• Home »
  • Sinhala »
  • ගෝඨා බය ද? ගෝඨාට බය ද? ගෝඨා – අභයද?

ගෝඨා බය ද? ගෝඨාට බය ද? ගෝඨා – අභයද?

(Courtesy of The Divaina)
gotabaya
ගෝඨා සම්බන්ධයෙන් ප්‍රශ්න තුනකි. පිළිතුරු ගොඩකි. රට විපතට පත් වී තිබීම හා ශීඝ්‍රයෙන් තවත් ඒ වෙත ගමන් කිරීම ගැන ගෝඨා පමණක්‌ නොව රටවැසියාම බයට පත් වී ඇත. මින් මුදා ගැනීමේ මඟක්‌ සම්බන්ධව දිවා – රාත්‍රි නොබලා ඔහු කටයුතු කරන්නේ එහෙයිනි. උතුරේ පමණක්‌ නොව මුළු රටේම ආරක්‍ෂක තත්ත්වය ද විනාශව ගොසිනි. මහින්ද හා ගෝඨා එක්‌ව යුද්ධය නිම කළ බව තවමත් හැමෝටම මතකය. කවුරු හිටියත් ඒ දිනවල යුද්ධය ඉවර වෙන බව අනුර කුමාර මැතිතුමා කියයි. එය ඇත්තය. එහෙත් යුද්ධය අවසන් වන්නේ වෙනත් ආකාරයකටය. එක්‌ වතාවක්‌ යුද්ධය කරගෙන යන අතරතුර ඉන්දියාවෙන් පරිප්පු දැමූ අවස්‌ථාවේ සාමාන්‍ය එඩිතරකමට වඩා එඩිතර ජන නායකයකු වූ ෙ-. ආර්. ජයවර්ධන උතුමාණන්ට බහිස්‌ස්‍රාව පහ නොවූයේ ජාතියේ පිනටය. ප්‍රේමදාස මහතා නම් හොඳවයින් දෙකක්‌ ඉන්දියාවට කිව්වේය. ඒ අවස්‌ථාවේ සාමය උදාවිය යුද්ධය නිමා විය. සාම සාධක හමුදා පැමිණියහ. ජාත්‍යන්තර සාම නොබෙල් ත්‍යාගය ජයවර්ධන උතුමාණන්ට අහිමි වුණේ නූලෙනි. එම සාමය කිමෙක්‌දැයි යළි පහදා දිය යුතු නැත. සාම සාධක හමුදාවට එරෙහිව දකුණ ගිනි ගත්තේය.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වූ අවස්‌ථාවක යළිත් සාමය උදාවිය. ඒ උතුරු නැගෙනහිර කොටස ගිවිසුමක්‌ මගින් කොටියාට භාරදීමෙනි. ප්‍රභාකරන් උතුරේ සිට ගිවිසුම අත්සන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සිට ගිවිසුම අත්සන් කළේය. යුද්ධය නැවතිණ, සාමය උදාවිය. මිනීමරු ත්‍රස්‌ත කල්ලියකට රටෙන් තුනෙන් එකක්‌ භාර විය. රටට වුණ හා වෙන්නට යන වින්නැහිය දුටු මහින්ද මහතා එයට විරුද්ධව ඉවසුවා ඇති යනුවෙන් දකුණේ සිට කොළඹට පා ගමන් ආවේය. පාර්ලිමේන්තුව විසුරුවා අලුත් රජයක්‌ පත් කෙරිණ. චන්ද්‍රිකා මැතිනියගේ කාලයේදී එල්. ටී. ටී. ඊ. ප්‍රශ්නය යුද්ධ කිරීමෙන් අවසන් කිරීමට ගියත් නිසි සැලසුමක්‌ නොතිබූ හෙයින් විශාල වශයෙන් හමුදා භටයන් පොලිස්‌ නිලධාරීන් හා සිවිල් ජනතාව මියගියහ. ඉලක්‌කය වෙත ළඟාවීමට නොහැකි විය.

මහින්ද මහතා ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකින් රටේ ජනාධිපති බවට පත්විය. ගෝඨාභය මහතා සමඟ එක්‌ව අති විශාල ජාත්‍යන්තර ජාලයකට හිමිකම් කියන එල්. ටී. ටී. ය පැරදවීමට සූක්‍ෂම පිඹුරුපත් සැකසීය. ත්‍රිවිධ හමුදාව සඳහා හමුදාපතිවරුන් පත් කිරීමේදී ගෝඨාභය මහතාගේ නුවණ මනාව ප්‍රකට විය. යුද හමුදාපති වශයෙන් සරත් ෙµdන්සේකා මහතා පත් කිරීමට විරුද්ධව එක්‌සත් ජාතික පක්‍ෂය විශාල හඬක්‌ නැඟීය. ඔවුන් කීවේ ඒ සඳහා නියම සුදුස්‌සා ජානක පෙරේරා මහතා බවයි. ගෝඨාභයගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට මේ සඳහා නුසුදුස්‌සකු පත්කර ගත් බවට එජාපය චෝදනා නැඟීය. ගෝඨාභය මේ සියල්ල ඔහුගේ සුපුරුදු නිහතමානී සිනාවෙන් ඉවත දැමීය. යුද්ධය එවර යුද්ධයක්‌ ලෙස කළේය. දිනෙන් දින අසන්නට ලැබුණේ ජයග්‍රහණ පිළිබඳ ප්‍රවෘත්තිය. ඒවා දරා ගැනීමට අපහසු අය මැදවච්චි යනවා කියා පාමංකඩ යනවා යෑයි උපහාස නැඟූහ. තිස්‌ අවුරුද්දක්‌ රට විනාශ කළ යුද්ධය අවසන් කළ පසු එය කෙසේවත් දරා ගැනීමට අපහසු වූ වැදගතෙක්‌ යුද්ධ කිරීම ඕනෑම ගොනෙකුට කළ හැකි යෑයි ගොන් කතාවක්‌ කීවේය. තම අයියා භාරදුන් කටයුත්ත හරියටම ඉටු කළ ගෝඨාභය මහතා ඊළඟට පිවිසුණේ අවුරුදු තිහක්‌ තුළ බිඳ වැටී තිබුණ ජාතීන් අතර සමගිය ගොඩනැඟීමේ අපහසු කාර්යයටය. නිලධාරීන් තෝරා ගැනීමේදී ගෝඨාභය අති දක්‍ෂයෙක්‌ විය. ඒ ඒ කටයුත්තට අදාළ නිලධාරියා ඔහු තෝරාගත්තේ ඒ නිසාය. ලුතිනන් කර්නල් රත්නප්‍රියගෙන් එය මෑතකදී ද හොඳටම පැහැදිලි විය.

කොළඹ නගරය සංවර්ධනය කිරීම ඔහුට භාර වුණ ඊළඟ කටයුත්ත විය. ඉතා සුළු වැස්‌සකදී පවා යට වී යන පාරවල්, අති දුර්ගන්ධ ජලාශ, අක්‍රමවත් මාර්ග පද්ධති, අක්‍රමවත් නිවාස ඉදිකිරීම් ඔහුගේ නෙත ගැටිණ. ඉතා කෙටි කලකින් මේ කොළඹ දැයි සිතා ගැනීමට නොහැකි ආකාරයේ ආකර්ෂණීය නුවරක්‌ තැනීමට ඔහුට හැකි විය. කොළඹ ඉතා පිරිසිදු නගරයක්‌ බවට පත් කිරීමට පවිත්‍රතා ජාලය සකස්‌ කෙරිණ. එකතු වන කුණු පුත්තලම ප්‍රදේශයේ හුණු ගල් හෑරූ විශාල වළවල් ගොඩ කිරීම සඳහා දුම්රිය පෙට්‌ටි මගින් යෑවීමට සැලසුම් සැකසිණ. ඒ මගින් ඒ ප්‍රදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට ද හැකිවනු ඇත. එහෙත් අද වනවිට කොළඹ නගරයේ පාරවල්වල වැස්‌සට වතුර පිරෙන්නේය. ජලාශ සියල්ල යළිත් දුර්ගන්ධවත් වෙමින් පවතී, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළට තිත තැබිණ. මේ සියල්ලට හේතුව සාදා දුන් කොළඹ නගරය නිසි පරිදි නඩත්තු නොකිරීමය. වැඩ කිරීමේදී පූර්ණ කැපවීමකින් වැඩ කළ නායකයකු සිටියා නම් ඒ ආර්. ප්‍රේමදාස මහතාය. පවරන ඕනෑම වැඩක්‌ හරියටම කරන ගෝඨාභය මහතා දැන් රටට සිදුවන හානිය හේතුවෙන් කනගාටුවට මෙන්ම බයට පත්ව ඇත.

ගෝඨාභයට විරුද්ධ දේශපාලනවාදීන් අතිශය බිය වී ඇති බවක්‌ පෙනේ. ඔහු ජනාධිපතිවරණයට ඉල්ලන බවක්‌ හෝ එහෙම අදහස්‌ කරන බවක්‌ ගැනවත් කියා නැත. එහෙත් මේ රට යළි ගොඩනඟන වැඩපිළිවෙළක්‌ ගැන විද්වත් කථිකාවක නියුක්‌තව සිටී. සියලු පාරිසරික හා දේශගුණික යහපත් තත්ත්වයන්ගෙන් ආඨ්‍ය වූ මෙම දේශය ගොඩනැංවීම අපහසු කටයුත්තක්‌ නොවේ. අවශ්‍ය නිවැරදි ආදර්ශවත් දේශපාලන නායකත්වයයි. පරාජය කළ නොහැකි බවට බොහොමයක්‌ ඉහළ පෙළේ පුද්ගලයන් පුන පුනා කිවූ එල්. ටී. ටී. ඊ. ය වසර තුනකින් නිවැරදි දේශපාලන නායකත්වය යටතේ පරාජය කළ අයුරු මීට නිදසුනක්‌ වේ. එහිදී වූ ගනුදෙනු හා වංචාවන් ගැන කතා කරන්නට ඒ දිනවල යුද්ධය ජය ගැනීමට නොහැකි වූ බොහෝ අය දැන් ඉදිරිපත් වී සිටිති. එහෙත් ඊට පෙර වසර විසි හතක්‌ තිස්‌සේ විනාශ කළ අති විශාල ධනස්‌කන්ධය සහ ජීවිත ගැන ඒ අයට වගක්‌ නැත. මෙය දේශපාලන කුහකකමයි. ගෝඨාභය මහතා යුද්ධයෙන් උපයාගත් ධනයෙන් තැන් තැන්වල වතු සහ ගෙවල් මිලයට ගත් බවක්‌ තවමත් කියති. එවැන්නක්‌ ඇතොත් එය වහාම සොයාදෙන තැනැත්තාට ලියා පවරා දෙන බැව් ගෝඨාභය මහතා පුන පුනා කියද්දී එවැන්නක්‌ සොයාදෙන තැනැත්තෙක්‌ ද නැත. හරීන් ප්‍රනාන්දු අමාත්‍යතුමා ප්‍රකාශ කරන්නේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතොත් එක්‌සත් ජාතික පක්‍ෂය තරගයකින් තොරවම ජයගන්නා බවයි. එසේ නම් එතුමා කළ යුත්තේ ගෝඨාභය මහතාට මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා උදව් කිරීමයි. නමුත් එතුමා කරන්නේ ගෝඨාභය මහතාගේ පැමිණීම වැළැක්‌වීම සඳහා හැකි තරම් කරුණු කාරණා දෙඩවීමය. ඉදිරියේදීත් තව කරුණු ඉදිරිපත් කරන බව ද කියයි. ගෝඨාභය මහතාට ඉදිරිපත් විය නොහැකි යෑයි කියමින් තලතා මැතිනිය සංතෝෂ වන්නීය. හිට්‌ලර් කතාවත් වේඬරුවේ ස්‌වාමින් වහන්සේ මිස ගෝඨාභය කීවේ නැත. තවද එම කතාවට නොයෙකුත් වැරදි අර්ථකථන දෙමින් සහ එය ගෝඨාභය කිවූ දෙයක්‌ තරමටම අර්ථ ගන්වන්නේ පරාජයෙන් බේරීමට නොව ලැබෙන පරාජයේ බලවත්කම අඩුකර ගැනීමටය. එය අසාර්ථක උත්සාහයක්‌ බව හැමෝටම තේරෙන කරුණකි. ගෝඨාභය ජයගනිතැයි මෙපමණටම බය වී ඇත්තේ ඔහුගේ ජයග්‍රහණයෙන් පසු රට ශීඝ්‍ර දියුණවක්‌ කරා යැම නිසා ඔවුනට යළිත් කිසි දින බලයට පැමිණීමට නොහැකි හෙයිනි. එතුමන්ලා තේරුම් ගත යුතු කරුණ වන්නේ මේ තරම් පහත් තත්ත්වයකට වැටී ඇති මෙම රටේ බලය ලබාගන්නවාට වඩා ගෝඨාභය මහතා සවි ශක්‌තිමත් කර දෙන රටක ලිපිකරුවෙක්‌ හෝ වශයෙන් රැකියාවක්‌ කරගෙන ජීවත් වීම උතුම් සහ සැනසිලිදායක බවයි.

මහින්ද ගෝඨාභය ද්විත්වයේ ප්‍රඥවන්ත හා එඩිතරභාවය හේතුවෙන් රටට අභය ලැබිණ. සිංහල, දෙමළ, මුස්‌ලිම් සහ අනෙකුත් ජනයාගේ බිය තුරන් විය. ආරක්‍ෂක හමුදාවල ජීවිත අවදානම පහව ගියේය. මෙම අභය ලැබීමේදී පක්‍ෂ විපක්‍ෂ භේදයක්‌ නොවීය.

මෙනයින් බලන කල මාතෘකාවේ සඳහන් ප්‍රශ්න තුනටම එකම කෙටි පිළිතුර “ඔව්” යන්නය.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

561 Viewers