• Home »
  • Sinhala »
  • අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නේ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමටයි

අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නේ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යෑමටයි

දිවයින පුවත්පත අනුග්‍රහයෙන් 

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ

එළිය එළිදැක්‌වීමේ උළෙල

සමන් ගමගේ

lightවත්මන් රජය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නට සූදානම් වන්නේ එදා එල්ටීටීඊ ය වනසා දමන්නට උපකාර කළ යුද විරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ  ද්‍රෝහී  වුවමනාව නිසා යෑයි හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසීය.

එසේ ගෙන එන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කිසිසේත්ම රටට හිතකර එකක්‌ නොවන බව ද පෙන්වා දුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එය පරාජය කිරීම සඳහා රටේ ජනතාව පෙළගැස්‌වීමට වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, නීතිඥ මහත්වරුන් ඇතුළු නොයෙක්‌ වෘත්තිකයන් සහ විද්වතුන්ගේ එකමුතුවෙන් ‘එළිය’ නමින් පුළුල් සංවිධානයක්‌ බිහි කිරීමට පියවර ගත් බව ද අවධාරණය කළේය.

ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳ ගණඳුර දුරලන කතිකාවතකට යන මැයෙන් පෙරේදා (06 දා) බොරලැස්‌ගමුව ගෝල්ඩන් රෝස්‌ ශාලාවේදී පැවති ‘එළිය’ සංවිධානය එළි දැක්‌වීමේ මංගල රැස්‌වීමට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහා සංඝරත්නය ප්‍රධාන අන්‍ය ආගමික පූජකවරුන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‍ෂ, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ, ඩලස්‌ අලහප්පෙරුම, යන මහත්වරුන් සහ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, කලාකරුවන් විවිධ වෘත්තිකයන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ‘එළිය’ එළිදැක්‌වීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා,

“අපි මේ රට ඒකීය රාජ්‍යයක්‌ ලෙස එක්‌සේසත් කරනු ලැබුවේ තිස්‌ වසරක්‌ පුරා රට වෙලාගෙන තිබූ ත්‍රස්‌තවාදය පරාජය කරමින්. එනිසා ව්‍යස්‌වස්‌ථාවක්‌ මගින් හෝ පාර්ලිමේන්තුව තුළින් අප ලැබූ ඒ ජයග්‍රහණය පාවා දෙන්නට ඉඩදිය නොහැකියි.

අද නව ව්‍යවස්‌ථාව හරහා අප ලැබූ ඒ ජයග්‍රහණය අපට අහිමි වේ යෑයි කියන බිය ජනතාව තුළ ඇතිවී තිබෙනවා. එනිසා විද්වතුන් විවිධ ක්‍ෂේත්‍රවල සාමාජිකයන්, එකතුවෙලා ජනතාව දැනුවත් කරලා මහජනතාව පෙළ ගස්‌සවා නව ව්‍යවස්‌ථාව ගෙනඒම වැළක්‌වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක්‌ ගැනීම සඳහා ජනතාව සූදානම් කිරීමයි ‘එළිය’ සංවිධානයේ පරාමාර්ථය.

රටේ දැනට පවතින ව්‍යවස්‌ථාවේ යම් අඩුලුහුඬුමක්‌ තිබෙන බව ඇත්තක්‌. එහෙත් මේ නව ව්‍යවස්‌ථාව ගෙන එන්නට හදන්නේ කවුද කියන කාරණය ඉතා වැදගත් වෙනවා. එය ගෙන එන්නේ කවුරුන් සඳහාද? කා වෙනුවෙන්ද? එය කෙටුම්පත් කරන්නේ කවුරුන්ද යන කාරණා දෙස බලන විට විශාල ගැටලුවක්‌ තිබෙනවා.

අපිට පැහැදිලියි අද ආණ්‌ඩුව මේ යන්නේ මොන දිසාවට ද කියන එක. එදා එලිටීටීඊයට උපක්‍රම දුන්නු එල්ටීටීඊය වෙනුවෙන් අරමුදල් එකතුකරලා ඒ මුදල් යොදවා අවි ආයුධ ලබාදුන්නු කණ්‌ඩායම් තමයි එදා එල්ටීටීඊයට යුද්ධයෙන් ගන්නට බැරිවූ දේ අද මේ වෙනත් විදිහකට ගන්න සූදානම් වෙන්නේ.

ඒ වගේම එදා ත්‍රස්‌තවාදයට එරෙහිව ගෙනගිය යුද්ධය නතර කිරීම සඳහා බලපෑම් කළ විවිධ සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන සහ රටවල්වල අවශ්‍යතාව සඳහායි මේ නව ව්‍යවස්‌ථාව ගෙන එන්න සූදානම් වෙන්නේ. එමෙන්ම මේ රට තුළ සිටින බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ගේ වුවමනාවට අනුවයි නව ව්‍යවස්‌ථාව ගෙනෙන්නට සැරසෙන්නේ.

වසර ගණනාවක්‌ තිසේසේ මේ රටේ සිවිල් ජනතාව ඝාතනය කරමින් ජන ජීවිතයට සහ රටට විශාල විනාශයක්‌ කරපු ම්ලේච්ඡ එල්ටීටීඊය සහ ඔවුන්ට උපකාර කළ අය අද ජාත්‍යන්තරයේ මානව හිමිකම් ශූරයන් වශයෙන් පෙනී සිටිමින් මේ රටට සාමය උදා කරන්නට, රට එක්‌සේසත් කරන්නට මුල්වුණු රණවිරුවන් ඇතුළු නායකයන් යුද අධිකරණ වෙත ගෙන යන්නට සැරසෙනවා. ඔවුන් තමයි මේ නව ව්‍යවස්‌ථාව ගෙන එන්නට මුල්වෙලා ඉන්නේ.

පසුගිය වසර දෙකහාමාරක කාලය තුළ රණවිරුවන්ට කිසි දෙයක්‌ නොකරන බව පවසමින් බුද්ධි අංශ රණවිරුවන් රාශියක්‌ හිරගත කළා, මැතිවරණ සංශෝධන කියමින් මේ දක්‌වා පළාත් පාලන මැතිවරණයවත් නොතියපු ආණ්‌ඩුවක්‌ අද තිබෙන්නේ. ඒ ආණ්‌ඩුව පිළිබඳව මේ කාරණයේදී අපට කිසිම විශ්වාසයක්‌ තියන්න හැකියාවක්‌ නැහැ.

මෙවැනි කණ්‌ඩායම් එකතුවෙලා ගෙන එන ව්‍යස්‌වසAථාවකින් රටට භායානක ප්‍රතිඵල ලැබෙන බව නම් ඉතාම පැහැදිලියි”.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා,

“වෙනස, පරිවර්ථනය, විපර්යාසය කියන්නේ සනාථන ධර්මයක්‌ කියලා අපි දන්නවා. ඒ නිසා අපි වෙනසට, පරිවර්ථනයට විරුද්ධ මිනිස්‌සු නෙමෙයි කියන එක මුලින්ම කියන්න ඕනේ.

එහෙත් සිදුවන්නට යන්නේ සහ සිදුවන්නේ විනාශකාරී වෙනසක්‌ පරිවර්ථනයක්‌, විපර්යාසයක්‌ නම් එයට එරෙහි වීම, විරුද්ධ වීම, එයට එරෙහිව සටන් කිරීම අපි කළ යුතුයි. බුද්ධිමතුන්, විද්වතුන් ලෙස අපට බුද්ධියක්‌ තිබෙනවා යම් වෙනසක්‌ හොඳ වෙනසක්‌ ද ධනාත්මක වෙනසක්‌ ද නැති නම් නිශේධනාත්මක වෙනසක්‌ ද කියලා තෝරා බේරාගෙන නිශේධනාත්මක වෙනසට විරුද්ධවී ධනාත්මක වෙනස කරන්න සහායදීමට

මේ ඓතිහාසික මොහොතේ මේ පාර්ලිමේන්තුව හරහා මේ ආණ්‌ඩුව ගෙන එන්නට උත්සාහ දරන ව්‍යවස්‌ථා වෙනස අනවශ්‍ය එකක්‌ පමණක්‌ නෙවෙයි රටට මහා විනාශයක්‌ ගෙන දෙන එකක්‌ බව මට සාක්‍ෂි සහිතව කියන්න පුළුවන්.

ව්‍යවස්‌ථාවක්‌ කියන්නේ කුමක්‌ද? ව්‍යවස්‌ථාවක්‌ කියන්නේ රාජ්‍යය නමැති බලකොටුවේ ව්‍යqහයට. එසේත් නැතහොත් සැලැස්‌මට. මන්ත්‍රීවරුනි ශ්‍රී ලංකාව කියන්නේ සාර්ථක රාජ්‍යයක්‌ද?

අද ලෝකයේ ඇතැම් රටවල් ආක්‍රමණය කරනවා ඇතැම් හමුදා කණ්‌ඩායම්. තවත් රටවල දශක ගණනාවක්‌ තිස්‌සේ ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකිව තිබෙනවා. තවත් රටවල් කෑලිවලට කැඩිලා ගිහින්. තවත් රටවල හමුදා කුමන්ත්‍රණ වාමාංශික පෙරළි ආදිය සිදු වෙනවා.

ඒත් ශ්‍රී ලංකාව කියන්නේ මේ කියන ආකාරයේ සියලු අභියෝගයන් ජයගත්ත රාජ්‍යයක්‌. ඒ නිසා ලංකා රාජ්‍යය සාර්ථක රාජ්‍යයක්‌. නම් සාර්ථක රාජ්‍යය තුළ අද යමක්‌ අසාර්ථක වී තිබෙනවා මේ ඒ අසාර්ථක වෙලා තිබෙන්නේ ආණ්‌ඩුව.

එහෙම නම් දැන් අපි වෙනස්‌ කළ යුත්තේ රාජ්‍යය නෙමෙයි ආණ්‌ඩුව කියන එකයි මගේ ප්‍රධාන ප්‍රස්‌තුතය.

ව්‍යවස්‌ථා වෙනසක්‌ කියන්නේ සාර්ථක රාජ්‍යයක්‌ ව්‍යqහය වෙනස කරන්නට දරන උත්සාහයක්‌ද? නැහැ. ලෙඩේ එතන නෙමෙයි නම් එතනට නෙමෙයි ප්‍රතිකර්ම දෙන්න ඕනේ.

ඒකෙන් අපි අදහස්‌ කරන්නේ නැහැ මේ රාජ්‍ය ව්‍යqහයේ වෙනස්‌ කළ යුතු දේවල් නැහැයි කියලා. නමුත් කරන දේ කළ යුත්තේ මේ සාර්ථක ශක්‌තිමත් රාජ්‍ය බලකොටුව තුළ සිට කරන දේවල්.

මේ ව්‍යවස්‌ථාව තුළ යම් පිළිසකර කිරීම් කරන්න තිබෙනවා නම් සර්ව පාක්‍ෂක සම්මුතියක්‌ තුළ සිට ඒ සුළු දේවල් කරන්න පුළුවන්. ඒත් බලකොටුවෙ දොරවල් බිඳෙන විදිහට, උවදුරුවලට ඇතුළට එන්න පුළුවන් වෙන විදිහට කිසියම් ව්‍යqහාත්මක වෙනසක්‌ කරනවා නම් එය අවශ්‍ය නැහැ. එයට අප විරුද්ධ විය යුතුයි.

අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්න නම් එයට සංකල්පයක්‌ තිබිය යුතුයි. 1972 ව්‍යවස්‌ථාව ගත්තත් 1978 ව්‍යවස්‌ථාව ගත්තත් ඒවාට පැහැදිලි සංකල්ප තිබුණා. 1978 ව්‍යවස්‌ථාවේ ස්‌වදේශීය සහ ඒකීය කියන සංකල්පය තිබුණා. 1978 ව්‍යවස්‌ථාවේ විවෘත ආර්ථිකය සහ විධායක බලතල කියන සංකල්පය තිබුණා.

ඒත් අද මේ ගෙන එන්න හදන ව්‍යවස්‌ථාවට තිබෙන සංකල්පය කුමක්‌ද? ඒක රහසක්‌ වෙලා.

සංකල්යක්‌ තිබෙනවා නම් හොර රහසේ වැඩ නැතුව එය ඉදිරිපත් කළ යුතුයි. මේ ව්‍යවස්‌ථාවේ තිබෙන සංකල්පය අද හෙළි කරන්නේ කවුද? සුමන්තිරන් මහත්තයා තමයි ඒක කරන්නේ. ඔහු ප්‍රසිද්ධියේ දේශීයව සහ විදේශීව ප්‍රකාශ කර තිබෙනවා එකීය කියන වචනය තිබුණට කමක්‌ නැහැ ඒත් අපිට පොරොන්දු වෙලා තිබෙන්නේ ෆෙඩරල්, ෆෙඩරල් කියන එකේ මූලික අංග දෙකක්‌ තිබෙනවා ඒ මූලික අංග දෙක මේ ව්‍යවස්‌ථා කෙටුම්පතේ තිබෙනවා කියලා.

ඒ අනුව පැහැදිලිවම පෙනී යන්නේ මේ ව්‍යවස්‌ථාවේ තිබෙන සංකල්පය ෆෙඩරල් කියන එකයි.

ඒත් ශ්‍රී ලංකාවේ භූගොලීය පිහිටීම සහ ඉතිහාසය ගත් විට ෆෙඩරල් ක්‍රමයක්‌ මොන ආකාරයකින් හෝ ඇතිකරන්න උත්සාහ දරනවා නම් එකෙන් රට බෙදෙනවා. අනිවාර්යයෙන්ම මේ රට බෙදෙනවා.

මේ ෆෙඩරල් ක්‍රමය ලංකාවේ සුවිශේෂීය භූගෝලීය පිහිටීම සහ ජනවාර්ගික සංයුතිය අනුව රට බෙදෙන පරිවර්තනයක්‌ කියන එක නියතයි. ඒ නිසා එයට අප විරුද්ධ විය යුතුමයි.

එසේම අද මේ පාර්ලිමේන්තු කියන ගර්භාෂය තුළින් ව්‍යවස්‌ථාවක්‌ බිහිවෙනවා නම් ඒක මහා විසකුරු විනාශකාරී ව්‍යවස්‌ථාවක්‌ වෙනවා. මොකද 2015 අගෝස්‌තුවේ පාර්ලිමේන්තු ඡන්දයේ ප්‍රතිඵලවලට පටහැනිව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කොටසක්‌ ගලවලා ගිහිල්ලා ආණ්‌ඩුවට හයි කළා විතරක්‌ නෙමෙයි 52 කට වඩා 16 ලොකුයි කියන අමුතු ගණනය කිරීමක්‌ තිබෙන පාර්ලිමේන්තුවක්‌ මේක.

විපක්‍ෂයේ 52 යි. විපක්‍ෂ නායකයා හැටියට වාඩිවෙලා ඉන්න ඕනේ හිටපු ජනාධිපතිතුමා නැති නම් ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා. ඒත් අද පාර්ලිමේන්තුවේ 52 ක්‌ සහිත විපක්‍ෂය නෙමෙයි විපක්‍ෂය වෙලා තිබෙන්නේ 16 සහිත ටී. එන්. ඒ. එක.

මේ කියන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නෙමෙයි. අමිර්තලිංගම් මහත්තයා විපක්‍ෂ නායකයා වුණහම එදා එතන වැඩි ආසන සංඛ්‍යවක්‌ තිබුණා. ඒක යුක්‌ති යුක්‌තියි. එත් මෙතනදී 52 නෙමේ 16 විපක්‍ෂය. ඉතින් ඒ වගේ විකාරරූපී පාර්ලිමේන්තුවක්‌ තුළින් නව මූලික නීතියක්‌ බිහිවෙන්න පුළුවන්ද”?

මෙහිදී රැස්‌ව සිටි පිරිස අමතා විමල් තිරිමාන්න පියතුමා සහ හිටපු තානාපතිනී තමාරා තුනනායගම්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙවත්ත, නීතිඥ රුස්‌නි හබීබ් මහත්ම මහත්මීහු ද අදහස්‌ දැක්‌වූහ.

 

799 Viewers