• Home »
  • Sinhala »
  • අර්බුදයට හොදම ප්‍රජාතන්ත්‍රවාදී විසදුම පාර්ලිමේන්තුව විසුරුවා ජනමතය විමසීමයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය හිටපු අගමැතිට ලියයි

අර්බුදයට හොදම ප්‍රජාතන්ත්‍රවාදී විසදුම පාර්ලිමේන්තුව විසුරුවා ජනමතය විමසීමයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය හිටපු අගමැතිට ලියයි

(Courtesy of The Lanka Lead News)
45257869_328409937737610_5984638912356679680_nපවතින අර්බුදකාරී තත්වය තුළ ජාතික ආරක්ෂාව සහ ජන ජීවිතය අනතුරට හෙලමින් තව දුරටත් ගැටුම් ඇවිලවීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බැවින් පාර්ලිමේන්තුව විසුරුවා නව ආණ්ඩුව පිහිටුවීමට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට අවස්ථාවක් ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉල්ලීමක් කර තිබේ.

රට තවදුරටත් ව්‍යවස්ථා හා දේශපාලන අර්බුදයකට විවර නොකරමින් , 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත 70 ව්‍යවස්ථාව යටතේ එළෙඹෙන 16 වෙනිදාට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහාමැතිවරණයකදි ජනමතය උරගාබැලීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන ලෙසද වැඩිදුරටත් එම ලිපියෙන් ඉල්ලා ඇත.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවකට තුනෙන් දෙකක විශේෂ බහුතර කැමැත්ත ලබාදිය යුතු බවද අවධාරණය කර ඇත.

සම්පූර්ණ ලිපිය පහතින්-

Letter-to-Ranil-Wickramasinghe_2-1

Letter-to-Ranil-Wickramasinghe_2-2



94 Viewers