• Home »
  • Sinhala »
  • ඉන්දියාවෙන් සරණ පතන මහජන නියෝජිතයන් අප හට අවශ්‍යද?

ඉන්දියාවෙන් සරණ පතන මහජන නියෝජිතයන් අප හට අවශ්‍යද?

නොවැම්බර් 16 වැනි දින පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙන ඒමට හැකියාවක් තිබේද? ශී‍්‍ර ලංකාවේ ජනපතිවරණ ඉතිහාසයේ එවැනි සුවිශේෂී අත්දැකීමක් නැත. දේශපාලන තීන්දු තීරණ තම පක්ෂයේ හෝ තෝරා ගත් පුද්ගලයන්ගේ වාසිය තකා ගන්නා වූ රටක ප‍්‍රධාන අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙන ඒම පහසු නැත. විශේෂයෙන්ම ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලූ සියලූ ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ට සජීවීව ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා ගැනීම පවතින තත්ත්වය යටතේ සිහිනයකි.

පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්ෂ සාමූහිකව රට උඩුයටිකුරු කර ඇත. සියලූ ක්‍ෂේත‍්‍ර අවුල් වියවුල් වී ඇත. එවැනි තත්ත්වයක් යටතේ ප‍්‍රධාන අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙන්වා ගැනීම සැබවින්ම අභියෝගයකි.

මාර්තු 12 ව්‍යාපාරය එම අභියෝගය භාරගෙන ඇත. මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ ජනතාව මුහුණ දෙන තීරණාත්මක ගැටලූ සම්බන්ධයෙන් අදාළ අපේක්ෂකයන්ගෙන් ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි. මාර්තු 12 ව්‍යාපාරය ඔක්තෝබර් 05 වැනිදා සවස 3 ට සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී ජනාධිපති අපේක්ෂකයන් ජනතාව ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙයි.

ඊමේල්” ෆැක්ස් සහ මුහුණු පොත හරහා ඡන්දය දෙන ජනතාවගෙන් සහ මෙවැනි කටයුත්තක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සංවිධාන හරහා මාර්තු 12 ව්‍යාපාරය ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්න ලබා ගත්තේය. ‘ජනපති අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවමු: ජනතා ප‍්‍රශ්න විමසමු. යන ශීර්ෂය යටතේ රෝහණ හෙට්ටිආරච්චි 2019 සැප්තැම්බර් 10 නිකුත් කළ නිවේදනය මෙම ලියුම්කරුට ද ලැබිණි. අපේක්ෂකයන්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්න 05 ප‍්‍රමුඛතා අනුපිළිවෙළට ලබා දෙන මෙන් ලියුම්කරුගෙන් ඉල්ලීමක් කර තිබිණි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සාමූහිකව අප රට පත් කර ඇති තත්ත්වය ඇත්ත වශයෙන්ම ඛේදවාචකයකි. මහජන නියෝජිතයන් ජනතාවට පිළිකුල්ය. මෑතකදී අගමැති එජාප නායක පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයන් 225 ම ජනතාවට පිළිකුල් බව පැවසීය. මන්තී‍්‍රවරුන්ට පාර්ලිමේන්තුව කප් රුකකි. මන්තී‍්‍රවරුන්ගේ සිතුම් පැතුම් ඉටු කරදෙන පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම දූෂිත ආයතනයකි. හිටපු අධිකරණ ඇමැති ආචාර්ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මෑතකදී පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකාවේ දූෂිතම ආයතනය බව පිළිගත්තේය.

මාර්තු 12 ව්‍යාපාරය තේරුම් ගත යුතු සත්‍ය නම් පාර්ලිමේන්තුව ඉතාමත් අයහපත් ආකාරයට කි‍්‍රයා කරන රටක ජනාධිපති ධුරය” කවුරු දැරුවත්” එම නිලය ද දූෂිත ක‍්‍රමයේම කොටසක් වන බවය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ධුරයට පත් වුවත් නැතත් පවතින තත්ත්වයේ වෙනසක් නොවනු ඇත.

මාර්තු 12 ව්‍යාපාරය පවතින තත්ත්වය යම්කිසි වෙනසකට ලක් කිරීමට ගන්නා උත්සාහය අගය කළ යුතුය. ජනාධිපති සහ පාර්ලිමේන්තු ක‍්‍රම ශී‍්‍ර ලංකාවට කර ඇති හානිය අදහා ගැනීමට බැරිය. මාර්තු 12 ව්‍යාපාරය තම ව්‍යායාමය සාර්ථක කර ගැනීමට නම් පවතින තත්ත්වය නිසියාකාරව තේරුම් ගත යුතුය. දේශපාලන පක්ෂ” මාධ්‍ය” විදේශ මැදිහත් වීම් සහ සිවිල් සංවිධාන කි‍්‍රයාදාමය අධ්‍යයනය කළ යුතුය.

ජනාධිපති අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවා සජීවීව ප‍්‍රශ්න ඇසීමෙන් අවශ්‍ය කරන බලපෑම කිසිසේත් කළ නොහැක. අප රටේ අවාසනාවකට බොහෝ මහජන නියෝජිතයෝ මාධ්‍ය සංදර්ශන මාර්ගයෙන් ප‍්‍රධාන ප‍්‍රශ්නවලින් පැනයති. රටේ ප‍්‍රශ්න නිසියාකාරව තේරුම්ගත යුතුය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අලූත් පක්ෂයකි. 2018 පෙබරවාරි පළාත් පාලන ඡන්දයේදී රටේ ප‍්‍රබලම පක්ෂය බවට පත් විය. නමුත් එම පක්ෂය නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයන් ද අද පවතින තත්ත්වයට වගකිව යුතු බව මතක තබා ගත යුතුය. පෙර කළ වැරදි පිළිගන්නා සංස්කෘතියක් ඇති වන තුරු ශී‍්‍ර ලංකා දේශපාලනය යහපත් නොවනු ඇත. මාර්තු 12 ව්‍යාපාරය ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ප‍්‍රශ්න ඇත්ත වශයෙන්ම අදාළ පක්ෂවලට යොමු කළ යුතුය. නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය ප‍්‍රතිඵලය කුමක් වුවත් රට අර්බුදයක බව පැහැදිලිය. එම නිසා ඔක්තෝබර් 05 දින ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කරන ප‍්‍රශ්න එම පුද්ගලයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සංවාදයට ලක් කළ යුතුය.

ජනාධිපති ක‍්‍රමය (තනතුරු 01)” පාර්ලිමේන්තුව (225)” පළාත් සභා (455) සහ පළාත් පාලන ආයතන ජනතා සිතුම් පැතුම් අමතක කර දමා ඇත. මුළු ක‍්‍රමයම රට වැසියා මුළා කිරීමට යොදා ගන්නා බව පැහැදිලිය. එක අවංක මහජන නියෝජිතයකු මුළු දේශපාලන පද්ධතිය තුළ සිටිනවාදැයි ප‍්‍රශ්නයක් නඟන තරමටම දූෂිත ක‍්‍රමය මුළු රටම යටපත් කරගෙන ඇත.

මෑතකදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීමත් සමගම රටේ පවතින සැබෑ තත්ත්වය ඔප්පු වී ඇත. මහජන මුදල් විනාශ කරන ආකාරය තේරුම් ගැනීමට නොහැකිය. සෑම ගනුදෙනුවක්ම දූෂිතය. පාර්ලිමේන්තු ක‍්‍රමය මහජන මුදලින් පවත්වාගෙන යන්නේ මොන හේතුවකට දැයි ප‍්‍රශ්න කළ යුතුය. මාර්තු 12 ව්‍යාපාරය ජනාධිපති අපේක්ෂකයන්ට ප‍්‍රශ්න යොමු කළ යුතුය. එලෙසම එම අපේක්ෂකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ විමර්ශනයට ලක් කළ යුතුය. ඔක්තෝබර් 05 ජනාධිපති අපේක්ෂකයන්ට ප‍්‍රශ්න ඉදිරිපත් කිරීම හුදු මාධ්‍ය සංදර්ශනයක් නොවිය යුතුය. ශී‍්‍ර ලංකා දේශපාලනයේ වංචාව” දූෂණය” අක‍්‍රමිකතා සහ මාධ්‍ය සංදර්ශනවල නිමක් නැත. ‘වොයිස් කට්. දේශපාලනය අපි‍්‍රය ජනකය. ජනතාව මුළා කරනවා හැරෙන්නට වැදගත් යමක් ඉදිරිපත් නොවේ. රට වනසන දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කළ යුතු ප‍්‍රශ්න ජනතාවගෙන් ලබා ගැනීම වරදක් නැත.

මාර්තු 12 ව්‍යාපාරය යමක් තේරුම්ගත යුතුය. සිවිල් සංවිධාන රාශියක එකතුවකින් සැදී ඇති මාර්තු 12 ව්‍යාපාරය දේශපාලන පක්ෂ සහ මැතිවරණ දෙපාර්තමේන්තුව/ මැතිවරණ කොමිසම සමග කටයුතු කරයි. මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරන සිවිල් සංවිධාන රට පුරා කි‍්‍රයාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයේ කොටස්කරුවෝය. සියලූ සිවිල් සංවිධාන එකම අරමුණක් උදෙසා කි‍්‍රයාත්මක නොවේ. මාර්තු 12 ව්‍යාපාරයේ ප‍්‍රධානතම අරමුණ රටේ දේශපාලනය යහපත් කිරීමයි. එම උත්සාහය අගය කළ යුතුය. සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් 2014 පමණ සිට ප‍්‍රබල කි‍්‍රයාකාරීත්වයක් පෙන්වා ඇත. මාර්තු 12 ව්‍යාපාරයේ නවතම මෙහෙයුම වඩාත් සාර්ථක කර ගත හැක්කේ කෙසේද?

2019 ආරම්භයේදී මාර්තු 12 ව්‍යාපාරය ජනතාව බලාපොරොත්තු වන ‘සිහින ජනාධිපති. වැඩසටහන කි‍්‍රයාත්මක කළේය. එම කි‍්‍රයාදාමය ආරම්භයට පමණක් සීමා වූ බව ලියුම්කරුගේ හැඟීමයි. සිහින ජනාධිපති ව්‍යාපෘතිය ආරම්භ කළායින් පසුව ශී‍්‍ර ලංකාවේ දේශපාලනය තවදුරටත් අස්ථාවර විය. දේශපාලනය අස්ථාවර වීම සහ ‘සිහින ජනාධිපති. වැඩසටහන අතර සම්බන්ධයක් නැත. අපි තේරුම්ගත යුත්තේ සියලූම දේශපාලන පක්ෂ බරපතළ අර්බුදයට ලක් වී ඇති තත්ත්වයක් තුළ එම පක්ෂ සහ සන්ධාන ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයන් ‘සිහින ජනාධිපතිවරු. වන්නේ නැත. රට බරපතළ අර්බුදයක බව පැහැදිලිය. පුද්ගලයන් පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරනවා සේම පවතින ක‍්‍රමය පූර්ණ වෙනසකට ලක් කළ යුතුය. මාර්තු 12 ව්‍යාපාරය පෙනී සිටිය යුත්තේ පවතින ක‍්‍රමය පූර්ණ වෙනසකට ලක් කළ යුතු ස්ථාවරයේය. පවතින ක‍්‍රමය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම දේශපාලන පක්ෂ පවතින ක‍්‍රමය වෙනස් කිරීමට එකඟ වීමෙනි. කවුරු ජනාධිපති ධුරය ලබා ගත්තත් පාර්ලිමේන්තුව පවතින ක‍්‍රමයට දිගටම කි‍්‍රයාත්මක කරනවා නම් ඔක්තෝබර් 05 ව්‍යායාමයේ තේරුමක් නැත. එය හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් වනු ඇත.

මාර්තු 12 ව්‍යාපාරය පොරොන්දු දේශපාලනය අභියෝගයට ලක් කළ යුතුය. ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කළ යුතු ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුා කිරීමට පෙර මෑතකදී රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා මුදල් ඇමැති මංගල සමරවීර ගේ ‘බී 20. ස්ටැන්මෝ ක‍්‍රසන්ට් නිල නිවසේදී කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය. එජාප ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන මද්දුම බණ්ඩාර කළ ප‍්‍රකාශය ඉතාමත් වැදගත්ය. මෙම ලියුම්කරු එම මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වූ අතර පුදුමය නම් බොහෝ මාධ්‍ය මද්දුම බණ්ඩාරගේ ප‍්‍රකාශය වාර්තා නොකිරීමයි.

නොවැම්බර් 16 වැනි දින පැවැත්වීමට නියමිත ඡුන්දයෙන් පැන යෑමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ ඔහුට හිතවත් කණ්ඩායම උත්සාහ කළ බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන චෝදනා කර ඇත. ජනාධිපතිවරයා මාතලේදී සැප්තැම්බර් 21 වැනි දින විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව සැප්තැම්බර් 19 වැනි දින විශේෂ කැබිනට් රැස්වීමේදී සිදුවූ කතාබහ සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය සාවාi බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි. මෙහිදී පැන නැෙඟන ප‍්‍රශ්නය විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීම මැතිවරණ පොරොන්දුවක් විය යුතුද? 1994 සිට පැවැත්වූ සෑම ජනාධිපතිවරණයකදීම ප‍්‍රධානතම පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. එවැනි තත්ත්වයක් යටතේ සජිත් පේ‍්‍රමදාසගේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් පෙනී සිටින රංජිත් මද්දුම බණ්ඩාර විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය ඉතාමත් වැදගත්ය. ඇමැති තලතා අතුකෝරාල සහ රවින්ද්‍ර සමරවීර මන්තී‍්‍රවරයා දෙපසින් තබාගෙන රංජිත් මද්දුම බණ්ඩාර දැඩිව ප‍්‍රකාශ කළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නොවැම්බර් 16 වැනි දින ජනාධිපතිවරණයේදී පොරොන්දුවක් විය යුතු නැති බවයි. රංජිත් මද්දුම බණ්ඩාර කළ ප‍්‍රකාශය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලූම ප‍්‍රධාන ධාරාවේ පක්ෂ නායකයන්ට සහ ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කළ හැකිය. මාර්තු 12 ව්‍යාපාරය යෝජිත ඔක්තෝබර් 05 වැනි දින හමුවේදී නැඟිය යුතු පළමු ප‍්‍රශ්නය විධායක ජනාධිපති ක‍්‍රමය 19 වන සංශෝධනයට යටත්ව තවදුරටත් පවත්වාගෙන යනවාද?

විධායක ජනාධිපති ක‍්‍රමයේ වරදක් නැත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට විධායක බලතල පැවරීම තුළින් දේශපාලනය යහපත් කළ නොහැක. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හුදු දේශපාලන පාඨයක් පමණි. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම දේශපාලන පක්ෂ සහ එම පක්ෂ/ සන්ධාන සමග කටයුතු කරන ජාත්‍යන්තර ප‍්‍රජාව මෙන්ම සිවිල් සංවිධාන විධායක බලය අහෝසි කිරීමේ පොරොන්දුව ඡුන්ද උප්පරවැට්ටියක් කර ඇත.

කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන මහජන නියෝජිතයන්ගෙන් පිරී ඇති පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් මෙම ලියුම්කරුට නැත. මාසයකට දින 08 ක් රැස්වන පාර්ලිමේන්තුව මහජන මුදල් කාබාසිනියා කරන ආයතනයක් බව පැවසිය යුතුමය. පාර්ලිමේන්තුවේ සිටි ඉහළ පරිපාලන නිලධාරියකු වූ ලැයිල් ද සිල්වා මෙම ලියුම්කරු පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මෑතකදී ‘ඉරිදා දිවයින. පළවූ ලිපියකින් කළ විවේචනය සාධාරණ බව පැවසීය. කලකට පෙර කථානායක ඩබ්. ජේ. එම්. ලොකුබණ්ඩාර සමග ඇති වූ ගැටුමක් හේතුවෙන් රැකියාව අහිමි වූ ඔහුට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීමෙන් තම අයිතිවාසිකම් දිනා ගත්හ. ලැයිල් පාර්ලිමේන්තු ක‍්‍රමයේ බරපතළ වෙනසක් අපේක්ෂා කරන සිවිල් කි‍්‍රයාකාරියකු බව මතක තබා ගන්න. පාර්ලිමේන්තු ක‍්‍රමය අප රටේ අස්ථාවර භාවයට ප‍්‍රධානතම හේතුවයි. විධායකය සහ පාර්ලිමේන්තුව දේශපාලන අස්ථාවර භාවයට වගකිව යුතුය. මාර්තු 12 ව්‍යාපාරය තම වගකීම නිසියාකාරව ඉටු කළ යුතුය. විධායකය සහ පාර්ලිමේන්තුව නිසි මාර්ගයට ගෙන එන්නේ කෙසේද? 19 වන සංශෝධනය අප රටට වැදගත් වන්නේ කෙසේද? විධායකය සහ පාර්ලිමේන්තුව නිසි ව්‍යවස්ථා සංශෝධන හරහා බැඳ දැමිය යුතුය. මාර්තු 12 ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජය රටේ සැබෑ අවශ්‍යතා හඳුනා ගත යුතුය. අවාසනාවකට නොයෙකුත් ‘පහසුකම් සපයන්නන්ගේ අවශ්‍යතාවන් ඉටු කර දීමට යම් සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කටයුතු කිරීම තුළ මුදල් කාබාසිනියා කර ඇත.

පාර්ලිමේන්තු සහ සිවිල් සංවිධාන එකතු වී යහපාලන රජය සමයේ පළාත් පාලන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 4000 සිට 8000 ට වැඩි කිරීම මහත් අපරාධයකි. මෙවැනි අමන තීරණයක් ගත් මහජන නියෝජිතයෝ සහ සිවිල් සංවිධාන බදු ගෙවන ජනතාවගෙන් සමාව අයැද සිටිය යුතුය. 2019 නොවැම්බර් 16 වැනි දින ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව අඩු කිරීමට ගන්නා කි‍්‍රයා මාර්ග පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරය විමසිය හැකිය. මාර්තු 12 ව්‍යාපාරය නියෝජනය කරනු ලබන සියලූම සංවිධාන පෙනී සිටියේ පළාත් පාලන ක‍්‍රමය ප‍්‍රසාරණය කිරීම වෙනුවෙනි. අද එම සංවිධාන පළාත් පාලන ක‍්‍රමය සම්බන්ධයෙන් කතා කරන්නේ නැත. මැතිවරණ කොමිසම වසර මුලදී තම රාජගිරිය ප‍්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම ලියුම්කරු පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව දෙගුණ කර මහජන මුදල් නාස්ති කිරීමේ තීරණය ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ අතර එම කොමිසම එම අපරාධය පාර්ලිමේන්තුව මත පැටවිය. පළාත් පාලන ආයතන නියෝජිතයන් දෙගුණ කිරීමෙන් අප රටට කිසිදු යහපතක් සිදු වූයේ නැත. පළාත් පාලන ආයතන ප‍්‍රසාරණය කිරීමේ නියමුවකු වූ කිර්ති තෙන්නකෝන් පළාත් ආණ්ඩුකාර ධුරයක් ලබා ගත්තේය. කීර්ති තෙන්නකෝන් සිවිල් කි‍්‍රයාකාරිකයකු ලෙස මහජනතාව පීඩාවට පත් කළ බොහෝ ප‍්‍රශ්නවලදී නිර්භිතව පෙනී සිටියේය. මාධ්‍ය සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළ කීර්ති තෙන්නකෝන් මෙම ලියුම්කරුට බොහෝ අවස්ථාවන්හිදී වැදගත් තොරතුරු ලබාදී ඇත. නමුත් මා මිත‍්‍ර කීර්ති තෙන්නකෝන් සහ මාර්තු 12 ව්‍යාපාරය පළාත් පාලන ආයතන ව්‍යුහය දරාගත නොහැකි ආකාරයට ප‍්‍රසාරණය කිරීමේ වරද නිවැරදි කරන ආකාරය පිළිබඳව පැහැදිලි කළ යුතුය. මෙම ලියුම්කරු මාර්තු 12 ව්‍යාපාරයට ඉදිරිපත් කරන ප‍්‍රශ්නය මෙම පළාත් පාලන ක‍්‍රමය හැකිලීමට ඔවුන් ජනාධිපති අපේක්ෂකයන්ට සහ ඔවුන් නියෝජනය කරන පක්ෂවලට මොන ආකාරයේ යෝජනාවක් කරනවාද?

මාර්තු 12 ව්‍යාපාරයට පාර්ලිමේන්තුව නීතිගරුක ආයතනයක් බවට පත් කිරීමට යෝජනා ඉදිරිපත් කළ හැකිය. එලෙසම ඔක්තෝබර් 05 වැනි දින සාකච්ඡුාවේදී ජනාධිපති අපේක්ෂකයන්ට එම යෝජනා ප‍්‍රශ්න ලෙස ඉදිරිපත් කළ හැකිය. මෙහිදී ඉතාමත් වැදගත් වනුයේ ව්‍යවස්ථා සංශෝධන යම් පුද්ගලයන්ගේ හෝ පක්ෂයකට අවශ්‍ය ලෙස ගෙන ඒමේ නින්දිත සැලසුම් නැවත්වීමයි. ශී‍්‍ර ලංකාව පවතින අවුල් තත්ත්වයෙන් මුදා ගන්නේ කෙසේද? ජනාධිපතිවරණය ජනතාවගේ අභිලාෂණයන් ඉටු කර ගැනීමට යොදා ගන්නේ කෙසේද? පාර්ලිමේන්තු වරප‍්‍රසාද ඉතාමත් අසික්ෂිත ලෙස තවදුරටත් තම සුබ සිද්ධිය සඳහා යොදා ගැනීමට මහජන නියෝජිතයන්ට ඉඩ දිය යුතුද? වත්කම් බැරකම් ප‍්‍රකාශන මහජනතාවට ඉදිරිපත් කිරීම වැනි මාධ්‍ය මෙහෙයුම් මගින් පවතින ක‍්‍රමය වෙනස් කළ හැකිද? මාර්තු 12 ව්‍යාපාරය අතගසා ඇති කාර්යය බරපතළය. සංදර්ශන ඉදිරිපත් කර වැඩක් නැත. අවධානය යොමු කළ යුතු දේ පිළිබඳව ගැඹුරින් සිතා බලා කටයුතු කළ යුතුය. ප‍්‍රශ්න හඳුනාගත යුතුය. මහජන ඡුන්දයෙන් පත්වන රජයක් රටේ පවතින නීතිය අනුව කි‍්‍රයා කරනවා නම් කිසිදු ප‍්‍රශ්නයක් නැත. අප රටේ ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ජනාධිපතිවරයාය. මොන යම් තත්ත්වයක් යටතේ වුව ද ජනාධිපතිවරයා 30 දෙනෙකුගේ කැබිනට් මණ්ඩලයේ නායකයාය. 19 වන සංශෝධනයට පින්සිදු වන්නට ජනාධිපතිවරයාත් සමගම කැබිනට් මණ්ඩලයට පත් කළ හැකි මුළු සංඛ්‍යාව 30 කි. නමුත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේ 30 සීමාව කැඩිය හැකි බවට 19 සංශෝධනයෙන් සලසා ඇති ඉඩ අහුරා දැමීම යහපත්ය. මාර්තු 12 ව්‍යාපාරයට දේශපාලන නායකයන් සහ මැතිවරණ කොමිසම සමග  අවශ්‍ය ව්‍යවස්ථා වෙනස සම්බන්ධයෙන් සාකච්ඡුා කළ හැකිය.

2019 සහ 2020 පැවැත්වෙන ජාතික මැතිවරණ දෙකේදී රටට අවශ්‍ය වෙනස සිදු වූයේ නැත්නම් මහත් විනාශයක් වනු ඇත. නැවතත් මතක් කර දිය යුතු වන්නේ පුද්ගලයාට වඩා ක‍්‍රමයේ බරපතළ වෙනසක් අවශ්‍ය බවයි. මෙහිදී අවධානයට යොමු විය යුතු කරුණු බොහෝමයක් ඇත.

ශී‍්‍ර ලංකාව අවුලෙන් අවුලට පත් කළ කරුණු කාරණා මාර්තු 12 ව්‍යාපාරයේ අවධානයට යොමු විය යුතුය. එම කරුණු පිළිබඳව ජනමතයක් ඇති කළ යුතුය. මාර්තු 12 ව්‍යාපාරයට මෙහිදී වැදගත් කාර්ය භාරයක් ඇත. එම මෙහෙයුමේ සාර්ථකත්වය රඳා පවතින්නේ සිවිල් සමාජය රට අක‍්‍රීය කරන කරුණු කාරණා නිවැරදි ලෙස හඳුනා ගැනීමත් සමාජ ජාලා ඇතුළු මාධ්‍ය හරහා දේශපාලන නියෝජිතයන්ට කළ හැකි බලපෑමක් අනුවය. මෙම ලියුම්කරු පහත සඳහන් කරුණු මාර්තු 12 ව්‍යාපාරයේ අවධානයට ලක්විය යුතු බවට විශ්වාස කරයි.

  • ජනතාව ප‍්‍රතික්ෂේප කළ කිසිදු අපේක්ෂකයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු නැත. නීති මාර්ගයෙන් මෙම තහනම කි‍්‍රයාත්මක කළ යුතුය.
  • කිසිදු හේතුවකට තමන් පත්වූ පක්ෂය/ ජාතික ලැයිස්තුවෙන් පත් කළ පක්ෂ හැරදා පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂයට එක් වීම නීතියෙන් තහනම් කළ යුතුය.
  • උසාවියෙන් වැරදිකරු වූ කිසිදු මහජන නියෝජිතයකු හෝ අන් පුරවැසියකු ජනාධිපති සමාව ලබා ගැනීම වැළැක්වීම ජනාධිපති සමාව අහෝසි කළ යුතුය.
  • රුපියල් ලක්ෂ 330 පමණ බදු සහනයක් යටතේ ලබා ගන්නා වාහනය විකුණා මහජන නියෝජිතයන් රටේ ආර්ථිකයට කරනු ලබන බලවත් මූල්‍ය හානිය නවතා දැමිය යුතුය. මන්තී‍්‍රවරයකුට ලැබෙන බදු රහිත වාහන බලපත‍්‍රයෙන් ගෙන්වන වාහනය විකිණීම සපුරා තහනම් කළ යුතුය. ජනාධිපති අපේක්ෂක නාගානන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවක සඳහන් වන්නේ මෙම කි‍්‍රයාව හේතුවෙන් ආර්ථිකයට රුපියල් බිලියන 7 ක පාඩුවක් සිදුවන බවය.
  • පළාත් පාලන ආයතන පෙර තිබූ තත්ත්වයට නැවත පත් කිරීම.
  • මහජන නියෝජිතයන් විදේශීය රාජ්‍ය සමග පවත්වන සම්බන්ධතා පිළිබඳව අවධානය යොමු කිරීම. මුදලට මන්තී‍්‍රවරුන් විකිණෙන රටක විදේශ බලවේගවලට එම කි‍්‍රයාව කිරීමේ හැකියාව ඇත. වර්තමාන කථානායක තුමා කළ ඉල්ලීමක් පරිදි චීනය මුළු පාර්ලිමේන්තුවේ 225 ට චීනයේ සංචාරය කිරීමට අවස්ථාවක් ලබාදීම පුදුමයකි. එලෙසම පාර්ලිමේන්තුව 2016 අග භාගයේදී ඇමරිකාව සමග රුපියල් බිලියන 1.92 ක් වටිනා යහපාලනය ශක්තිමත් කිරීමට යැයි කියා ගිවිසුමකට අත්සන් තැබීම අදහා ගත නොහැකිය. රට අද පවතින අවුල් වියවුල් තත්ත්වය අනුව ඇමරිකානු ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථකය. එවැනි ගිවිසුම්ගත වීම් අධීක්ෂණය කිරීමට පියවර යෝජනා කළ යුතුය.
  • පාර්ලිමේන්තුව හරහා විදේශ තානාපති සේවයට සහ අනෙකුත් වැදගත් තනතුරුවලට කරනු ලබන පත්වීම් අධීක්ෂණය කිරීම. එම පත්වීම්වලට අදාළ පාර්ලිමේන්තු කොමිටිය වගකීම භාර ගැනීම පිළිබඳව නිසි කි‍්‍රයාමාර්ගයක් යෝජනා විය යුතුය.
  • පාර්ලිමේන්තුව තම වගකීම පැහැර හැරිය ප‍්‍රධානතම කාරණයක් වන්නේ 2015 සහ 2016 සිදුවූ මහ බැංකු මංකොල්ල සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාව 2018 මුල පාර්ලිමේන්තුවට ලැබුණත් අද වන තුරුත් අදාළ විවාදය පැවැත්වීමට කටයුතු නොකිරීමයි. මාර්තු 12 ව්‍යාපාරය මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.
  • ජාතික ලැයිස්තුවෙන් පත් වන මන්තී‍්‍රන් ඉල්ලා අස්වී තම පක්ෂයේම නව සාමාජිකයකුට වෙනත් අයෙකුට පුරප්පාඩුව පිරවීමට දී ඇති අවස්ථාව අහෝසි කළ යුතුය. වර්තමාන පාර්ලිමේන්තුවේ පත් කළ මන්තී‍්‍රන් තුන් දෙනෙකු ඉවත් වූ අතර ඔවුන්ගේ පුරප්පාඩු පිරවූ ශී‍්‍රලමුකො” ශී‍්‍රලමකො සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තුන් දෙනකුට අවම ලෙස රුපියල් ලක්ෂ 330 බැගින් වටිනාකම ඇති වාහන බලපත‍්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව උදා විය. මෙම තත්ත්වය වැළැක්වීමට නිසි කි‍්‍රයා මාර්ගයක් යෝජනා විය යුතුය.
  • අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පරීක්ෂණයට කිරීමට ගත යුතු කි‍්‍රයා මාර්ග යෝජනා කිරීම.
  • රටේ ව්‍යවස්ථාව මෙන්ම දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාව ද ඉතාමත් වැදගත්ය. මැතිවරණ කොමිසම පිළිගත් පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකෙන ලෙස තම ව්‍යවස්ථාව සකසා ගැනීමට කළ හැකි යෝජනා මොනවාද?
  • සිවිල් සංවිධානවලට තම කාර්යභාරය ඉටු කිරීමට ඇති අයිතිය තහවුරු කර ගැනීමට කළ හැකි යෝජනා ඉදිරිපත් කිරීම. එලෙසම සිවිල් සංවිධාන දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් මෙහෙයුම් කිරීම වැළැක්වීමට ගත හැකි කි‍්‍රයා මාර්ග මොනවාද? එජාප ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී සිවිල් සංවිධාන කළ බලපෑම සලකා බලන විට දේශපාලන පක්ෂ සහ එම සංවිධාන අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය යෝජනා මොනවාද?
  • 2017 සිට පළාත් සභා ඡුන්දය කිසිදු පළාතක නොපැවැත්වීම තුළින් ඉන්දියානු මැදිහත් වීම තුළ ඇති කළ පළාත් සභාවල අවශ්‍යතාවය පිළිබඳව විමසුමක් කළ යුතු නොවන්නේද?
  • රාජ්‍ය අනුග‍්‍රහයෙන් දිනපතා මහජන මුදල් කාබාසිනියා කරමින් පැවැත්වෙන උත්සව තදින් පාලනය කිරීමට කළ හැකි යෝජනා
  • මහජන මුදලින්” විදේශ ණය හෝ ආධාර මත කි‍්‍රයාත්මක කළ කිසිදු ව්‍යාපෘතියකට ජනාධිපතිවරයාගේ හෝ ඇමැතිවරයකුගේ නම යොදා ගැනීම නීතියෙන් වැළැක්වීමට යෝජනා
  • සියලූම මහජන නියෝජිතයන් (ජනාධිපතිතුමා ඇතුළු) රටේ පොදු නීතියට යටත් කිරීමට අවශ්‍ය යෝජනා. නමුත් හදිසි නීතිය යටතේ යුද තත්ත්වයක් තුළ කි‍්‍රයා කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සඳහා යෝජනා
  • රටට වඩාත් හිතකර විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ගත හැකි යෝජනා
  • ශී‍්‍ර ලංකාවට එරෙහි නඟා ඇති යුද අපරාධ චෝදනාවලින් නිදහස් වීමට ගත යුතු කි‍්‍රයා මාර්ගය පිළිබඳව පැහැදිලි යෝජනාවක්. රට බෙදීමට ජිනීවා යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඔප්පු නොවූ යුද අපරාධ චෝදනා හේතුවෙනි. එම තත්ත්වය වෙනස් කිරීමට ගත හැකි යෝජනා ඉදිරිපත් කිරීම.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පවතින රජය කි‍්‍රයා කළ ආකාරය අද වනවිට මුළු ලෝකයම දනී. මෙවැනි ආකාරයට වගකීම් විරහිත ලෙස කි‍්‍රයා කළ කිසිදු රජයක් ලොව තිබිය නොහැක. අවසන් ලෙස ලියුම්කරුට කීමට ඇත්තේ අප රට මහජන නියෝජිතයන් පල්ලි” පන්සල්” කෝවිල්වලට ගොස් ආගමික නායකයන්ගෙන් උපදෙස් ලබා ගන්නා ආකාරයට ව්‍යවස්ථාවක් නොමැති රට පාලනය කිරීමට තරම් යුගයක් බවයි. මහජන නියෝජිතයෝ සහ ඔවුන් වටේ සිටින රොත්ත ඕනෑම දෙයක් විකුණති. ආබාධිත සොල්දාදුවන්ව ද විකුණති. මෙවැනි තත්ත්වයක් නීති මගින් පාලනය කළ නොහැක. පක්ෂය නොබලා වංචනිකයන් ප‍්‍රතික්ෂේ්ප කරන්න.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

112 Viewers