• Home »
  • Sinhala »
  • ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව සිටි විශිෂ්ඨ ස්නයිපර් වෙඩික්කරුවෙක්.විශේෂ බලකා නිලධාරියෙක්.

ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව සිටි විශිෂ්ඨ ස්නයිපර් වෙඩික්කරුවෙක්.විශේෂ බලකා නිලධාරියෙක්.

සිව්වෙනි ඊලාම් යුද්ධය අරඹමින් ත්‍රස්ත්වාදීන් වසා දැමූ මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සටනෙදි පලමු විශේෂ බලකා ඇල්ෆා කන්ඩායම මෙහෙයවන්නෙ ඔහු.

සටන අතරතුර කාලතුවක්කු ප්‍රහාරයකින් තමන්ට තුවාල සිදුවුවත් ඒ බව ඉහල නිලධාරීන්ට නොදන්වා ඔහු ජයග්‍රහණය තෙක් සටන මෙහෙයවනව.විදහා පෑ විශිෂ්ඨත්වය වෙනුවෙන් ඔහු ජීවත්ව සිටියදී ලද හැකි ඉහලම සංග්‍රාමික සම්මානය වන වීර වික්‍රම විභූෂනයෙන් පිදුම් ලබනව.

හමුදාව සාම්පූර් මුදාගැනීමේ ක්‍රියාන්විතය අරඹනව.

ඔහු පලවෙනි විශේෂ බලකා ඇල්ෆා කන්ඩායමට අණදෙමින් අවධානම් විවෘත ජල තීරය තරණය කොට සාම්පූර් වෙත කඩා වදිනව.සටනේදී විදහා පෑ වීරත්වය වෙනුවෙන් ඔහු දෙවෙනි වතාවටත් වීර වික්‍රම විබූශනයෙන් පිදුම් ලබනව.

හමුදා ක්‍රියාන්විත වාකරේ දෙසට හැරෙනව.එහිදීත් ඔහු 1වන වි.බ ඇල්ෆා කන්ඩායමට අණදෙනව.අති දුශ්කර මදුරන්කේනි කුලම තරණය කර වාකරේ වෙත කඩාවැදී ත්‍රස්තයන් 150කට වඩා මරාදමන්න ඔහුගේ කණ්ඩායමට හැකිවෙනව.සටනේදී පෙන්වූ වීරත්වය වෙනුවෙන් ඔහු තෙවෙනි වතාවටත් වීරවික්‍රම විබූශනයෙක් පිදුම් ලබනව.

යුද්ධයේ අවසන් අදියරේ අම්පලාවන්පොක්කනෙයි කොටි පස් බැම්ම තරනය කර ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් කොටසක් ඔහුට පැවරෙනව.

අප්‍රේල් 19 වෙනිදා රාතී අඳුරට මුවාවූ විශේෂ බලකා සෙබලු කොටො බංකර් පෙලට කඩා වදිනව.ඒ හරහා අති වූ කපොල්ලෙන් ලක්ශ සංඛ්‍යාත සිවිල් වැසියො වැල නොකැඩී රජයේ පාලන ප්‍රදේශ වලට එන්න පටන් ගන්නව.හරියට මාවිල් ආරු සොරොව්ව ඇරියම වතුර ගැලුව වගේ.

ත්‍රස්තවාදීන් පලා යන සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නෙ මේ අතරතුර.

සිවිල් වැසියන්ගෙ ජීවිත අණතුරට ලක්වත්දි තමන් තවදුරටත් ආරක්ශිතව රැඳී සිටීම පලක් නොවන බව වටහාගත්තු ඔහු ත්‍රස්තවාදීන් දෙසට තම කණ්ඩයම මෙහෙයවන්නෙ සුදු කොඩි ලෙලවීම හරහා සිවිල් වැසියන්ට පලායායුතු මාර්ගයද පෙන්වාදෙමින්.

උදෑසන හිරු එලිය වැටෙත්ම ඔවුන් තව තවත් ත්‍රස්තවාදී ප්‍රහාරයට නිරාවරණය වෙනව.ලක්ශයකට අධික සිවිල් වැසියන් ත්‍රස්ත ග්‍රහණයෙන් මිදෙත්දි ඔහු ත්‍රස්ත ඉලක්ක වෙඩික්කරුවෙක්ගෙ ප්‍රහාරයකින් දිවි පුදනව.
..
ඔහු පලවන විශේෂ බලකායෙ කපිතාන් අජිත් ගමගේ.

දිවි පරදුව්ට තබමින් ප්‍රදර්ශනයකල වීරත්වය වෙනිවෙන් ඔහු පරම වීර විභූශනයෙන් පිදුම් ලබනව.

ඉතින් හිතන්න..ඔහු හුදු කුලී ඝාතකයෙක් පමණක් වූවානම් මෙවැනි කැපවීමක් රට වෙනුවෙන් කරාවිද?

(උපුටා ගැනීමක්)

60 Viewers