කල කම් පලදීම

එජාප ඇමති ජෝන් අමරතුංගට පිස්සු හැදීම ගැන අමුතුවෙන් පුදුම විය යුතු නැත.දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දීම යනු මෙයයි.

එදා 2002 ජනවාරියේ රනිල් වික්‍රමසිංහගේ එජාප රජයේ ප්‍රබල ඇමතිවරයෙක් වූ ඇමති ජෝන් අමරතුංග අභ්‍යන්තර කටයුතු ඇමති වශයෙන් සිටියදී ඔහුගේ ඍජු අධීක්ෂණය යටතේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ලවා මිලේනියම් සිටි හමුදා බුද්ධි අංශ මූලස්ථානය වටලා එහි සිටි නිලධාරින් කිසිදු වග විභාගයකින් තොරව අත් අඩංගුවට ගෙන මාධ්‍ය හරහා එය වාර්තා කොට එම බුද්ධි මූලස්ථානය විසුරවා හැරියා..පසුව එහි සිටි නිලධාරින් කවුදැයි කොටි ටොසී බුද්ධි අංශයට පහසුවෙන් නිරාවරණය වුනා..

ඉන්පසුව වේගයෙන් ක්‍රියාත්මක වූ කොටි බුද්ධි අංශ සහ පිස්තෝල කල්ලි රටක් වටිනා යුධ හමුදා බුද්ධි අංශ විරුවන්ව එකින් එකාව ඝාතනය කරනු ලැබුවා…
වැටලීමෙන් හරියටම දින 18කට පසු තම ගොදුරු සොයා යන LTTE පිස්තෝලකරුවන් 2002 ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිති ව ඝාතනය කරනවා. 2002 පෙබරවාරි 9වන දින ක්‌ලාරි හෙවත් ගඩාපිද, 2002 ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන්ද, 2002 දෙසැම්බර් 11වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජාද, 2003 ජනවාරි 03දින කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසාද, 2003 මාර්තු 18 දින රගුපති හෙවත් රගුද, 2003 අප්‍රේල් 13දින රංජන් හෙවත් වර්ධන්ද, 2003 අප්‍රේල් 26 දින අශෝක්‌ දේවරාජාද, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්ද, 2002 අගෝස්‌තු 14දින දේවදාස්‌ද ඝාතනය කරනවා.

ඉන් නොනැවතෙන කොටි පිස්තෝලකරුවන් 2002 දෙසැම්බර් 02 දින අයිස්‌, 2003 අප්‍රේල් 23 දින යශෝධරන්, 2003 මැයි 19 දින සූරියන්, 2003 අගෝස්‌තු 03 දින රිල්වාන්, 2003 අගෝස්‌තු 08 දින ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 දින සබාරත්නම්, 2004 ජනවාරි 31 දින යෝගරාසාද ඝාතනය කරනවා. එලෙස ඉහත දැක්වූයේ කොටින් විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමේ කිහිපදෙනෙක්.

බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන්, මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්‍රතිඵලයක්.

මෙම ඝාතන රැල්ලත් සමඟ අනාරක්ෂිත වූ කපිතාන් නිලම් ඇතුළු සාමාජිකයන් පිරිසක් විදෙස් රටවලට පලා යනවා.

ලක් ඉතිහාසයේ අපකීර්තිමත්ම යුධ හමුදා පාවාදීමට ඍජුවම පොලිසිය බාර ඇමතිවරයාව සිටි ජෝන් අමරතුංගට චෝදනා එල්ලවූ අතර එවක අගමැති රනිල් වික්‍රමසිංහද වගකිවයුත්තෙක් බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නෑ..(මේ සමය රනිල්ගේ දේශද්‍රෝහී සටන් විරාම ගිවිසුම් සමයයි..ආරක්ෂක ලේකම් කොටි නායකයන් බදා වැලඳගත් සමයයි.ප්‍රභාකරන්ට පිස්තෝල තෑගි කල සමයයි..කොටි පොලිසි,උසාවි බිහිවුනු සමයයි..ඊලාම් රාජ්‍යයය වේගයෙන් බිහිවුන සමයයි)

එවන් නින්දිත පාවා දීම් සිදුකල ජෝන් අමරතුංගලා අද මෙසේ සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්වන්නේ, උන්මත්තයන් ලෙස සමාජයට ඒත්තු ගැන්වෙන්නේ සොබාදහමට අනුව කලකම් පල දීම මිස අන් කවරක්ද?


258 Viewers