• Home »
  • Sinhala »
  • කොටි ඩයස්පෝරාව මත යැපෙන ජිනීවා මානව හිමිකම් සංවිධානය

කොටි ඩයස්පෝරාව මත යැපෙන ජිනීවා මානව හිමිකම් සංවිධානය

(Courtesy of Lankacvoice.com)
gslf2
ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමේදී ජිනීවා මානව හිමිකම් සංවිධානය හා එහි මහ කොමසාරිස්වරිය මෙ වන විට බලවත් වීඇති බවත් එසේ බලවත් වීමට බෙදුම්වාදී ත්‍රස්තවාදයට උදව් කරන කොටි ඩයස්පෝරා‍වේ සහය සහ බලපෑම ඔවුන්ට ඇති වන නිසා බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ බ්‍රිතාන්‍ය ශාඛාවේ ලේකම් ජේරාජ් පලිහවඩන මහතා පවසයි. මෙවැනි ආකාරයෙන් මානව හිමිකම් කොමිසම කටයුතු කරනවිට මෙම සිදුවීම් යට මුදල් හුවමාරු වනවා දැයි සැකයක් ඇති වන බවද පලිහවඩන මහතා සදහන් කලේය.

ඒ මහතා මෙම අදහස් පලකරනු ලැබුවේ ජිනීවා මානව හිමිකම් කොමිසමට එරෙහිව මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට දී මාර්තු 17 දින පැවැත්වූ උද්ඝෝෂණයට එක් වෙමිණි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට බලපාන විනාශකාරී බලවේග වලට එරෙහිව කටයුතු කිරීමට සූදානම් විය යුතු බවය.

එමෙන්ම මෙලෙස ලොව පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් එක් කරමින් ගෝලීය සංසදය ඇතුලු අනෙකුත් සියලුම සංවිධාන එකට එකතු කර මෙම විරෝධතා සංවිධානය කිරීම හා එයට නායකත්වය දීම පිලිබදව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා හට විශේෂයෙන් මෙහිදී ස්තුතිය පුද කලේය.

එම විරෝධතාවයට ලොව පුරා සිටින අති විශාල ශ්‍රී ලාංකියන් පිරිසකත් එක්ව සිටියහ.


gslf3

gslf4

gslf5

198 Viewers