• Home »
  • Sinhala »
  • ජනාධිපතිතුමනි අපට පිහිට වන්න

ජනාධිපතිතුමනි අපට පිහිට වන්න

(Courtesy of The Divaina)

rana2
පසුගිය වසර 30 ක කාලයක්‌ පුරා ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී ක්‍රියා කළ ඛඔඔE සංවිධානය හා ශ්‍රී ලංකා රජයේ ආරක්‌ෂක හමුදා අතර ඇති වූ යුද්ධය හේතුවෙන් ඒ වනවිට රජයේ ආරක්‌ෂක හමුදාවල ක්‍රියාන්විත රාජකාරිවල නිරත වූ ආරක්‌ෂක අංශ සාමාජිකයන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සදාකාලික ආබාධිත තත්ත්aවයට පත් විය. මේ වනවිට ඉන් බොහෝ දෙනෙකු වෛද්‍ය හේතුනA මත සියලු වැටුප හා දීමනා සහිතව සේවයෙන් විශ්‍රාම ගොස්‌ ඇත. එහෙත් දැනට පවත්නා ක්‍රමය අනුව ඔවුන්ට සියලු වැටුප් හා දීමනා ලැබෙන්නෙ ඔවුන්ගේ වයස අවු. 55 වන තෙක්‌ පමණි. අවුරුදු 55 න් පසු ඔවුන්ට ලැබෙනුයේ සේවා විශ්‍රාම වැටුප පමණි.

ඕනෑම මිනිසකු අවු. 55 වී ඔවුන් වයසට යන විට ඔවුන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය තරුණ වයසට වඩා ටිකෙන් ටික අඩු වීම මෙලොව ඇති ස්‌වභාවයයි. ආබාධිත පුද්ගලයන් වූ අපටද එය පොදු ලක්‌ෂණයකි. මේ නිසා අපට අවු. 55 වනවිට අපගේ ආබාධිත තත්ත්වයේ වැඩි වීමක්‌ මිස කිසිදු අඩු වීමක්‌ සිදු නොවේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයකු අවු. 60 වන තෙකA දැනට රාජ්‍ය සේවයෙA හා පෞද්ගලික අංශයේද සේවයෙA යෙදෙන අතර ඔවුන් විශ්‍රාම ගන්නෙA අවු. 60 පිරුණු පසුවය. ඉන්පසු ඔවුන් වෙනත් ආකාරයක සුළු රැකියාවක්‌ හොA වෙනත් ආදායම් මාර්ගයක්‌ සොයා ගැනීමට පෙළඹෙන අතර ඒ සඳහා ඔවුන්ට ශාරීරික ශක්‌තියද ඇත. එහෙත් ආබාධිත පුද්ගලයන් වන අපට එසේ කිරීමට අපගේ ඇති ආබාධිත තත්ත්වය මත අපහසුය. එමෙන්ම අවුරුදු 55 න් පසු අපට වෙනත් කිසිදු ආයතනයක්‌ හෝ පුද්ගලයකු විසින් කිසිදු රැකියාවකA ලබා දෙන්නේද නැත. එයට හේතුවද අපගේ ඇති ආබාධිත තත්ත්වයි. මේ නිසා අපට අවුරුදු 55 න් පසු දැනට ලබා දෙන සියලු වැටුප් හා දීමනා නතර කොට ඉන්පසු ලබාදෙන සේවා විශ්‍රාම වැටුපෙන් පමණක්‌ ජීවත් වීම ඉතාම අපහසු වන අතර එවැනි දුක්‌ත තත්ත්වයකට අප පත් වන්නේ අපගේ තරුණ වයසේදී අප ජීවිත පරදුවට තබා මේ රටට සේවය කිරීමට යැම නිසාද? එමෙන්ම මේ රට නොබෙදා මතු පරපුරට රටක්‌ ලබාදීමට අප එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන සමග සටන් කළ නිසාද? මෙය අද අපට කල්පනා වන වාර අනන්තය. එමෙන්ම අප මෙලෙස ආබාධිත වූ පසු අපගේ ජීවිතයේ බොහෝ දේවල් අපට අහිමි වී ඇත.

ඔබතුමා බලයට පත් වූ මුල් අවධියේ ආබාධිත සෙබළුන් පිළිබඳව අවධානය යොමු කොට ප්‍රකාශ කළේ යුද්ධයේදී ආබාධිත වූ සියලු රණවිරුවන්ට දැනට ලබාදෙන සියලු වැටුප් හා දීමනා ඔවුන්ට අවුරුදු 55 න් පසුව ද කිසිදු කප්පාදුවකින් තොරව ඔවුන් ජීවත් වන තෙක්‌ දිගටම ලබාදෙන බවයි. ඔබතුමාගේ එම ප්‍රකාශය අසා අප ඉතාමත් සතුටට පත් වූ අතර ඔබතුමාට පිං ලැබේවායි ඉතාමත් කෘතගුණශීලිව ප්‍රාර්ථනාද කළෙමු. එහෙත් මේ වනතෙක්‌ එය ඉටු වී නම් නැත. ඉන්පසු දැනගන්නට ලැබුණේ යුද ආබාධිත සෙබළුන්ට හා නිලධාරීන්ට සාමාන්‍ය පුද්ගලයන්ට දැනට ලබාදෙන 80% විශ්‍රාම වැටුපට තවත් 20% එකතු කර (එය රණවිරු දීමනාවක්‌ ලෙස) ලබා දීමට දැනට සාකච්ඡා මට්‌ටමේ පවතින බවකි.

එහෙත් 80% විශ්‍රාම වැටුපට තවත් 20% දීමනාවක්‌ එකතු කිරීම ඉතාම සොච්චම් මුදලකි. රටේ ආර්ථිකය හා මිනිස්‌ අවශ්‍යතාවන් දිනෙන් දින ඉහළ යනවා මිස පහළ යන්නේ නැත. එහෙත් විශ්‍රාම වැටුප් ලාභියකුට විශ්‍රාම වැටුපට රජයේ අයවැයකින් හෝ යම්කිසි මුදලක්‌ වැඩි වන්නේ ඉතාමත් කලාතුරකිනි. එයද ඉතාමත් සුළු මුදලකිනි. මේ නිසා යුද්ධයේදී ආබාධිත වූ අපට අවුරුදු 55 න් පසු දැනට ලබාදෙන සියලු වැටුප් හා දීමනා නතර කොට සේවා විශ්‍රාම වැටුප පමණක්‌ ලබා දුනහොත් අපගේ ජීවිත පවත්වාගෙන යැමට ඉතාමත් අපහසු වීම වැළැක්‌විය නොහැක. ජනාධිපතිතුමනි, පොඩි මිනිසුන්ගේ දුක දන්නා ඔබතුමාවත් යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වූ අප ගැන අනුකම්පා කර අපට දැනට ලබාදෙන සියලු වැටුප් හා දීමනා අවු. 55 න් පසු නතර නොකොට අප ජීවත් වන තාක්‌කල් එය එලෙසම ලබාදීමට කටයුතු සලසා දෙන ලෙස අප ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර එය ඔබතුමාට මහත් පුණ්‍යකර්මයක්‌ වන ක්‍රියාවක්‌ බවද දන්වා සිටිමු.

මෙයට යුද ආබාධිත සෙබළුන්

89 Viewers