• Home »
  • Sinhala »
  • අපේ රටට ආයෙත් යුද්ධයක්‌ නම් එපා

අපේ රටට ආයෙත් යුද්ධයක්‌ නම් එපා

(Courtesy of The Divaina)

අපගේ මාතෘ භූමිය යළිත් වතාවක්‌ ලෙයින් තෙත් කළ කුරිරු ත්‍රස්‌ත ප්‍රහාරය නිවට බියගුලු ක්‍රියාවක්‌ බව අමුතුවෙන් කිවයුතු නැත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී එකම දිනයක අහිංසක මිනිස්‌ ජීවිත රැසක්‌ අකාලයේ බිලිගත් ඒ දුක්‌මුසු සිදුවීම මුළුමහත් ලෝකයේම සංවේදී සිත් ඇති මිනිසුන් ඉමහත් කම්පනයට පත් කළ බව ද නොරහසකි. කුඩ d දරුවන් ද ඇතුළුව තම සමීපතමයන් අහිමිවීමේ දරාගත නොහැකි දුක එකම මිනිස්‌ විලාපයක්‌ ලෙස වාතලයට මුසුවෙද්දී රටේ සෙසු ප්‍රදේශවල මෙන්ම රජරට ජනයා ද ඔවුන් සමඟ එකට දුක්‌ වූ බැව් සඳහන් කිරීම අතිශයෝක්‌තියක්‌ නොවේ. ඒ බිහිසුණු ෙ€දවාචකයට ගොදුරුව තුවාල ලබා රෝහල්ගත කළ තම සහෝදර ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය රුධිරය පරිත්‍යාග කරන්නැයි කෙරුණු කාරුණික ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වූ මෙහි ජනයා යුහුසුළුව රෝහල් කරා ඇදෙමින් සිය යුතුකම ඉටු කරන්නට පෝලිම් ගැසී සිටිනු දක්‌නට හැකිවිය. අනපේක්‍ෂිත මොහොතක අහිංසක ජන ජීවිතවලට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා ජීවිත අහිමි වූ සියලු දෙනා වෙත ජාතියේ උත්තමාචාරය, ගෞරවය පිරිනමනු වස්‌ ජාතික ශෝක දිනයක්‌ ප්‍රකාශයට පත් කළ මොහොතේ ජාති ආගම් බේදයකින් තොරව රජරට ජනයා ඊට දායක වූ බව ද මෙහිලා සටහන් කළ යුතුය. පන්සල්, පල්ලි, කෝවිල් සෑම තැනෙකම ද සියලු රජයේ ආයතන මෙන්ම ලොකු, පොඩි සෑම නිවහනකම පාහේ ද දොරින් දොර සුදු කොඩි ඔසවා තැබුණු දසුන දැහින් දුටු දෙයකි. මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදියා කුමන ජන වර්ගයකට අයත් වුව ද ඌට ආගමක්‌, දහමක්‌ නොමැති බව යළිත් වතාවක්‌ මෙවර ද පසක්‌ කර තිබේ. අහස පොළොව නුහුලන හිත් පිත් නැති අපරාධ රුදුරු කොටි ත්‍රස්‌තවාදීන් විසින් අප රටේ කරනු ලැබුවේ මීට වසර 10 කට පමණ ඉහතදීය. එහි අප්‍රමාණ අමිහිරි අත්දැකීම් කටුක වේදනා තිස්‌ වසරකට ආසන්න කාලයක්‌ විඳි ජනයා අතර මෙහි දැනට දිවි ගෙවනා වැසියෝ ඉදිරියෙනි. එහෙයින් රටේ කුමන ඉසව්වක මායිමක වුව ද සහෝදර ජනතාව මේ මුහුණ දුන් අභාග්‍යසම්පන්න ඉරණම අප ජනතාව පිළිගන්නේ තමන් වෙත පැමිණි දුක්‌ඛ දොaමනස්‌සයක්‌ ලෙසිනි. කොටියාගේ ම්ලේච්ඡ බියගුලු, නින්දිත ක්‍රියාකාරකම් රට තුළ නවතාලූ ද, පටන් දැස්‌ කෙවෙනි අග වියෑළී ගිය කඳුළු කැට යළිත් දස වසරකට පමණ පසුව අලුත් වූයේ ඒ අප්‍රමාණ සංවේදී බව නිසාවෙනි. ඔවුනගේ දැත් හිස්‌ අහස්‌ කුස දෙසට එසැවෙන්නේ අනේ අපේ රටට ආයෙත් නම් යුද්ධයක්‌ එපා යන අවිහිංසක ප්‍රාර්ථනය ද සමඟින් ය.

නොච්චියාගමදී වැටලූ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව බෝම්බ මුදලාලි කෙනෙකුගේද?

ඉකුත් ඉරිදා පෙරවරුවේ දිවයිනේ ස්‌ථාන කිහිපයක පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ මාරක බෝම්බයේ දොaංකාරය තවමත් මැකී ගොස්‌ නොමැත. කම්පිත ජන හදවත්වලට කිසියම් හෝ අස්‌වැසිල්ලක්‌ නොලැබෙන කාරණා ඊට පසුව ද රටේ තැන තැන සිදුවෙමින් පවතී. එය බෝම්බයක්‌ පුපුරා යැම තරම්ම දරුණු නොවූව ද ඊට ආසන්නයේය. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් නොච්චියාගම නගරයේ පිහිටි ව්‍යාපාරිකයකුට අයත් නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ පොලිසිය විසින් සොයාගෙන තිබුණි. පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව නොච්චියාගම පොලිසිය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එක්‌ව ඒ සැකකටයුතු නිවස පරීක්‍ෂා කර පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබූ බව ද අනාවරණය විණි. එපමණක්‌ නොව කුඩා වෑන් රථයක්‌ සහ ලොරියක්‌ ද පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබුණි. කාන්තාවක ඇතුළු පුද්ගලයෝ හත් දෙනෙක්‌ පොලිස්‌ අත්අඩංගුවේ පසුවෙති. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීන් පවසන අන්දමට මේ අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු නැතහොත් නිවෙස්‌ හිමියා මීට පෙර ද පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අධිකරණය මඟින් දඬුවම් ලබා ඇති අයෙකි. පොලිසියට ලද තොරතුරකට අනුව මෙවර සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය සුළුපටු නොවේ. ඒ අතර ජෙලිග්නයිට්‌ කූරු 314 ක්‌, කිලෝග්‍රෑම් 25 බැගින් වූ ඇමෝනියා බෑග් 23 ක්‌, මීටර් 10 බැගින් දිග සේවා නූල් කැබලි 46 ක්‌, වායු රයිµල් දෙකක්‌, කඩුවක්‌ ද වන බව ආරක්‍ෂක අංශ සඳහන් කරයි. එම භාණ්‌ඩ අතර වායු රයිµල් 02 සහ කඩුව හැර අනෙක්‌ දැ සියල්ල අධි බලැති පිපුරුමක්‌ සඳහා උපයෝගී කරගන්නා අමුද්‍රව්‍යයන්ය. ඒ සියල්ල එකට එකතු වූ විට නිර්මාණය වන්නේ බෝම්බයක්‌ බව ආරක්‍ෂක අංශ ඇතුළු තතු දත් අය දනිති. මේ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයා ව්‍යාපාරිකයකු බව ඉහත ද කියෑවිණි. එමෙන්ම ඔහු මීට පෙර ද මෙලෙස පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන නීතියේ රැහැනට හසු වී අධිකරණය මඟින් දඬුවම් ලබා සිටි අයෙක්‌ බවත් පෙර සඳහන්ය. ඔහුගේ පෙර වැරදිත් පසුගියදා සිය නිවසේ ගබඩා කර තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය තොගයත් පිළිබඳව කල්පනා කර බලන විට ඕනෑම අයකුට හැඟෙන කාරණයක්‌ විය හැක්‌කේ මේ පුද්ගලයා අන් කිසිවකුත් නොව අධි බලැති බෝම්බ සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විකුණන හෝ නැතිනම් කෙළින්ම බෝම්බ වෙළෙ¹ම කරන ව්‍යාපාරිකයකු විය හැකි බවයි. එහෙයින් රජරට පළාතේ ඈත දුෂ්කර නගර ගම්බිම්වල ද බෝම්බ මුදලාලිලා බිහිවීම අප්‍රමාදව වළකාලන්නට වගකිව යුත්තෝ උත්සුක විය යුත්තාහ. එසේ නොකළහොත් අන් වෙළෙඳුන්, ව්‍යාපාරිකයන් අභිබවා බෝම්බ, පුපරණ ද්‍රව්‍ය වෙළෙ¹ම ප්‍රචලිත වීමට ඉඩ ඇත.

ඇත්ත නැත්ත වී ජනපතිගේ කණට ගිය වැරදි තොරතුරක්‌

ගෙවුණු සිංහල අලුත් අවුරුද්ද උදාවන්නට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේ පැවති උත්සව අවස්‌ථා කිහිපයකටම සහභාගි විය.

එහි අවසන් කටයුත්ත ලෙස යෙදී තිබුණේ පොලොන්නරුව, කදුරුවෙල නගරයේ ප්‍රධාන බස්‌නැවතුම්පළේ පිබිදෙමු පොලොන්නරුව දිස්‌ත්‍රික්‌ සංවර්ධන වැඩසටහන යටතේ අභිනවයෙන් ඉදිකරන ලද බස්‌නැවතුම්පළ ජනතා අයිතියට පත් කිරීමයි. ඉන් අනතුරුව උතුරු මැද මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකුට ලබාදෙන ලද නිදහස්‌ ගමන් බලපත්‍ර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඔවුනට පිරිනැමීම සිදුවිය. ඒ අවස්‌ථාවේදී නිදහස්‌ බස්‌ ගමන් බලපත්‍ර නොලද මාධ්‍යවේදියකු තමන්ට බලවත් අසාධාරණයක්‌ සිදු වී ඇති බවට ජනාධිපතිවරයාට පැමිණිලි කර සිටියේය. ඒ ගැන තමන් කිසිත් නොදන්නා බවත් ඒ ගැන සොයා බලන බවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ ජනමාධ්‍යවේදියාට පිළිතුරු ලෙසින් ප්‍රකාශ කළේය. ඒ උත්සව අවස්‌ථාව නිමා වී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එදින පස්‌වරුවේ සහභාගි වූයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජනමාධ්‍යවේදීන් සඳහා පැවති සම්මාන පිරිනැමීමේ උත්සවයකට ය. එහිදී ජනාධිපතිවරයා සිය කතාවේ මුලින්ම වාගේ සඳහන් කරන්නට යෙදී තිබුණේ තමන් මේ උත්සවයට සහභාගිවන්නට පෙර පොලොන්නරුවේ නව බස්‌නැවතුම්පළ විවෘත කර ඉන් පසුව පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ජනමාධ්‍යවේදීන් සඳහා උතුරු මැද පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ලබාදී ඇති නිදහස්‌ ගමන් බලපත්‍ර පිරිනැමීමට බවය. එහිදී ඒ නිදහස්‌ ගමන් බලපත්‍රය නොලැබුණු එක්‌ මාධ්‍යවේදියකු තමන්ට එය ලබා නොදීම අසාධාරණයක්‌ බව තමන්ට පැමිණිලි කළ බවත් පසුව සොයා බැලීමේදී දැනගැනීමට ලැබුණේ දිස්‌ත්‍රික්‌කයේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔහුගේ නම ඒ සඳහා නිර්දේශ කර නොමැති බව යෑයි ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කර තිබුණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කවුරුන් විසින් ඒ තොරතුරු ලබාදුන්න ද එය එහෙම පිටින්ම වැරදිය. උතුරු මැද පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ තෝරාගත් මාධ්‍යවේදීන් 10 දෙනකුට නිදහස්‌ බස්‌ ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ එක්‌ මාධ්‍යවේදියකු මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගෙන් පෞද්ගලිකව කරන ලද ඉල්ලීමක්‌ මතය. ඒ සඳහා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කිසිදු නිර්දේශයක්‌ ලබාදී නොමැති බව මෙහිලා සඳහන් කළ යුතුය.

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ නියෑලි මාධ්‍යවේදීහු 40 ක්‌ පමණ සිටින අතර ලියුම්කරු ඇතුළුව වැඩි පිරිසක්‌ උතුරු මැද පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් නිදහස්‌ ගමන් බලපත්‍ර ලබාගත් නොගත් අය වෙති. එහෙත් ජනාධිපතිවරයාගේ කණට ගොස්‌ ඇත්තේ ඒ පිළිබඳ වැරදි තොරතුරකි.

මෙන්න තවත් බස්‌ බෝම්බයක්‌

මරාගෙන මැරෙන බෝම්බකරුවන් රටේ ස්‌ථාන ගණනාවකදී ජීවිත රැසක්‌ බිලිගත් ඉකුත් ඉරිදා පස්‌වරුවේ පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකින් කියෑවුණේ බස්‌ රථ දෙකකට බෝම්බ අටවා පුපුරුවා හැරීමට සූදානම් කර තිබෙන බවකි. ඒ කාන්තාව තමන් ද බියට පත් කළ මේ නොදන්නා දුරකථන අංකයෙන් ලැබුණු බියකරු පණිවුඩය ගැන පොලිසියට දැනුම් දුන්නාය. පොලිසිය ඒ දුරකථන අංකය ඔස්‌සේ විමර්ශන කටයුතු සිදු කළේය. අවසානයේ කුරුණෑගල කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි තරුණයෝ තිදෙනකු ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත. පසුව දැනගන්නට ලැබී ඇත්තේ ඒ තරුණයන් තිදෙනා අසත්‍ය ප්‍රචාරයක්‌ කර දුරකථන ඇමතුම ලබාදී කාන්තාව බියගන්වා ඇති බවයි. බස්‌ බෝම්බයක්‌ අටවා තිබෙන බවට අසත්‍ය ප්‍රචාරය කර අනියත බිය ගැන්වීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සැකකරුවෝ තිදෙනා මැයි මස 07 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. රටේ උත්ගත වී තිබෙන තත්ත්වය තුළ අසත්‍ය ප්‍රචාර කර මහජනතාව බියගැන්වීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක්‌ කරයි.

karunarathne

187 Viewers