• Home »
  • Sinhala »
  • ගුරුකන්ද විහාරයේ අයිතියට අලූතින් නඩු කියන්න වෙන ලකුණු!

ගුරුකන්ද විහාරයේ අයිතියට අලූතින් නඩු කියන්න වෙන ලකුණු!

gurukanda(Courtesy of Divaina)

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන් වහන්සේ අපවත් වීමත් සමගම උන්වහන්සේගේ නමින් මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ හා වවුනියාව මහාධිකරණයේ ගොනු කොට ඇති සියලූ‍ම නඩු අවසන් වෙයි.

මේ තත්ත්වය නිසා ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් විශාල ගැටලූවක් පැන නැගී ඇති අතර එම විහාරස්ථානයේ අයිතිය වෙනුවෙන් යළි අලූතින් නඩු ගොනු කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබේ.

කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය වෙනුවෙන් අධිකරණ දෙකෙහිම ගොනු කොට තිබූ නඩු සියල්ලම ගොනු කොට තිබුණේ විහාර පරම්පරාවේ නම්වලින් නොව පෞද්ගලික නමින් පෞද්ගලික නඩු වශයෙනි.

මේ තත්ත්වය නිසා මේ විහාරස්ථානයේ අයිතිය තහවුරු කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව කිසියම් පාර්ශ්වයකට යළිත් අලූතින් නඩු ගොනු කිරීමට සිදුව තිබේ.

දිනසේන රතුගමගේ

130 Viewers