• Home »
  • Sinhala »
  • ජනමතය උරගා බැලීමට පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක්‌ ගේන්න – ගෝලීය ශ්‍රී ලංකා සංසදය රනිල්ගෙන් ඉල්ලයි

ජනමතය උරගා බැලීමට පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක්‌ ගේන්න – ගෝලීය ශ්‍රී ලංකා සංසදය රනිල්ගෙන් ඉල්ලයි

(Courtesy of The Divaina)

මැතිවරණයකදී ජනමතය උරගා බැලීමේ යෝජනාවක්‌ පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලෙස යෝජනා කරන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.

එම සංසදය වික්‍රමසිංහ මහතා වෙත යෑවූ සංදේශයේ මෙලෙස ද සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ඔබ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව තවදුරටත් එම තනතුරෙහි රැඳී සිටීමට දරන උත්සාහය ව්‍යවස්‌ථා විරෝධී වන අතර එය රට තුළ බරපතළ දේශපාලන අස්‌ථාවරත්වයක්‌ නිර්මාණය කිරීමට හේතුවන බව සඳහන් කරනු කැමැත්තෙමු.

ඔබතුමාගේ පූර්වගාමී නායක ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් හඳුන්වා දෙන ලද දෙවන ජනරජ ව්‍යවස්‌ථාව යටතේ වසර 40 ක්‌ ඉකුත් වූ පසුව ද පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය පිළිබඳව ඔබ දක්‌වන අදහස්‌ ජනතාව සහ අන්තර්ජාතික ප්‍රජාව නොමඟ යවන සුළු වේ.

වර්තමාන ව්‍යවස්‌ථාව බ්‍රිතාන්‍යයේ වෙස්‌ට්‌මිනිස්‌ටර් සම්ප්‍රදාය බැහැර කර ප්‍රංශයේ ඩිගෝලියානු හා ඇමරිකානු ජනාධිපති ක්‍රමය ගුරු කොටගත් එකක්‌ බව ඔබතුමා හො¹කාරවම දන්නා කරුණකි. 19 ව්‍යවස්‌ථා සංශෝධන නඩුවේදී ශේ්‍රෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනු ලැබූයේ ව්‍යවස්‌ථාව මගින් ජනාධිපති ධුරයට පිරිනමන ලද බලය ජනමත විචාරණයකින් තොරව කප්පාදු කළ නොහැකි බවයි. බලතල බෙදීම, සංවරණය හා තුලනය පදනම් වූ වර්තමාන ව්‍යවස්‌ථාව යටතේ පාර්ලිමේන්තුව ජනතාවගේ ව්‍යවස්‌ථාදායක බලයෙන් කොටසක්‌ ක්‍රියාත්මක කරන ආයතනයකි. ජනාධිපති ධුරය ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන සෘජුවම ජනවරමක්‌ ලබන ස්‌වාධීන අධිකාරයකි. ව්‍යවස්‌ථාවේ යථා පැවැත්ම සහ දේශපාලන ස්‌ථාවරත්වය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ජනමත විචාරණයකින් අනුමත නොවූ 19 ව්‍යවස්‌ථා සංශෝධනයෙන් සීමා කිරීමකට ලක්‌ නොවූ බව පැහැදිලි කරුණකි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට, වාර අවසාන කිරීමට හා කැඳවීමට ජනාධිපතිවරයාට ඇති බලය කථානායකවරයාට ආරෝපණය කිරීමෙන් විධායකය හා ව්‍යවස්‌ථාදායකය අතර අනපේක්‌ෂිත ගැටුමක්‌ නිර්මාණය කිරීමට ඔබ කටයුතු කර ඇත.

කෙසේ වුවද උද්ගතව ඇති ව්‍යාකූල තත්ත්වය යටතේ ජනරජයේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව මේ සියල්ල සම්බන්ධයෙන් අවසාන බලාධිකාරිය දරනු ලබනු ඇති බව ඔබතුමා ඇතුළු සියලු පාර්ශ්වකරුවන්a පිළිගනු ඇත.

ඒ අනුව රට තවදුරටත් ව්‍යවස්‌ථා හා දේශපාලන අර්බුදයකට විවර නොකරමින්, 19 ව්‍යවස්‌ථා සංශෝධනයෙන් සංශෝධිත 70 ව්‍යවස්‌ථාව යටතේ එළැඹෙන 16 වැනිදාට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයකදී ජනමතය උරගා බැලීමේ යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඔබතුමාගේ මූලිකත්වයෙන් යෝජනා කරන ලෙස ඉල්ලා සිටිමු.

කීර්ති වර්ණකුලසූරිය



760 Viewers