• Home »
  • Sinhala »
  • ආණ්ඩුව විසුරුවා හැරීම නිවැරදි බව කියන්න පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා ජාතික සංවිධාන වලින් තවත් පෙත්සම්ක්(Video)

ආණ්ඩුව විසුරුවා හැරීම නිවැරදි බව කියන්න පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා ජාතික සංවිධාන වලින් තවත් පෙත්සම්ක්(Video)

( Courtesy of The Lanka Lead News )
law-courts-of-hulftsdorp-1-1

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ පෙත්සම් විභාගයට මැදිහත්වීම සඳහා ජාතික සංවිධාන නියෝජනය කරමින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් භාර දෙනු ලැබීය.

එම පෙත්සමේ මූලික රමුණක් වන්නේ පෙත්සම් විභාගය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටීම බව නීතිඥ රාජා ගුණරත්න මහතා පැවසීය.

විශේෂයෙන්ම මීට පෙර යම් පෙත්සම් කරුවන් විසින් විනිසුරු 05 ක ගෙන් සමන්විවිත නිසුරු මඩුල්ලක් ඉල්ලා සිටීම නිසා මෙම පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එම පෙත්සමට ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකරකර, භික්ෂු සංවිධාන නියෝජනය කරමින් මාදුරුඔයේ ධම්මිස්සර හිමි, වෘත්තිකයන් නියෝජනය කරමින් නිමල් කරුණාසිරි, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් නෙම්සිරි ජයතිලක මහතාද අත්සන් තබා තිබුණි.



130 Viewers