ජන බලය

2015දී සුලු ජාතික ඡන්දයෙන් බලයට පැමිණි ඔවුන් වසර පහක් තිස්සේ සිංහලයා අපහාසයට ලක් කළේය.

බෞද්ධ ධර්මයත්, සංස්කෘතියත් විනාශ කළේය.

සුලු ජාතීන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සිංහල ජනතාව පිඩාවට පත් කළේය.

සුලුජාතීන්ට විශේෂ නීති, අවස්තා ලබා දුන්නේය. ඔවුන් නියෝජනය කරනා අමාත්‍යවරුන් දැඩි ලෙස බලවත් කෙරුවේය.

එයට එකම හේතුව රටෙහි තීරණාත්මක සාධකය සුලු ජාතීන් බවට ඔවුන් විශ්වාස කිරීමය.

සිංහල ඡන්ද දෙකට බෙදී ඇති බැවින්, රටේ තීරණාත්මක මුස්ලිම් – දෙමළ ඡන්ද බවට ඔවුන් විස්වාශ කළේය.

එම නිසා සිංහල ජනයා පීඩාවට පත් කරමින් සුලු ජාතින් විනෝදයට පත් කිරීම ආණ්ඩුවේ විනෝදාංශය විය.

සිංහල ඡන්දයෙන් පමණක් ජනපතිවරණ ජය ගත නොහැකි බවත්, එයට සුලු ජාතික ඡන්ද අවශ්‍ය බවත් ඔවුන් කීවේය.

සිංහල ජනතාව වසර පහක් පමණ ඉවසුවේය. සිංහලයන් යනු මෝඩයන් පිරිසක් නොවන බව පරගැති ආණ්ඩුවට පෙන්වා දුනි.

මෑත ඉතිහාසයේ පළමු වරට සිංහල ඡන්දයෙන් පමණක් ජනපතිවරයෙක් බිහිවී තිබේ.

සුලු ජාතික ඡන්දයෙන් 90%ක් සජිත් ප්‍රේමදාසට හිමිවූවද ඔහු ඓතිහාසික පරාජයක් ලබා තිබේ.

ඒ සිංහල මහ ජාතිය එකට එක්වී ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් වටේ සිට ගැනීම නිසාය.

100% අන්තවාදීන්ගෙන්, බෙදුම්වාදීන්ගෙන් තොර රජයක් ශ්‍රී ලංකාවේ බිහිව තිබේ.

තවදුරටත් ශ්‍රී ලංකාවේ ජනපතිවරයා සුලු ජාතික ඡන්ද කුට්ටියට බිය වී නැටිය යුතු නැත.

බිය නොමැතිව මුස්ලිම් නීති, බෙදුම්වාදී ඉල්ලීම් සියල්ල වනසා දැමිය හැකි බලයක් සිංහලයන් නව ජනපති ගෝඨාභයට ලබා දී තිබේ.

ඒ සිංහලයන් වසර පහක් තිස්සේ තමන්ට එල්ල වූ පීඩනයට පිළිතුරු දුන් අන්දමයි.

සිංහලයන්ගේ ඡන්දයෙන් පමණක් ජනපතිවරු බිහි කළ නොහැකි යැයි කියූ පරාජිතයන්ගේ කන හරහා රිදෙන්නට සිංහලයන්ගෙන් පිළිතුරු ලැබී ඇත.

ඉෂාන් ජයසූරිය

102 Viewers