• Home »
  • Sinhala »
  • උතුරෙන් ලැබුණු ඊළාම් යෝජනාව ඒකාබද්ධ විපක්ෂය ප්‍රතික්ෂේප කරයි

උතුරෙන් ලැබුණු ඊළාම් යෝජනාව ඒකාබද්ධ විපක්ෂය ප්‍රතික්ෂේප කරයි

උතුරේ දේශපාලන පක්ෂ 5ක අත්සනින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇති කොන්දේසි මාලාවට එකග වීමට හැකියාවක් නැති බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුම් දී තිබේ.

ලැබෙන නවතම වාර්තා අනුව ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ් දෙමළ ජනතා පෙරමුණ සහ තමිල් අරුසකච්චි යන පක්ෂ විසින් තමන්ගේ සහාය ලබා දීම සදහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන කොන්දේසි මාලාව ප්‍රතික්ෂේප කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඒ අනුව තීන්දු කළේය.

උතුරේ පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි අතර උතුරේ ස්වයං පාලන අයිතිය පිලිගැනීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම , ෆෙඩරල් පාලන ක්‍රමයක් පිලිගැනීම, ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයකින් මෙරට යුද අපරාධ නඩු විභාගය, ත්‍රස්තවාදය වැළැක්වීමේ වැළැක්වීමේ පනත ඉවත් කිරීම, උතුරු නැගෙනහිර දෙපලාත ඒකාබද්ධ කිරීම, උතුරේ සිංහල කොළණි සහ බොදු විහාරස්ථාන ඉදි නොකිරීම වන බව වාර්තා වේ.

මෙම කොන්දේසි මාලාව පිලිගතහොත් රටේ බහුතර සිංහල ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් ඒවා ප්‍රතික්ෂේප කොට 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉටුකළ හැකි කාර්‍යන් පමණක් ඉෂ්ඨ සිද්ධ කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ තීරණය අනුව ක්‍රියා කිරීමට නියමිතය. ඔහු විසින් ප්‍රතික්ෂේප කළ මෙම යෝජනා මාලාව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටද ලබා දී ඇත. එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් ගත් තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත.

113 Viewers