ඓතිහාසික අසාධාරනය

ඓතිහාසික අසාධාරනය නොහොත් ඉංග්‍රීසි බසින් Historical injustice ( හිස්ටොරිකල් ඉන්ජස්ටිස්) යනුවෙන් හදුන්වන්නේ අතීතයේ සිට ඓතිහාසික ධාරාව ඉදිරියට නොගොස් අනාගතයට නිදහසේ ගලායාමට ඉඩ නොදීමේ ක්‍රියාවලියකි.ඇතැම් විට එය හුදු බාධා කිරීමක් පමනි.එවිට ඊට විරුද්ධව අරගල කර එම සමාජය නැවතත් නිවැරදි මගට එලබේ.තවත් විටෙක ඓතිහාසික ධාරාවට බාදාකර ආගන්තුක රටාවක් ඊට ආදේශ කෙරේ. බ්‍රිතාන්‍යන් විසින් හුදෙක් බාධාකිරීම් පමනක් කරන ලද බුරුමයට 1948 ජනවාරි 04 දා නිදහස ලබා පැය 24 ක් තුල තම ඉතිහාස ධාරාවට එකතුවීමට තීරනය කලහ.එහෙත් ඒ වෙනුවට ලංකාවේ පවත්නා රටාව කඩා බිද දමා විනාශ කර ඒ මත යටත් විජිත රටාව ආදේශ කරන ලදි. 1948 පෙබරවාරි 04 දා නිදහස ලබා දුන්නද වසර 71 ක් ගතවු 2018 දී පවා තම ඉතිහාස ධාරාවට අවතීර්න වීමට අප විසින් තීරනය කර නොමැත.

සර් විලියම් කෝල්බෲක් නැමැති බුද්ධිමත් මිනිසාගේ දුරදක්නා නුවන නිසාම ලංකාවට මෙම ඉරනම අත් වී ඇත. ලංකාව සිංහල බෞද්ධ රට බව ඒත්තුගත් ඔහු ඉන් නැතිකල යුත්තේ කුමක්ද යන්න තේරුම් ගතී. පෘතුගීසීන් හා ලන්දේසින් (ලන්දේසින් අඩුවෙනි) බුද්ධාගම විනාශ කිරීමට උත්සාහ ගත් අතර කෝල්බෲක් පවසන්නේ සිංහලකම බලවත් සාධකය බව හා බුද්ධාගම දුර්වල සාධකය බවය. සිංහල යනු මිනිස් වර්ගයක් නොව ශිෂ්ටාචාරයක් බවත් එම ශිෂ්ටාචාරය බිද වැට්ටවූ විට සිංහලයා වෙනස් කල හැකි බවත් ඔහු පවසයි.එමෙන්ම සිංහල කම බිද වැටුනු විට බුද්ධාගම ඉබේම බිද වැටෙන බවද ඔහු තේරුම් ගති.

ඓතිහාසික ධාරාව වෙනස් කිරීමේ ඉතා පලදායි ක්‍රමය කෝල්බෲක් විසින් සොයා ගති. උග්‍ර ලිබරල් වාදියෙකු වූ කෝල්බෲක් දුටුවේ ලංකාවේ ඉතිහාසය ප්‍රායෝගික ලිබරල් වාදය වූ බවය.එබැවින් ඊට බාධාකර හැසිරවීම ක්‍රියාත්මක කරවීම ඔහුගේ නිගමනය විය.

01. සිංහලයා අහස හා පොලව වෙත නිදහසේ එලබීම බාධා කිරීම සදහා පොලොවට ඉඩම් ඔප්පු අනිවාර්‍ය කිරීමත් ජලය වෙත නිදහසේ එලබීමට බාධා කිරීම සදහා (වැව් රාජකාරිය) රාජකාරිය තහනම් කිරීමත් නිර්දේශ කලේය.

02 ගම නැමැති සාමූහික පවුල ද සාමූහික භූමිය ප්‍රයෝජනයට ගැනීම හා සාමූහික ශ්‍රමය (අත්කම් ,කයිය,රාජකාරිය) ප්‍රයෝජනයට ගැනීම තුලින් එකමුතුව ජීවත් වූහ.ඉඩම් අයිතිය හා රාජකාරිය තහනම තුලින් එය බිද වැටුනි.

03 ගම හසුරුවාගත් ගමේ පාර්ලිමේන්තුව ගම් සභාවයි.ජාතික වාරිමාර්ග පද්ධතිය ,බුද්ධ ශාෂනය ,ආරක්ෂාව හා යුද්ධය පමනක් රජුගේ කාර්‍යයන් වූ නිසා ගම පාලනය වූයේ ගම් සභාවෙනි.එයද තහනම් කෙරින.

04 නිෂ්පාදන හා සේවා සදහා අවශ්‍ය ශ්‍රමය වෘත්තිය කුල ක්‍රමයෙන් සැපයුන නිසා කුල ක්‍රමය තහනම් කිරීම නිර්දේශ කලේය.

05 මෙසේ ඇසට පෙනෙන පරිසරය වෙනස් වන විට ලෝකය වෙනස් වන්නේ යයි සිතා එම රටෙහි මිනිසුන්ද ඊට අනුගත වීමට උත්සාහ කරන බව දුටු කෝල්බෲක් කීවේ ඉංග්‍රීසී අධ්‍යාපනය ලමුන් ක්‍රිස්තියානිකාරයන් කිරීමට නොව යටත් විජිත වාසී බ්‍රිතාන්‍ය පුරවැසියන් කිරීමට යොදාගත යුතු බවය.මෙම කෝල්බෲක් න්‍යායම 1944 දී ලෝක බැංකුව නිර්මානය කිරීමට ඇමරිකානු ජනපති රූස්වේල්ට්ට උපකාරී විය.

06 අද දින ලංකාවේ උග්‍රම අර්බූධය වන උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම් ප්‍රශ්නය ඇති කලේ කෝල්බෲක්‍ ය.ලංකාව තුල සිංහලයාට අහිතවත් ජනකන්ඩායමක් ඇතිකිරීමේ වැදගත් කම දුටු ඔහු නිර්දේශ කලේ පාරවල් සෑදීම සදහා ගෙන ආ දකුනු ඉන්දියානු වැසියන් ඔහුන්ගේ සේවාව අවසන් කල විට ආපසු තම රටට නොයවා සිංහල ජනගහනය තුනී වූ යාපන අර්ධවීපයේ පදිංචි කරවාලීමය.එහි ඉඩම් වල පරිපූර්න අයිතිය ඔහුන්ට ලබාදීම සදහා ඕලන්දයන්ගේ තේසවලාමේ නීතියට වඩා වෙනස් තේසවලමේයි නීතියක් සංග්‍රහ කරන ලදි.

කෝල්බෲක් විසින් නිර්දේශිත කරුනු ක්‍රියාත්මක කල විට පවත්නා ක්‍රමය බිදවැටීම හා බ්‍රිතාන්‍ය ට අවශ්‍ය ජනපද කරනයක් ඇතිවීම සිදුවිය. ඉංග්‍රීසියෙන් කොලෝනියලිසම් (Colonialism) යනුවෙන් අදහස් කලේ ජනපද කරනයයි. යටත් විජිතවාදය ලෙස සිංහලට එය පරිවර්තනය කිරීමේදී අර්තය වෙනස් වන්නේ අප ඉංග්‍රීසි හොදින් නොදන්නා බැවිනි. මෙම ජනපද කරනය යනු ස්වදේශික ලේ සහ සම ඇති නමුත් ඉංග්‍රීසි බුද්ධිය , අදහස් , රසය හා ගතිගුන ඇත්තවුන්ගෙන් යුතු යටත් විජිත බිහි කිරීමයි.මේ තෝමස් මැකෝලි නැමැති අධ්‍යාපන නිර්මාන කරුවාගේ න්‍යායයි. අධ්‍යාපනය තුලින් එය ඉටුකල හැකිබව ඔහු කීය.

1818 වෙල්ලස්ස නිදහස් අරගලය නිසා උඩරට රදල ප්‍රභූ පෙලන්තිය විනාසකර දැමීමත් මුලු නැගෙනහිර පලාතම විනාශ කර දමා ජනශූන්‍ය කිරීමත් සිදුවිය. මහාධිකරන විනිසුරු ග්‍රෝරි පවසන පරිදි ( ග්‍රෝරි සටහන් නම් ලියවිල්ල මඩකලපු පුස්තකාලයේ ඇත) 1819 වන විට ප්‍රධාන පවුල්වල අය කිසිවෙක් ජිවතුන් අතර නොවීය. සාමාන්‍ය ජනතාව ගත් විට කඩුවට හා තුවක්කුවට හසු වූ අය හැරුනු විට සෙස්සන් කොලරා ,වසූරිය ආදී වසංගත වලින්ද ආහාර නැතිවීමෙන්ද වාරිමාර්ග කඩාබිද දැමීම නිසා ගොවිතැන් කිරීමට නොහැකිව දුර්වල වීමෙන්ද මියගියහ.ඉතා සාරවත් වූ වෙල්ලස්ස නොහොත් වත්මන් මඩකලපු හා අම්පාර දිස්ත්‍රික්ක මෙසේ ජනශූන්‍ය විය.එරාවුර් ප්‍රදේශයේ පැවැති කලුවර හා බුරුත වනාන්තර කපා එන්ගලන්‍තයට ගෘහ බාන්ඩ සාදන ලදි.කෝල්බෲක් වාර්ථා කලේ අග්නිදිග ලංකාවේ හොදම කලුවර බුරුත වනාන්තර ඇතිබව හා ගංගා හයක්ම ඒ හරහා මුහුදට ගලා බසින නිසා වෙරලට දැව ගෙනයාම පහසු බවය.1818 දී ප්‍රතිපත්තිය වුනේ විනාශකල උඩරට රදල ප්‍රභූ පන්තිය වෙනුවට යාපනයේ දෙමල කතාකරන්නවූන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී නව ප්‍රභූ පන්තියක් ඇතිකරලීමය.එම ජනගහනය වැඩිකිරීමට කෝල්බෲක් පියවර ගති.

1848 මාතලේ නිදහස් අරගලය නිසා එවක යටත් විජිත ලේකම් එමර්සන් ටෙනන්ට කලේ ජන ශූන්‍ය වූ නැගෙනහිර පලාතෙහි දෙමල පවුල් දකුනු ඉන්දියාවෙන් ගෙනවුත් පදිංචි කරවීමය. ඒ වන විට වත්මන් මඩකලපු දිස්ත්‍රික්කයේ මලබාර් වරුන් සිටියේ මඩකලපු වරායට යාව හැතැප්ම 3/1-2 ක් දිග හා හැතැප්ම 1-2 පලල දූපතක පමනකි. ඔවුහු ලන්දේශීන්ට සේවය කිරීමට ගෙන්වාගත් අය වෙති. මේ බව පවසන්නේ පිලිතියස් නැමැති අය 1816 ලියූ ලංකා ඉතිහාසය නම් ග්‍රන්තයෙනිය. 1801 දී තංගල්ලේ සිට මඩකලපුව දක්වා ගමන් කල ජේමිස් කෝඩිනර් හා ජෝන් රීඩර් යන දෙදෙනාම පවසන්නේ එතරම් දර්ශනීය වූ හා එතරම් ප්‍රසන්න වූ නිරෝගී ප්‍රභාවත් මිනිසුන් වෙන කිසි ප්‍රදේශයක නැති බවය.එක දිගටම අඛන්ඩ ජනාවාස හා ක්‍රමානුකූලව පිහිටි ගම්මාන තිබූ බව ඔවුහු පවසති.මඩකලපුවෙහි වූයේ සිංහල පාසලකි .එහි ලමුන් ගෙලෙහි දෙපා හා දෑතෙහි රන් අභරන පලදා සිටිබව කෝඩිනර් මහතා පුදුමයෙන් යුතුව පවසයි. අන්තිමට නැගෙනහිර පලාත දෙමල නිජබිමක් බවට පත්විය.1871 වන විට මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහලයන් 50,012 ක් හා දෙමල 61,014 ක්ද විය.

19 සියවස මැද භාගයේ පටන්ම පරිපාලනය කටයුතු වල පහල මට්ටම්වලට දෙමල අයම බදවා ගැනීන.ඉංග්‍රීසී උගත් බහුතරය දෙමල වීම නිසා දෙමල නිලධාරීන් ලවා සිංහලයන් පරිපාලනය කරවීමේ අවශ්‍යතාවයක් විය.මලයාව ( මැලේසියාව ) පාලනයට චීන මිනිසුන් ද,කේරල හා දෙමල මිනිසුන් උතුරු ඉන්දියාව පාලනයටද ,දෙමල අය සිංගප්පූරු පාලන කටයුතු වලටද ,බුරුමය පාලන කටයුතු වලටද දෙමල අය යැවීමද මේ හා සමාන විය.මෙ නිසාම මලයාවේ භූමි පුත්‍රයන් තෝරා ගැනීමද ,බුරුමයේ සිටි නව ලක්ෂයක් දෙමලුන් ඉංග්‍රීසීන්ට භාර දීමද නිදහස ලැබීමෙන් පසු සිදුවින.ඓතිහාසික අසාධාරනත්වය දුරු කර ගැනීමට එම රටවල් දෙක ක්‍රියා කරන ලදි.

ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම ක්‍රිස්තියානියට යාමට මගක් විය .රජයේ රැකියාවල්වලටත් ,මුදලි තනතුරක් ලැබීමටත් ,වතු වගාව සදහා ඉඩම් මිලදී ගැනීමටත් ක්‍රිස්තියානි වීම අනිවාර්‍ය බවට එමර්සන් ටෙනන්ට් යටත් විජිත ලේඛම් තැන විසින් නිවේදනයක් කල ආකාරය මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද විසින් උපුටා දැක්වා ඇත.(බුද්ධාගම හා ලංකාවේ යටිබිම්ගත ක්‍රිස්තියානි බලය)

මහාමාර්ග හා දුම්රිය පාරවල් ඉදිකිරීමේදී වැව් දෙකඩ කරමින් ඒ මැදින් මෙම මාර්ග යෙදවිනි. නැගෙනහිර පලාතෙහි පමනක් දුම්රිය මාර්ග හා මහා මාර්ග සදහා වැව් 400 ක් විනාශ කරන ලද බව පාකර් විසින් ගනන් බලා ඇත.මහාමාර්ග ඇතිවීමෙන් පසු ඉඩම් අහිමි වූ හා තම ඉඩම් වලින් පන්නා හරින ලද සිංහල මිනිස්සු මහාමාර්ගයන් දිගේ නගරවලට අවුත් වහල්කම් කර ජීවත් වීමට අනුක්‍රමයෙන් පුරුදු වූහ.ඒ සමගම පැල්පත් හා මුඩුක්කු නිවාස නගර වලට එකතු වන්නට විය.

ගෙරිමස් කෑම හා අරක්කු බීම පිලිබදව රසවත් විස්තරයක් මේජර් තෝමස් ස්කිනර් විසින් 1851 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති තේරීම් කාරක සභාවක් වෙත ඉදිරිපත් කෙරිනි. එම තේරීම් කාරක සභාව වූයේ 1848 මාතලේ නිදහස් අරගලය සම්බන්ධවය.1820 දී තමා උඩරට පාරවල් ලකුනු කිරීමට ගිය අවධියේ උඩරට එකදු මිනිසෙක් ගෙරිමස් කෑම හෝ අරක්කු බීම නොකල අතර 1847 වන විට ගෙරිමස් කැමටත් පීදීගෙන එන ගොයම උකසට තබා මුදල් ලබාගෙන අරක්කු බීමටත් ඇබ්බැහි වීමත් ඔහු විසින් දක්වා ඇත.

1847 දී ඇන්තනී ඔලිපන්ට් අග්‍ර විනිෂ්චයකාර තැන විසින් ලන්ඩන් යටත් විජිත කාර්‍යාලයෙන්ද අනුමැතිය ලබාගෙන භික්ෂූන් වහන්සේලා කරන ලද ශාෂ්ත්‍ර ඉගැන්වීම් හා ආරවුල් විසදා සමථය කිරීම නීතියෙන් තහනම් කරන ලදි. එය පාසල් ගුරුවරුන්ගේ හා උසාවි විනිෂ්චයකරුවන්ගේ රාජකාරිය බව අධිරාජ්‍ය ආන්ඩුවේ තීරනය විය.

මහාමාර්ග සෑදීම යනු ගම්වල ස්වාධීනත්වය නැතිකර දමා නගරයේ පාලනයට එය යටත් කිරීමේ ප්‍රධානතම මාධ්‍ය විය. මංමාවත් කඩාබිද දැමිම රජයේ පාලනයෙන් මිදීමට එකම මග බව ප්‍රභාකරන් ද 1986 දී වව්නියාවෙන් උතුරට A9 මාර්ගය කඩා උතුර දුම්රිය මාර්ගය ගලවා දැමූ පසු මධ්‍යම ආන්ඩුවේ පාලනය නතර විය . එමෙන්ම 1989 දී ජ වි පෙ විසින් මහා මාර්ග වල ගමනාගමනය තහනම් කල විට ලංකාවේ මධ්‍යම ආන්ඩුව සහ වෙලදාම අත් හිටුවිනි. ධනය හා ධනවාදය ක්‍රියාත්මක කරවීමට මිනිසාට එකතැන නොසිට දුවන්නට ( Movement) සැලැස්වීම අවශ්‍ය බව අධිරාජ්‍ය ආන්ඩුව පිලිගතී.එක තැන ඉන්න විට නිවැරදි දේ අවබෝධ වේ.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ නීතිය යොදාගැනුයේ ආරක්ෂාව හා සුරක්ෂිත බව උදෙසා නොව කොල්ලකෑමටය.1842 න් පසු ඉඩම් නීතිය යනු ස්වදේශකයන්ගේ ඉඩම් කොල්ලකෑමට යොදාගත් මාධ්‍යයයි.1815 මහනුවර ගිවිසුම මගින් සිංහල රාජ සිරිත් හා නීති කඩ නොකර පවත්වන බවට පොරොන්දු වුවද ආරම්භයේ පටන්ම ඒවා කඩ කෙරින.ගැමියන් තමන්ගේ පොදු වැඩ ඉටුකර ගැනීමට ප්‍රයෝජනයට ගත් රාජකාරිය වහල් ක්‍රමයක් ලෙස විග්‍රහ කර තහනම් කලද බ්‍රිතාන්‍යන්ට අවශ්‍ය පාරවල් සෑදීමට නොමිලයේ පාරේ රාජකාරිය කිරීම නීතියක් බවට පත්කරන ලදි. ගැමියන් විසින් මෙය ඇග බද්ද ලෙස හැදින්විය.

ස්වයංපෝශිත ආර්ථිකය වැව් වාරිමාර්ග මත රදා පැවති අතර රාජකාරිය තහනම් කිරීම මගින් පමනක් සිංහලයාගේ වැව් ශිෂ්ටාචාරය බිද හෙලීමට හැකිවිය.හේන් වගාව නැමැති ගොඩ ගොවිතැන් ක්‍රමය නැතිවී ගියේ ඉඩම් ඔප්පු මගින් ඉඩම් හිමිකම ලබාදීමෙනි.හේන් වගාකල බිම කිසිවෙකුට අයිති නැති සොබාවික දේපල විය.කුල ක්‍රමය තහනම් කිරීම මගින් ඒ ඒ නිෂ්පාදන හා සේවාවන්ගේ ඇති තාක්ෂනය හා ශිල්පයන් බිද වැටුනේ වෘත්තිය කුලය යනු ලංකාවේ සම්ප්‍රධායක තාක්ෂනය හා ශිල්පය පවත්වාගෙන ආ ක්‍රමය වීම නිසාය.ගම් සභාව තහනම් කිරීම මගින් ගම හසුරුවා ගනිමින් නිවැරදි තැන තබන්නාවුන් සියල්ලන්ගේම අබිමතය පරිදි කටයුතු කරමින් 100% ක් ප්‍රජාතන්ත්‍රවාදය වූ මහා සම්මතය ක්‍රියාත්මක කරන ලද ආයතනද බිද වැටින.1833 දී තහනම් කල මෙම ආයතන නිසා බිද වැටීම් සිදුවීමට පරම්පරා 02 කක පමන කාලයක් ගත විය.ඒ මත බ්‍රිතාන්‍ය යටත් විජිත ක්‍රමය ගොඩනැංවූයේ 20 වෙනි සියවසේදීය.

ඉහත සියලු කරුනු අනුව බලන විට සිංහලයා ශිෂ්ට සම්පන්න කිරීමක් හෝ දියුනු කිරීමක් නොව ඔහුගේ ජීවන රටාව වෙනස්කර ඔහුව විනාශකර දැමීමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් සිදුකර ඇත.කෝල්බෲක්ගේ මැදිහත් වීමෙන් උතුරු පලාතේ දස දහස් ගනනින් දෙමල පවුල් පදිංචි කරවීමෙන්ද ,එමර්සන් ටෙනන්ට්ගේ මැදිහත් වීමෙන් නැගෙනහිර පලාතේ දෙමල පවුල් දස දහස් ගනනින් පදිංචි කරවීමෙන්ද 1948 වන විට උතුරු හා නැගෙනහිර පලාත් දෙමල බහුතරයක් ඇති ප්‍රදේශ බවට පත්කර රෝගයක් බෝ කර තබා බ්‍රිතාන්‍යයයෝ ඉවත්ව ගියහ. උතුරට තේසවලමේ නීතිය මගින්ද , නැගෙනහිර සිංහලයා 1818 න් පසු සමූලඝාතනය කර එම පලාත වනාන්තරයට යට කිරීමෙන්ද මෙම හපන්කම කලහ. එබැවින් උතුර හා නැගෙනහිර දෙමල ඊලාම් හා ඉස්ලම් නසරිස්තාන් අර්බුදය ජනවාර්ගික ප්‍රශ්නයක් නොව ඓතිහාසිකව ගොඩ නගපු අසාධාරනයකි.

සංජීව ජයවීර.
(www.facebook.com)

90 Viewers