• Home »
  • Sinhala »
  • ඔරුමිත්තනාඩුවේ බුද්ධශාසන සංහාරය

ඔරුමිත්තනාඩුවේ බුද්ධශාසන සංහාරය

(Courtesy of Sunday Island)
rumiththanaduwa

දෙදහස් නවය වසරේ කොටි ත‍්‍රස්ත සංවිධානය පරාජයට පත් කොට ජන ඝාතක යුද්ධය නිමා කළ පසු උතුරේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කරලීමට රජය විශාල මහන්සියක් ගන්නා ලද අතර මහා මාර්ග තනවා එම ප‍්‍රදේශවල ජනතාවට අනෙක් ප‍්‍රදේශ සමග සම්බන්ධ වීමට ඉඩ හසර ලබා දුන්හ. මේ යටිතල පහසුකම් ඇති කිරීමට යුධ හමුදාව කළ කැපවීම ඉතා විශාලය. ජාති භේදයකින් තොරව ඔවුහු ගම්මාන ගොඩ නැගූ බව උතුරේ සිවිල් ජනතාව දනී. මේ ජනතාව යුද්ධය නිසා පීඩාවට පත් වූයේ කොටි ත‍්‍රස්තයන්ගේ බිහිසුණු ක‍්‍රියාමාර්ගයන් නිසාවෙනි. උතුරත් දකුණත් අඩු වැඩි වශයෙන් බියෙන් සැකයෙන් නොසිටි දිනක් එකල නොවුණු බව අපට මතක් වේ. රටේ රජයට විරුද්ධව සන්නද්ධ අවි ඔසවා ලූ මේ කණ්ඩායම දණ ගස්වා යුද්ධය නිමා කළ පසු කවුරුත් සැනසුම් සුසුම් හෙළුෑහ. අවසාන සටන පැවති නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වී හමුදාව භාරයට පැමිණි සිවිල් ජනතාව ද හමුදාවේ ආදරය සහ සැලකිල්ල ලබා ගනිමින් පුනරුත්ථාපනය වූහ. මෙවැනි මානුෂීය මෙහෙයුමක යෙදී සිටි හමුදාවට විරුද්ධව ගතු කියා ජාත්‍යන්තරය උසි ගන්වා යුධ අපරාධ චෝදනා සකස් කරලන්නට ඉඩ හසර ලබා දුන් නායකයන් අද රට පාලනය කරති. මේ පාලකයන් රජයට එරෙහිව යුධ වැදුණු කොටි පවුල් වෙනුවෙන් වන්දි ගෙවීමට හානිපූර්ණ පනතක්ද සම්මත කළහ. එ් පනත දිනවන්නට රජයේ සිටි පනස්නව දෙනෙකු අත් ඉස්සූ බව දැන් හෙළි වී අවසන්ය.

මෙම හානිපූර්ණ පනතේ කිසිම තැනක කොටින්ට වන්දි ගෙවීමක් ගැන සඳහන් නොවුණත් ප‍්‍රතිසංධානයට අදාළ ලියවිල්ලේ ප‍්‍රකාර ව වින්දිතයන්ට වන්දි ගෙවීම ගැන දක්වා ඇත. මේ ප‍්‍රතිසංධානය යනු මංගල සමරවීර විසින් ජිනීවාවලදී එකඟ වූ 30/1 යෝජනාවලියේ සඳහන් ක‍්‍රියාවලියයි. අනෙක නම් මීට පෙර සම්මත කළ අතුරුදන් කාර්යාල පනතට අදාළව හෙළි වන පුද්ගලයන් වෙනුවෙන් වන්දි ගෙවීමයි. එවිට ත‍්‍රස්තවාදීන් ගේ පවුල් සඳහා වන්දි ගෙවීම පිණිස මේ පනත ඉදිරිපත්ව ඇති බව පැහැදිලි වේ. මේ පනත පරාජයට පත් කිරීමට එ්කාබද්ධ විපක්ෂයට පවා කිසිම වුවමනාවක් තිබූ බව නොපෙනේ. දහනවවන සංශෝධනයට සිය එකඟතාවය පළ කළා සේම හානි පූර්ණ පනතට එකඟ නොවී එහෙත් මග හැර ගොස් සම්මත වීමට ඉඩ හලේ කිනම් දේශපාලන සූදුවක් නිසාදැයි ජනතාව දැන් ක‍්‍රමයෙන් තේරුම් ගනිමින් සිටිති.

යුද්ධ කාලයේ උතුරේ යම් නීතියක් ක‍්‍රියාත්මක වූයේ ප‍්‍රභාකරන් සිය ඒකාධිපතිත්වය ඔස්සේ සියල්ල පාලනය කළ බැවිනි. ඔවුහු අවි බලයෙන් වෙනම රටක් දිනාගන්නට තැත් කළහ. එම නිසා උතුරේ සහ නැගෙනහිර පෙදෙස්වල තිබූ පූජනීය ස්ථාන හෝ පුරාවස්තු හෝ විනාශය පත් නොවුණි. කල්ලඩි වැනි තැන්වල ඔවුහු කොටි සම්පේ‍්‍රෂණ කුලූනු පවා ඉදි කොට තිබුණද ඒවා විනාශ නොකළහ. යුද්ධයෙන් පසු හමුදාව විසින් මහ කැලයෙන් වැසී තිබූ පුරාණ බෞද්ධ නටබුන් රාශියක් සොයා ගන්නට යෙදුණි. හමුදා කඳවුරු ද එ්වා අසල තිබූ බැවින් මෙම තැන්වල බුදු පිළිම පවා තැන්පත් කළහ. නමුත් යහපාලන රජය පත් වූ පසු රජය විසින්ම දෙමළ බෙදුම්වාදීනට පහසුකම් සැපයීම නිසා දකුණ සමග එක් වෙමින් තිබූ උතුර නැවතත් වෙන්කරලීමට පිඹුරු පත් සැකසූහ. උතුරේ මහ ඇමැති වරින් වර කරන ප‍්‍රකාශ මෙන්ම සිවාජිලිංගම්, විජයකලා වැන්නවුන් විසින් නීතිය නොතකා කරන ලද ඇතැම් ක‍්‍රියා දෙස බලන කල්හි දකුණේ සිංහලයාට නොමැති නීතියක් උතුරේ දැන් බල පැවැත්වෙයි. ඔවුන්ගේ දෙමළ නිජබිම තහවුරු කරලීමට අවශ්‍ය සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමට ඔවුහු පසුබට නොවෙන බව පෙනේ. ඔවුන්ගේ අලූත්ම සෙල්ලම පුරාවස්තු ඩෝසර කිරීමයි. මෙම ක‍්‍රියාදාමය පටන් ගත්තේ මුස්ලිම් අන්තවාදීන් අතිනි. එ් 2014 දී පමණය. මොට්ටාගල හිරුකෝවිල් වැනි තැන්වල තිබූ ස්ථූපයන් ඔවුහු ඩෝසර කළහ. කුඹුරුවලට සමතලා කළහ. හිරු කෝවිල්වල දාගැබ දෙපළු කරමින් ඩෝසරය ගමන් කරවූහ. මේවායින් සම්භ වූ පුරාවස්තු තවමත් නැගෙනහිර උසාවිවල ගබඩාවල තිබෙන බව දැන ගන්නට ඇත. දැන් දෙමළ ජාතිවාදීන් ද මේ මග ගනිමින් පැරණි ස්ථූප විනාශ කරමින් බෞද්ධ අනන්‍යතාවය නැති කර දමමින් සිටී. ත‍්‍රිකුණාමලේ සාම්පූර් ස්ථූපය කඩා එ් මත කෝවිලක් ඉදි කරන්නට තැත් කළ පූජකවරයෙක් සහ ඩෝසර ක‍්‍රියාකරුවෙක් අත්අඩංගුවට පත් වූ අතර තවමත් එම ස්ථූපය යථා තත්ත්වයට පත් කරලීමට පුරාවිද්‍යාවට නොහැකිව තිබේ. කුරුන්දි අට්ඨ කතාව ලියූවායි සැලකෙන කුරුඳුමලේ විහාරයට වැඩම කොට ආපසු එමින් සිටි හිමිනමකට විරුද්ධව ඔඞ්ඩුසුඩාන් පොලිසිය තහනම් නියෝගයක් ගනු ලබනුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් සැපයීමට ඉදිරිපත් වීම නිසාවෙනි. මෙම මස විසිදෙවැනි දා මුලතිවු අධිකරණය එම තහනම ඉවත් කර ගත්හ. එහෙත් කිසිම ආගමකට අයත් පිරිස් මේ සංරක්ෂණයට සහාය කර නොගෙන පුරාවිද්‍යා කටයුතු කළ බවට ද නියෝගයක් නිකුත් වී තිබේ. එයින් කියැවෙන්නේ කුමක්ද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තියෙන් කියැවෙන දේ උතුරේ දී අවලංගු වන බවයි.

image1

බුද්ධ ශාසනය යන්නෙහි අර්ථ දැක්වීමක් නව සිය පණස් හතේ බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවේ සටහන් වී තිබේ. බෝධි වෘක්ෂ පෙති පිළිම ස්ථූපයන්ද එයට අයත්ය. උතුරේ පමණක් පැරණි බෞද්ධ සිද්ධස්ථාන දෙසීයකට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ. එයට අමතරව ත‍්‍රිකුණාමල දිස්ති‍්‍රක්කය තුළ අසූවක්ද මඩකලපු පළාත

ගවේෂණය කොට 2017 වසරේදී සම්පූර්ණ පුරාවස්තු 648 ක් ද හඳුනාගෙන ඇත. ඉන් පන්සීයක් පමණ බෞද්ධ සිද්ධස්ථානයන්ය. මෙම ස්ථාන ගැසට් කිරීමට දෙපාර්තමේන්තුව ක‍්‍රම දෙකක් අනුගමනය කරති. එකක් නම් ස්මාරක වශයෙන් ගැසට් කිරීමයි. අනෙක නම් රක්ෂිත වශයෙන් ගැසට් කිරීමයි. ස්මාරක වශයෙන් ගැසට් කිරීම සරල දෙයක් වුවද රක්ෂිත ගැසට් කිරීමට කල් ගත වේ. මීට වසරකට පමණ ප‍්‍රථම 2017 ඔක්තෝබර් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක‍්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා සිට ඇත්තේ රක්ෂිත වශයෙන් පමණක් ගැසට් කරන ලෙසටයි. එම නිසා යටකී නැගෙනහිර පළාතේ ස්ථාන නීත්‍යානුකූල කරලීමට යම් බාධාවක් පැමිණ තිබෙන්නේ යයි දැන ගන්නට ඇත. 2018 ඔක්තෝබර් මාසයේ උතුරේ පුරාවස්තු සංහාරය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනකු මුලතිවු බලා ගියහ. මේවා මාධ්‍ය මගින් ප‍්‍රකාශ වූ පසු කලබලයට පත් සංස්කාතික ඇමැතිවරයා 2018 ඔක්තෝබර් මස 10 වන දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඉතා නින්දිත කතාවක් සිදු කර තිබේ. එයින් ගම්‍ය වන්නේ මෙරටේ පුරාවස්තු වැඩිපුරම විනාශ කරන්නේ සිංහල ජනතාව බවයි. අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් වැඩි ප‍්‍රමාණයක් පුරාවස්තු විනාශ සිදු වන බව ඔහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ.

ලංකාවේ දිස්ත‍්‍රික්ක විසිදෙකෙන් වැඩිමනත් විනාශයන් සිදු වන්නේ රජරට බව සැබෑය. එ් සියල්ල දේශපාලකයන්ගේ ග‍්‍රහණයට හසුව තිබෙන තැන්ය. එක් කාලයක් උතුරු මැද පළාතේ මහ ඇමැතිවරයකු ව සිටි පුද්ගලයකු පොකුණු හාරන්නට කියා නිධන් හෑරූහ. තවත් බලවතෙක් යෝධ සංවර්ධන ව්‍යාපාරවලට කියා ඉඩම් හෙළි පෙහෙළි කොට මේ නිධන් හෑරූහ. ඊටත් පෙර එක් අගමැති පුතෙක්ද මේවා ජයටම කර ගෙන ගියහ. මේ ආදර්ශය ගත් ජනතාවද මේ මග යමින් පැරණි ස්ථාන සොයමින් යකුළු පහර හෙළමින් බුදු පිළිම පවා විනාශ කර තිබේ. වස්තු තණ්හාවත් මේවායේ ආදීනවත් (වේතරණී නරකයේ උපදින බව) නොදත් ඔවුහු බෞද්ධ ස්ථාන පවා කඩා විනාශ කළ බව සත්‍යයකි. එම නිසාම පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාසයක් පවා පිහිටුවීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු විය. මුල් කාලයේදී එයින් යහපත් මෙහෙයක් සිදු වුවද පසුවන විට පොලිසියේ තිබෙන අල්ලස සහ පගාව මේවාට ද බෝවිය. දඹුල්ලේ කළුදිය පොකුණ අසබඩ සෙල් ලිපියක් ග‍්‍රයින්ඩර් කළ පුද්ගලයන් පිළිබඳ සාධක තිබියදී පවා මාතලේ පුරාවස්තු අංශයන් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට නොගත්තේ අල්ලස සහ පගාව නිසාවෙනි. මේ තත්ත්වය මෙසේ වුවත් උතුරේ සහ

නැගෙනහිර දැන් සිදු වන්නේ මීට හාත්පසින් විරුද්ධ පැත්තකි. ඔවුහු නිධන් පස්සේ නොයති. එහෙත් බෞද්ධ ස්ථාන සොය සොයා එ්වායේ ත‍්‍රිශූල සවි කරමින් කෝවිල් ඇටවීමද ඇතැම් දාගැබ් ඩෝසර කරමින් එ්වායේ කුඹුරු කරවීමද ජයටම කරත්.

පසුගියදා මන්ත‍්‍රීවරු දෙපළ මුලතිවු පළාතේ දී මේවා සියැසින් දුටුවහ. යාන්ඔය දාගැබ ඩෝසර කරන ආකාරය සියැසින් දුටුවහ. ඉතින් විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාට නම් මේ ප‍්‍රකාශ ජාතිවාදය අවුස්සනසුලූ ප‍්‍රකාශ වෙයි. මේ ඔහුගේ නින්දිත කතාවේ සාරාංශයයි.

‘‘ගරු නියෝජ්‍ය කථානායක තුමනි, මේ කරුණු විශේෂයෙන්ම මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න තීරණය කළේ අපේ රටේ ඉතා වටිනා පුරාවස්තු සහ පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන ස්ථාන විනාශ වනවා කියා මේ දිනවල නිරන්තරයෙන්ම මාධ්‍යවල විශාල ප‍්‍රචාරයක් ගෙනයන නිසයි. එ්වා ආගමික භේද ඇති කිරීමේ යටි අරමුණින් කරන බව සමහර මාධ්‍ය කරුණු ඉදිරිපත් කරනවා. ජාතීන් වශයෙන් යම් යම් මතභේද ඇති වන ආකාරයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. යාපනය විනාශ කිරීම් 01, මන්නාරම 03, කිලිනොච්චිය 03, මුලතිවු 05, අම්පාර 20, ත‍්‍රිකුණාමලය 24, මඩකලපුව 06. මේ අතින් ගත්තාම ගරු නියෝජ්‍ය කථානායක තුමනි, බොහොම පැහැදිලි වශයෙන් තිබෙනවා. උතුරේ හෝ නැගෙනහිර සිදුවුණු යම් හුදකලා සිද්ධියක් හෝ දෙකක් අළලා විශාල වශයෙන් ජාතීන් අතර ඝට්ටන ඇති කරන්න ආගම් අතර ඝට්ටන ඇති කරන්න ජාතිවාදීන් හා ආගම් වාදීන් හදනවා. අන්තවාදීන් ඉතා සුළු ප‍්‍රමාණයක් හැම තැනම සිටිනවා.

ඇමැතිවරයා තම ජාම් බේරා ගන්නට හදන්නේ උතුර ගැන නොකියා අනුරාධපුරයේ පුරාවස්තු විනාශය ගැන කියමිනි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙකු වූ සිරිල් මැතිව් මහතාගේ යුනෙස්කෝ වාර්තාව පවා ඇමැතිවරයා කියවා නැති බව මෙයින් පෙනේ. එදා සිටම උතුරේ පුරාවස්තු විනාශ කර තිබෙන්නේ නිධන් සෙවීමේ අරමුණින් නොවේ. එ්වා සියල්ල උතුම් බුද්ධ ශාසනය අතු ගා දැමීම සඳහා කරන ලද ක‍්‍රියාවන් වෙති. යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ශ‍්‍රී ලංකාව ඔරුමිත්තනාඩුවක් ලෙසට නම් කර තිබේ. ඉංග‍්‍රීසි සිංහල දෙමළ පිටපත් තුනේම එසේය. ඔරුමිත්ත නාඩුව යනු ෆෙඩරල් රාජ්‍යයකි. එසේම ශ‍්‍රී ලංකා ජනරජය

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමි කරන්නේය යන්න වෙනස් කොට ශ‍්‍රී ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමි කරන්නේය යනුවෙන් වෙනස් කර තිබේ. පුරාවස්තු ඩෝසර කරමින් දැනටමත් මේ දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් ඔරුමිත්තනාඩුව ගොඩනගමින් ඇත. ව්‍යවස්ථාව සම්මත වුවහොත් උතුරේ සහ නැගෙනහිර එකදු බෞද්ධ පුරාවස්තුවක් ඉතිරි නොවනු ඇත. එ් වෙනුවට විකෘති කරන ලද ස්ථාන මත කෝවිල් සහ මුස්ලිම් පල්ලි ඉදි වීම සිදු වනු ඇත. ඔක්තෝබර් 23 වන දා එරාවුර් කදුරුවෙල පාරේ මයිලන්ඛාවලිවල තිබෙන බෝධීන් වහන්සේ නමක් යාන්ත‍්‍රික කියත් භාවිතා කරමින් කපා ඉවත් කරලීමට මුස්ලිම් අන්තවාදීන් කටයුතු කළ ආකාරය ද අප දුටිමු. සංහිඳියාව පෙන්වා බුද්ධශාසනය සංහාරය කරන්නේ එලෙසයි.

මතුගම සෙනෙවිරුවන්



96 Viewers