• Home »
  • Sinhala »
  • ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයෙන් ජනපති අපේක්‍ෂකයන්ට යෝජනාවලියක්

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයෙන් ජනපති අපේක්‍ෂකයන්ට යෝජනාවලියක්

මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ 30/1 ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රහයෙන් වහාම ඉවත්වන ලෙසත් ජාතික ආරක්‍ෂාවට හා ඒකීයත්වයට බලපෑම් ඇතිවන කිසිදු ප‍්‍රඥප්තියක් අත්සන් නොකිරීම හා දායකත්වය නොදෙන ලෙසත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව විසින් ජනපතිධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු අනිකුත් ජනපතිධුර අපේක්‍ෂකයන් වෙත ප‍්‍රතිපත්තිමය යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

මේ ප‍්‍රතිපත්තිමය යෝජනාවලිය අද (15දා) ප‍්‍රකාශයට පත්කෙරේ. එම යෝජනාවලියේ දක්වා ඇති ප‍්‍රධාන කරුණු මෙසේය.

  • ඇමැති මණ්ඩලයේ කැබිනට් ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව 30 කට නොවැඩි විය යුතුයි.
  • සුළුතර පක්‍ෂවල සහාය පැතීමට මෙන්ම ඔවුන්ගේ අසාධාරණ කොන්දේසිවලට යටත්වීමට සිදුවීම නිසා එම තත්ත්වය වෙනස් කිරීමට තම රජය සහ නව ජනාධිපති නීති පැනවිය යුතුයි.
  • ජනගහන ඝනත්වය වැඩිවී ඇති ප‍්‍රදේශවල මැතිවරණ කොට්ඨාස වැඩිකිරීම.
  • කුමන තත්ත්වයක් මත හෝ ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් නොකිරීම හෝ සංශෝධන කිරීම හෝ අවලංගු කිරීම නොකළ යුතුයි.
  • රටේ ජාතික ආරක්‍ෂාව සහ ඒකීයභාවය රැුකීම සඳහා අතුරුදන්වූවන්ගේ පනත හා හානිපුර්ණ පනත සහ සත්‍ය කොමිසම මුළුමනින්ම අවලංගු කළ යුතුයි.
  • ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීම සහ ඒකීය රාජ්‍යයක් යන වචනය දියාරු කිරීමට ඉඩ නොදිය යුතුයි.
  • ජනවර්ගය හෝ දේශපාලන පක්‍ෂ අනුව තානාපති පත්වීම් ලබානොදිය යුතුයි.
  • ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් යුදවැදුනු ජාතික වීරයන් ඉතිහාස පොතට ඇතුළත් කළ යුතුයි.
  • යාපනයේ සිංහල විiාලය නැවත ස්ථාපිත කළ යුතුයි.
  • හම්බන්තොට වරාය කොළඹ වරායේ ජැටිය සහ ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි විමර්ශනයක් පවත්වා නැවත අත්පත් කර ගැනීම.
  • මහ බැංකු වංචාවේ චූදිතයන්ට දඬුවම් කළ යුතුයි.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ මහලේකම් යසස් ධර්මදාස, ව්‍යාපෘති ලේකම් අජන්ත පේ‍්‍රමරත්න සහ නේවාසික සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

46 Viewers