• Home »
  • Sinhala »
  • ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව සටන දියත් කරයි – 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වෙයි

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව සටන දියත් කරයි – 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වෙයි

desa2-1

(Courtesy of Divaina)

ජිනීවා යෝජනාවෙන් ශ‍්‍රී ලංකාවට හානියක් සිදුවන්නේ නැතැයි පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමිණි එ.ජා.ප. නවක දේශපාලනඥයකු පවසා තිබේ.

එසේ නම් කොටි ඩයස්පෝරාව අති විශාල මුදල් සම්භාරයක් වැය කරමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට සහභාගි වූවේ කුමකටද?

2015 වසරේ සැප්තැම්බර් මස යහපාලන රජයේ විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා යෝජනාවට සම අනුමැතිය දීමට එක`ග වූයේ ජනාධිපති අවසරයකින් තොරවය.

මෙම යෝජනාවට සම අනුග‍්‍රහය දීම චූදිතයා වරද පිළිගෙන ඊට එක`ග වීමකි.

ඊට පෙර චැනල්ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්රේගේ කිලමිල්ට් චිත‍්‍රපටය ද සැබෑවක් බව ඔහු පිළිගත්තේය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා ද එම චිත‍්‍රපටය පිළිගෙන තිබුණි. ලෝක ඉතිහාසයේ කිසිදු රටක් තම හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන නැත. එහෙත් මංගල සමරවීර අපේ හමුදාව පාවා දුන්නේය. මෙය රාජ ද්‍රෝහී ක‍්‍රියාවකි. එහෙත් බි‍්‍රතාන්‍ය රජය සහ ඇමරිකානු රජය කිසි විටෙක තම හමුදාව යුද අපරාධ සිදුකළ බව පිළිගත්තේ නැත.

මෙම ජිනීවා යෝජනාව යහපාලන රජය පිළිගැනීම ගැන ජිනීවාහි ඇමරිකානු තානාපතිනිය ඇගයීමට ලක්විය.

මේ ජිනීවා යෝජනාව ශ‍්‍රී ලංකාවේ හමුදාව පමණක් නොව මුළු රටම පාවාදීමක් විය.

එහි අඩංගු කරුණු අතර ප‍්‍රධාන කරුණු මෙසේය. එම කරුණුවලින් නවයකට යහපාලන රජය එක`ග විය.

මෙහි දැක්වෙන්නේ එම කරුණුය.

  1. අධිකරණ ක‍්‍රියාදාමයක් සඳහා ජාතික උපදේශකත්වයක් ලබාදීම.
  2. සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීම.
  3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම.
  4. වන්දි ගෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම.
  5. අධිකරණ යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කිරීම.
  6. ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවීම.
  7. ජාත්‍යන්තර අධිකරණ ක‍්‍රියාවලිය සඳහා තාක්‍ෂණ සහාය ලබා ගැනීම.

මින් එක`ගවූ බරපතළම නිර්දේශය වූයේ යුද අපරාධය – මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා පිළිබඳව අන්තර්ජාතික විනිසුරන් සහිත නීතිවේදීන් සහ විමර්ශනයන් ඒකාබද්ධ කිරීමට විශේෂ නීති සම්පාදනය කිරීමට හයිබි‍්‍රඞ් අධිකරණයක් පිහිටුවීමය.

මේ යෝජනාව මානව හිමිකම් කවුන්සිලයට ගොනුකළේ ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල්ය.

2018 ජුනි මස අප ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිටින විට එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත නිකිසේලි ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කළාය. ඇය පැවසුවේ මානව හිමිකම් කවුන්සිලය අසූචි වළක් බවයි. කුහක සහ ආත්මලාභය උදෙසා කටයුතු කරන මානව හිමිකම් කවුන්සිලය මානව හිමිකම් සමච්චලයට ලක්කරන බවද ඇය තවදුරටත් පැවසුවාය.

එහෙත් එම ඇමරිකානු පිළිවෙත අනිකුත් රටවලට බලපෑවේ නැත. 2020 වසර වන විට ඇමරිකානු රජය මෙන්ම බි‍්‍රතාන්‍යයද මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන්නේ නැත.

එසේ වුවත් ජර්මනිය, කැනඩාව ඇතුළු රටවල් මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරයි.

මේ පසුබිම මැද වත්මන් රජය 30/1 40/1 මානව හිමිකම් යෝජනාවෙන් ඉවත් වීමට තීන්දු කළේය.

එම තීරණය ගනු ලැබුවේ ජනපති අගමැති ඇතුළු පිරිසක් කළ සාකච්ඡුාවලින් පසුවය.

මේ සාකච්ඡුාවලට එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත පාලිත කොහොන හෝ ජිනීවා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ තමාරා කුමානායගම් සම්බන්ධ වූයේ නැත.

කෙසේ වෙතත් ජිනීවා යෝජනාවෙන් රජය ඉවත් වීමට ගත් තීරණය මානව හිමිකම් කොමසාරිස්වරියට දැනුම් දීමට හා රජය නිලවශයෙන් ප‍්‍රකාශ කිරීමට පෙර යහපාලන රජයට හිතැති පාර්ශ්වවලට දැනගැනීමට ලැබුණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියකු විසින් එම තොරතුරු පිටකර ඇතැයි අනාවරණය විය.

වත්මන් රජය සතුරන් සහ මිතුරන් අවබෝධ කරගෙන නැතැයි අපි මෙයට පෙරද පෙන්නුම් කළෙමු.

විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ජිනීවා ගොස් රජයේ තීරණය දැනුම් දීමට පෙර එම තොරතුරු පිටවී තිබුණේ නම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ක‍්‍රියාත්මක වන්නේ යහපාලන ක‍්‍රියාදාමය බව සනාථ නොවන්නේද?

මේ අතර පෙබරවාරි 24 දා මානව හිමිකම් කවුන්සිලය ආරම්භ වීමට පෙර මානව හිිමිකම් කොමසාරිස්වරිය තම වාර්තාව ප‍්‍රකාශයට පත්කළාය.

ඇය එම වාර්තාවෙන් පැවසුවේ රජය ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට ක‍්‍රියාකරන බවට වාර්තා වන බවය.

එසේම ශ‍්‍රී ලංකා ආණ්ඩුවට දඬුවම් දීමට අපොහොසත් වීම සහ ආයතන ප‍්‍රතිසංස්කරණය කිරීමට දක්වන නොහැකියාව නිසා මානව හිමිකම් උල්ලංඝනය වීම නැවත ඇතිවන බවද මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් පැවසුවාය.

එසේ වුවත් ඇය මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන යුද අපරාධ සිදුකළ රටවල් ගැන වචනයක්වත් පැවසුවේ නැත.

මානව හිමිකම් කවුන්සිලයේ සිටින යුද අපරාධ සිදුකළ රටවල් මෙසේය.

කොංගෝ, ජර්මනිය, කැනඩාව, මැසිඩෝනියාව

මෙවන් පසුබිමක් මැද යුද අපරාධකරුවන්ට තවත් රටක මානව හිමිකම් ගැන ක‍්‍රියාකළ හැකිද?

නිදසුනක් වශයෙන් චිලී රාජ්‍යයේ හිටපු ජනපති සිනොබෙ සහ ඔහුගේ හමුදා මණ්ඩලය යුද අපරාධ රැුසක් සිදුකළේය. වත්මන් චිලී රජයද මානව හිමිකම් උල්ලංඝනය කරනු ලැබීය. එහෙත් මානව හිමිකම් කොමසාරිස්වරිය නිහඬ විය.

මෙවන් පසුබිමක් මැද ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව මෙරටද සිය ජිනීවා සටන ආරම්භ කර ඇත.

ඊට පෙර හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව දියත් වූ ඇමරිකානු තහනම හෙළා දකිමින් එම සංසදය පැවසුවේ බටහිර රටවල් සහ ඇමරිකාව ඔවුන්ගේ යුද අපරාධ චෝදනා ගැන නොතකා ඇති බවයි.

ජාත්‍යන්තර අධිකරණයට ඇමරිකාවට ඒමට වීසා තහනමක් පනවා ඇති බව දක්වන සංසදය සී.අයි.ඒ. සංවිධානය සහ ඇමරිකානු හමුදාව සිදුකළ අපරාධ ගැන ඇමරිකානු රජය නිහඬව සිටින බවද කියා සිටියි.

මේ අතර මාර්තු 13 දා ජිනීවා නුවර පැවැත්වෙන සමාන්තර රැුස්වීමකදී කොටි සංවිධානයේ සාවi තොරතුරුවලට ප‍්‍රතිචාර දැක්වීමට සංසදය ඉදිරිපත් වී ඇත.

මේ තත්ත්වය මත බි‍්‍රතාන්‍ය ගෝලීය ශ‍්‍රී ලංකා සංසද විධායක සභාවේ ප‍්‍රධානී ජෙයරාජ් පලිහවඩන පවසන්නේ ජිනීවා යෝජනාවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා නිල වශයෙන් ප‍්‍රතික්ෂේප කිරීමට රජය ක‍්‍රියාකර නැති බවට හැකි පමණින් චෝදනාවලට ප‍්‍රතිචාර දැක්විය යුතු බවය.

රජය මේ යෝජනාවලියෙන් ඉවත් වීම පමණක් නොව වාර්තාවට එරෙහිව ක‍්‍රියාකළ යුතු බව නීතිඥ ජෙයරාජ් පලිහවඩන තවදුරටත් කියා සිටියේය.

අපි සටන ඉදිරියට ගෙන යනවා යැයි ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව වෙනුවෙන් අජන්ත පේ‍්‍රමරත්න, රනිල් ජයනෙත්ති, යසස් ධර්මදාස, ජෙයරාජ් පලිහවඩන, එරික් මාකේවිට ඇතුළු පිරිස අනාවරණය කළේය.

43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පසුගිය සඳුදා ආරම්භ විය. ප‍්‍රංශය, කැනඩාව, ස්විට්සර්ලන්තය, බි‍්‍රතාන්‍යය යන රටවල සිටින ශ‍්‍රී ලංකාවේ කොටි හිතවාදීහු රැුසක් සමුළුව වෙත පැමිණ සිටියහ.

මෙවර රජය වෙනස් වී ඇති නිසා කොටි ඩයස්පෝරාවේ මැදිහත්කරු ඬේවිඞ් මෙංගලි සහ හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශප‍්‍රිය, හෙවත් රංජි මල්ලි අසරණ බවට පත්වී ඇත.

රනිල් – මෛති‍්‍ර රජය දිගටම යනු ඇතැයි රංජි මල්ලි තරයේ විශ්වාස කළේය. එසේම කොළඹ සිටින සමන් රත්නප‍්‍රිය, සරත් විජේසූරිය, පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප‍්‍රනාන්දු, ජෙගන් පෙරේරා ඇතුළු එන්.ජී. ඕ. ක‍්‍රියාකාරීහු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය වනු ඇතැයි විශ්වාස කළහ.

එහෙත් ඔවුන්ගේ සියලූ බලාපොරොත්තු සුන් විය.

ගෝඨාභය බලයට පත්වීමේ ප‍්‍රතිඵලය ජිනීවා යෝජනාවට අභියෝග එල්ලවීමයි.

එසේ වුවත් සතුරන් ජිනීවා යෝජනාවට පක්‍ෂව තවදුරටත් ක‍්‍රියාත්මක වේ.

මෙහි දැක්වෙන්නේ ඊට නිදසුනකි.

‘අහිංසක මිනිස් ජීවිත ඛේදනීය ලෙස අහිමිකරමින් තිස් වසරක් පුරා ඇදී ගිය ශ‍්‍රී ලංකාවේ ගැටුමෙන් උගත හැකි පැහැදිලි පාඩමකි. මෙම අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගෙන ප‍්‍රබල නීතිමය රාමුවක් සකස් කිරීම වූ කලී ගැටුමේ ගොදුරු බවට පත්වූ සියලූ දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉටුකළ යුතු වගකීමක් වේ.’

(විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය)

මෙවන් පසුබිමක් මැද ජිනීවා යෝජනාවලිය ගැන මංගල සමරවීර වරක් පැවසුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් නැති බවය. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ජිනීවා යෝජනාවට රජය සම අනුග‍්‍රහය දී නැති බවයි.

මෙලෙස ජනතාව රැුවටීමේ ක‍්‍රියාවලිය දිගටම යද්දී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පවුලේ අයට ඇමරිකාවට පැමිණීම තහනම් කරන නියෝගයක් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් විසින් නිකුත් කෙරුණි.

මේ අතර වත්මන් රජයේ සහාය නැතිව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කොටි යුද අපරාධ හෙළිකෙරෙන ප‍්‍රදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

130 Viewers