ජිනීවා අභියෝගය ජයගැනීම

fea8-1(Courtesy of Divaina)

ජිනීවා උගුලෙන් ගැලවීම සඳහා අප කළ යුත්තේ, යුද සමයේ විශාල වශයෙන් මානව හිමිකම් කඩකිරීම් කළ බවට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීමට පදනම සැකසූ ශ‍්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුව විසින් සකස් කළ මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලයීය වාර්තාව (OISL-REPORT) අභියෝගයට ලක්කිරීමයි. මෙම වාර්තාව මගින් සකස් කළ 30-1 යෝජනාව යහපාලන රජය අවිවාදිතව පිළිගත් නිසා සිදුවූයේ චූදිත පාර්ශ්වයට චෝදනා වලට පිළිතුරු සැපයීමට අවස්ථාවක් නොලැබී යෑමයි. අනිත් අතට චූදිතයන්ට චෝදනාවන්ට පිළිතුරු සැපයීමට අවස්ථාවක් නොදී දඬුවම් නියම කිරීමද ගැටලූකාරීය. එම නිසා රණවිරුවන් චෝදනා වලින් නිදහස් වීම සඳහා සිය විත්ති වාචකය නිසි ලෙස ඉදිරිපත් කිරීමට විධික‍්‍රමයක් සකසා ගැනීම වැදගත්ය.

ජිනීවා සැලසුමේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ, 2015 ඔක්තෝබර් 01 දින මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් 30-1 යෝජනාව නම් වූ, මෙරටට එරෙහි පස්වන යෝජනාවයි. මෙම යෝජනාවට එවකට යහපාලන රජය ඒකපාර්ශ්විකව සම අනුග‍්‍රහය පළකරන ලදී. ශ‍්‍රී ලංකාවට අහිතකර මෙම යෝජනාව ප‍්‍රකාර නිර්දේශයන් වූයේ, ආරක්ෂක අංශ සඳහා ස්වාධීන අධීක්ෂණ ක‍්‍රමයක් හඳුන්වාදීම හා පෞද්ගලිකව නඩු පැවරීම, අතුරුදන් වූවන් පිළිබඳව හා ඔවුනට වන්දි ගෙවීම සඳහා කාර්යාලයක් ආරම්භ කිරීම, හමුදාව ඉවත්කර ඇති හමුදාව භාරයේ පවතින ඉඩම් සිවිල් ජනතාවට බෙදා හැරීමට කටයුතු කිරීම, ආරක්ෂ අංශ වලින් සිදුවූ අපරාධ සොයා බලා දඬුවම් කිරීම සඳහා පිළිගත හැකි වගවීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමත්, ඒ සඳහා විශේෂ නීති සැකසීමත්, විශේෂ අධිකරණ වල හා ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සහාය ලබාගැනීමත් සිදුකිරීම, රජයේ නිලධාරීන් පත්කිරීමේදී විශේෂ සොයා බෑලීම් සිදුකිරීමටත්, මානව හිමිකම් කඩකිරීම් හා නීති උල්ලංඝනය කරන පිරිස් රජයේ රැුකියා වලින් ඉවත් කිරීමටත් හා ඔවුන් නැවත බඳවා ගැනීම සිදු නොකිරීමටත් පියවර ගැනිම, 1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර ඒ වෙනුවට අන්තර්ජාතිකව පිළිගත හැකි නව නීති හඳුන්වාදීම, පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ අන්තර්ජාතික ප‍්‍රඥප්තියට අත්සන් කිරීම හා එය ලංකාව තුළ බලාත්මක කිරීම, 13වැනි සංශෝධනය අනුව පළාත් සභා වලට සම්පූර්ණ බලතල ලබාදීම හා නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියක් හරහා තවදුරටත් බලය විමධ්‍යගත කිරීමට කඩිනම් පියවර ගැනීම, යනාදියයි.

රජයට දුෂ්කර අභ්‍යාස ලබාදෙමින් සකස් වූ 30 -1 යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් හා යාන්ත‍්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයිද, ක‍්‍රියාකාරිත්වය කඩිනම් කළ යුතු යැයි ද මානව හිමිකම් කොමසාරිස් දැඩිව කියා සිටින තත්ත්වයක් තුළ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද එවකට ප‍්‍රකාශ කර සිටියේ කිසිම රණවිරුවෙකුට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට තමා කටයුතු නොකරන බවයි. එය හොඳ ස්ථාවරයක් බව කිව යුතුය. එංගලන්තයේ සොල්දාදුවන් විසින් ඉරාක ගැටුම් පැවැති අවධියේ ඝාතනයන් සිදුකළ බවට චෝදනා එල්ල වූ විට එංගලන්ත අග‍්‍රාමාත්‍යවරිය ප‍්‍රකාශ කළේ ද, තම හමුදා නිලධාරීන් යුද අධිකරණයට නොයවන බවයි. එම ප‍්‍රකාශනයන් ස්වාධීන රාජ්‍යක සිය අනන්‍යතාවට වැදගත්ය. එසේ නමුත්, එවැනි චෝදනා සහිත එංගලන්තයද ලංකාවට එරෙහිව ගෙනෙන යුද අපරාධ පිටුපස සිටීම එක්තරා ආකාරයක විහිළුකාරී තත්ත්වයකි. මෙහිදී මතු කළ යුතු වැදගත් කරුණක් වන්නේ; බි‍්‍රතාන්‍ය අධිනීතිඥ ඩෙස්මන් සිල්වා ඇතුළු ප‍්‍රකට නීතිවරුන් 6 දෙනකු විසින් ශ‍්‍රී ලංකා රජය විසින් මෙහෙයුම සිදුකර ඇත්තේ මානුෂික ආකාරයට නීත්‍යනුකූල ක‍්‍රියාදාමයක් ඔස්සේ යැයි සිය විමර්ශන වලින් පෙන්නුම් කර තිබියදීත්, එසේම බි‍්‍රතාන්‍යයේ නෙස්බී සාමිවරයා විසින්ද හෙළිකරන ලද සත්‍ය තොරතුරු හා නිරීක්ෂණ තිබියදීත් ඒවා කිසිවක් අවධානයට නොගෙන යුද අපරාධ පිළිබඳව පමණක් මානව හිමිකම් කවුන්සිලයේ නිරන්තර චෝදනාවට භාජන වීම ඉතාමත්ම සාහසික එකක් වීමයි.

යහපාලන ආණ්ඩුව හා ජිනීවා යෝජනා ඉටුකිරීම  – ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වූ හෙයින්

පසුගිය යහපාලන ආණ්ඩුව ජිනීවා උගුලට හසුවී ජිනීවා යෝජනා ඉටු කිරීමට කටයුතු කළේය. ඒ අනුව, පුද්ගලයන් බලයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කළ අතර, එම සම්මුතිය ශ‍්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකර ඇත. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කර ඇති අතර, එම කාර්යාලය සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීමද සිදුකරන ලදී. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අදාළව යැයි කියමින් බටහිරට අවශ්‍ය ලෙස ත‍්‍රස්ත විරෝධී නීති ප‍්‍රතිපාදන සැකසීමට පියවර ගෙන ඇත. වන්දි ගෙවීම සඳහා හානි පූර්ණ කාර්යාලයක් ස්ථාපනය කිරීමටත් හා වින්දිතයන්ට වන්දි ලබාදීමටත් පියවර ගෙන ඇත.

2017 දෙසැම්බර් 13 දින පුද්ගල නාශක බෝම්බ තහනම් කිරීමේ ඔටාවා සම්මුතියට ද 2018 මාර්තු 01 දින පොකුරු අවි භාවිතය තහනම් කිරීම පිළිබඳ ඔස්ලෝ සම්මුතියට ද අත්සන් කරන ලදී. ගැටුම් පැවැති ප‍්‍රදේශවල ආරක්ෂක හමුදා සතුව තිබූ රජයේ ඉඩම් 88.87% ක් 2019 මාර්තු මස 12 වන විට නිදහස් කර ඇති අතර, පෞද්ගලික ඉඩම් වලින් ද 92.16% ක් ද නිදහස් කර ඇත. චෝදනා සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර ඇති අතර, සංහිඳියා කොමිෂන් සභාව ස්ථාපනය සඳහා ද එවකට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඇත. ජිනීවා යෝජනාවට අදාළව මානව හිමිකම් සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමටත්, ජාතික ගීතය දෙමළ බසින් ගායනයටත් පියවර ගෙන ඇත. මේ ආකාරයට ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා පියවර රැුසක් පසුගිය යහපාලන රජය විසින් ගන්නා ලදී.

ජිනීවා යෝජනා වලට එරෙහි විවේචන

යහපාලන රජය උපරිමයෙන් ජිනීවා යෝජනා ඉටුකර ඇත. තවත් යෝජනා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියේය. එසේ නමුත් දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීකයන්ට අනුව ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය දුර්වලය. මානව හිමිකම් කොමසාරිස් ද කියා සිටින්නේ යෝජනා ක‍්‍රියාත්මක කිරීම මන්දගාමී බවය. දෙමළ ඩයස්පෝරාව කියා සිටින්නේ ද, උතුරේ දෙමළ සංවිධාන කියාසිටින්නේද ජිනීවා යෝජනා ඉටු කිරීම ප‍්‍රමාණවත් නැති බවය. මින් පැහැදිලි වන්නේ රජයකට කළ හැකි දේ ඉක්මවා රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට හානිකරන රට අස්ථාවර කරවන වෙනත් පටු අපේක්ෂාවන් විදේශීය බලවේග වලට හා දෙමළ අන්තවාදීන්ට පවතින බවය. නොඑසේනම් ඊළාම් සිහිනයේ අපේක්ෂාවන් පවතින බවය. එවකට යහපාලන රජය බටහිර ජයගෙන ඇති බවට පුරසාරම් කියා සිටියද රටට ආදරය කරන පොදු මහජනතාවගේ මතය වන්නේ ජිනීවා නිර්දේශ ප‍්‍රකාරව යැයි කියමින් ශ‍්‍රී ලාංකේය ස්වාධිපත්‍ය, ජාතික ආරක්ෂාව හා සන්නද්ධ හමුදාවන්ගේ පැවැත්මට හානිකර තත්ත්වයක් ඇතිකර ඇති බවය. ජිනීවා යෝජනා ඔස්සේ මානව හිමිකම් යැයි පවසමින් රටේ සමස්ත පොදු ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවය. ජිනීවා යෝජනා වලට එරෙහිව ප‍්‍රබල දේශපේ‍්‍රමි මතයක් වන්නේ, ජිනීවා යෝජනා පසුගිය යහපාලන රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති බවත්, තවත් ඔවුන්ට ඉටුකරන්නට නියමිතව තිබුණේ, 13 වන සංශෝධනයට අනුව පළාත් සභාවලට සම්පූර්ණ බලතල ලබාදීමත් හා නව ව්‍යස්ථාවක් සම්පාදනය කිරීම හරහා තවදුරටත් බලය විමධ්‍යගත කිරීමත්, පමණක් බවය.

රටට හිතකර දේශපේ‍්‍රමී ප‍්‍රකාශයක් පසුගිය දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියා. එම ප‍්‍රකාශය වූයේ, උතුරු නැගෙනහිර පොලිස් හා ඉඩම් බලතල ලබාදිය නොහැකි බවත් ඊට අදාළ විකල්ප ක‍්‍රියාමාර්ග සඳහා සාකච්ඡුා කළ හැකි බවත්ය. එම ප‍්‍රකාශය ඊළාම්වාදීන්ට මෙන්ම පොදු දෙමළ ජනයා නොමග යවන අවස්ථාවාදී දේශපාලඥයන්ට අතුල් පහරක් විය හැකිය. එසේ නමුත් එය රටේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය පිළිබඳ හොඳ ස්ථාවරයක් බව කිව යුතුය. දෙසැම්බර් මාසයේ ඉකුත් දිනක පැවැති බි‍්‍රතාන්‍ය මහමැතිවරණයේදී එරට දෙමළ ඡුන්ද අපේක්ෂා කරමින් කොන්සවේටිව් පක්ෂය විසින් ඊළාම්වාදීන් ප‍්‍රියකරන එසේ නමුත් අප රටේ අඛණ්ඩතාවට හානිකරන ප‍්‍රකාශ පළව ඇති නමුත් ඒවා රාජ්‍ය තාන්ත‍්‍රිකව නිෂේධනය කිරීම වැදගත්ය. එම ප‍්‍රකාශ එක්තරා ආකාරයකට රටට කරන බලපෑම්ය. බටහිර බලපෑම් හා ජිනීවා යෝජනා නිසා ලංකාවේ ආරක්ෂක හමුදාව හා බුද්ධි අංශවල ක‍්‍රියාකාරීත්වය පසුගාමී වී ඉකුත් අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයට සුදුසු පරිසරයක් ලංකාවේ ඇති වූ බවද පොදු මැදිහත් ජනතාවගේ පිළිගැනීමය. ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවට අනුව, අප රට සම්බන්ධයෙන් විදෙස් රටක් හෝ සංවිධානයක් සමඟ ගිවිසුමකට එළැඹිය හැක්කේ, රටේ විධායක ජනාධිපතිවරයාගේ එකඟතාව අනුවය. නමුත් 30-1 ජිනීවා යෝජනාවට එකඟතාව පළකළේ ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් නොවේ. එය සිදුකරන ලද්දේ යහපාලන රජයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ එකඟතාවන්ට අනුවය. මෙවැනි එකඟතාවන් නීති විරෝධීය. ඒ අනුව 30-1 ජිනීවා යෝජනාවට එකඟ වූ ඊට අනුබල දුන් පිරිස් දේශද්‍රෝශින් ලෙස සලකා ඔවුනට එරෙහිව නීති ප‍්‍රකාරව කටයුතු කළ යුතු බවට, දේශපේ‍්‍රමීන් සිය මත පළ කරයි. යුද්ධයකදී සිදුවන සියලූම ක‍්‍රියා සාපරාධීය. නීති රීති අනුව, විවිධ අර්ථකථන මේවාට දිය හැකිය. අපේ හමුදාව ස්වාධීන හමුදාවක් බැවින් ඔවුනට විරුද්ධව ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා එල්ල කළ නොහැකි බවට ද මතවාද පවතී. වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වන්නේ ද 30-1 ජිනීවා යෝජනාවට අත්සන් කළ 2015 වසරේ පැවැති ජාත්‍යන්තර ස්වභාවය දැන් වෙනස් වී ඇති බැවින් අභාවයට යන දේශපාලන ප‍්‍රවාහ හා එල්ලී නොසිට ජිනිවා සම – අනුග‍්‍රහයෙන් ශ‍්‍රී ලංකාව ඉවත්වීමට කටයුතු කළ යුතු බවයි.

රාජපක්ෂ භීතිකාවක් මවා පාමින් ජනතාව නොමග යවා 2015 ජනවාරි 08 පිහිටුවූ ඊනියා යහපාලන රජය විසින් බටහිරට ගැති වෙමින් ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීමට එකඟ වුවත්, 2019 නොවැම්බර් 16 දින අතිවිශිෂ්ට ජනවරමක් ලැබූ ගෝඨාභය රජය මෙම ජිනීවා උගුලෙන් ගැලවීමට රාජ්‍ය තාන්ත‍්‍රිකව කටයුතු කළ යුතුය. නොඑසේනම් බටහිර පදයට නටමින් එළැඹෙන 2020 මාර්තු මාසයේදී පැවැත්වෙන ජිනීවා සැසියේදී සිය කාර්ය සාධනය පෙන්වීමට ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ ක‍්‍රියාත්මක වන නව ආණ්ඩුවද කටයුතු කළ යුතුය. එසේම 2021 මාර්තු මාසය වන විට ජිනීවා යෝජනා සියල්ල ඉටුකර පෙන්වීමට ද නව රජයට සිදුවේ. නව රජය විදේශ පැවරුම් ඉටුකරගන්නට ජනතාව විසින් පත්කරගත් රජයක් නොවේ. ජාතික ආරක්ෂාව හා රටේ ස්වෛරීභාවය රැුකගැනීමත්, පොදු මහජන අභිලාශ නිසිලෙස ඉටුකර ගැනීමත්, ශ‍්‍රී ලාංකික සියලූ ජනයාගේ යහපත උදාකරගැනීමත්, නව පාලනයෙන් ජනතාව අපේක්ෂා කරයි.

ජිනීවා යෝජනා වලට බහුතර පොදුජනයාද විරුද්ධය. 2017 පෙබරවාරි වල පැවැති ජිනීවා 34 වන සැසියේදී එවකට විදේශ අමාත්‍යවරයා ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා වසර 2 ක් කල් ඉල්ලා ගත්තේය. 2019 පෙබරවාරි මස පැවැති 40 වැනි ජිනීවා සැසියේදී ද තවත් වසර 2ක් ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කිරීමට කල් ඉල්ලා ගත්තේය. 2021 මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ‍්‍රී ලංකාව ඉටු කරන ලද කාර්ය සාධනය පිළිගනීද? කාර්ය ඉටුකිරීම සඳහා තවත් කල් ඉල්ලීමට සිදුවේ ද? ගැටලූවකි. බටහිර බලපෑම් වල ස්වභාවය නම්, ඔවුනට අවශ්‍ය විදියට රට හිරකර තබාගැනීමය. බටහිර හා දෙමළ ඩයස්පෝරාවේ අරමුණු ඉටුවන තෙක් දිගින් දිගටම ශ‍්‍රී ලංකාව මැඩවීමය. මෙය මහත් ඛේදවාචකයකි. ඉන් වහා ගැලවිය යුතුය.

ජිනීවා උගුලෙන් ගැලවීමට..

ජිනීවා උගුලෙන් ගැලවීම සඳහා අප කළ යුත්තේ, යුද සමයේ විශාල වශයෙන් මානව හිමිකම් කඩකිරීම් කළ බවට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීමට පදනම සැකසූ ශ‍්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ කමිටුව විසින් සකස් කළ මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලයීය වාර්තාව (OISL-REPORT)  අභියෝගයට ලක්කිරීමයි. මෙම වාර්තාව මගින් සකස් කළ 30-1 යෝජනාව යහපාලන රජය අවිවාදිතව පිළිගත් නිසා සිදුවූයේ චූදිත පාර්ශ්වයට චෝදනා වලට පිළිතුරු සැපයීමට අවස්ථාවක් නොලැබී යෑමයි. අනිත් අතට චූදිතයන්ට චෝදනාවන්ට පිළිතුරු සැපයීමට අවස්ථාවක් නොදී දඬුවම් නියම කිරීමද ගැටලූකාරීය. එම නිසා රණවිරුවන් චෝදනා වලින් නිදහස් වීම සඳහා සිය විත්ති වාචකය නිසි ලෙස ඉදිරිපත් කිරීමට විධික‍්‍රමයක් සකසා ගැනීම වැදගත්ය. ධෂීඛ වාර්තාව ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම වලින් පිටස්තර ලෙස සකස්කර ඇති බව ලෝක ප‍්‍රජාවට ප‍්‍රකාශ කළ යුතුය. විශේෂයෙන් මෙම වාර්තාවේ ඇති අසත්‍ය තොරතුරු පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ සියලූ සාමාජික රටවල් විද්වතුන්ගෙන් සැදුම්ලත් නිසිලෙස සකස් කළ යාන්ත‍්‍රණයක් මගින් දැනුවත් කළ යුතුය. මෙහිදී ගෝලීය වශයෙන් ක‍්‍රියාකාරීත්වය පෙන්වූ ශ‍්‍රී ලංකාවේ ජාතික ව්‍යාපාරය විසින් සිදුකරනු ලැබූ වැදගත් කාර්යභාරයන්ද සැලකිල්ලට ගෙන ජිනීවා උගුලෙන් ගැලවීමට නව ජනාධිපති විසින් රාජතාන්ත‍්‍රික ලෙස ඉදිරි ක‍්‍රියාමාර්ග ගත යුතුය.

සිංහල, දමිල, මුස්ලිම් සියලූ ජනවර්ගවල සුබසිද්ධියට නව පාලනය කටයුතු කළ යුතුය. සැමගේ මානව හිමිකම් සුරැුකිය යුතුය. නීතියේ ආධිපත්‍ය සුරැුකීමට වගබලා ගත යුතුය. සමස්ත රටේ දියුණුවට සියලූ ජනවර්ග වල සහාය ලබාගත හැකි පරිදි ජාතික ඒකාබද්ධතාව ප‍්‍රවර්ධනය කළ යුතුය. ජනවර්ග වලට අනුව රට ඛණ්ඩනය කිරීමක් නොව, තිරසර සංවර්ධනය මුළු රටපුරා ඇතිකිරීම තුළින් සමස්ත පොදු ජනතාවට ප‍්‍රතිලාභ භුක්ති විඳීමට සුදුසු පරිසරයක් ඇති කළ යුතුය. පොදු ජනයා අතර කිසිවෙක් දෙවැනි පන්තියේ පුරවැසියන් නොවිය යුතුය. මෙහිදී සෙසු ජනවර්ග වල පිරිස් ද පරණ අමිහිරි අතීතය අමතක කර ඉදිරි සුබ සිද්ධිය සඳහා එක්සත්ව රට ගොඩනැගීමට එක්විය යුතුය. අතීතයේ සිදුවූ වැරදීම් අඩුපාඩු ඇත්නම්, ඒවායේ එල්ලි නොසිට සෑම පාර්ශ්වයක්ම ඒවා විඳදරා ගනිමින් මධ්‍යස්ථ තැනකට පිවිස පොදු ජන යහපතට හවුල් විය යුතුය. විදේශීය බලවේග වලට රටට අතපෙවීමට හැකිවන පරිදි සිදුවන අවස්ථාවදී ක‍්‍රියාවලින් වැළකී සිටීම ද සියලූ පොදු ජනයාගේ වගකීමකි. නිදහස්, ශක්තිමත්, සමෘද්ධිමත් ශ‍්‍රී ලාංකික රාජ්‍යක් ගොඩනැගීමට සියලූ ජාතීන් එක්සත් විය යුතුය. මේ සඳහා අද දවසේ ශ‍්‍රී ලාංකික සියලූ පොදු ජනතාවගේ වගකීමක් වන්නේ; නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වටා ගොඩනැගී ඇති ජනබලය දිරිමත් කර ඉදිරි මහාමැතිවරණයේදී 2/3 වැඩි බහුතර බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සහාය දෙමින්, විදේශීය බලවේගවලින් දේශය බේරාගෙන රට ගොඩනැගීම සඳහා එක්සත්ව කටයුතු කිරීමයි.

දීපාල් ද සිල්වා



232 Viewers