• Home »
  • Sinhala »
  • ඊලාම් රාජ්‍යයේ අගනුවර විනාශ කල අපේ විරුවන් සදා සමරමු……

ඊලාම් රාජ්‍යයේ අගනුවර විනාශ කල අපේ විරුවන් සදා සමරමු……

සිහිකරමු අභිමානවත් කිලිනොච්චි සටන…..
( 2008 නොවැම්බර් -2009 ජනවාරි 2 )……

facebook_1548513264940

facebook_1548513243876 (2)

කිලිනොච්චි සටන යනු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටිත්‍රස්ථවාදීන්ගෙන්ගේ අගනුවර වශයෙන් නම් කරන ලද කිලිනොච්චි ප්‍රදේශය සහ වැසියන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේ දී එම නගරය මුදවා ගැනීම උදෙසා 2008 නොවැම්බර් මස සිට 2009 ජනවාරි මස 02 වන දා දක්වා ගෙන ගිය ගොඩබිම් සංග්‍රාමයයි…,

මේජර් ජනරාල් ජගත් ඩයස් සහ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන සෙන්පතිවරැන් මේ ක්‍රියාන්විකතයේ ප්‍රමුකත්වය ගෙන සටන මෙහෙයවිය..,,

එවකට කිලිනොච්චි නගරය කොටි සංවිධානය යෝජනා කොට තිබු ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය ලෙසද ප්‍රකාශ කොට පැවතුණි…..,,,

2008 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී ශ්‍රී ලංකා යුධ හමුදාව කිලිනොච්චි නගරය මුදාගැනීම සඳහා තෙවරක් ආක්‍රමණ දියත් කළේය.එම අවස්ථා තුනේදීම රජයේ හමුදා කිලිනොච්චි නගරය අත් පත් කර ගැනීම වලක්වා ගැනීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමත් විය.මෙම සටන් වලදී සතුරාට උපරිම හානියක් කරමින් තමන්හට අවම හානියක් වූ බව දෙපාර්ශවයම ප්‍රකාශයට පත් කළහ මෙම කාලය අතරතුර කිලිනොච්චි නගර ආශ්‍රිත එල්.ටී.ටී.ඊ. මර්මස්ථාන ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්ද සිදු කරන ලදී…2009 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාසේනාංක තුනක් කිලිනොච්චි නගරයට උතුරින් දකුණින් සහ බටහිර දිශා වලින් ඇතුළු වීමත් සමඟ හමුදාවත් ත්‍රස්තයනුත් අතර ඉතා භයානක සටන් ඇ‌විලී ගියේය, නමුත් මනා සංවිධානාත්මක හමුදා ක්‍රියාන්විතයේ වෙඩි බලය නිසා එල්.ටී.ටී.ඊ. සටන්කරුවෝ අසල වූ වනගත ප්‍රදේශ වලට පළා ගියහ.ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින්, රජයේ හමුදා විසින් කිලිනොච්චි නගරය අත්පත් කරගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට අවි බිම තබා යටත් වන ලෙසද දැනුම් දුන්නේය. පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානය රජයේ හමුදා අත්පත් කරගත්තේ “මළවුන්ගේ නගරය”ක් බවත් එම පරාජය ඉතාම සුළු පසුබෑමක් පමණක් බවත් ලැජ්ජාව සහ හානිය වසන් කිරීම සඳහා ප්‍රකාශ කළේය…..

කිලිනොච්චි නගරය මුදාගැනීමෙන් පසු බොහෝ විදේශ රාජ්‍යන් දේශපාලන විසදුමක් පිලිබඳ සලකා බලන ලෙස දෙපාර්ශවයටම බල කර සිටියහ.මහජනතාව විදී බසින් මෙම ජයග්‍රහණය සමරද්දී, කොළඹ කොටස් හුවමාරුවවාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කළ අතර රුපියලේ අගය ස්ථාවර වීමද සිදු විය…..කිලිනොච්චි ජය සැමරුම් අතරතුර කෝපවු LTTE ය කොළඹ පිහිටි ශ්‍රීලංකා ගුවන් හමුදා මුලස්ථානය අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30කට අසන්න පිරිසක් තුවාල කරනු ලැබීය..,කිලිනොච්චි නගරය මුදා ගැනීමත් සමග තම මෙහෙයුම් පුළුල් කළ ශ්‍රී ලංකා යුධ හමුදාව එල්.ටී.ටී.ඊ. ය සතුව තිබු සංග්‍රාමික උපක්‍රමික ස්ථාන වන අලිමංකඩසහ A9 ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්මද මුදා ගැනීමට සමත් විය.

කිලිනොච්චිය බිඳ වැටී නොබෝ දිනකින්ම එල්.ටී.ටී.ඊ ට ඉතා වැදගත් වූ පලෙයිප්‍රදේශයද මුදා ගැනීමට රජයේ හමුදා සමත් විය…..අනතුරුව ජනවාරි 09 වන දින ඉතා වැදගත් ස්ථානයක් වූ අලිමංකඩ මුදා ගන්නා ලදී….ඉන් අනතුරුව එල්.ටී.ටී.ඊ ට ඉතිරිව තිබු එකම ප්‍රධාන බලකොටුව වූ මුලතිව් බලා හමුදා සේනාංක ඉදිරියට ගමන ගත්හ…මුලතිව් බලකොටුවද ජනවාරි 25 වන දින ශ්‍රීලංකා යුධ හමුදා පාලනයට නතු විය…,



654 Viewers