• Home »
  • Sinhala »
  • ජාතික විද්වත් සංඝ සභාවේන් රජයට යෝජනා

ජාතික විද්වත් සංඝ සභාවේන් රජයට යෝජනා

ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක් අද (2019.04.29) දින පැවැත්වුණා. මෙහිදී සාකච්ඡාවට ලක් වූයේ වර්තමානයේ ඇතිව ඇති අර්බුදය සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්නයි. ඒ පිලිබදව අපගේ යෝජනා ඇතුළත් ලිපියක් ජනපතිතුමන්ට යවන ලදි. එම ලිපිය මෙසේ ය.

රට තුළ උද්ගතව ඇති භයානක අර්බුදය හමුවේ රජය හා සමාජය ගත යුතු කඩිනම් ක‍්‍රියාමාර්ග හා තීරණ පිළිබ`ද අපගේ යෝජනා

ගරු ජනාධිපතිතුමනි,

පසුගිය 21 වැනි පාස්කු ඉරිදා දින මෙරට කතෝලික පල්ලි හා සංචාරක හෝටල් ඉලක්ක කර ගෙන දියත් කරන ලද ඉස්ලාම් අන්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මෙරට යළිත් ත‍්‍රස්තවාදයක් හිස ඔසවන ලද කාල පරිච්ෙඡ්දයක උදාවක් හැටියට හදුනාගත හැකිය. උමතු ආගමික මතවාදයන්හි එල්බ ගත් මෙම ත‍්‍රස්තවාදීන් ලේ පිපාසිතව සිදුකරන ලද මිලේච්ඡු ප‍්‍රහාරය හමුවේ සියගණනක ජීවිත අහිමි වූයේ බෞද්ධ, කතෝලික, ඉස්ලාම් යන ආගම් භේදයකින් තොරව ය. මේ මොහොත වන විට මෙම උම්මන්තක කල්ලියේ කි‍්‍රයාකලාපය හේතුවෙන් මු`ඵ රටම භීතියට පත්ව ඇත. එසේම වර්තමානයේ පවතින තත්ත්වය තුළ රටේ ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව දැඩි අවදානමට ලක්ව ඇත. මෙම ත‍්‍රස්තවාදීන්්ගේ පැවැත්ම විනාශ කිරීම ස`දහා දිගුකාලීන හා කෙටිකාලීන කඩිනම් විසදුම් ගැනීමට වගකිව යුතු අංශ වහා සූදානම් විය යුතුය. ඒ සඳහා විද්වත් සංඝ සභාව ලෙස අපි රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

  1. ත‍්‍රස්ත ක‍්‍රියාවලට නියමින් හෝ අනියමින් සම්බන්ධ සියලූ සංවිධාන, ව්‍යාපාර තහනම් කළ යුතු අතර ඔවුන්ගේ සියලූ නිශ්චල හා චංචල දේපළ රාජ සන්තක කළ යුතුය. එසේම එවැනි ත‍්‍රස්ත ක‍්‍රියාවන් නිර්මාණය කළ හැකි සංවිධාන වහා හදුනාගෙන ඊට එරෙහිව කටයුතු කළ යුතුය.
  2. ඉස්ලාමීය අධ්‍යාපනික ආයතන ක‍්‍රියාවලිය හදුනාගෙන එය වහා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ අධීක්ෂණය කළ යුතුය.
  3. අන්තවාදී බීජ රෝපණය කිරීමට හැකියාව ඇති නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය වැනි ඉස්ලාමීය උසස් අධ්‍යාපනික ආයතන වහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පවරා ගත යුතුය.
  4. පූර්වයෙන් පැවති ආකාරයටම ක‍්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු වශයෙන් වෙන වෙනම පවතින අමාත්‍යංශ වහා එකතු කරමින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යළි පිහිටු විය යුතුය.
  5. විදේශීය රටවලින් මූලධර්මවාදී ආගමික ඉගැන්වීම් හා දේශන සිදුකිරීමට ද සංවිධාන පිහිටුවීමට ද මෙරටට පැමිණෙන පිරිස් පිළිබ`ද වහා ආරක්ෂක අමාත්‍යංශයේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කළ යුතුය.
  6. මෙරට ආගමික ප‍්‍රචාරක කටයුතු හා සුභසාධන කටයුතු සඳහා විදේශ රටවලින් එවනු ලබන මුදල් පිළිබඳව මහබැංකුව හා ආරක්ෂක අමාත්‍යංශයේ අධික්ෂණයට නතු කළ යුතුය.
  7. විදේශිකයන් රහසිගතව නීති විරෝධි ආකාරයෙන් මෙරට තුළ පදිංචි කිරීම පිළිබඳව ආරක්ෂක අංශ යොදවා විධිමත් පරීක්ෂණයක් කළ යුතුය.
  8. උතුරු හා නැගෙනහිර දෙපළාතෙහි ආරක්ෂාව දැඩි කළ යුතුය.

උක්ත යෝජනා අප ශ‍්‍රී ලංකා රජයට යොමු කරන අතර උමතු ආගම්වාදී ත‍්‍රස්තවාදය සහමුලින් ම මෙරටින් තුරන් කිරීමට අප‍්‍රමාදීව කටයුතු කරන ලෙසත් මෙම තීරණාත්මක මොහොතේ පටු දේශපාලන වාසි ලබාගැනීමට මෙම අර්බුදය භාවිතා නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි
මෙයට,

ජාතික විද්වත් සංඝ සභාව

180 Viewers