• Home »
  • Sinhala »
  • ජිනීවා දංගෙඩියෙන් රණවිරුවන් බේරාගැනීමට ඇත්තටම නොහැකිද?

ජිනීවා දංගෙඩියෙන් රණවිරුවන් බේරාගැනීමට ඇත්තටම නොහැකිද?

(Courtesy of The Divaina)

image1මේ සටහන ආරම්භ කිරීමට සිදුව තිබෙන්නේ පරණ කතාවකිනි. එය වූ කලී අන් කිසිවක්‌ නොව සිය දේශයේ රණවිරුවන් අරබයා ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රතිපත්තිමය පෙනී සිටීමය. ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කරන සහ කළ තම රණවිරුවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය නොව සෞරග්‍රහ මණ්‌ඩලයම එක්‌ව තැනුණු සංවිධානාත්මක තැනකදී වුව චෝදනා එල්ල වන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන්නට අද ඇමරිකාව සූදානම්ය.

ලොව තැන් තැන්හි යුද පෙරමුණුවල සටන් වදින එක්‌සත් ජනපද සෙබළුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් සහ ඇමරිකානු ස්‌වෛරීත්වය වෙනුවෙන් ඔවුන් මේ වන විටත් අවශ්‍ය නීති සම්පාදනය කර ද අවසන්ය. තමන්ගේ රටේ රණවිරුවකු යුද අපරාධ චෝදනා යටතේ කිසියම් රාජ්‍යයකින් අත්අඩංගුවට ගතහොත් එම රාජ්‍යය ආක්‍රමණය කර හෝ ඔහුව මුදා ගන්නා බව ඇමරිකාව අද ලෝකයටම ඇසෙන්නට ප්‍රසිද්ධියේම කියන්නකි.

ලොව දියුණුද? අසංවර්ධිතද? සංවර්ධනය වෙමින් පවතින්නේද? යන කරුණ කෙසේ වෙතත් ඕනෑම රාජ්‍යයක්‌ මෙවන් ප්‍රතිපත්තියක සිට කටයුතු කරන්නේ නම් එය අගය කළ යුතුය. රට වෙනුවෙන් සටනට ගිය විරුවා කිසිවිටෙකත් ලෝකය ඉදිරියේ ගැරහුමට ලක්‌ වියයුතු නැත. චෝදනාවලට මුහුණ දියයුතු නැත. ඒ වීරත්වය රැක ගැනීම රටක පාලකයන්ගේ වගකීමය.

එකී වගකීම අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල පවතින්නේ කොතැනකද? ඇමරිකාවට හැකි දේ අපටත් කරන්නට පුළුවන්දැයි දැන් මේ සටහන දකින ඇතැම් පණ්‌ඩිතයන්ට සිතෙන්නට බැරි නැත. එම පඬි සිතුවිල්ල එක්‌ අතකට නිවැරදි වන්නකි. ඇමරිකාවට ඇති බලය අපට නැති බව ඇත්තය. එහෙත් ඇමරිකාවට ඇති අයිතිය අපටද ඇත. ඒ අයිතිය නිවැරදිව පෙන්වා දීමෙන් අපට එතැනට යා නොහැකිද? පුළුවන. අවශ්‍ය වන්නේ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පුළුල්ලව සහ තීක්‍ෂණ ලෙස කටයුතු කිරීමය. එසේ නොමැතිව ලෝකයා ඉදිරියේ එකක්‌ කියා අනෙක්‌ අතට තවෙකක්‌ කියන්නට ගියහොත් අපට රටක්‌ වශයෙන් ඇති පිළිගැනීම අහිමි වනු ඇත.

ඉකුත් දා එක්‌සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්‌ඩල සැසිය ඇමතූ+ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ඇතැයි කියන ප්‍රශ්න විස¹ ගැනීමට අපට අවස්‌ථාව දෙන්න යෑයි ජාත්‍යන්තරයෙන් ආයාචනා කළේය. එය ඉතාම නිවැරදි ක්‍රියාවකි. සත්‍ය වශයෙන්ම අපට ජාත්‍යන්තරයට අභියෝග කළ නොහැක.

එහෙත් ජනාධිපතිවරයා එකී ප්‍රකාශය කරනු ලැබුවේ නියම අවස්‌ථාවේදී ද? අවශ්‍ය පසුබිම සැකසීමෙන් පසුවද? ජිනීවාහි පැවති එක්‌සත් ජාතීන්ගේ 39 වැනි මානව හිමිකම් සැසිවාරය අවසන්a වූයේ ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශයට දින දෙක තුනකට ඉහතදීය. ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සලය තුළ සම්මත වූ 30රැ1 යෝජනාවේ අපට හිතකර සාධනීය වෙනසක්‌ ඒ අවසානයේදී ද සිදුවූයේ නැත.

image2මානව හිමිකම් කවුන්සලයට එකී යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ඇමරිකාව විසිනි. එය සිදු වූයේ ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාකත්වය ඇතිවය. මෙකී සම අනුග්‍රහකත්වය ලබාදීම ද මේ වන විට මතබේදයට තුඩුදී තිබෙන කරුණක්‌ මෙන්ම ඓතිහාසික එකක්‌ බවට ද පත්ව ඇත.

එහෙත් මානව හිමිකම් කවුන්සලය තුළ අපට එරෙහිව අපේම සහයෝගය (ඇමැති මංගල සමරවීරගේ) ඇතිව සම්මත කෙරුණු එකී යෝජනාව නිවැරදි නොවන්නක්‌ බව පෙන්වා දීමට ඉකුත් 2017 වසරේදී පැහැදිලි අවස්‌ථාවක්‌ ආණ්‌ඩුවට උදා නොවුණේද? එකී අවස්‌ථාව උදාකර දුන්නේ බ්‍රිතාන්‍ය කන්සර්ටේවිව් පක්‍ෂයේ නෙසබි සාමිවරයාය.

අවසන් යුද සමයේ මෙරට සිටි බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන්ගේ වාර්තා මෙන්ම ඇමරිකානු තානාපතිවරයා වූ රොබටෝ බ්ලේක්‌ ඇතුළු වගකිවයුතු චරිත රැසක්‌ සමඟ සාකච්චා කර එක්‌රැස්‌ කර ගත් සාක්‍ෂි විශාල ප්‍රමාණයක්‌ සමඟ නෙසබි සාමාවරයා ලෝකයට පෙන්වා දුන්නේ අවසන් සටනේදී ශ්‍රී ලංකා හමුදා අතින් මියගොස්‌ ඇත්තේ හත්දහසත් අටදහසත් අතර ප්‍රමාණයක්‌ය යන්නය.

අද මෙසේ නෙසබි සාමිවරයා අපට සපුරා දී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ රජයෙන් සිදුවූ බරපතළ අඩුපාඩුවක්‌ ලෙසද මෙහිදී පෙන්වා දිය හැකිය. රාජපක්‍ෂ රජය යුද්ධය සාර්ථකව කළේය. මේ රටට නිදහස යළි දිනා දුන්නේය. එහෙත් යුද්ධය පිළිබඳ පැහැදිලි සාක්‍ෂි එක්‌රැස්‌ කරගැනීමක්‌ සිදු නොවීය. එවැන්නක්‌ සිදුව තිබුණේ නම් අද එක්‌සත් ජාතීන්ට පිළිතුරු දෙන්නට අපට පහසුය. අවාසනාවකට එවැන්නක්‌ සිදුව නැත.

නෙසබි සාමිවරයාගේ මේ වැදගත් සාක්‍ෂිය තුළින්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල චෝදනාවට පිළිතුරු දෙන්නට වත්මන් රජයට අවස්‌ථාව තිබිණි. එසේ අවස්‌ථාව තිබියදීත් මේ දක්‌වාම ආණ්‌ඩුව කළේ තුරුම්පු ආසියා අතේ තබාගෙන බකංනිලා සිටීම නොවේද?

එසේ කටුයුතු කර ජනාධිපතිවරයා “අපේ ප්‍රශ්න අපට විස¹ ගැනීමට ඉඩ දෙන්න” යෑයි කීමෙන් පමණක්‌ සියල්ල විසඳෙන්නේ නැත. ඇතැම්විට ජාත්‍යන්තරයට ගොස්‌ කරන එවැනි ඉල්ලීමකින් ආණ්‌ඩුවේ වර්තමාන දේශපාලන ගරාවැටීමට යම් අල්පමාත්‍ර විසඳුමක්‌ වීමට ඉඩක්‌ ඇත. එයද සැකසහිතය.

ලැබුණු අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගෙන එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයට සත්‍ය පෙන්වා දී ජනාධිපතිවරයා අද එකසත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය ඉදිරියේ මේකී ආයචනය කළේ නම් එය අතිශය වැදගත් ඉල්ලීමක්‌ බවට නිරායාශයෙන්ම පත්වන්නේය.

එසේ අපේ ප්‍රශ්න විස¹ ගන්නට ඉඩ දෙන්න යෑයි එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩල සැසියේදී කී ජනාධිපතිවරයා ඊට පසුදා නිව්යෝර්ක්‌ නුවරදී එරට ශ්‍රී ලාංකිකයන් හමුවී කළ ප්‍රකාශයද මේ වන විට සමාජ ජාල ඇතුළු බොහෝ මාධ්‍යයන්හි කතාබහට ලක්‌වන මාතෘකාවක්‌ බවට පත්ව ඇත. එහිදී ජනාධිපතිවරයා කළ එක්‌ ප්‍රකාශයකින් කියෑවුණේ යුද්ධයේදී නොව, ඉන් පරිභාහිරව හමුදා සාමාජිකයන් කිසියම් වූ අපරාධවලට යොමුවී ඇතිනම් ඔවුනට දඬුවම් දීම සිදු කරන බවය.

පැහැදිලිවම එය සිදු කළ යුතු කාර්යයකි. එහි විවාදයක්‌ නැත. එහෙත් අද පශ්චාත් යුද සමයේ සිදුවූ අපරාධ යෑයි කියමින් කෙරන විමර්ශනවලට අනුව කෙරෙන්නේ එසේ නිවැරදි අකාරයට කටයුතු කිරීමක්‌ද? මේ විමර්ශනවලට අනුව නොකඩවා පහර පිට පහර වැදෙමින් තිබෙන්නේ රටක ජාතික ආරක්‍ෂාවේ කොඳු නාරටිය බඳු බුද්ධි අංශ රණවිරුවන්ටය.

පසුගිය දිනක ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්‌නැලිගොඩ කොළඹදී මාධ්‍ය හමුවක්‌ කැඳවීය. එහිදී සිය මුහුණින් අතිශය සාර්ථක අභිනයන් කරමින් ඇය මාධ්‍යවේදීන් හමුවේ සිය සැමියා පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේ රාජපක්‍ෂවරුන් සහ හමුදා බුද්ධි නිලධාරීන් බවට සපථ කර කියා සිටියාය.

එකී මිනීමරුවන් අල්ලන්නට නොදී අද වන විට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් රාජපක්‍ෂවරුන් බේරා ගැනීමේ දේශපාලන කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකරමින් සිටින බවද එහිදී ඇය සඳහන් කළාය. මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පිළිබඳ සැහීමකට පත් වන්නේදැයි එහිදී ඇගෙන් “දිවයින” කළ විමසීමකදී පැහැදිලිව පිළිතුරු දුන් ඇය කියා සිටියේ විමර්ශන නිලධාරීන්ගේ උනන්දුව අගය කරන බවය.

මේ මොහොත වන විට එක්‌නැලිගොඩ විමර්ශනයට අනුව සිරගත කෙරුණු යුද හමුදා බුද්ධි නිලධාරීහු ගණන එකොළොස්‌ දෙනකු වන්නාහ. ඉන් දෙදෙනකු දැනුදු සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය. එසේ වුවද එක්‌නැලිගොඩ මැරිලාද නැද්ද යන්න අදටත් විමර්ශකයෝ නොදන්නාහ. අද එක්‌නැලිගොඩ බිරිඳ අගය කරන්නේ යෑයි මාධ්‍ය හමුවේ කියන්නේ විමර්ශකයන්ගේ ඒ උත්සාහය නොවේද?

අපි ඉන් එහා ඒ පිළිබඳ කිසිත් නොකියමු. මේ සියලු තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා හමුදාවන්ට අත්වී තිබෙන ඉරණම පිළිබඳ දැන් කතා කරමු.

මෙ ගෙවී යමින් තිබෙන්නේ ශ්‍රීලංකාවේ පැවති යුද්ධය අවසන් වී නවවන වසරේ අවසන් භාගය ය. එසේ වුවද ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද පෙරමුණේ සිටි කිසිදු රණවිරුවකුට මේ මොහොත වන විට එක්‌සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වලට සහභාගි වීමේ අවස්‌ථාවක්‌ නැත.

එසේ වී තිබෙන්නේ ඔවුන් යුද අපරාධකරුවන් ලෙස ජාත්‍යන්තරව සලකන නිසාදැයි කියන්නට කෙනකුද නැත. එහිදී බුද්ධි අංශවලට අත්වී තිබෙන ඉරණම ඉතාම ශෝචනීය එකක්‌ බවට පත්ව ඇත. පසුගිය දිනක යුද හමුදා බුද්ධි අංශයේ රාජකාරි කළ මේජර්වරයකුගේ බිරිඳක්‌ ශිෂ්‍යත්වයක්‌ ලබා නවසීලන්තයට පිටත්ව ගියාය. ඇය පිටත්ව යනවිට ඔවුන්ට කුඩා දරුවකු විය.

මවගේ වෙන්වීමෙන් පසු දරුවා සාංකාවට පත්ව පියාගේ මව ඉල්ලා හඬන්නට විය. එහිදී තීරණයක්‌ ගත් මේජර්වරයා යුද හමුදාවෙන් ඉවත් වී දරුවාට මව් සෙනෙහස ලබාදීම සඳහා නවසීලන්තය බලා යැමට වීසා ඇයෑදුම් කළේය. ඔහු බුද්ධි අංශ සාමාජිකයෙකි. එනිසා මේජර්වරයාට නවසීලන්තයට ඇතුළු වීමට වීසා නොලැබිණි. මෙය ශෝචනීය තත්ත්වයක්‌ නොවේද? මෙවන් කතා තව බොහො ඇත. එහෙත් විසඳුම් නැත.

මේවාට විසඳුම් දෙන්නට වත්මන් රජයට හැකියාව ඇත. නැත්තේ වුවමනාවය. එසේ විසඳුමක්‌ ලබාදීමට නම් කළ යුත්තේ කුමක්‌ද? බ්‍රිතාන්‍යයේ නෙසබි සාමිවරයා අනාවරණය කරගත් කරුණු ලෝකයට ඉදිරිපත් කිරීමය.

ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික ඇරයුමකින් වහාම නෙසබි සාමිවරයා ශ්‍රී ලංකාවට කැඳවා මෙරට සිටින විදේශ තානාපති නිලධාරීන් සියල්ලට ආරාධනා කර ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සහභාගිවී නෙසබි සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණයක්‌ වැන්නක්‌ සංවිධානය කිරීමට ආණ්‌ඩුවට පහසුය. විදේශීය තානාපතිවරුන්ට නෙසබි සාමිවරයා කියන සත්‍යය පෙන්වා දෙන්නට එහිදී අවස්‌ථාව නොලැබේද? අනතුරුව නෙසබි සාමිවරයා ප්‍රකාශ කරන සත්‍යය පිළිගන්නේද නැද්ද යන වග රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් බ්‍රිතාන්‍ය රජයෙන් විමසීමේ හැකියාවද ඇත.

2019 මාර්තුවේදී ජිනීවාහි පැවත්වෙන මානව හිමිකම් සැසිවාරයට එම සම්මන්ත්‍රණයේ වාර්තාව පමණක්‌ රැගෙන ගියේ නම් එදාට ආණ්‌ඩුවට ස්‌ථිර වශයෙන්ම අද රටට එල්ලවී තිබෙන ජාත්‍යන්තර චෝදනාවන්ගෙන් රටත් රට බේරාගත් රණවිරුවනුත් ගලවා ගැනීමට හැකිවනු ඇත.

හැබැයි මතක තබා ගන්න. මීළඟ මැතිවරණයේදී උතුරේ බෙදුම්වාදී දෙමළ දේශපාලන ඡන්ද ටිකනම් මෙහිදී ගිලිහි යනු නියතය. මේ අනුව දැන් ආණ්‌ඩුවට තෝරා ගැනීමට අවස්‌ථා දෙකක්‌ ඇත. එකක්‌ වන්නේ රට සහ රටට සාමය ගෙන දුන් රණවිරුවන්ගේ විමුක්‌තිය ය. දෙවැන්න වන්නේ මැතිවරණයකදී ජාතිකවාදී පදනමින් ගිලිහී ගමන් කරන වත්මන් ආණ්‌ඩුවට ලබාගැනීමට අත්‍යවශ්‍ය බෙදුම්වාදී දෙමළ ඡන්ද ප්‍රතිශතය ය.

මේ දෙකින් යහපාලනය කුමක්‌ තෝරාගනු ඇතිද? එළඹෙන මාර්තුවේදී ජිනිවා නුවරදී පැවැත්වෙන් 40 වැනි මානව හිමිකම් සැසිවාරයේදී රටට සහ ජනතාවට එය පැහැදිලි වනු ඇත.

* සමන් ගමගේ

 

376 Viewers