• Home »
  • Sinhala »
  • ජාතිකවාදී රැල්ල ඉන්දියාව පුරා හමයි – සුලු ජාතික ඡන්ද සහයක් නොමැතිවම ජාතිකවාදී මෝඩි ශක්තිමත් ආණ්ඩුවක් හදයි

ජාතිකවාදී රැල්ල ඉන්දියාව පුරා හමයි – සුලු ජාතික ඡන්ද සහයක් නොමැතිවම ජාතිකවාදී මෝඩි ශක්තිමත් ආණ්ඩුවක් හදයි

(Courtesy of Lanka Lead News)

modi-1
තමන් ලැබූ ඓතිහාසික ජනවරම වෙනුවෙන් රට වැසියන් හට ස්තූතිය පළ කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහමැතිවරණයේ ප‍්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව පාලක භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.

ඊයේ (23) ලද ජනවරමට අනුව නරේන්ද්‍ර මෝදි ඉදිරි වසර 05 තුළත් ඉන්දියාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත.

සියල්ලන්ටම නව ඉන්දියාවක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් තමාට අවස්ථාවක් ලබා දුන් සැමට හිසනමා ආචාර කිරීමට වුවමනා බවත්, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය පාක්ෂිකයින් වෙත ප‍්‍රකාශ කර ඇත. මෙවර මහ මැතිවරණය ජනතාව අතර පැවැති සටනක් මිස, දේශපාලනඥයින් අතර පැවැති සටනක් නොවූ බව පවසා ඇති ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා තමාට රට භාර කර ඇති ඉදිරි වසර 05 තුළ ශක්තිමත් ඉන්දියාවක් නිර්මාණය කරන බවට ද ප‍්‍රතිඥාවක් ලබා දී තිබේ.

2014 වසරේදී නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ බලයට පත්වූයේ එරට වසර 30ක මැත කාලීන මැතිවරණ ඉතිහාසය තුළ වාර්තා වූ ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ගනිමිණි. එහිදී ඔහුට පාර්ලිමේන්තු ආසන 282ක බලය හිමිවුණි.

කෙසේවෙතත් මෙවර ද අතිවිශිෂ්ඨ ජයක් හිමිකර ගෙන සිටින අග‍්‍රාමාත්‍ය මෝදි මේවනවිටත් දිනා ගෙන ඇති ආසන සංඛ්‍යාව 350කි. ඒ අනුව 2014 වසරට සාපේක්ෂව අග‍්‍රාමාත්‍ය මෝදි හට මෙවර ප‍්‍රබල ජනවරමක් හිමිව ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.

මෙතරම් ප්‍රබල බලයක් දිනාගත් නරේන්ද්‍ර මෝඩිට දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව වෙසෙන තමිල්නාඩුවේ දිනාගත හැකිවූයේ ආසන දෙකක් පමණක් වූ අතර දැඩි ජාතිකවාදී නායකයෙක් වන නරේන්ද්‍ර මෝඩි සුලු ජාතික ඡන්ද සහයක් නොමැතිවම ආණ්ඩුවක් පිහිටුවීම දැඩි කතාබහට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන නායකයන්ටද මෙය ආදර්ශයක් වන බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.



172 Viewers