• Home »
  • Sinhala »
  • ගෝඨාභය හැර විකල්පයක් තිබේද?

ගෝඨාභය හැර විකල්පයක් තිබේද?

ශ්‍රි ලංකාවේ දේශපාලන ගමන්මගෙහි හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරමින් අගෝස්තු 11 වැනිදා ඒ සූවිශේෂි නායකයා ජනතා අභිෂේකයෙන් පිදුම් ලැබීම මේ රටට මොන තරම් බලාපොරොත්තුවක් ජනිත කොට ඇත්ද?

මිනිසුන් විසින් තෝරා ගත් නායකයා ඔහුයි. ඒ ඔහු තුලින් ඔවුන් දුටු හැකියාව සහ නායකත්ව ගුණාංග නිසාය. මේ රටින් යන්න හිතෙන මානසිකත්වයක් තිබු බොහෝ දෙනා යලි ඉන්න හිතෙන රටක් සෑදිය හැකි බව විශ්වාස කරන්නට පටන් ගෙන ඇත.

ගෝඨාභය යනු සාම්ප්‍රදායික දේශපාලඥයකු නොව රට වෙනුවෙන් පුළුල් දැක්මක් ඇති, ඒ දැක්ම යතාර්ථයක් කරගන්නා මග දන්නා, එම හැකියාව පසු ගිය වසර කිහිපය තුල ප්‍රතිඵල වලින් ප්‍රත්‍යකෂ කල සුවිශේෂි නායකයෙකි.

මේ සියල්ල පසුබිමෙත් නිතර ඇසෙන පැනය නම් ගෝඨාභය දැනට තිබෙන දූශිත,අකරමන්‍ය දේශපාලනය සහ රාජ්‍යය යාන්ත්‍රණය නැති කරන්නේ කෙසේද යන්නයි?

ගෝඨා යුද්ධය සමයෙ රාජ්‍යය ආරක්ෂක අමාත්‍යංශය ඉතා කාර්‍යක්ෂම තැනට පත් කලේ ඔහුගේ කලමනාකරණ සහ නායකත්ව හැකියාව තුලිනි. එලෙසම ඔහු නාගරික සංවර්ධන අධිකාරිය රටෙහි ඉතාම කාර්‍යය ශූර බලකායක් බවට පත් කලේය.
එම පරිවර්තනයේ කැපි පෙනෙන දෙය නම් වැඩ කරන කාර්‍ය මණ්ඩල වෙනස් වුයේ නැති බව, වෙනස් වුයේ නායකත්වය බව.

තවත් නිතර ඇසෙන මැසිවිල්ලක් නම් ගෝඨා හොඳයි වටේ ඉන්න එවුන් නරකයි බවයි. ඔවුන් ගෝඨාභය වටකර ගත්තා මිස ගෝඨාභය ඔවුන් වට කර ගත්තේ නැත. එම නියෝජිතයින් පත් කර ඇත්තේ මේ රටේම ජනතාවයි. ඔවුන්ව ඉවත් කිරීමට අවශ්‍ය නම් එය කල් යුත්තේ ගෝඨා නොව ජනතාවයි. ජනතා පරමාධිපත්‍ය බලය එයයි. එය වෙනදාටත් වඩා බුද්ධිමත්ව භාවිතා කොට ගෝඨාභයට හොඳ ශූර කණ්ඩායමක් දිය යුතුය. එය අපගේ පරම වගකීමයි. යුද්ධයේ ජයග්‍රහණයට හේතුවු ප්‍රධානතම සාධකයත් ඔහු සමග ශූර කණ්ඩායමක්  සිටීමයි.

ගෝඨාභයට මෙය වෙනස් කල හැකිද යන්නට ඉතා ආසන්න උදාහරණ කිහිපයක් ගෙන හැර පාන්නම්.

ගෝඨාභයගේ නම ප්‍රකාශ කිරිමෙන් අනතුරුව සංවිධායකයින් සුවිසල් රථ පෙලපාලියකින් ඔහුව රට වටා ගෙනයාමට අදහස් කොට තිබුණි.එය දැනගත් ගෝඨා වහාම එය නැවැත්වීය. මිනිසුන්ගේ දෛනික ජිවිත් අඩාල කල නැති යුතු බවත් එය ඉතා නාස්තිකාර වැඩක් බව ඔහුගේ අදහස විය.

එලෙසම සංවිධායකයින්ට ඔහු වෙනුවෙන් ඇඳුමක් නිර්මාණයක් කිරීමට අවශ්‍ය වුවත් ගෝඨා එය එකෙනෙහිම ප්‍රතික්ෂේප කලේය. ජනතාව ගෝඨාභයට කැමති ගෝඨාභය ලෙස මිසක් අනික් අය අනුකරණය කිරිමෙන් නොවන බව ඔහුගේ මතය විට. එලෙසම එදා ඔහු වේදිකාවට ගොඩ වුයේ ඔහුගෙ සුපුරුදු සරල ඇඳුමින්ය.

මෙය දැවැන්ත ලෙස කලයුතු බවත් රට පුර ජනතාව දැනුවත් කිරීමට පෝස්ටර් සහ කටවුට් ගැසිය යුතු බවද සංවිධායකයින්ගෙ මතය විය. ගෝඨා ඒ සියල්ල අහෝසි කල අතර පොලිතින්, බැනර්, පොස්ටර් සහ කටවුට් වලින් තොර පරිසර හිතකාමි මැතිවරණ ව්‍යාපාරයක් කලයුතු බව අවධාරණය කලෙස්ය. සුළු පිරිසක් එය කඩකලත් බහුතරයක් ඔහුට අනුගත වි මැතිවරණ ව්‍යාපාරය කරනු පෙනේ.

ඔබ තවත් සුවිශේෂි දෙයක් 11 වැනිදා උත්සවයේදි දුටුවාද? හරියටම නියමිත ලෙසට ප.ව 3ට පටන් ගත් උත්සවය නියමිත ලෙස ප.ව 5ට අවසන් විය. අත්‍යවශ්‍යම කතා 2කින් පමණක් එය අවසන් විය. ගෝඨා හරියටම කතා කලේ විනාඩි 20කි. එම කතාව ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙකු කල සුවිශේෂිම කතාවක් විය. එම විනාඩි 20 තුල එකදු වචනයක්වත් ඔහු නාස්ති කලේ නැත.
එහි අන්තර්ගතය ජාතික ආරක්ෂාව, නවීණ තාක්ෂණය, විනය සහ නීතිය, සංහිඳියාව, ළමා හා කන්තා සුරක්ෂිතබව , කාර්‍යක්ෂම කළමණාකරණය, සමාජ ව්‍යවසායකත්වය වැනි දේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඔහුගේ දැක්මයි. කිසිදු ලෙසකවත් මඩ ගැසීමක් හෝ අපහාස කිරීමක් එහි අන්තර්ගත වි තිබුනේ නැත.

මෙයයි ගෝඨාභය ගෙනෙන වෙනස.
මෙයයි රටකට අවශ්‍ය නායකත්වය.
නහයෙන් අඩන්නේ නැති, පම්පෝරි ගහන්නේ නැති සෘජු තීරණ ගන්න හැකියාවක් තිබෙන කාර්‍යය ශූර රට වෙනුවෙන් දැක්මක් ඇති නායකයෙක්.

ඉතින් මේ සියල්ල සම්පුරණ කරන නායකයෙක් නම් ඒ ගෝඨාභයම පමණි.
හතු පිපෙනව වගේ එන සිල්ලර නායකයින්ට මේ බොහෝමයක් දේ කටින් කල හැකි වුවත් ක්‍රියාවෙන් යථාර්තයක් කිරිමට නොහැකිය.

ඉතින් තවත් විකල්ප නැත!
රටෙහි බලාපොරොතුතුව ගෝඨාභයම පමණි!
ගෝඨාභය මිනිසුන්ගේ හදවතෙහිත් , බුද්ධියෙත්  ජනාධිපති වි හමාරය.

ඉතිරි වි ඇත්තේ මිනිසුන්ගේ ඔල්වරසන්, ජය ඝෝෂා , ආශිර්වාද මැද අභිෂේකය පමණි!

- රටේ රාළ

116 Viewers