිර පෙදෙසේ මුස්ලිම් ඇමතිවරයෙක් ඝාතනය කිරීමට උත්සාහ කරන්නේ ඩෑන ප්‍රියසාද් ඇතුළු කණ්ඩායමයි . මේ සදහා මුදල් ගෙවන්නේ තුෂාර පීරිස් ය . ඔහු ඍජුවම LTTE ඩයස්පෝරාව සමග සම්බන්ධය . යම් හෙයකින් මුස්ලිම් ඇමති වරයෙක් ඝාතනය වුවහොත් එම පෙදෙසේ විශාල ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමක් සිදුවෙන බව ඩෑන ප්‍රියසාද් මෙන්ම LTTE ඩයස්පෝරාව ද දනී . මෙම ඝාතනය ඔවුන් සිදු කිරීමට උත්සාහ කලේ සිංහල සංවිධාන නැගෙනහිර පළාතේ විල්පත්තුව විනාශ කිරීමට එරෙහිව රට වටේ සිටින බොහෝ සිංහල තරුණයන් ද පෙරටු කරගෙනය . යම් හෙයකින් එම අවස්ථාවේ මුස්ලිම් ඇමතිවරයා ඝාතනය වුවහොත් නැගෙනහිර සිටින මුස්ලිම්වරු එම පළාතේ උද්ගොෂනයට පැමිණෙන සිංහලයන සමග ගට්ටනයක් ඇතිකිරීම තුලින් සිංහලයන් කිහිප දෙන්ක්ව ඝාතනය කිරීම තුලින් රටේ අනිත් පෙදෙස්වල සිංහල මුස්ලිම් කලහයක් ඇති කොට රට සම්පූර්ණයෙන්ම අරාජිකත්වයට පත් කිරීම මෙම LTTE ඩයස්පෝරාවේ අරමුණ විය. එම සිදුවීමෙන් පසුව මුස්ලිම් වරුන්ව ආයුද ගැනීමට සලස්වා නැවත දෙමළ මුස්ලිම් ජනය එකතුකොට සිංහලයට එරෙහිව එක ජන කණ්ඩායමක් ලෙස ගොඩ නැගීම ඔවුන්ගේ අරමුණ වියහැක.

අද අපි පෙනී සිටින්නේ කාගේ උවමනවන්ටද යන්න හොදින් සලකා බැලිය යුතුය. එක අතකින් උතුරු නැගෙනහිර එක කිරීමට නැගනහිර සිටින මුස්ලිම් වරු මෙන්ම සිංහලයන්ද අකමැතිය. නමුත් දිගින් දිගටම LTTE ඩයස්පෝරා වේ උවමනව මත මුස්ලිම් වරුන්ට එරෙහිව භීෂණය මුදා හැරීම තුලින් මුස්ලිම් වරුන්ව දෙමල හිතකාමී සහ සිංහල විරුද්ධ යන මතයට ගෙන නැගෙනහිර සහ උතුර එකතුකිරීමට මුස්ලිම්වරුන්ගේ සහයෝගය ලබාගැනීම ඔවුන්ගේ එක අරමුණකි.

සිංහලයාගේ කරදරෙන් බේරීමට දෙමළට එකතුවීම හැර වෙන විකල්පයක් මුස්ලිම්වරුන්ට නැත යන තත්වයට ඔවුන්ව පත්කර තමන්ගේ LTTE උවමනාවන් ඉෂ්ට කරගනීමට මෙම සිංහල ජාතික සංවිධාන ඩයස්පෝරා වට මනාවට දැන් හෝ නොදැ න උදව් කරමින් සිටි.

අවසානයේ කිව හැක්කේ අපි හැමෝම LTTE උගුලට හසුවීමට නියමිත බවයි. එවැනි ලංකාවක් බිහිවෙන විට ඔය ජාතික කියන සංවිධාන ඔබට දැකිය හැකි නොවනු ඇත .



307 Viewers