• Home »
  • Sinhala »
  • උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ නිජභූමියක් පැවතියේ නැතැයි ඔබ කියන්නේ කවර පදනමකින්ද?

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ නිජභූමියක් පැවතියේ නැතැයි ඔබ කියන්නේ කවර පදනමකින්ද?

අභිලේඛන, කාසි, සාහිත්‍ය මූලාශ‍්‍ර ඇසුරින් බැලූවම ලංකාවේ කිසිම ප‍්‍රදේශයක දෙමළ නිජභූමියක් පැවතුණු බවට සාධක නැහැ. ඒ කියන්නේ ඒ මූලාශ‍්‍රවලට අනුව වෙනත් පළාත්වල තිබුණු ශිෂ්ටාචාරයම තමයි, ඒ පළාත්වලත් තිබිල තියෙන්නේ. ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියමයි.

අභිලේඛන මූලාශ‍්‍ර ගත්තොත් දැනට හමුවන අභිලේඛනවලින් ආනෙයිකෝට්ටේ ලෝහ මුද්‍රාව, කදුරුගොඩ මැටි බඳුන් කැබැල්ල, වල්ලිපුරම් රන්පත, කදුරුගොඩ අත්තානි කණුව සහ තුනුක්කායි සෙල්ලිපිය යන ඒවා සිංහල ප‍්‍රාකෘතවලින් සහ ඒ ඒ යුගවලට අයත් සිංහල භාෂාවෙන් ලියවුණ ඒවා. අරම්කැලේ සහ මැදගොඩ සන්නස්වල සඳහන් වනවා වීදාගම හිමියන් යාපාපටුනට වැඩ ෂඪ වන බුවනෙකබාහු රජුට ධර්මය දෙසුවා කියලා. දෙමළ භාෂාවෙන් රචිත ශිලා ලේඛන 05ක් තියෙනවා යාපනයෙන් හමු වුණු. ඒවායෙන් එකක් ඉරාජරාජපුර හෙවත් මාතොට (මන්නාරම) ගැන සඳහන්වන නිසා ඒක ඒ ප‍්‍රදේශයෙන් ගෙන එන්න ඇති. කෙසේ වෙතත් කයිට්ස් හි ඇති දෙමළ ශිලා ලේඛන දෙකත්, යාපන කොටුවේ ශිලා ලේඛනයත් පිහිටුවලා තියෙන්නේ 11 වැනි සියවසේදී ලංකාව ආක‍්‍රමණය කළ රාජරාජ චෝල සහ රාෙඡ්න්ද්‍ර චෝල කියන දෙමළ රජවරුන්ගේ සෙන්පතිවරු. කයිට්ස්වල තිබිලා දැනට නාගදීපයේ කෝවිලකට ගෙන ගොස් ඇති ශිලා ලිපිය දෙමළ එකක් වුවත් ඒක පිහිටුවල තියෙන්නේ මුළු සිංහලයම පාලනය කළ ෂ වන මහ පැරකුම්බා රජු විසින්. දෙමළ කියන්නේ ඒ කාලයේ කලාපයේ ජාත්‍යන්තර භාෂාව. ඒ නිසයි ඒක දෙමළ බසින් ලියල තියෙන්නේ. යාපනය නගරයෙන් හමු වූ අනෙක් ශිලා ලිපිය දෙමළ බසින් ලියපු එකක් වුවත් ඒක පිහිටුවල තියෙන්නේ IV වැනි මහ පැරකුම්බා රජතුමා.

මේ ශිලා ලිපි මගින් මහාවංශයේ සඳහන් ඉතිහාසයමයි පැහැදිලි කෙරෙන්නේ. ක‍්‍රි. ව. 10වැනි සියවස වන තුරු යාපනයේ තිබුණේ සිංහල පාලනයක්. එතෙක් යාපනයෙන් හමුවන සෙල්ලිපි සිංහල ඒවා. ඊට පස්සේ දෙමළ ආක‍්‍රමණිකයන් ලංකාව අල්ලා ගන්නවා. ඒ කාලේ පිහිටවපු සෙල්ලිපි තුන දෙමළ ඒවා. ඊට පස්සේ දෙමළ ආක‍්‍රමණිකයෝ පලවා හැර ලංකාව එක්සේසත් කළා ෂ වන මහ විජයබාහු රජු. ඊට පස්සේ හමුවන අභිලේඛන ඇතැම් ඒවා සිංහල. ඇතැම් ඒවා සිංහල පාලකයන් පිහිටවපු දෙමළ සෙල්ලිපි.

ඉතිං මේ ඉතිහාසයම තමයි නාණක හා දේශීය විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍රවලිනුත් තහවුරු කෙරෙන්නේ. ඒනිසා යාපනයේ දෙමළ නිජභූමියක් පැවතුණාය කියන එක අමූලික බොරුවක්. ඒ බොරුව මත පදනම්වෙලා තමයි, මේ ජාතිවාදී, බෙදුම්වාදී, ත‍්‍රස්තවාදී ව්‍යාපාර කටයුතු කරන්නේ.



170 Viewers