උතුරු නැගෙනහිර නිජබිම් මිත්‍යාව බෙදුම්වාදයට අභියෝගයයි.
මිත්‍යා කතාන්දර අනුසාරයෙන් බිහිකළ සාවද්‍ය ඉතිහාසය මත ගොඩනැගු නිජබිම් සංකල්පයේ පදනම බිඳ දමමින් මෙතෙක් ඉදිරිපත් නොවු මූලාශ්‍ර සමග කරන සංක්ෂිප්ත විග්‍රහය
තමිල් ජනවාර්ගික ප්රශ්නය, තමිල් ජනයාගේ අභිලාෂය, තමිල් නිජබිම අයිතිය යන මේවා ඔවුන්ගේ නියෝජිතයන් කියා ගන්නා දේශපාලඥයන් කෑමෝර දී ඉල්ලා සිටියත් අද වන තුරු මෙම ජනවාර්ගික ප්රශ්නය කුමක්ද? පවසා නොමැත. තමිල් බෙදුම්වාදින් විසින් ගොතන ලද ඉතිහාසයට එරෙහිව බටහිර ආක්රමනයන්ට පෙර වූ ඉතිහාස කරුණුද එසේම මෙරට ආක්‍රමණය කල බටහිර ජාතීන් විසින් සටහන් තබන ලද ඉතාම නිවැරදි වූත් අපක්ෂපාති වූත් ඔවුන්ගේ රාජකාරී පාලන වාර්තා වල අන්තර්ගත සමකාලීන සිද්ධීන් මුලාශ්‍රයන් ලෙස ගෙනහැර පාමින් උතුරු නැගෙනහිර නිජබිම සංකල්පය මිත්‍යාවක් බවත් තමිල් බස කතා කරන ජනයාගේ මෙරටේ ඉතිහාසය වසර 150ක් වන බවත් බෙදුම්වාදින් වෙත අභියෝගාත්මක ලෙස තර්කානුකූල පදනමකින් (උපකල්පන වලින් බැහැරව) මෙම කෘතිය මගින් ඔප්පුකොට ඉදිරිපත් කෙරේ.
තවත් මාස කිහිපයක් ඇතුලත ආචාර්ය සුරියගුණසේකර මහතා හා රුවන් රත්නායක මහතා විසින් පිටු 500ක දෙමළ නිජබිම් සංකල්පය අභියෝගයට ලක් කරන තවත් කෘතියක් එලිදැක්වීමට ද නියමිතය.
මෙම කෘතිය (උතුරු නැගෙනහිර නිජබිම් මිත්‍යාව) දැන් ඔබසැමට අන්තර්ජාලය ඔස්සේ කියවීමට හැකියාව ඇත.
එබැවින් ඔබ සියලු දෙනා මේ කෘතිය කියවා සත්‍ය අවබෝධ කරගන්නා මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.(ලින්ක් එක පහතින් දක්වා ඇත.)
547 Viewers