• Home »
  • Sinhala »
  • කොටි ඩයස්පෝරාවෙන් බොරු සාක්ෂි 4000ක් – මානව හිමිකම් කවුන්සිලයේ තීන්දුව නොවැම්බරයේ

කොටි ඩයස්පෝරාවෙන් බොරු සාක්ෂි 4000ක් – මානව හිමිකම් කවුන්සිලයේ තීන්දුව නොවැම්බරයේ

gslf

ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනාකරමින් ඇමරිකානු රජය ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව යොමුකළේ නිකිහේලි පැවැසූ අසූචි වළටය. මේ අසූචිවළට යොමුකළ යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදීමට කි‍්‍රයාකළේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීරයි. එහෙත් ඔහු ඊට පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ එකඟතාවය ලබාගත්තේ නැත. ශ‍්‍රී ලංකාව තම හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා පිලිගනිමින් සම අනුග‍්‍රහය ලබාදීම ගැන වඩාත්ම ප‍්‍රමෝදයට පත්වූයේ කොටි ඩයස්පෝරාවයි.

සමරවීර සහ එජාප රජයේ හිටපු ආරක්‍ෂක ලේකම් ද ලන්ඩන් නුවරදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රධානි එමානුවෙල් පියනම සමඟ දිවා භෝජන සංග‍්‍රහයකට ද සහභාගි විය.

මේ පසුබිම මැද ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය ජිනීවා යෝජනාවට අභියෝග කරමින් පිටු 27 ක පැමිණිල්ලක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැමිණිලි කි‍්‍රයාපරිපාටිය මත ඉදිරිපත් කරනු ලැබුවේ 2018 මාර්තු 15 දායි.

රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ආචාර්ය ගුණදාස අමරසේකර එම පැමිණිල්ලේ පැමිණිලිකරුවෝ වූහ.

මේ පැමිණිල්ල කෙටුම්පත් කළේ නීතිඥ දර්ශන වීරසේකරයි.

මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ට ද ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල්වලට සහ රාජ්‍ය නොවන සංවිධානවලටද, ශ‍්‍රී ලංකාවට එරෙහිව දරුස්මාන් වාර්තාව කෙටුම්පත් කළ මර්සුකි දරුස්මාන් සහ යස්මින් සුකාට ද අභියෝග කරමින් ඉදිරිපත් කළ මේ පැමිණිල්ල ගැන විශේෂයෙන් හෙළිදරව් කරනු ලැබුවේ දිවයින සහ ඉරිදා දිවයින යි.

ඒ වනවිට යහපාලන රජය ජිනීවා යෝජනාව ගැන ජනතාවට කරුණු දැක්වූයේ ජිනීවා යෝජනාව මගින් හමුදාවට එල්ල වී තිබූ යුද අපරාධ චෝදනා ඉවත් වූ බවයි. එහෙත් සත්‍යය වසන් කළ හැකිද? ජිනීවා යෝජනාවට රජය සමඅනුග‍්‍රහය ලබාදීම ගැන ජනාධිපති කාර්යාලයේ සිටින හිටපු රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරික කණ්ඩායමේ කි‍්‍රයාකාරියෙක් ජිනීවා යෝජනාවේ ඇත්ත තත්ත්වය වසන් කිරීමට උත්සාහ කළේය. එසේ වුවත් දැන් ඇත්ත අනාවරණය වී තිබේ.

gslf_2
අද අප හෙළිකරන්නේ 39 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සිදුවූ කි‍්‍රයාකාරකම්ය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ආචාර්ය ගුණදාස අමරසේකර ඉදිරිපත් කළ පැමිණිල්ලේ මෙලෙස සඳහන් කර තිබුණි.

  1. ජාත්‍යන්තර යෝජනාවකට එකඟවිය හැක්කේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිට පමණකි.
  2. ශ‍්‍රී ලංකාවේ හමුදා සෙබළුන්ට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට විශේෂ අධිකරණ ස්ථාපිත කිරීමට ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම අනුමැතිය දී ඇත. ඊට ඔවුන්ට බලයක් නැත.
  3. විශේෂ අධිකරණ ස්ථාපිත කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රතිශෝධනයට ලක්කිරීම.
  4. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නම් ජනතාවගේ කැමැත්ත දැනගැනීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතුය.
  5. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය බලපෑම් කිරීම යනු ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමකි.

එසේම යුද අපරාධ චෝදනාවලට පසුබිම් වූ කරුණු ද පැමිණිල්ලේ දක්වා තිබුණි. 2009 මැයි 19 දා ශ‍්‍රී ලංකා හමුදාව කොටි සංවිධානය පරාජය කිරීමත් සමඟම ජර්මනිය ප‍්‍රමුඛ රටවල් 17 ක් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් ඉල්ලමින් වන්නි මෙහෙයුමේ අවසන් සතියේදී යුද අපරාධ සිදුවූ බව දක්වමින් ඒ ගැන විමර්ශනය කළ යුතු බව කියා සිටියේය.

ස්විට්සර්ලන්තයේ සිටින ජර්මන් තානාපතිවරයා පසුපස යන කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරින් එදා අපට දැකගත හැකියි.

එදා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් හඬ නැඟීමට විවිධ පාර්ශව පැමිණ සිටියේ නැත. ජර්මනියේ එම ද්‍රෝහී කි‍්‍රයාව ගැන හඬ නැඟීමට ශ‍්‍රී ලංකාවේ කිසිවෙක් පුවත්පත් වලට ප‍්‍රකාශ කිරීමට ඉදිරිපත් වීමක් ද නොවුනි.

2009 මැයි 26 සහ 27 යන දිනවල මානව හිමිකම් කවුන්සිලයේදී විශේෂ සැසිවාරයක් ආරම්භ වූ අතර යුද අපරාධ චෝදනා ගැන වගවීමේ කි‍්‍රයාදාමයක් ආරම්භ කරන ලෙස ජර්මනිය ප‍්‍රමුඛ කල්ලිය මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා සිටියහ.

එහෙත් ජර්මනිය ප‍්‍රමුඛ කල්ලියට අභියෝග කරමින් දෙවැනි යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඊට රටවල් 29 ක් එකඟ විය. ජර්මනිය ප‍්‍රමුඛ කල්ලියේ යෝජනාවට එකඟවූයේ රටවල් 12 ක් පමණකි. රටවල් 6 ක් ඡුන්දය දීමෙන් වැළකී සිටියේය.

ශ‍්‍රී ලංකාවට පක්‍ෂපාතීව ඉදිරිපත්වූ යෝජනාවේ සඳහන් වූයේ කොටි සංවිධානය පරදවා සිවිල් වැසියන් බේරාගැනීම ගැන ප‍්‍රසාදය පළවීමයි.
එහෙත් බටහිර රටවල බලපෑම මත හිටපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් තමාගේ දැනගැනීම සඳහා යයි දක්වමින් විශේෂඥයන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කළේය. ඊට ඉන්දුනීසියානු හිටපු නීතිපති මර්සුකි දරුස්මාන් සහ දකුණු අපි‍්‍රකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙයවන යස්මින් සුකා ද ඇතුලත් විය.

දරුස්මාන් තම විමර්ශන වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීමට පෙර එහි තොරතුරු කොටි ඩයස්පෝරාවට හෙළිවිය. බොරු සාක්කිකරුවන් 4000 ක් එම විමර්ශන වාර්තාව හමුවේ සාක්කි දෙනු ලැබීය. එම තොරතුරු මෙරට මාධ්‍ය අතරින් විශේෂයෙන් හෙළිකළේ දිවයින ඉරිදා සංග‍්‍රහය ආරක්‍ෂක විශේෂාංගයෙනි.

තමාගේ දැනගැනීමට පත්කළ බව බෑන්කී මුන් පැවැසූ කමිටුව සිය වාර්තාව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත යොමු කළේය. අවසානයේදී මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ද සිය වාර්තාව ප‍්‍රකාශයට පත්කර ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් ඝාතනය වූ බවට සඳහන් වූ දරුස්මාන් වාර්තාව පිළිගනු ලැබීය.

එසේ වූවත් සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාවට එවකට සිටි රාජපක්‍ෂ රජය අභියෝග කළේ නැත. එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිටි දේශපාලන බලවතෙක් ඩොලර් මිලියන ගණනක් ඇමරිකානු මහජන සබඳතා සමාගමකට ලබාදී ජිනීවා යුද අපරාධ චෝදනා වසන් කර ගැනීමට ගත් උත්සාහය එතැනම ව්‍යාර්ථ විය. ඇමරිකාව ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරද්දී ඇමරිකානු සමාගමකට එම චෝදනා අහෝසි කළ හැකිද?

එහෙත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය තම රණවිරුවන් රැකගැනීමේ අරමුණින් එම යෝජනාව අනුමත කිරීම නීති විරෝධී බව දක්වමින් මානව හිමිකම් කවුන්සිලයේ පැමිණිලි කි‍්‍රයාපරිපාටිය මත අභියෝග කළේය.

එහිදී පැමිණිල්ලේ ප‍්‍රධාන තර්කය වූයේ 301 ජිනීවා යෝජනාව සාකච්ඡුාවකින් සහ විවාදයකින් තොරව මෙන්ම ජන්ද විමසීමක් නැතිව අනුමත වී ඇති බවයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ජිනීවා යෝජනාව ඉදිරිපත්වීමට පෙර එනම් 2014 මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දීය තානාපති දිලිප් සිං ප‍්‍රකාශයක් කරමින් ශ‍්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර විමර්ශනයක් අනුමත කිරීම යනු ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවතක්සේරු කිරීමක් යයි කියා සිටියේය.

එසේම පාකිස්තාන් තානාපති සමිර් කාන් පැවසුවේ එවන් ජාත්‍යන්තර විමර්ශනයක් අනුමත කිරීම දේශපාලන කි‍්‍රයාවක් මිස මානව හිමිකම් ආරක්‍ෂා කිරීමක් නොවන බවයි.

මෙවන් පසුබිමක් මැද තම රටේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගනිමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහකත්වය දැක්වීම පාරාවළල්ලක් විය.

මෙලෙස ජිනීවා යෝජනාවට අභියෝග කරමින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ කරුණු බි‍්‍රතාන්‍යයේ රාජනීතිඥ ජෙප්රි නයිස් අනුමත කරනු ලැබීය.

මෙවන් පැමිණිල්ලක් මෙරට කිසිදු පාර්ශ්වයක් මේ වනතුරු ඉදිරිපත් කර නොතිබුණි.

ජිනීවා මානව හිමිකම් 39 වැනි සැසිවාරය පැවැත්වෙන අතරේ නීතිඥ දර්ශන වීරසේකර මානව හිමිකම් බලධාරීන් හමුවී පැමිණිල්ල සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිචාරය කුමක්දැයි විමසා සිටියේය. එහිදී මානව හිමිකම් බලධාරීන් පැවැසුවේ ලබන නොවැම්බරයේදී එම පැමිණිල්ල ගැන තීන්දුවක් ලබාදෙන බවයි.

මෙම තීන්දුව ගැන පසුගිය ඉරිදා දිවයින ප‍්‍රධාන පුවතින් විශේෂයෙන් අනාවරණය කෙරුණි. එසේම පසුගිය සැප්තැම්බර් 21 දා සවස රියර් අද්මිරාල් සරත් වීරසේකර, සුනිල් චන්ද්‍රකුමාර සහ ඊශ‍්‍රායලයේ ජනෙත් විමල මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් පිළිබඳ ආසියානු කලාපීය බලධාරියා වූ තෝමස් හයිනෙකර් හමුවී මානව හිමිකම් කොමසාරිස්ව සිටි සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාවට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලේ ප‍්‍රගතිය විමසා සිටියේය.

මෙම සාකච්ඡුාව කොටි ඩයස්පෝරවේ ආධාරකරුවකු වූ ඬේවිඞ් වෙහෙලි සහ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරින්ට වසන්වී තිබුණි. එම සාකච්ඡුාවේදී තෝමස් හයිනෙකර් පැවසුවේ ඉදිරිපත්වූ පැමිණිල්ලේ කරුණු විමර්ශනයට ලක්වී ඇති බවයි.

මේ අතර ජිනීවාහි සිදුවන ද්‍රෝහී කි‍්‍රයා යහපාලන රජයට වසන් වී තිබිණි. ඒ අතුරුදන් වූවන්ගේ කොමසාරිස්වරයකු ලෙස වැටුප් ලබන නිමල්කා ප‍්‍රනාන්දු නමැති රාජ්‍ය නොවන සංවිධාන නායිකාවගේ ඉමාඩර් සංවිධානය 30/1 ජිනීවා යෝජනාවට රජයේ ඉහළ පෙළේ බලධාරීන් විසින් අවතක්සේරුවකට ලක්කර ඇති බවත් ශ‍්‍රී ලංකා රජය සංක‍්‍රාන්ති යාන්ත‍්‍රණය ආරම්භ කර නැති බවට ද මානව හිමිකම් සමුළුව හමුවේ ප‍්‍රකාශ කරනු ලැබීය. මේ ප‍්‍රකාශය කළේ මයිසුකේ කොටම්පු නමැති ජපන් ජාතිකයෙකි. මෙලෙස ශ‍්‍රී ලංකා රජයෙන් වැටුප් ලබන තැනැත්තියක් මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධානයකට ශ‍්‍රී ලංකාවට එරෙහිව ප‍්‍රකාශ කළ හැකිද? එහෙත් ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිවෙක් මෙවන් ද්‍රෝහී ප‍්‍රකාශ ගැන නිරීක්‍ෂණය කළේ නැත. එසේම තානාපති කාර්යාලයේ කිසිදු ඉහළ පෙලේ නිලධාරියකු 39 වැනි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වූයේ නැත. මේ පසුබිම මැද රියර් අද්මිරාල් සරත් වීරසේකරට තනිවම ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලා සිටියේය.

ශ‍්‍රී ලංකා තානාපති සමඟ පැවැති සාකච්ඡුාවේදී රියර් අද්මිරාල්වරයා මානව හිමිකම් සැසිවාරය තුළදී කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් අභූත චෝදනා එල්ල කරන බවත් ඊට එරෙහිව තානාපති කාර්යාලයේ ප‍්‍රතිචාරයක් නැති බවත් කීවේය.

ඊට ප‍්‍රතිචාරය දැක්වූ තානාපතිවරයා තමා ඒ ගැන විදේශ කටයුතු බලධාරීන්ට දැනුම් දෙන බවද පළ කළේය.

මේ ජිනීවා තානාතිවරයා වසර කිහිපයකට පෙර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලේකම්වරයකු ලෙස සේවය කළේය. එහෙත් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට එල්ලවන බොරු චෝදනා ගැන කිසිම විමර්ශනයක් කරන්නේ නැත. එහෙත් ශ‍්‍රී ලංකාවේ යහපත උදෙසා ජිනීවාහිදී කොටි කි‍්‍රයාකාරීන් සිදුකරන ද්‍රෝහී කි‍්‍රයා ගැන අපි 2002 සිටම විමර්ශනය කළෙමු.

ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය සමග එක්ව කි‍්‍රයාකරන තුර්කි මහාචාර්ය මෙහමට් සුක්රු හා ගුසෙල්ට කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරින් විසින් වරක් තර්ජනය කරනු ලැබීය.

එම තර්ජනය හමුවේ තුර්කි මහාචාර්යවරයා සැලූණේ නැත. ඉන්පසු කොටි ඩයස්පෝරාව යොමුවූයේ මොරිෂියස් තානාපති කාර්යාලයේ ඉහළම පෙළේ නිලධාරියකු වෙතය. මේ තානාපති නිලධාරියා කවුදැයි අපි සොයා ගත්තෙමු. ඔහු නියෝජ්‍ය තානාපති සුකුන්ය.

keerthi

103 Viewers