ගෝඨාභය අපරාධ කරුවෙක්ද?

2005 දි ගෝඨාභය ලංකාවට ආවෙ සිය සහෝදරයා වන මහින්ද ගෙ ජනාධිපති සටනට සහය දෙන්න . ඔහුට ලැබුණෙ කුරැණෑගල දිස්ත්රික්කය.මහින්ද දිනවන්න ඔහු දැඩි කැපවීමක් කළා.

මහින්ද ජනාධිපති වුනාට පසුව එල්ටීටීඊය පරාජය නොට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ගැන කතා වුනා. 1971-1992 දක්වා යුද හමුදාවෙ සේවය කොට වසර 20 ට පසුව හිමිවන නිළ වශයෙන් විශ්රාම ගෙන සිටි ලුතිනන් කර්නල් ගෝඨාභය ප්රභාකරන් පරාද කිරීමට සැළසුමක් ඉදිරිපත් කළා. ඒ අනුව ත්රිවිධ හමුදාවට සුදුසු හමුදාපති වරැන් පත් කිරීමටත් , හමුදාව සංඛ්‍යාවෙන් දෙගුණ කිරීමටත් , ඒ සදහා හමුදාවට බැදීමට දකුණේ ජනතාව පොළළුවන ආකර්ෂණීය වැඩ සටහනක් ඇරඹීමටත් යෝජනා කළා. ඒ අනුව ගෝඨාභය ආරක්ෂක ලේකම් කොට ත්රස්ථවාදය වැනසීමෙ වගකීම ඔහුට පැවරැනා.

එවකට හිටි හමුදාපකි ජෙනරාල් ශාන්ත කෝටිටෙගොඩව ඉවත් කොට , දින 10 න් විශ්රාම යාමට සිටි සරත් ෆොන්සේකාව හමුදාපති බවට පත් කළා.

” මුහුද දෙබෑ කරන, අහස පොලොව සිඹින..   ” ගීත කණ්ඩය රෑප රාමු සමග සියලුම රෑපවාහිනී නාලිකාවල ප්රචාරය කෙරැණා. ඒ හරහා ආමි කාරයා ” රණවිරුවා ” බවට නමි කොට වටිනාකමක් ලබා දුන්නා. ” අපට නොහැකි දේ කරනා අපෙන් එකෙකි මෙි මිනිසා” ලෙසට රණවිරුවා ජනතාවට ලෙංගතු කෙරෙවිවා. ගමෙි තරැණ තරැණියන් වැළ නොකැඩී ත්රිවිධ හමුදාවට එස්. ටී. එෆ් එකට පොලිසියට ජාතික ආරක්ෂක බලකායට බැඳුනා.
ත්රිවිධ හමුදාව වසරක් ඇතුලත සංඛ්‍යාත්මකව දෙගුණ වුනා.

මාවිල්ආරැ සොරොව්ව වහල නැගෙනහිර ගොවි ජනතාවට දියවර අහිමි කළ කොටින්ට එරෙහිව සටන් වදින ලෙසට හමුදාවට අණ ලැබුනා. මාවිල් ආරැ සොරොව්ව ඇරල නිකම් හිටියෙ නැහැ , මුලු නැගෙනහිරම මුදා ගත්තා.

එතන සිට නතර නොවන මෙහෙයුමි මාලාවක් හරහා පෙරමුණු පහකින් උතුරේ එල්ටීටීඊය වැනසීම පටන් ගත්තා. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පාවෙන අවි ගබඩා වනසා කොටි මුහුදු සැපයීමි නතර කළා. එයාර් මාෂල් රොෂාන් ගුණතිලකගෙ ගුවන් හමුදාවෙ කෆීර් මිග් යානා සතුරැ ඉලක්ක සමතලා කළා. තමිල් චෙල්වමිගෙ බංකරය කුඩු කොට ඔහුව මරා දැමීම .

තම සහෝදරයා ජනාධිපති සහ සන්නද්ධ හමුදා වල සේනාධිනායක බැවින් සටනට අවශ්‍ය ආයුධ , උපකරණ විතරක් නෙවෙයි නිසි නියෝගද දිවා රෑ නොබලා ඔහු හමුවී ලබා ගත්තා. මෙම සුසංයෝගය එල්ටීටීඊය පරදන සටනට දැවැන්ත සවියක් වුනා.

අවසානයේ වසර තුනක් තුළ එල්ටීටීඊය පරදවන්නට අදිටන් කළ සටන වසර දෙකහමාරකින් නිම කොට 2009 මැයි 19 නන්දිකඩල් කලපුවෙදි ප්රබානරන් මරනයට පත් කොට එල්ටීටීඊය විනාශ කොට මවිබිම නිදහස් කර ගත්තා.

එල්ටීටීඊය විනාශ කිරීම නිසාම ගෝඨාභය ජනතාවට ලබා දුන් ජයග්‍රහණ අපමණයි.

1. කොටි පොලිසි, කොටි උසාවි වෙනුවට රටෙි පොලිස් දෙපාර්ථමෙන්තුව හා අධිකරණය නැවත වතාවක් උතුරැ නැගෙනහිර ක්රියාත්මක වුනා.
2. කොටි මුදල් ඒකක කොටි බැංකු අවලංගු වුනා.
3. කොටි හඬ , කොටි රෑපවාහිනී සේවය නතර වී රටෙි ජනමාධ්‍ය උතුරටත් විවෘත වුනා.
4. දකුණට යාමට කලින් අවසර ලැබුණෙ උතුරේ පවුලකින් එක්කෙනෙකුට විතරයි. එය වෙනස් වුනා.
5. පාසල් දරැවන්ට ගෙලට සයනයිඩි කරල් එල්ලා සටනට ගැනීම නතර වී දරැවන්ට පාසල් අධ්‍යාපනය ලැබුණා.
6. විනාශ වුන A 9 පාර , දුමිරිය මාර්ගය විවෘත වී යාල්දේවිය යාපනයට පැමිණියා.
7. පූනරින් සංගුපිටි, කින්නියා වැනි විනාශ වුන පාලමි ඉදි වුනා.
8. විනාශ වුන රෝහල් පාසල් රජයේ කාර්යාල පිළිසකර කෙරැණා.
9. අත්අඩංගුවට පත්වුන, භාර වුන කොටි ත්රස්ථවාදින් 12000 ක් පුනරැත්ථාපනය කොට නිදහස් කෙරැනා. ඉන් 4500 ක් සිවිල් ආරක්ෂක බලකායට සහ යුද හමුදාවට බදවා ගත්තා.
10. කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තයට තිබුණ බාධක නිම වීමෙන් ජනතාවගෙ ජීවත් වීමෙ මාර්ග පුළුල් වුනා.
11. දකුණේ ජනතාව උතුරටත් උතුරේ ජනතාව දකුණටත් නෑගම් යන්න පටන් ගත්තා.
12. උතුරේ කමිහල් , සංචාරක හෝටල් ඉදිවෙන්න ගත්තා.
13. ප්රබාකරන්ට යටත් වී දේශපාලනය කල ටීඑන්ඒ ස්වාධීනව බිය හැක නැතිව දේශපාලනය කරන්න පටන් ගත්ත .
14. උතුරැ සහ නැගෙනහිර පලාත් සභා ඡන්ද පවත්වා ජනතාවට තම නියෝජිතයන් පත් කරන්න අවස්ථාව දුන්නා.
15. පිටරට පදිංචියට ගොස් සිටි දෙමළ ජනතාවට මවිබිමට එන්නට අවස්ථාව ලැබුණා.
16. මුලු රටෙිම ජනතාවට මරන බියෙන් තොරව ජීවත් වීමට ඉඩ ලැබුණා.
17. දකුණේ නිවෙස් වලට සීල් කරපු පෙටිටිවල දිවිපිදූ රණවිරුවන් පැමිණීම නතර වුනා.
18. කොටින්ම තිස් වසරකට පසුව මවිබිමට සාමය ලැබුණා.
19. ඒ සමගම සංවර්ධනයේ අරැනලු මවි පොලොව සිප ගත්තා.
20. ඉන්න හිතෙන රටක් බිහිවීම ඇරඹුනා.
21. නාගරික සංවර්ධන අධිකාරිය හරහා නගර අලංකාර වුනා.
22. රටෙි විනය පිළිවෙල පිරිසිදු කම හැදෙන්න පටන් ගත්ත .

ගෝඨාභය මූලිකත්වය ගෙන එල්ටීටීඊ ත්රස්ථවාදය පරාද කිරීමෙි ප්රතිථල කිහිපයක් පමණයි ඉහත දැක්වෙන්නේ. ඔහු ඇමරිකාවට වී සිටියානමි තවමත් ප්රබාකරන් ජීවත් වෙනවා. රට පුරා බෝම්බ පිපිරෙනවා.

මෙිසියල්ලම ඔහු කළ ඇමරිකානු පුරවැසිභාවය සහිතව ද්විත්ව පුරවැසියෙකුව වී සිටියදීය. එවකට ඔහුගේ පුරවැසිබව ගැන ප්රශ්න නොකල අය ” ඇමරිකන් කාරයෙකු ජනාධිපති නරන්නේ කෙසේදැයි ” අද අසති.

2015 ජනවාරි 9 මහින්ද – ගෝඨාභය ජනාධිපති සිරිසේනට භාර දුන්නෙ මර බිය නැති රටකි.
අද එජාපය , ජවිපෙ ඇතුලු කටිටිය ගෝඨාභය මිනී මරැවෙක්, හොරෙක් අපරාධ කාරයෙක් ලෙසට නමි කරනවා. වෙල්ගම වගේ කටිටිය ඔහු ඇමරිකන් කාරයෙක් හිටිලර් කෙනෙක් ලෙසට නමි කරනවා.

ඇත්ත කතාව නමි ගෝඨාභය 2005 දි ලංකාවට නොඑන්න අපෙන් විශාල ගණනක් අද මරැ වැළදගෙන. රට විනාශ වෙලා. ප්රභාකරන් අනුරාධපුරයත් අල්ලල.
එහෙවි ගෝඨාභය අද ජනාධිපතිවරණ සටනට ඇවිල්ල .

ජාති, ආගමි, වර්ග, කුලමල භේදයකින් තොරව පලමු වසර පහක ජනාධිපති ධුර කාලය තුලම ගෝඨාභය අපේ මවිබිම ආසියාවෙ දියුණු රටවල ජයග්‍රාහී ගමන් මගට රැගෙන යනවා. රැසියාවට පුටින් මෙන් ලංකාවට ශක්තිමත් නායනත්වයක් දෙනවා.

ඒ ගෝඨාභයට එරෙහිව යහපාලන ආණ්ඩුව බොරැ නඩු පටලවල හිරේ දාල ජනාධිපතිවරණයට ඒම වළක්වන්න හදන්නෙ.

එහෙව් ගෝඨාභය අපරාධකරුවෙක්ද? මවිබිමෙි ගැලවුමිකරුවාද ? තීරණය ඔබ සතුයි.

- මෙිජර් අජිත් ප්‍රසන්න
කැදවුමිකරැ, “මවිබිම වෙනුවෙන් රණවිරුවෝ”

102 Viewers