• Home »
  • Sinhala »
  • ටී. එන්. ඒ පක්ෂය සහ විග්නේශ්වරන් මානව හිමිකම් උල්ලංඝනය කරයි .

ටී. එන්. ඒ පක්ෂය සහ විග්නේශ්වරන් මානව හිමිකම් උල්ලංඝනය කරයි .

http://webtv.un.org

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවෙ සාමාජික හිරු මාකේවිට පසුගිය 13 වන දින ජිනීවාහි පැවැත්වෙන 40 වන මානව හිමිකම් සැසිවාරයේදී පවසයි.

වර්ගවාදය අවසන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය අනුව ජාතීන්ට සමාන ලෙස නොසැලකීම මානව වර්ගයාට කරන වරදක්. උතුරෙන් අවතැන්වුන සිංහල ජනතාව යලි එහි පදිංචි කිරීමට ටී. එන්. ඒ. පක්ෂය සහ උතුරු පලාත් සභාවේ හිටපු මහ ඇමති විග්නේෂ්වරන් විරුද්ධයි. එය ජාතීන්ට සමාන ලෙස නොසැලකීමක්. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.

එසේම රෝම ප්‍රඥප්තියේ 7 වන වගන්තිය අනුව පුරාවිද්‍යා ආයතන විනාශ කිරීම මානව වර්ගයාට එරෙහිව කරන අපරාධයක් සහ වර්ගවාදයක්. ටී. එන්. ඒ. පක්ෂය සහ විග්නේශ්වරන් එයට අනුබල දෙනව. එසේනම් ටී. එන්. ඒ. පක්ෂය සහ විග්නේශ්වරන් යනු මානව හිමිකම් කඩකරන්නන් හා වර්ගවාදීන්.

133 Viewers