• Home »
  • Sinhala »
  • ජවිපෙ 20 වැනි සංශෝධනය ගේන්නේ රට බෙදන්නයි

ජවිපෙ 20 වැනි සංශෝධනය ගේන්නේ රට බෙදන්නයි

(Courtesy of The Mawbima)

ee266bb106
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයක් ඉල්ලා සිටින්නේ දෙමළ නිජබිම සහිත වෙනම රටක් ස්ථාපිත කිරීමේ පටු පරමාර්ථයෙන් යුතුව යැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ කළේය.

හෙතෙම එසේ අවධාරණය කළේ ඊයේ (20දා) නුගේගොඩදී ජනමාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී නුවන් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

1933 දෙසැම්බර් 26 වැනිදා එක්සත් ජාතීන් පිළිගත් සුප්‍රකට උරුගුවේ මොන්ටිවීඩියෝ සම්මුතිය මඟින් වෙනම රාජ්‍යයක් නිර්මාණය වීමට අවශ්‍ය සුදුසුකම් සඳහන් කර තිබෙනවා. නිශ්චිත ජනගහනයක් සිටීම එක් අවශ්‍යතාවක්. ප්‍රභාකරන් සිංහල ජනතාව පලවා හරිමින් එම කරුණ සම්පූර්ණ කළා. දැන් හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන උතුරේ මහ ඇමැතිත් ඊට අවශ්‍ය පනත් පළාත් සභාවේ සම්මත කරගෙන තිබෙනවා. සිංහලයො පදිංචි කිරීම වැළැක්වීම, බුදුපිළිම ඉවත් කිරීම මෙන්ම පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමත් එම වැඩපිළිවෙළේ කොටසක්.

ඒ වගේම මධ්‍යම ආණ්ඩුවට අවනත නොවන වෙනම පාලන ඒකකයක් පවත්වාගෙන යෑමේ වෑයමක නිරත වනවා. ගෝලීය බෙදුම්වාදී ඩයස්පෝරාව සම්බන්ධ කරගෙන ජාත්‍යන්තර සබඳතාවලට හැකියාවක් පවතින බව පෙන්වනවා. ඒත් එක්කම ජනවාර්ගික සංහාරයක් සිදුවූ බවට මතයක් ගොඩනඟමින් පවතිනවා. ඒ කරුණු සියල්ල සම්පූර්ණයි.

දැන් ජවිපෙ ඉදිරියට දමාගෙන එජාපය, දෙමළ සන්ධානය ඇතුළු බෙදුම්වාදීන් ජනමත විචාරණයක් ඉල්ලා සිටින්නේ උතුර හා නැඟෙනහිර වෙනම සිතන බව පෙන්වීම සඳහායි. ඒ නිසා ජනමත විචාරණයන් දිනුවත් පැරදුණත් ඒකීය රටකට කැමැති සිංහල ජනතාව පරාජයට පත්වෙනවා. ජවිපෙ ඇතුළු බෙදුම්වාදීන්ගේ අරමුණ ඒකයි.

මන්ත්‍රිවරු 6 දෙනෙක් සිටින ජවිපෙ හදිසියේ 20 සංශෝධනය ගෙන එන්නේ එජාපයේ, දෙමළ සන්ධානයේ උදවු තිබෙන නිසයි. අද ඔවුන් සියලු දෙනා ගම් මට්ටමින් එක වේදිකාවකට නැඟ තිබෙනවා.
ජනාධිපති නාමික තනතුරක් කළ පසු ඔහුට තනි මතයට පළාත් සභාවක් විසුරුවන්නවත් බැහැ. 1990 උතුරු – නැඟෙනහිර මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් ඊළාම් කොඩිය ඔසවන විට රටේ විධායක ජනාධිපති කෙනෙක් නොසිටියා නම් ඊළාම් රාජ්‍යය එදා බිහි වෙනවා. අද උතුරේ සිදුවන දේවල් බලන විට යුද්ධය පැවැති කාලයටත් වඩා ශක්තිමත් විධායකයක අවශ්‍යතාව මතුවෙනවා.

දෙනගම ධම්මික රණවීර

59 Viewers