ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ !
( 2018 -08-21 මව්බිම )
2015 දී වත්මන් ඊනියා යහපාලනය රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය
*බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් කිහිපයක්
*යුද්ධය අවසන් වීම නිසා ආදායම් මාර්ගයක අඩුවූ රාජ්‍ය නොවන සංවිධාන
*චීනය හා ලංකාව අතර ගොඩනැගෙමින් තිබුන ව්‍යාපාරික සම්බන්ධතා ගැන උරණ වී සිටි ඉන්දියාව
එම සහාය වෙනුවෙන් වන්දි ලෙස බලයට ඒමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන කන්ඩායම් සමඟ පහත දැක්වෙන එකඟතාවන් ඇති කරගන්නා ලද බව බොහෝ දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී ඇත.
*යුද්ධය අවසන් කොට ලංකාව සංවර්ධන මාර්ගයට අවතීර්ණ කල මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යලි කිසිදිනක ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ව ව්‍යවස්ථාපිතව හා අනෙකුත් ක්රමෝපායන් මගින් සීමා කිරීම.
*දෙමල ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව වූ බෙදුම්වාදී අරමුණු ඉටුකරලීම සඳහා පහසුකම් සලසන ආකාරයේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම
*ලෝකයේ කුරිරුතම ත්‍රස්ථවාදය යුධ ජයග්‍රහණයක් තුලින් අවසන් කිරීම තුලින් මැදපෙරදිග ත්‍රස්ථවාදය පාලනය කිරීමේ ප්රයත්නය තුල ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල නොහැකියාව ලොවට ප්‍රදර්ශනය කල ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ යුධ හමුදාව යුධ අපරාධ චෝදනාවලට පටලා අපකීර්තියට පත්කිරීම.
2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගත් දින සිට නව රජය සිය මූලික අවධානය යොමුකර තිබෙන්නේ මේ පොරොන්දු ඉටුකිරීමටය.
යහපාලනය බලයට ආ පසු කල පලමු දේශදෝහී ක්‍රියාව වූයේ 2015 මාර්තු මාසයේදී ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනා ලද 30/1 නමින් හැඳින්වෙන යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමය.
ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනා ලද ජිනීවා යෝජනාවේ මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ විරෝධාර ආරක්ෂක හමුදාවන් ත්රස්ථවාදයෙන් රට ගලවා ගැනීම සඳහා කල සටනේදී යුධ අපරාධ කොට ඇති බවට බවට මතයක් තහවුරු කොට ශ්‍රී ලංකාවේ හමුදාව හා සිංහල ජනතාව අපකීර්තියට පත්කිරීමය. එසේම අන්තවාදී දෙමල ඩයස්පෝරාව විසින් විටින් විට නගන චෝදනා පදනම් කරගෙන ලංකාවේ හමුදා නිලධාරීන්ට හා ඔවුන්ට ඉහලින් සිටි රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් අන්තර් ජාතික අධිකරණ හමුවට ගෙන එමට පරිසරය සකස් කිරීමය. එහි අවශ්‍යම පියවරක් වූයේ ලංකා පාර්ලිමේන්තුව හරහාම රණ විරුවන් දඩයම් කිරීමට අවශ්‍ය කරණ නව නීති ගනනාවක් සම්මත කරවා ගැනීමය.
සමුලුවට සහාභාගී වී සිටි එවකට විදේශ ඇමති මංගල සමරවීර මහතා යහපාලන රජය නියෝජනය කරමින් ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරනා ලද මේ යෝජනාවලිය ස්තූති පූර්වකව බාරගත්තා පමනක් නොව ඇමෙරිකාව සමඟ යෝජනාවට ලංකාව සම අනුග්‍රාහකත්වය දක්වන්නටද තීරණය කලේය. එතෙක් මෙවැනි යෝජනාවලට එරෙහිව ලංකාව වෙනුවෙන් හඬ නැගූ පාකිස්ථානය , කියුබාව, රුසියාව හා චීනය වැනි රටවල නියෝජිතයින් තුෂ්නිම්බූතව බලා සිටියේ ඉතිහාසයේ ප්‍රථම වරට ජිනීවා වලදී යම් රටක විදේශ ඇමතිවරයෙකු තමන්ගේ රටට එරෙහිව වෙනත් රටක් විසින් ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය ලබා දෙන අරුම පුදුම සිද්ධියය. ඔවුන් කිසිවෙකුට ලංකාව වැටෙන්නට යන උගුලෙන් ගලවා ගැනීමට කල හැකි දෙයක් නොවුනේ ජිනීවා තොන්ඩුව එදා දෝතින් බාරගෙන ගෙල වටා ඔතා ගත්තේ ලංකාවේම විදේශ ඇමතිවරයා නිසාය.
යහපාලන රජය ජිනීවා යෝජනාව පිලිගත්තා පමනක් නොව එය ක්‍රියාත්මක කිරීම සඳහාද විශාල කැපකිරීමකින් ක්‍රියා කලේය.
අලුත් විදේශ ඇමතිවරයා ලහි ලහියේම යුරෝපයට ගොස් ‘බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය’ ට අත්සන් කිරීම මෙහි එක වැදගත් පියවරක් විය. ලංකාව යහපාලන නායකත්වය යටතේ අත්සන් කල මෙම ප්‍රඥාප්තියට අවම වශයෙන් ඇමෙරිකාව හෝ මහා බ්‍රිතාන්‍යයවත් අත්සන් තබා නැත. ඒ මෙම ප්‍රඥාප්තියට අත්සන් කිරීමෙන් තම රටවල ආරක්ෂක හමුදාවන්ට තර්ජනයක් උදාවිය හැකියැයි ඔවුන් විශ්වාස කරන නිසාය. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට මෙතෙක් අත්සන් කර ඇති රටවල් 93 නුත් 42 ක්ම තම රටවල් තුල එය මෙතෙක් අනුමත කොට නැති නිසා ඒ අත්සන්හි වලංගු තාවක් නැත. අප අසල්වැසි ඉන්දියාවද මෙම රටවල් 42 ට අයත්වේ. නමුත් ලංකාවේ නව ආන්ඩුවේ විදේශ ඇමතිවරයා මෙයට අත්සන් කලා පමනක් නොව මාස කිහිපයක් තුල වත්මන් රජය විසින් එය අනුමත කොට ලංකාව තුල එහි වලංගුතාවය පිලිගන්නා ලදී.
මීලඟ පියවර වූයේ ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත’ ලංකාව තුල සම්මත කර ගැනීමයි. මේ අනුව ලංකාවේ රණවිරුවන් දඩයමට අවශ්‍ය සාක්ෂි සම්පාදනය කිසිදු බාධාවකින් තොරව ලංකාව තුලම සිදුකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින්ම අනුමත කොට දී ඇත. ඉතිහාසය පුරා කොටි ඩයස්පෝරාව වෙනුවෙන් මුදලට පෙනී සිටි පිරිසක් මේ වන විට මෙම කාර්යාලයේ කොමසාරිස් වරුන් ලෙස පත් කොට ඇත.
තුන් වන පියවර ‘බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය සම්බන්ධයෙන්වූ පනතයි’. එම පනතේ මූලිකව සිදුවන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය ශ්‍රී ලංකාව තුල බලාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ස්ථාපිත කිරීමයි.
යහපාලනය සම්මත කරන මේ අණ පනත් අනුව යම් පුද්ගලයෙකු අතුරුදහන් කලායැයි යන සැකය මත පමනක් පදනම් කරගෙන ඕනෑම අයෙක් අත් අඩංගුවට ගන්නට හැකි අතර විදේශ රටකදී චෝදනාවක් ඉදිරිපත් වී නම් එම විදේශ රට තුල දී නඩු ඇසීම සඳහා අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන ලංකාවෙන් පිටුවහල් කිරීමටත් ඉඩ ප්රස්ථා සැලසේ. සැකකරු පමනක් නොව ඔහු යම් හමුදා ඛන්ඩයක සේවය කල අයෙකු වී නම් ඔහුගේ අණදෙන නිලධාරීන් සියලුදෙනාද මෙම පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පැවරිය හැක. සමස්ථ ක්‍රියාවලියම සම්පූර්ණ වූ පසු දෙමල ඩයස්පෝරාවේ සිතැඟි පරිදි සුදුසු වෙලාවට රණවිරු දඩයම සිදු කල හැක. මේ අතරවාරයේ දේශපාලනික වශයෙන් තමුන්ට තරඟ පිටියෙන් ඉවත්කරගන්නට අවශ්‍ය යම් යම් පුද්ගලයන්ද ඉලක්ක කරවීමට වත්මන් පාලකයින්ට අවස්ථාව සැලසේ.
පසුගිය වසර 3 පුරා ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික දේශප්‍රෙමීන් රැසක් විවිධ සංවිධාන හරහා ලංකාවේ රණ විරුවන් අනතුරේ හෙලන ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වන ලෙස ලංකාව තුලත් , ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුලත් විශාල හඩක් නගා ඇතත් ලංකාවේ රජය ඒ ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නැත.
ඒ කෙසේ වුවත් අන්තර්ජාතිකව මෙයට අදාලවූ නව ප්රවණතා රැසක් දක්නට ඇත. ඉන් මූලිකම වන්නේ එදා ලංකාවට එරෙහිව යෝජනාව ගෙනා ඇමෙරිකාව විසින් පසුගිය ජූලි මාසයේදි ගන්නා ලද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වීමේ තීරණයයි. මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙමින් ඇමෙරිකාව ප්‍රකාශ කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉතාමත්ම පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කරන, එකිනෙකාගේ අවශ්‍යතා අනුව හැසිරවිය හැකි හොර ගුහාවක් බවය. ඒ නිසා තව දුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීන්දු තීරණ පිලිගන්නට තමන් සූදානම් නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත නිකී හීලී මහත්මිය පැවසුවාය.
එහෙත් ලංකාව මේ ස්වර්ණමය අවස්ථාවෙන් වත් ප්‍රයෝජන ගත්තේ නැත. ඇමෙරිකාව කී දෙයම ප්‍රයෝජනයට ගෙන ජිනීවා යෝජනාව යන උගුලෙන් ගැලවෙන්නට යහපාලන රජයට තිබුන අවස්ථාව අවස්ථාවාදී හා දේශදෝහී මානසිකත්වය නිසා අතහැර දමන ලදී.
මේ ලිපියෙන් දැන් පෙන්වා දෙන්නට බලාපොරොත්තු වන්නේ ඇමෙරිකාව තමුන්ගේ රණවිරුවන් සම්බන්ධ කටයුතු වලදී අන්තර්ජාතික අධිකරණ දෙස බලන ආකාරය පිලිබඳවයි.
ලංකාවේ වත්මන් රජය රණවිරුවෙකු දේශපාලන වාසි තකා ඕනෑම යකෙකුට පාවා දෙන්නට දෙවරක් නොසිතුවද ඇමෙරිකාව ඔවුන්ගේ රණ විරුවන්ව කිසි විටක එසේ පාවා නොදෙයි. ඇමෙරිකාවේ උපදෙස් පිට ලංකාවේ අමන රජය රණවිරුවන් පාව දෙන්නට පරිසරය සකසන් නීති ලංකාවේ පාර්ලිමෙන්තුව තුල සම්මත කලාට ඇමෙරිකාවේ සම්මත වෙන්නේ එයට හාත් පසින්ම වෙනස් නීතිය. ඔවුන් නීති හදන්නේ රණවිරුවන් රකින්නටය.
උදාහරණයක් ලෙස 2002 වසරේ ඇමෙරිකාවේ සම්මත වූ රණවිරුවන් ආරක්ෂාකිරීමෙ පනත පෙන්වාදිය හැක. මේ පනතේ මූලික අරමුණ අන්තර්ජාතික අධිකරණ මගින් ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු විභාග කිරීම වැලක්වීමය.
මේ පනතේ ඇති සුවිශේෂිම කරුණ වන්නේ යම් අවස්තාවක අන්තර් ජාතික අධිකරණයක අණ පරිදි සිරගත කර හෝ රදවාගෙන සිටින ඇමෙරිකානු හමුදා නිලධාරියෙක් හෝ සොල්දාදුවෙක්ව බලය යොදවා නිදහස් කරගැනීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර දීමයි.
මේ අනුව අන්තර් ජාතික අධිකරණයක අණ පරිදි සිරගත කර සිටින ඇමෙරිකානුවෙක් නිදහස් කරගැනීම සඳහා රටක් ආක්‍රමණය කිරීමට වුවද ඇමෙරිකානු ජනාධිපතිවරයාට බලය ලබා දී ඇත. මේ පනත ඒ අනුව සාමන්‍ය ව්‍යවහාරයේ හඳුන්වනු ලබන්නේ ‘හේග් ආක්‍රමණ පනත ( HAGUE INVATION ACT ) යන අන්වර්ථ නාමයෙනි. එයට හේතුව එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික අධිකරණ හා සිරගෙවල් බොහෝමයක් පිහිටා තිබෙන්නේ නෙදර්ලන්තයේ හේග් නුවර නිසාය.
කොන්ද පණ නැති ලංකාවේ ආන්ඩුව රූකඩයක් ලෙස නැටවූවාට බටහිර රටවල් තමුන්ගේ රණවිරුවන් රකින්නේ එලෙසය.
– ආචාර්ය නාලක ගොඩහේවා
741 Viewers