• Home »
  • Sinhala »
  • කැනඩා පාර්ලිමේන්තුව තුළ කොටි සමරති.

කැනඩා පාර්ලිමේන්තුව තුළ කොටි සමරති.

 මැයි 18 වැනිදාට කොටි ඝාතක කණ්ඩායම පරදවා දසවසරක් ගතවිය. ඊට පෙර අපේ‍්‍රල් 21 වැනි පාස්කු ඉරිදා මෙරට isis ඝාතක කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට විදේශිකයන් 45 ක් ඇතුළු 258 ක් ගොදුරු විය.

එහෙත් බි‍්‍රතාන්‍යයේ විපක්‍ෂ නායක ජෙරමි කොර්බින් නමැති කොටි ආධාරකරු – හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා සහ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය මුළුමනින්ම අමතක කළහ.

ඒ වෙනුවට ඔවුන්ට සිහිපත් වූයේ ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ කොටි සංවිධානය සහ මුල්ලිවයික්කාල් සමරුමයි. මේ සැමරුමට ඔවුහු මුල්ලිවයික්කාල් සමූල ඝාතනය යයි නම්කර තිබුණි.

යස්මින් සුකා කොටි පැරදවීමේ දසවැනි සැමරුමේදී සිය අලූත්ම මෙහෙයුම දියත් කළාය. ශ‍්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන්ට එරෙහිව යුද්ධය දියත් කළ බව දක්වමින් ඇය ලන්ඩන් නුවර වුල්පන්ස් මධ්‍යස්ථානයේදී ඡායාරූප ප‍්‍රදර්ශනයක් ආරම්භ කළේ කොටි ඩයස්පෝරාවේ සහායෙනි.

ශ‍්‍රී ලංකා වෝර් ඔෆ් සිවිලියන්ස් (Sri Lanka War on Civilians) යන තේමාව යටතේ සුකා ආරම්භ කළ මෙම නවතම මෙහෙයුමින් දක්වා තිබුණේ ශ‍්‍රී ලංකා හමුදාව – මල්ටි බැරල් රොකට් ප‍්‍රහාර රසායනික බෝම්බ සහ ඩ්‍රෝන් ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් ඝාතනය කළ බවයි.

ශ‍්‍රී ලංකා හමුදාව සතුව ප‍්‍රහාර එල්ල කළ හැකි ඩ්‍රෝන් යානා නැත. වන්නි මෙහෙයුමේදී ගුවන් හමුදාව කොටි ත‍්‍රස්තයන්ව නිරීක්‍ෂණය කිරීම සඳහා ඊශ‍්‍රායල් නිෂ්පාදිත සර්චර් ඩ්‍රෝන් යානා යොදවා තිබුණි. එහෙත් මේ ඉන්දීය සම්භවයක් ඇති කොටි කොන්ත‍්‍රාත්කාරිය වසර 10 කට පසු පැවසුවේ ඩ්‍රෝන් යානා මගින් ද්‍රවිඩ සිවිල් වැසියන්ට ප‍්‍රහාර එල්ල වූ බවයි.

එසේ වුවත් ලන්ඩන් නුවර වුල්පන්ස් ගැලරියේ පැවැත්වූ මුල්ලිවයික්කාල් සමරු ඡායාරූප ප‍්‍රදර්ශනයට ඇතුළත් කර තිබූ බොරු ඡායාරූප ගැන ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට සංග‍්‍රහ කළ බවට ප‍්‍රචාරය විය.

යස්මින් සුකාගේ ලන්ඩන් කොටි සමරුවට සමගාමීව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ද සමරු උත්සවයකට සහභාගි විය. ඔහු එහිදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය හෙළා දුටුවේ නැත. මියගිය අහිංසකයන් සැමරීමට ද උනන්දු වූයේ නැත.

ධවල මන්දිරයේ හිටපු කතා රචක ඬේවිඞ් ප්‍රොම්ගේ ප‍්‍රකාශය සනාථ කරමින් කොර්බින් කොටින්ව සාදරයෙන් පිළිගත්තේය.

ලේබර් පක්‍ෂ ආණ්ඩුවක් යටතේ උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් දීමත් යුද අපරාධ සිදුකළවුන්ට දඬුවම් දීමටත් කි‍්‍රයාකරන බවත් ඔහු කියා සිටියේය. ජෙරමි කොර්බින් ත‍්‍රස්තවාදීන්ගේ ආධාරකරුවෙකි. මෙයට වසර ගණනකට පෙර ජර්මනියේ මියුනිච් නුවර ඔලිම්පික් ක‍්‍රීඩා සංකීර්ණයේදී පලස්තීන ත‍්‍රස්තවාදීන් විසින් ඊශ‍්‍රායල් ඔලිම්පික් ක‍්‍රීඩක කණ්ඩායම ඝාතනය කළ අතර එම ඝාතනය මෙහෙයවූ ත‍්‍රස්ත නායකයා ඊශ‍්‍රායලය විසින් පසුව මරාදමනු ලැබීය. ඔහුගේ සිරුර ටියුනිසියාවේ මිහිදන් කරනු ලැබීය. ජෙරමි කොර්බින් ටියුනීසියාවට ගිය ගමනේදී එම ත‍්‍රස්තයාගේ සිරුරට ආචාර කර තිබේ.

arakshawa2

මෙලෙස ත‍්‍රස්තවාදීන්ට ආචාර කළ ලේබර් පක්‍ෂ නායකයා කොටි ත‍්‍රස්තයන්ට පක්‍ෂපාතී වීම පුදුමයක් නොවේ.

ඔහුට සමගාමීව බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රිනී තෙරේසා විලර් ද මුල්ලිවයික්කාල් සමරුවට සහාය දක්වා ඇත.

මුල්ලිවයික්කාල්හිදී ළමුන් කාන්තාවන් ඇතුළු 10000 සිට 100,000 පිරිසක් මරුමුවට පත්වූ බව පැවසූ තෙරේසා විලර්ස් මේ දක්වාම එම සිද්ධිය ගැන වගකිවයුතු කිසිදු හමුදා නිලධාරියකු අධිකරණය වෙත ගෙනඒමට ශ‍්‍රී ලංකා රජය කි‍්‍රයාකර නැතැයි ද කියා සිටියාය.

එසේම මුල්ලිවයික්කාල් සිදුවීම යුද අපරාධ බවද විලර්ස් තවදුරටත් සඳහන් කළාය.

එහෙත් ඇය බි‍්‍රතාන්‍ය සෙබළුන්ට එරෙහිව ඉදිරිපත්වී ඇති යුද අපරාධ චෝදනා ගැන මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. එසේ වුවත් බි‍්‍රතාන්‍යයේ නව ආරක්‍ෂක ලේකම්වරිය වූ පෙනී මෝඩවුන්ට් මෙම සතියේදී පැවසුවේ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේදී සිදුවූ යුධ මෙහෙයුම් වලදී අපරාධ සිදුකළ බි‍්‍රතාන්‍ය භටයන්ට සමාව දීමට තමා කි‍්‍රයාකරන බවයි.

arakshawa3  මේ පසුබිම මැද තෙරේසා විලර්ස් ද පාස්කු ඉරිදා ප‍්‍රහාරය හෙළා දැකීමට හෝ අයිසිස් ත‍්‍රස්තයන් මර්දනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට සහය විය යුතු බවට පැවසුවේ නැත. මේ නිසා ශ‍්‍රී ලංකාව අද විදේශිකයන්ගේ පාරාදීසියක් බවට පත්වී තිබේ. රජය පසුගියදා ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් සංවිධානයේ ප‍්‍රධානි ඇලන් කීනන් සහ ඡායාරූප ශිල්පී ඬේවිඞ් සී ලොයිට මෙරටට ඒමට ඉඩදී තිබුණි. මොවුන් යුද සමය පැවැති උතුරේ ප‍්‍රදේශවලට ගොස් ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව සාක්කි ලබාගැනීමට කි‍්‍රයාකළහ.

මේ හැර පාස්කු ඉරිදා අයිසිස් මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ලවීමෙන් පසු එම ප‍්‍රහාරය ගැන සජීවී ප‍්‍රචාර ගෙන ඒමට විදේශ රූපවාහිනි සේවාවකට ද ඉඩ ලැබුණි.

ඉන්දියාවේ මුම්බායිහි ටජ් හෝටලයට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සජීවී ලෙස විකාශනය කිරීමට ඉඩ ලැබීමෙන් ත‍්‍රස්තවාදී ආධාරකරුවන්ට එම ප‍්‍රහාරයට අදාළ තොරතුරු දැනගැනීමට හැකිවිය. සජීවී රූපවාහිනී ප‍්‍රචාර වලට ඉඩදීමෙන් ප‍්‍රහාරයට සම්බන්ධවූවන්ට පැන යාමට ඉඩ ලැබෙන බව ඉන්දීය බලධාරීන්ට පසුව අවබෝධ විය.

එහෙත් ශ‍්‍රී ලංකාව පාඩම් ඉගෙනගෙන නැත. මේ අතර මුල්ලිවයික්කාල් සමූහ ඝාතනය මැයෙන් රැස්වීමක් කැනඩා පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබීය. මෙම රැස්වීමට මුලතිව් රෝහලේ හිටපු වෛද්‍ය වර්ධරාජා ද පැමිණ සිටියේය. කොටි හිතවාදී මන්ත‍්‍රී ගැරි ආනන්ද සංගරීගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීමේදී කැලම් මැක්රේ හෙවත් චැනල් ෆෝ අධ්‍යක්‍ෂකවරයා නිර්මාණය කළ වසර 10 කට පසු යුක්තිය සෙවීම නැමැති චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කෙරුණි. කැනඩා පාර්ලිමේන්තු උපදේශකයන් ද සහභාගි වූ මෙම මුල්ලිවයික්කාල් සමරුවේදී ශ‍්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල විය. මෙම සමරුවට පැමිණි මුලතිව් රෝහලේ හිටපු වෛද්‍ය වර්ධරාජාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වෙත ගෙන ආවේ කැලම් මැක්රේ බව අපි දුටුවෙමු.

තමාට ඇමරිකාව දේශපාලන රැකවරණ දුන් බව වෛද්‍ය වර්ධරාජා ජිනීවාහිදී කියා සිටියේය.

මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් ශ‍්‍රී ලංකාවට එරෙහිව කැනඩා පාර්ලිමේන්තුවේදී කොටි ත‍්‍රස්තයන් වෙනුවෙන් හඬ නැඟීමට ඉඩදී සිටීමයි. මේ තත්ත්වය මත ටොරොන්ටෝ නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊට ප‍්‍රතිචාර නොදැක්වීම මවිතයකි. කැනඩා පාර්ලිමේන්තුවේදී පැවැති මුල්ලිවයික්කාල් සමරුවට කේ. කන්දසාමි නමැති වෛද්‍යවරියක් ද පැමිණ සිටියාය. ඇයද මුලතිව් රෝහලේ සේවය කළ තැනැත්තියක් බව වාර්තා විය.

arakshawa4

මේ පසුබිම මැද මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තානාපතිවරු මහජන මුදල් ගිල දමන පිරිසක් බවට සනාථ විය. ආරංචි මාර්ග දක්වන අන්දමට පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවී මේ වනවිට මසක් ගතවී ඇතත් පාස්කුඉරිදා අන්තවාදී මුස්ලිම් කණ්ඩායමේ ප‍්‍රහාර ගැන විදේශ රටවලට වාර්තාවක් යැවීමට විදේශ කටයුතු බලධාරීන් කි‍්‍රයාකර නැත. මෙය රටේ අරාජික තත්ත්වය තහවුරු කරන්නකි. මේ අතර බි‍්‍රතාන්‍ය විපක්‍ෂ නායක කොර්බින් ලන්ඩන් නුවර පැවැති යස්මින් සුකාගේ මුල්ලිවයික්කාල් ඡායාරූප ප‍්‍රදර්ශනය ද විවෘත කරනු ලැබීය. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සිද්ධිය අන්තර්ජාතික අධිකරණයට යොමුකළ යුතු බවයි. එසේම මෑතකදී ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහි කැරළි වලට සම්බන්ධවූවන් ගැන සාක්කි එකතුකළ යුතු බවත් බි‍්‍රතාන්‍යයේ පුහුණුව ලැබූවන් පිරිසක් ඊට සම්බන්ධ නම් ඔවුන් ද නීතිය හමුවට ගෙන ආ යුතු බවත් කොර්බින් පවසා තිබේ.

එහෙත් වයඹ පළාතේ සිදුවීම්වලදී සිංහල වෙළෙඳසල්ද ගිනි තබා විනාශ කර ඇති බව කොර්බින් පැවැසුවේ නැත.

මේ අතර එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා සහ ජර්මනියේ සිටින කොටි හිතවාදියකු වූ රෝහිත භාෂණ අබේවර්ධන නැමැත්තා පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු නිවාස, ගොඩනැඟිලි සහ වෙනත් ස්ථාන පරීක්‍ෂා කිරීම සඳහා රජය කැඳවා ඇත්තේ 2009 වන්නි මෙහෙයුමේදී යුද්ධ අපරාධ සිදුකළ හමුදා නිලධාරීන් බවට දක්වමින් පිටු 33 ක හදිසි වාර්තාවක් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත විකාශනය කළේය. රජයේ ආරක්‍ෂක කටයුතු භාරව මේජර් ජෙනරාල් සත්‍යපි‍්‍රය ලියනගේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, මේජර් ජෙනරාල් විජිත රත්නපි‍්‍රය, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, මේජර් ජෙනරාල් දුෂාන්ත රාජගුරු, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන නිලධාරීන් ආරක්‍ෂක කටයුතු සඳහා පත්කර ඇති බව එම වාර්තාවේ දක්වා තිබේ. මෙයට අමතරව අම්පාර ප‍්‍රදේශය සඳහා මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ මේජර් ජනරාල් ලක්සිරි වඩුගේ ද පත්කර ඇතැයි සුකා සහ භාෂණ අබේවර්ධනගේ වාර්තාවේ දක්වා තිබේ. මින් කොටින්ගේ දේදුන්න පුවත්පත සංස්කරණය කළේ අබේවර්ධන නැමැත්තාය. කොටි සමග එක්ව කොළඹ බණ්ඩාරනායක මාවතේ කාර්යාලයක් පවත්වාගෙන ගිය අබේවර්ධන ත‍්‍රස්ත මර්දන ඒකකයට හමුනොවී ජර්මනියට පැන ගියේය.

සුකාගේ සහ අබේවර්ධන කොටි හිතවාදියාගේ වාර්තාවෙන් එම හමුදා නිලධාරින් සියලූදෙනාටම යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

මෙම වාර්තාවේ දක්වා ඇති චෝදනා අතර කොටින්ගේ ඉරනමඩු ගුවන් ධාවන පථය අල්ලා ගැනීමට සත්‍යපි‍්‍රය ලියනගේ සහ සුබාෂණ වැලිකල යන නිලධාරීන් කි‍්‍රයාකිරීම ද වරදක් ලෙස දක්වා ඇත.

පසුගියදා වයඹ පළාතේ සිදුවූ කලහකාරී සිද්ධිවලට හමුදා සෙබළෙක් සම්බන්ධ බවට වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය වෙත මුදාහැරියේ ද මෙම ජේඞීඑස් සංවිධානයයි.

මේ පිළිබඳව හමුදාව කළ විමර්ශනයේදී එම සෙබළා තම අවිය රඳවා ඇති පටිය සකස් කරන බව සනාථ විය. මේ අතර ලන්ඩන් නුවර මුල්ලිවයිකාල් සමූල ඝාතනය යන තේමාව යටතේ කොටි ඩයස්පෝරාව පැවැත්වූ සමරු රැස්වීමට කොටි හිතවාදී මන්ත‍්‍රීවරු කීපදෙනෙක්ම සහභාගි වී සාවද්‍ය ප‍්‍රකාශ කළහ. එඞී. ඬේව් නමැති මන්ත‍්‍රීවරයා මෙසේ පැවැසීය

‘‘සිවිල් වැසියන් – කාන්තාවන් සහ ළමුන්ට මුහුදු වෙරළට යන ලෙස පැවසුවා. ඉන්පසු ඔවුන්ට බෝම්බ දැම්මා මෙය සිදුකළ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි.. මුල්ලිවයික්කාල් සමරු

රැස්වීම ඇමතූ බැට්බොප් චරලට්ටවුන්, පෝල්ස්කලී යන මන්ත‍්‍රීවරු දෙදෙනාම වන්නි මෙහෙයුම සියැසින් දුටුවාක් මෙන් බොරු ප‍්‍රකාශ කළහ.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ද කොටි හිතවාදියෙකි. ඔහුගේ සමීපතම උපදේශක ලෙස කටයුතු කරන්නේ කොටි හිතවාදී මන්ත‍්‍රී ගැරි ආනන්දසංගරීය. 2009 යුද්ධයේ අවසාන අදියරේ සහ ගතවූ වසර 26 තුළ දසදහස් ගණනක් ජනතාව මියගිය අතර තවත් විශාල පිරිසක් අතුරුදන්වූ බව ඔහු නිවේදනයක් ප‍්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වගවීමේ කි‍්‍රයාවලියක් කි‍්‍රයාත්මක කළ යුතු බව කැනඩා අගමැතිවරයා තවදුරටත් පළ කළේය.

මෙලෙස වසර 10 කට පසුත් ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව බි‍්‍රතාන්‍ය සහ කැනඩා දේශපාලකයන් යුද අපරාධ චෝදනා එල්ල කරද්දී ඉන්දියාව සිය හමුදා සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට ඉඩ දුන්නේ නැත.

ජම්බු කාශ්මීරයේදී ආරක්‍ෂක හමුදා විසින් මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ඉදිරිපත් කළ වාර්තාව පිළිගැනීමද ප‍්‍රතික්‍ෂේප කළ ඉන්දියාව එම වාර්තාවට ප‍්‍රතිචාර දක්වන්නේ නැති බව කියා සිටියේය. එහෙත් මෙරට සිදුවී ඇත්තේ එක්සත්ජාතීන්ගේ වාර්තා පිළිගැනීමයි.

මේ අතර ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර සෝෆා (Sofa) නමින් ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබුණි. මේ ආරක්‍ෂක ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට විදේශ ඇමැති තිලක් මාරපන ඇතුළු දූත පිරිසක් පසුගියදා ඇමරිකාවට ගියහ. 2013 වසරේ මැයි මාසයේදී ඇමරිකාව මෙම සෝපා ගිවිසුම අත්සන් කරන ලෙස මාලදිවයින් රජයෙන් ඉල්ලා තිබුණි. ගිවිසුමේ පිටපතක් මාලදිවයිනේ සිනිවේසිට්ටේ වෙබ් අඩවියේ පළවීමෙන් ඇමරිකානුවන් දූපත් 1192 කින් යුත් මාලදිවයිනේ ඇමරිකානු හමුදා කඳවුරු කීපයක් ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති බව තහවුරු විය. මෙම ගිවිසුමේ දක්වා ඇත්තේ ඇමරිකානු භටයන්ට කිසිදු විමර්ශනයකින් තොරව මාලදිවයිනේ ස්ථානගතවීමටත් ඔවුන්ට තානාපති මුක්තිය හිමිවිය යුතු බවයි.

මාලදිවයින සමඟ ආරක්‍ෂක ගිවිසුමක් ඇතිකරගැනීමේ මුවාවෙන් ඇමරිකාව යෝජනා කළ සෝෆා ආරක්‍ෂක ගිවිසුම සහ ශ‍්‍රී ලංකාවට යෝජනා කර ඇති ආරක්‍ෂක ගිවිසුමද එක සමානය.

එහෙත් ඇමරිකානු හමුදා සහ ඉන්දියාව අතර මලබාර් යුද අභ්‍යාස පැවැත්වීමට එකඟවෙද්දී ඇමරිකානු හමුදා භටයන්ට තානාපති මුක්තිය ලබාදීම ඉන්දීය රජය ප‍්‍රතික්‍ෂේප කළේය.

එසේ වුවත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මුවාවී ඇමරිකාව සෝෆා ගිවිසුම මෙරටට යොමු කළේය. මේ ආන්දෝලනාත්මක ගිවිසුම ගැන මෙරට ජනතාව නොදනී. රටේ ජනතාව ළමුන් ආරක්‍ෂා සහිතව පාසල් යැවීම සහ තව්හිද් ජමාත් අන්තවාදීන්ගේ ප‍්‍රහාර තවදුරටත් එල්ලවේද යන්න ගැන සැකෙන් බලාසිටියත් සෝෆා ගිවිසුම අත්සන් කිරීම කෙරේ රජයේ අවධානය යොමුවිය.

මෙම ගිවිසුම යටතේ මෙරටට එන ඇමරිකානු හමුදා අපරාධ සිදුකළහොත් ඔවුන්ට එරෙහිව කි‍්‍රයාකළ නොහැක. ඒ තානාපති මුක්තිය නිසාය. එසේම ඇමරිකානු හමුදා ගෙනඑන භාණ්ඩ පරීක්‍ෂා කළ නොහැකිය. එම භාණ්ඩවලට බදු අයකිරීම ද සිදුනොවේ. මේ ගිවිසුමට හමුදාපතිවරයා විරෝධය පා තිබේ. තම හමුදා භටයන්ට තානාපති මුක්තිය ලබාදෙන ලෙස ඉල්ලා සිටින ඇමරිකාව මෙරට හමුදා නිලධාරින්ට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා එම නිලධාරීන්ට ඇති මුක්තිය ඉවත්කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත. මේ පසුබිම මැද නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාට ද චෝදනා එල්ල විය. 2019 ජනවාරි මස ඔහු මෙලෙස ප‍්‍රකාශ කර තිබුණි.

‘‘අන්තවාදී කණ්ඩායම් නැගෙනහිර නැතැයි මා කියන්නේ නැත. කණ්ඩායම් සුළු ප‍්‍රමාණයක් තිබෙනවා. අපේ සමහර ළමයි අන්තවාදයට යොමුවෙලා. ඔවුන් තත්ත්වය තේරුම් ගෙන ප‍්‍රදේශයේ සමගිය ඇති කිරීමට කි‍්‍රයාකරන බව කිව හැකියි. මෙතනදී අපේ ළමයි යයි කියන්නේ සියළුම වගේ ළමයි ඒ මුස්ලිම් ළමයි සහ ද්‍රවිඩ ළමයි. නැගෙනහිර වෙරළාසන්න දිස්ත‍්‍රික්කවලට වෙනම පරිපාලනයක් ලබාදීම සාධාරණ ඉල්ලීමක්. අනාගතයේදී අර්බුද ඇති නොවන ලෙස කටයුතු කිරීම සඳහා අපි එම ළමයින්ට උගන්වනවා.

(Some of Ourboys have turned into extremists)

මේ තත්ත්වය මත තව්හිද් ජමාත් බෝම්බකරුවන් හිස්බුල්ලා කියන අපේ ළමයිද? මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු හමුදාව සිදුකළ මෙහෙයුම් වලද පැන්ටම් කුවාඞ්කොප්ටර් ඩ්‍රෝන යානාවක් මෙන්ම අම්පාරේ නිවසක තිබී නාවික හමුදාවටත් නැති සිබොබ් නමින් හඳුන්වන මුහුද යටින් යා හැකි යාත‍්‍රා තුනක් හමුවිය. මේ ෆැන්ටම් ඩ්‍රෝන් විශේෂය අයිසිස් සංවිධානය විසින් සිරියාව සහ ඉරාකයේදී ප‍්‍රහාර එල්ල කිරීමට යොදාගෙන තිබුණි. මෙලෙස ඩ්‍රෝන යානාවක් සහ මුහුද යටින් යාහැකි මෙරටට ගෙන ඒමට ඉඩ ලැබුණේ කෙසේද? ඒ බලගතු මුස්ලිම් දේශපාලන ජාලය නිසාය. මේ අතර මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ අධිබල බෝම්බ එකලස් කර ඇත්තේ විදේශීය අයිසිස් බෝම්බ විශේෂඥයකු බව සනාථ වී ඇත. මෙවැනි බෝම්බ යූටියුබ් බලා නිපදවිය නොහැකි බව පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයෙක් පැවැසීය.

keerthi



83 Viewers