• Home »
  • Sinhala »
  • ඇමෙරිකානු තානාපති කාර්යාලය විරෝධය

ඇමෙරිකානු තානාපති කාර්යාලය විරෝධය

නාලක  ගොඩහේවා

ලංකාවේ නව හමුදාපති ලෙස ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ පෙරමුණේම සිටි විරෝධාර රණ විරුවෙක් වන ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා පත් කිරීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය විරෝධය පල කරලා තිබෙනවා.

ශ්‍රී ලංකාව කියන්නේ ස්වාධින රටක්. මේ රටේ හමුදාපතිවරයෙක් පත් කල විට ඒ ගැන විරෝධය දක්වන්නට ලංකාව තුල තියෙන විදේශ තානාපති කාර්යාලයකට පුළුවන් වන තරමට අද ලංකාව බටහිර බලවතුන් ඉදිරියේ හෑල්ලු වෙලා තියෙනවා. මේකට හේතුව අද මේ රට පාලනය කරන නායකයන්ගේ නිවට නියාලු කම. මේ වගේ ප්‍රකාශයක් තනාපති කාර්යාලයකින් කල විට මේ රටේ ජනාධිපතිවරයට අගමැතිවරයට හෝ විදේශ ඇමතිවරයට පුළුවන් වෙන්න ඕනේ අදාල තානපතිවරයා හෝ වරිය ගෙන්වා මේ ගැන ප්‍රශ්ණ කරන්න. ලංකාවේ මින් පෙර සිටි රාජ්‍ය නායකයෝ එහෙම කරල තියෙනවා. සුද්දට ඔහුගේ තැන කියල දීල තියෙනවා. අපට මතකයි 2009 අප්‍රේල් මාසේ ලංකාවේ යුද්ධය නතර කරන්න කියල පනිවිඩයක් ඇරන් ආපු එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන්ට ඇඹිලිපිටියේ වැව් තාවුල්ලේ ඉදගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන්න අභීත උත්තරය. ඔහු කීවා “මතක තබා ගන්න මේ රට තව දුරටත් ඔබේ කොලනියක් නොවේ. මේ ක ස්වෛරී රටක්. මෙහි නායකයා විදියට මම කරන්නේ මගේ ජනතාවට අවශ්‍ය දේ මිස ඔබ කියන දේ නෙමෙයි” කියල. අද අපේ රටේ ඉන්න නායකයන්ට පුළුවන්ද කොන්ද කෙලින් තියාගෙන එසේ කියන්න ?

අනික් අතට ඇමෙරිකානු තානාපති කාර්යාලය මේ විරෝධය පල කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ථාවල තිබෙනවා කියලා ශවීන්ද්‍ර සිල්වා යුධ අපරාධ කල කියලා. මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා ගැන. නමුත් අපිට අමතක නැහැ 2018 ජනවාරි මාසයේ ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය අතිශයින්ම දූෂිත තැනක් කියා ඉන් ඉවත් වුනා. ඒ ඇමෙරිකාව ඊශ්‍රායායේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන්ට සහාය දෙනවා කියා චෝදනාවක් මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ විටයි. ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධනයේ නිත්‍ය නියෝජිත නිකී හේලි එදා කීවේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලන පක්ෂාග්‍රාහිත්වයෙන් පිරි මඩ වලක් කියලයි , ” A cesspool of political bias” . එදා ඇමෙරිකාවට නරක් වූ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ථා අද ලංකාවේ යුධ විරුවෙක් සමබන්ධයෙන් නිවරදි වන්නේ කොහොමද කියා අපි අහනවා.

අනික් අතට ජෙනරාල ශවීන්ද්‍ර සිල්වා පමනක් නොවෙයි ත්‍රස්ථවාදයට එරෙහි යුධයට සහභාගී ලංකාවේ කීර්තිමත් යුධ හමුදාව යුධ අපරාධ කල ම්ලේච්චයන් පිරිසක් ලෙස හංවඩු ගැහුනේ කෙලෙසද කවදාද කියන එකත් අප අමතක නොකල යුතුයි. ලංකාවේ හමුදාව යුධ අපරාධ කලායැයි අතිශයින් අසත්‍ය සාක්කි මත පදනම් වූ වාර්ථාවක් 2015 සැප්තැම්බර් මාසයේ …. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ අවස්ථාවේ යහපාලන රජයේ විදේශ ඇමතිව සිටි මංගල සමරවීර මේ වාර්තාව කියවන්නෙවත් නැතුව , එහි අඩංගු බොරු චෝදනාවල වගකිව යුතු රජයක් ලෙස පිළිතුරු දෙනවා වෙනුවට එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අගය කරමින් පිළිගත්තා. එපමනක් නොවෙයි එම වාර්ථාව පදනම් කරගෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ජිනීවා 30/1 යෝජනාවට ඇමෙරිකාව සමග එක්ව සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා. කොටිම කියනවානම් ශවීන්ද්‍ර සිලවලා යුධ අපරාධ කලා කියා මේ අමන යහපාලන ආන්ඩුව ලෝක ඉදිරියේ පිළිගෙන ඉවරයි.

අද අපේම ගේ දොරකඩ ඉද ගෙන ලංකාවේ හමුදා පත් පත් කිරීමට එරෙහිවෙමින් ඇමෙරිකාව අපේ ස්වෛරීත්වයට ගරහන කොට කටත් පශ්චාත්බාගයත් දෙකම වසා ගෙන ඉන්නට ආන්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ ඒ නිසයි.

අපි තව දුරටත් දැක්කා දෙමල සංධනයේ නියෝජ්‍ය නායක සුමන්දිරම් මහතා කියනව ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ලෙස පත් කිරීම දෙමල ජනතාවට කල අවමානයක් කියා. ප්‍රභාකරන් දෙමල ජනතාව ලක්ෂ ගනනක් ආරක්ෂක පලිහක් ලෙස යුධ බිමේ යොදාගෙන සිටින විට කොළඹ සැඟවී ප්‍රබාකරන්ට සහාය දුන් සුමන්දිරම්ට අමතකවෙලා තිබෙනවා ජෙන‍රාල් ශවීන්ද්‍ර සිල්වා ඇතුලු රන විරුවන් යුධ බිමේ කොටි වී සිටි අහිංසක දෙමල ජාතිකයන් 290,000 පමණ ත්‍රස්ථවාදීන්ගේන් මුදවාගත් බව. එසේ ජනතාව මුදවාගත් නිසා තමයි අපි ඒ අවසන් සටනට මානුෂික මෙහෙයුම කීවේ. ඒ අහිංසක මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගලවාගත් හමුදාවට එදා පින් දුන්නා. ඔවුන් ගලවා ගත් විරුවන්ට ගැන මේ ආකාරයට බොරු කීම තුලින් අද දෙමල ජනතාවට අපහාස කරන්නේ ඔවුන්ගේ නියෝජිතයෙක් යැයි කියාගන්නා සුමන්තිරම්මයි.

164 Viewers