• Home »
  • Sinhala »
  • ගෝලීය ශ්‍රී ලංකික සංසදය මේවරත් ජිනීවාහිදි මව්බිම වේනුවේන් සටනට

ගෝලීය ශ්‍රී ලංකික සංසදය මේවරත් ජිනීවාහිදි මව්බිම වේනුවේන් සටනට

ගෝලීය ශ්‍රි ලාංකික සංසදයේ විධායක සභාව මෙවරත් සුපුරුදු පරිදි එකීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කෙරෙන ජිනිවා වැඩපිළිවෙළ මෙවරත් 40වන ජිනිවා මානව අයිතිවාසිකම් සැසිවාරය සදහා ද පහත සඳහන් වැඩ සටහන ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කරන ලදී

  1. මාර්තු 08 වන දින “සමුල ඝාතන , ත්‍රස්තවාදය නොව ශ්‍රී ලන්කවේ ඇත්තේ සාමයයි” යන තේමාව යටතේ ඡයාරූප පදර්ශනයක් ජිිනීවා විල අසල සාාර්ථක පවත්වවන ලදී. මේහිදිි ඡායාරූප සහා විිිස්ත සටහන් 40 පමණ ඉදිිරිපත් කෙරැනිි.
  2. මාර්තු 15 දින මානව අයිතිවාසිකම් කොමිසමේ ත්‍රස්තවාදීන්ට හිතැති පිලිවෙත ප්‍රශ්න කල සමගාමී සැසිවාරයක් මනාව හිමිකම් කොමිෂන් සභා කාාර්යාල දි පවත්ය වන ලදී. මෙම සැසිය නීතිඥ ජයරාජ් පලිහවඩන මහතා ගේ මෙහෙයවීම යටතේ වෛද්‍ය චාමර යාපා අබේවර්ධන , බ්‍රයන් බස්නායක , රනිල් ජයනෙත්ති හා මහාචාර්ය මෙහෙමුට් සුකෘ ජිසෙල් යන අයගේ දේශන වලින් සමන්විත විය. මේම සම්මතනයට දමිල කොටි හිතවාදින් ඇතූළු විශාල පිරිසක් සහභාගි වි ඇත.
  3. මාර්තු 17 දින දෙමල බෙදුම්වාදය ට උඩ ගෙඩ් දෙන මානව අයිතිවාසිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රතිපත්තිය ට විිරෝධය දැක්විිමට ගොලීය සන්සන්දයේ විධායක සභාව හා ලන්ඩන් ශ්‍රී ලාංකික බලය සමග එක්වු විදෙශිගත දේශප්‍රේමීන් ගේ උද්ඝෝෂණයක් ජිනිිවා මානව හිමිකම් කොමිෂන්සභාව අබියස දි පවත්වවන ලදී.
  4. තවද ගෝලීය සංසදයේ විධායක කමිටුව සහා සංසදයේ සාමාජිකයන් වන හිරු මාකවිටගේ, ප්‍රිතිකා ද සිල්වා, ජයරාජ් පලිහවඩන, සේනක රාජපක්ෂ, චාමර යාපා අබේවර්ධන දේශප්‍රේමීන් මව්බිමට වේනුවන මානව හිමිකම් සමුළුව අමතන ලදි.

අද්මිරාල් සරත් වීරසේකර සමග එක්වී එක්සත් ජාතින්ගේ ප්‍රග්නප්තිය උල්ලංඝනය කරමින් ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසම ලංකාවට එරෙහිව ගෙන එන වැඩපිළිවෙළ පිළිබඳව නීතිමය කරුණු ඇතුළත් වාර්තාවක් එහි සභාපති වරයාට භාර දේන ලදී. නිතිවේදී දර්ශන් වීරසේකර මහතා විසින් මෙම ලිපිගොනු සකස් කරන ලදී. මිට පෙර ද ගෝලීය ශී ලංකික සංසදය රණවිරුවන් අරක්ෂා කරගැනීමට රණවිරුවන් ගේ විත්ති වාචකය නමැති වාර්තාව මානව හිමිකම් සමුළුවට භාර දෙන ලදී.

102 Viewers