• Home »
  • Sinhala »
  • ජිනීවා යෝජනාවට ඔස්ටින් ප‍්‍රනාන්දු පාර කපාදුන් හැටි… බි‍්‍රතාන්‍ය විමර්ශන කණ්ඩායම කොටි ඩයස්පෝරාව ගැන රජයේ ප‍්‍රතිචාරය සොයයි… ගෝඨාභයට එරෙහි දරිෂා බැස්ටියන්ගේ ව්‍යාපෘතිය….

ජිනීවා යෝජනාවට ඔස්ටින් ප‍්‍රනාන්දු පාර කපාදුන් හැටි… බි‍්‍රතාන්‍ය විමර්ශන කණ්ඩායම කොටි ඩයස්පෝරාව ගැන රජයේ ප‍්‍රතිචාරය සොයයි… ගෝඨාභයට එරෙහි දරිෂා බැස්ටියන්ගේ ව්‍යාපෘතිය….

(Courtesy of Sunday Diwaina) 

  • ජිනීවා යෝජනාවට එරෙහි ජිනීවා ප්‍රොපේක්ට් මෙහෙයුම දියත් වෙයි

43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 24 දා ආරම්භ වන අතර වත්මන් රජයට ඊට මුහුණදීමට සිදුවී ඇත. මෙහිදී මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රකාශයක් කරනවා ඇත.

2015 වසරේ සැප්තැම්බර් මස ඇමරිකාව විසින් ජිනීවා යෝජනාව සමුළුව වෙත ගෙන ඒමෙන් පසු එවකට සිටි විදේශ ඇමැති මංගල සමරවීර ජනාධිපති අනුමැතිය නැතිව එම යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදුන්නේය. මෙම කි‍්‍රයාදාමය චූදිතයාට එල්ල වූ චෝදනා වලට චුදිතයාට එකඟවීමක් වැනිය.

එහෙත් 2015 නොවැම්බර් 1 දා නැගෙනහිර ආණ්ඩුකාරයාව සිටි ඔස්ටින් ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකාවේ ජනතාවට වසන් වූ තොරතුරක් හෙළිකරනු ලැබීය.

‘‘ජිනීවා යෝජනාවට තමන් ඇතුළු ශ‍්‍රී ලාංකික කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාව පදනම් වී ඇතැයි ඔහු කියා සිටියේය. ඔහු වැඩිදුරටත් රජයේ පුවත්පතකට මෙලෙස පවසා තිබුණි.’’

‘‘අපි දැනගෙන හිටියා මෙරට මානව හිමිකම් පිළිබඳව මෙවැනි පරීක්‍ෂණයක් කරනවා කියලා. 2014 සිට එය පවත්වාගෙන ආබව අපට වාර්තා වුණා. රජයක් වශයෙන් දැනගෙන හිටියා මොන විදියේ ප‍්‍රශ්නද පැන නගින්න ඉඩ තියෙන්නෙ කියලා. මේ සඳහා සූදානම්වීමක් ලෙස ජයන්ත ධනපාලගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා අපි කි‍්‍රයාකළා. මමත් ඒ කමිටුවේ සිටියා. බුද්ධිමතුන්, විද්වතුන්, සිවිල් සමාජයේ අයත් එම කමිටුවේ හිටියා.

වාර දෙක තුනකින් පසු ජයන්ත ධනපාල පුද්ගලික හේතූන් මත කමිටුවෙන් ඉවත් වුණා. ඉන්පසු මම එම කමිටුවේ සභාපති ලෙස පත්වුණා. අපි අංශ හතරකින් මේ ප‍්‍රශ්නේ ගැන සොයා බැලූවා. මේ හතර අංශය ගැන තමයි ජිනීවා යෝජනාවේ තිබෙන්නේ. මේ නිසා මේ ඇමරිකාව බි‍්‍රතාන්‍ය හෝ ඉන්දියාව ගෙන ආ යෝජනාවක් යයි කියනවා නම් එය වැරදියි.

අපේ මේ සාකච්ඡුා කෙරුණේ ඡුන්ද ව්‍යාපාරය කරගෙන යන අවස්ථාවේ බව කිවයුතුයි. අපි මේ ප‍්‍රශ්නයට මුහුණදෙන්නේ කොහොමද යන්න සාකච්ඡුා කරලා ලොව පිළිගන්න සම්මත ක‍්‍රම හතරක් මුල්කරගෙන යෝජනා සකස් කෙරුවා.

maria

පළමු සම්මතය නම් අපි කොහොමද සත්‍ය ගවේෂණය කරන්නේ කියන එක. මිනිසුන් අතුරුදන් කිරීම, හමුදාවේ හා සෙසු ජනයා අතුරුදන්වීම, ළමයි අතුරුදන්වීම යන කරුණු ගැන සත්‍ය ගවේෂණයක් අවශ්‍ය බව අපි සිතුවා. දකුණු අපි‍්‍රකාව වගේ රටවල් වල කි‍්‍රයාත්මක වූ සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කරන්න අපි යෝජනා කළා. අතුරුදන්වූවන් ගැන සෙවීමට විශේෂ කාර්යාලයක් පිහිටුවිය යුතු යැයි අපේ කමිටුවෙන් යෝජනා කෙරුවා.

විශාල වශයෙන් මානව අයිතිවාසිකම් පැත්තෙන් මානුෂික නීතිය උල්ලංඝණය කළ අවස්ථාවල යුක්තිය ඉටුකරන්න කියන ඉල්ලීම් ජනතාවගෙන් ඉදිරිපත්වුණා. කොමිෂන් සභා වාර්තාවල අපේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් නම් වශයෙන් සඳහන් කර තිබෙනවා. මෙතනදී අපි යෝජනා කළේ දේශීය අධිකරණය ගැනයි.

එසේම ඔස්ටින් ප‍්‍රනාන්දු තවදුරටත් සඳහන් කර ඇත්තේ රටේ ස්වාධිපත්‍යය හෝ රටට හානිකර කිසිවක් ජිනීවා යෝජනාවෙන් සිදුනොවන බවත් ත‍්‍රස්තවාදය වැනි ව්‍යසනයක් යළි රටේ ඇති නොවන පරිදි දේශපාලන පක්‍ෂ ඇතුළු සියළු දෙනාගේ සහය ඇතිව යෝජනාව කි‍්‍රයාත්මක කළයුතු බවයි.

මේ ප‍්‍රකාශය බළලා මල්ලෙන් එළියට පැනීමකි. මේ ඔස්ටින් ප‍්‍රනාන්දු කවුද? රනිල් වික‍්‍රමසිංහ සහ ප‍්‍රභාකරන් අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුම සමයේ රටේ ආරක්‍ෂක ලේකම් වූයේ මොහුයි. මෛත‍්‍රිපාල සිරිසේන සමයේ ඔහු ජනාධිපති ලේකම්විය. පසුව ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් විය.

මේ ඊනියා සටන් විරාම ගිවිසුම තමන් ඇතුළු ති‍්‍රවිධ හමුදා නිලධාරීන්ට පෙන්නුවේ නැතැයි හිටපු නාවික හමුදාපති දයා සඳගිරි වරක් අපවෙත හෙළිකළේය.

මෙවන් පසුබිමක් මැද ඔස්ටින් ප‍්‍රනාන්දු 2019 නොවැම්බර් 01 වැනිදා රජයේ පුවත්පතක් වෙත තවදුරටත් මෙලෙස පවසා තිබුණි.

‘‘හිටපු රජය කිව්වනේ (මහින්ද රාජපක්‍ෂ රජය* සුදු කොඩි කතාව බොරු. චැනල් ෆෝ අන්තිම බොරු, ඉසිප‍්‍රියා මැරීම බොරු, කර්නල් රමේෂ් මැරීම බොරු, ප‍්‍රභාකරන්ගේ පුතා මැරීම බොරු, මේ චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කළා.

තරුණ පිරිස් පැහැරගෙන ගිහිල්ලා අතුරුදන් කරලා කියන චෝදනාව සෙවීම රටේ ස්වෛරීත්වයට හානියක්ද? රටේ නිදහසට හානිවන දෙයක්ද රටේ නිදහස සහ ස්වෛරීත්වය තහවුරු වන්නේ මේ ගැන පරීක්‍ෂණය කළ විටයි.

මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය නම් ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ගෙන ආවේ ඔස්ටින් ප‍්‍රනාන්දුගේ කමිටු වාර්තාව පදනම් කරගෙනද යන්නයි.

මේ අයුරින් ඔස්ටින් ප‍්‍රනාන්දු නැමැති අපූරු උපදේශකයා වැඩිදුරටත් පවසන්නේ යුද්දේදී සිදුවූ දේවල් අවුස්සන්නේ මොකටද කියා සමහර අය කියන බවත් කවුරුහරි මරලා දාලා හෝ අතුරුදන් කරලා කියනවා නම් ඒ ගැන පරීක්‍ෂණ කරන්න බැහැ කියලා කියන්න පුළුවන්කමක් නැති බවත්ය.

මෙවන් පසුබිමක් මැද 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී හිටපු විදේශ ඇමැති මාරපන අනුගමනය කළ කි‍්‍රයාදාමය අනුගමනය කරන බවට අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කළ ප‍්‍රකාශය සිව්වසරක් තිස්සේ ද්‍රෝහි ජිනීවා යෝජනාවට එරෙහිව දේශපේ‍්‍රමී සංවිධාන දියත් කළ සටන අවතක්සේරුවකට ලක්වීමක් විය.

මාරපනගේ කි‍්‍රයාදාමය වත්මන් රජය අනුගමනය කිරීම නම් සිදුවන්නේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය බි‍්‍රතාන්‍ය රාජනීතිඥ ජෙප්රි නයිස් ලවා ජිනීවා යෝජනාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගොනු කළ පැමිණිල්ලට එරෙහිවීමක් නොවේද?

මෙම ජිනීවා යෝජනාවට යහපාලන රජය සම අනුග‍්‍රහයදීම නිසා එය ඉවත් කරලීම සඳහා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය පසුගිය කාලය මුළුල්ලේම සටන් වැදුනි.

එහෙත් මාරපනගේ මාර්ගයේ යාමට වත්මන් රජය කි‍්‍රයාකළහොත් එය දේශපේ‍්‍රමීන්ව පාවාදීමක් නොවන්නේද?

එසේ වූවත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ බි‍්‍රතාන්‍ය ශාඛාව ජිනීවා සටන අත්හැර නැත. එම ශාඛාවේ ප‍්‍රධානීහු ජිනීවා ව්‍යාපෘතිය නමින් දියත් කර ඇති මෙහෙයුම අප අද විශේෂයෙන් :ැංජකමිසඩැ* හෙළිකරන්නෙමු.

diaspora

ඒ අනුව ද්‍රවිඩයන්ට හිරිහැර කරන බවට නැගෙන චෝදනාවට ප‍්‍රතිචාර දැක්වීම මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවට ප‍්‍රතිචාර දැක්වීම පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විස් සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධිය ගෙතූ ප‍්‍රචණ්ඩත්වයක් බව හෙලිකිරීම, ද්‍රවිඩ සමූල ඝාතනය නැමැති චෝදනාවට සහ යුද අපරාධ චෝදනා වලට නිසි පිළිතුරු දීම, කොටි අරමුදල් එකතුකරන අය ගැන හෙළිකිරීම, මානව හිමිකම් කවුන්සිලය අයුතු ලෙස භාවිත කර කොටි හිතවාදී සංවිධාන සිදුකරන බොරු ප‍්‍රචාර වලට ප‍්‍රතිචාර දැක්වීම යන කරුණු මානව හිමිකම් සමුළුවේදී අනාවරණය කෙරේ.

මෙයට අමතරව ජිනීවා යෝජනාවේ නීත්‍යනුකූලතාවය. කොටි සංවිධානය සිදුකළ අපරාධ, ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල කරන චෝදනා වලට ප‍්‍රතිචාර දැක්වීම ස්විස් තානාපති කාර්යාලය වියානා සම්මුතිය උල්ලංඝණය කිරීම, මහකොමසාරිස් වාර්තාවට අභියෝග කිරීම, මානව හිමිකම් කවුන්සිලය සහ අනිකුත් එක්සත් ජාතීන්ගේ සංවිධාන ශ‍්‍රී ලංකාවට එරෙහිව

අනුගමනය කරන ඒකපාක්‍ෂික පිළිවෙත යන කරුණු ගැන ලිඛිත වාර්තා මානව හිමිකම් කවුන්සිලයට බාරදීමටද ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ බි‍්‍රතාන්‍ය ශාඛාව තීරණය කර ඇත.

එසේම ගානියා ප‍්‍රැන්සිස් නැමැති ස්විස් සේවිකාවගේ සිද්ධියේ පසුබිම ඇතුළත් සවිස්තර වාර්තාවක්ද සටන් විරාම සමයේ පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීමට කොටි සංවිධානය කි‍්‍රයාකිරීම ගැන දැක්වෙන විශේෂ වාර්තාවක්ද මානව හිමිකම් කවුන්සිලයට යොමු කෙරේ. ජිනීවා ප්‍රොජෙක්ට් හෙවත් ජිනීවා ව්‍යාපෘතිය නැමැති මෙම වැඩසටහනට වත්මන් රජයේ දායකත්වයක් නොමැත.

එසේම බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිගේ රහස් වාර්තාවද මෙවර මානව හිමිකම් සමුළුව වෙත යොමුකරන්නේද යන්න වත්මන් රජයද ප‍්‍රකාශ කර නැත.

මේ අතර ජනපතිවරණය නුදුරුව බි‍්‍රතාන්‍ය රජය මෙරට කටයුතු ගැන සෙවීමට ති‍්‍ර පුද්ගල විමර්ශන කමිටුවක් මෙරටට එවනු ලැබීය. ජනපතිවරණය නිසා ජනතාවට මේ බි‍්‍රතාන්‍ය කමිටුව මෙරටට පැමිණ කුමක් කරන්නේද යන්න ගැන අනාවරණය වූයේ නැත.

බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙරටට එවා තිබූ කමිටුව සැප්තැම්බර් 28 සිට ඔක්තෝම්බර් 5 දක්වා වූ කාලය තුළ විමර්ශනය කළේ කුමක්ද?

ඒ ශ‍්‍රී ලංකා රජය ද්‍රවිඩයන්ට සලකන්නේ කෙසේද සහ කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සම්බන්ධව කටයුතු කරන්නේ කුමන අයුරකින්ද යන්න සෙවීමයි.

president rajapaksa

හිටපු කොටි කි‍්‍රයාකාරීන්ට සහ ටී. ජී. ටී. ඊ. හෙවත් රටින් පිටත ඊළම් ආණ්ඩුව නැමැති හොර සංවිධානයේ සාමාජිකයන් පිළිබඳව රජය අනුගමනය කරන පිළිවෙතද එකී නිරීක්‍ෂණ කමිටුව සොයා බලා ඇත. එහෙත් හිටපු කොටි සහ හොර ඊළම් ආණ්ඩුව සංවිධානයේ පිරිස් ගැන සෙවීමට නුඹලාට ඇති අයිතිය කුමක්දැයි මෛත‍්‍රිපාල සහ රනිල් රජය බි‍්‍රතාන්‍ය නිරීක්‍ෂකයන්ගෙන් ඇසුවේ නැත.

මේ බි‍්‍රතාන්‍ය කණ්ඩායම ඒ ගැන තොරතුරු විමසුවේ මාධ්‍යවේදීන් සහ එන්. ජී. ඕ කි‍්‍රයාකාරීන්ගෙනි.

එකී කණ්ඩායම රහස් පොලිසියේ නිලධාරින්ගෙන්ද රටින් පිටත ඊලම් ආණ්ඩුව :ඔඨඔෑ* නමැති සංවිධානය ගැන තොරතුරු විමසුවත් රහස් පොලිස් නිලධාරීන්ටද එකී සංවිධානය ගැන තිබුණේ සුළු දැනුමක් පමණකි.

geneva projector

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව සිය ජිනීවා සටන නතර කරන්නේ නැත.

මෙම ජිනීවා සටනට ඩුබායි සිට අජන්ත පේ‍්‍රමරත්න, යසස් ධර්මදාස, බි‍්‍රතාන්‍යයේ ජෙයරාජ් පලිහවඩන, කපිල ජයසේන, ප‍්‍රසංග ජයමාන්නද ස්විට්සර්ලන්තයේ එරික් මාකවිටගේ, රනිල් ජයනෙත්ති, පෝලන්තයේ සේනක රාජපක්‍ෂ, ඊශ‍්‍රායලයේ ජනත් විමල, ඉතාලියේ සුනිල් ශාන්ත, ස්වීඩනයේ චන්දු එස්. බණ්ඩාර, ඔස්ටේ‍්‍රලියාවේ හර්ෂ පෙරේරාද එක්වී සිටී.

නතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට ගිය බි‍්‍රතාන්‍යය කණ්ඩායම එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ රටින් පිටත ඊළම් ආණ්ඩුව නැමැති සංවිධානය ගැන විමසුවත් එය තහනම් සංවිධානයක් බව දැන සිටියේ නැතැයි හෙළිවිය.

ශ‍්‍රී ලංකාව තුළ වෙනම රටක් බිහිකිරීමට උත්සාහ කරන රටින් පිටත ඊළම් ආණ්ඩුව සංවිධානය ගැන නීති අංශ සහ රහස් පොලිසිය නොදැන සිටීමෙන් රටේ පැවැති තත්ත්වය පැහැදිලි විය.

මෙකී බි‍්‍රතාන්‍ය නිරීක්‍ෂකයෝ මෙරටදී 50 කට අධික පිරිසක් හමුවී ඇති අතර ඉන් 18 ක් සමඟ සාකච්ඡුා පවත්වා ඇත.

ශ‍්‍රී ලංකාවේ බලධාරීන් විසින් ඩයස්පෝරාව නිරීක්‍ෂණය කරන්නේ රටේ ආරක්‍ෂාව සඳහායි. එම පසුබිම මැද බි‍්‍රතාන්‍ය නිරීක්‍ෂකයෝ කටුනායක ගුවන්තොටුපල වෙත ගොස් එහි පිහිටි රහස් පොලිස් ඒකකය සහ ආගමන විගමන අංශද විමර්ශනය කර එහි ඡුායාරූප ගැනීමක්ද කර තිබේ.

ඉන්පසු ගුවන් යානා වලින් කටුනායකට පැමිණෙන ඩයස්පෝරා කි‍්‍රයාකාරින් සහ හිටපු කොටි අත්අඩංගුවට ගන්නේද යන්නද සොයාබලා තිබේ.

එසේම ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා කි‍්‍රයාකාරින්ද ගෝලීය ද්‍රවිඩ සංසදයේ පිරිස් වලටද ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලැබුණු අතර ඔවුන් උතුරට ගොස් කොටි ත‍්‍රස්තයන් සැමරීමේ උත්සව වලටද සහභාගි වී ඇති බව කමිටුව කියා සිටී.

මේ හැර මේ බි‍්‍රතාන්‍ය නිරීක්‍ෂකයන් තවදුරටත් දක්වන්නේ ද්‍රවිඩ ප‍්‍රදේශ වල බෞද්ධ යටත්විජිතවාදය කි‍්‍රයාත්මක වන බවත් ජන අනුපාතය වෙනස් කිරීමටද සැලසුමක් දියත්වී ඇති බවයි.

මේ අතර බි‍්‍රතාන්‍ය නිරීක්‍ෂණ කණ්ඩායමේ තොරතුරු සෙවීමේ කි‍්‍රයාවලියේදී සත්‍ය තත්ත්වය නම් ශ‍්‍රී ලංකාව වෙත බි‍්‍රතාන්‍ය ඇතුළු යුරෝපා රටවල සිට එන කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන්ට වධහිංසා සිදුවන්නේද සහ ඔවුන්ට හිරිහැර සිදුවී තිබේද යන්න නිරීක්‍ෂණය කිරීමයි.

මේ අන්දමට ඉන්දියාවට ගොස් එවන් නිරීක්‍ෂණයක් කිරීම සඳහා බි‍්‍රතාන්‍ය කණ්ඩායමකට ඉන්දීය රජය ඉඩදෙනු ඇතැයි සිතිය හැකිද?

එහෙත් කොන්දක් නොතිබූ පසුගිය රජය හිටපු කොටින් මෙරටට පැමිණීමේදී රජය සලකන්නේ කෙසේදැයි සෙවීමට බි‍්‍රතාන්‍ය නිරීක්‍ෂණ කණ්ඩායමට මෙරටට ඒමට දොර විවෘත කළේය.

මේ විදේශ කණ්ඩායම මෙරටට පැමිණීම හෝ ඔවුන් දියත් කළ මෙහෙයුම ගැන පසුගිය රජය ජනතාවට තොරතුරු වසන් කළේය.

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි දෙවැනි මෙහෙයුම ජනවාරි 21 දා දියත් වී තිබුණි.

‘‘මට මියගිය අය ගෙන එන්න බැහැ. ශ‍්‍රී ලංකා නායකයා යුද්ධයෙන් අතුරුදන්වූවන් සෙවීම නතර කරයි’’ යන තේමාව යටතේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තාවක් ප‍්‍රකාශයට පත්කිරීම මෙම 2 වැනි මෙහෙයුමය.

එම වාර්තාව ලියා තිබුණේ මරියා අබි හබීබ් සහ දරිෂා බැස්ටියන් නැමැත්තියන්ය.

ස්විස් ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට අදාළව වාර්තාව ප‍්‍රකාශයට පත්කළේ මරියා අබිහබිබ්ය. එසේ නම් එම වාර්තාවේ සැබෑ නිර්මාතෘ කවුදැයි නිව්යෝර්ක් ටයිම්ස් 2 වැනි වාර්තාවෙන් තහවුරු වී ඇත. මේ දරිෂා බැස්ටියන් ජනපතිවරණයෙන් පසු ස්විට්සර්ලන්තයටද ඉන්පසු බි‍්‍රතාන්‍යයටද පැන ගියාය.

ඇගේ වාර්තාවේ සඳහන් වූයේ අතුරුදන්වූ 24000 ක් මියගිය බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ පැවැසූ බවයි.

එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හානා සිංගර් සමඟ පැවැති සාකච්ඡුාවේදී මෙවන් සංඛ්‍යාවක් මියගිය බව ජනපතිවරයා පවසා නැත.

එම සාකච්ඡුාව කරන සමයේ මරියා හබිබ් සහ දරිස්ටා බැස්ටියන් මෙරට සිටියේ නැත.

මේ වාර්තාවේ මෙලෙස දක්වා තිබේ.

‘‘සිවිල් යුද්ධය සමයේ ආරක්‍ෂක ලේකම්ව සිටි රාජපක්‍ෂ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීම ගැන චෝදනා ලැබීය. දසදහස් ගණනක සිවිල් වැසියන් ඝාතනය විය. මාධ්‍යවේදීන් හා දේශපාලන කි‍්‍රයාකාරීන් රැුසක් ශ‍්‍රී ලංකාවේ වීදී වලදී අතුරුදන් විය.

රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ රාජපක්‍ෂගේ සමයේ ඔහු ඝාතක කණ්ඩායමක් දියත් කළ බවයි.

මෙම නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ පර්යේෂිකාවක් යයි කියන ත්‍යාගි රුවන්පතිරණ නැමැත්තියක්ද ප‍්‍රකාශයක් කරමින් අතුරුදන්වූවන් ගැන සෙවීමට ස්වාධීන විමර්ශනයක් ආරම්භ කළ යුතු බව පවසා ඇත.

ඉරාකයේ ලක්‍ෂයකට අධික සිවිල් වැසියන් අතුරුදන්වී ඇති අතර ඔවුන් ගැන මෙතෙක් පරීක්‍ෂණයක් පවත්වා නැත.

මේ හැර ඉන්දීය සාම හමුදාව මෙරටට පැමිණි සමයේ අතුරුදන්වූවන් හෝ මියගිය සංඛ්‍යාව ගැන කමිටු පත්කිරීමක්ද සිදුවී නොමැත.

මෙවන් පසුබිමක් මැද මාර්තු ජිනීවා සමුළුව හමුවේ රජය කුමන පියවරක් ගනු ලැබුවත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව සිය ජිනීවා සටන නතර කරන්නේ නැත.

මෙම ජිනීවා සටනට ඩුබායි සිට අජන්ත පේ‍්‍රමරත්න, යසස් ධර්මදාස, බි‍්‍රතාන්‍යයේ ජෙයරාජ් පලිහවඩන, කපිල ජයසේන, ප‍්‍රසංග ජයමාන්නද ස්විට්සර්ලන්තයේ එරික් මාකවිටගේ, රනිල් ජයනෙත්ති, පෝලන්තයේ සේනක රාජපක්‍ෂ, ඊශ‍්‍රායලයේ ජනත් විමල, ඉතාලියේ සුනිල් ශාන්ත, ස්වීඩනයේ චන්දු එස්. බණ්ඩාර, ඔස්ටේ‍්‍රලියාවේ හර්ෂ පෙරේරාද එක්වී සිටී.

කීර්ති වර්ණකුලසූරිය 

82 Viewers