• Home »
  • Sinhala »
  • දිවි දුන් රණවිරුවන් වෙනුවෙන් ජාතික ධජය ඔසවා පහනක්‌ දල්වන්න ගෝලීය ශ්‍රී ලංකා සංසදය

දිවි දුන් රණවිරුවන් වෙනුවෙන් ජාතික ධජය ඔසවා පහනක්‌ දල්වන්න ගෝලීය ශ්‍රී ලංකා සංසදය

රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් අනුස්‌මරණය කිරීම සඳහා මැයි 18 දා ජාතික ධජය ඔසවා පහනක්‌ දල්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ.

මෙම රණවිරුවන් දිවි පුදමින් සිදුකළ උදාර කාර්යය අපට අමතක කළ නොහැකි බවත් රජය ඔවුන් අමතක කළත් දේශප්‍රේමි ජනතාව ඔවුන්ට කළගුණ සලකන බවද උන්වහන්සේ කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතා තවදුරටත් සඳහන් කළේය.

මෙම රණවිරුවන් සැමරීමේ උත්සවය ගල්ගමුවේ සංගප්පාය ගම්මානයේදී මැයි 18 දා ආරම්භ වන බව පැවසූ උන්වහන්සේ අතිශයින් දුෂ්කර ගම්මානයක්‌ වූ මේ ගම්මානයේ රණවිරුවන් 110 ක්‌ සිටින අතර රණවිරුවන් 10 ක්‌ දිවි පුදා ඇතැයි අනාවරණය කළහ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා රණවිරුවන් සැමරීමේ උත්සවය ගැන කරුණු දක්‌වමින්, අද අපි සියලු දෙනා නිදහසේ ජීවත් වන්නේ එම රණවිරුවන් කළ කැපකිරීම නිසා බවද ප්‍රකාශ කළේය.

වන්නි මෙහෙයුමින් 29000 ක්‌ මියගොස්‌ 16000 කට අධික පිරිසක්‌ ආබාධිත වී ඇති බව පළ කළ රියර් අද්මිරාල්වරයා රජය රණවිරුවන් අමතක කළත් දේශප්‍රේමි ජනතාව ඔවුන් අමතක නොකරන බව කියා සිටියේය. රණවිරුවන් සිරගත කරමින් රජය කුමන පියවර ගත්තත් රජයට ඇත්තේ තවත් මාස 18 ක්‌ පමණක්‌ බව අවධාරණය කළ යුතු බව පැවසූ සරත් වීරසේකර මහතා මාතෘ භූමිය රැක ගැනීමට කටයුතු කළ රණවිරුවන් පාවාදීමට රජය ක්‍රියාකර ඇති බව කීවේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම්බන්ධීකාරක නුවන් බෙල්ලන්තුඩාව මහතා කතා කරමින් රජය දිගින්දිගටම විවිධ පනත් සම්මත කරමින් රණවිරුවන්ට එරෙහිව කටයුතු කරන බව කියා සිටියේය.

රණවිරු මවක්‌ වූ මාලනී ජයසිංහ මහත්මිය ද කරුණු දක්‌වමින් කොටි පැරදවූ රණවිරුවන් සැමරීමේ ආචාර පෙළපාලිය නැරඹීමට රණවිරු මව්වරු ඉතා ආශාවෙන් සිටියා. රජය එම අවස්‌ථාව මගහැර ඇති බවට චෝදනා කළාය.

රණවිරු සංසදයේ පී. උඩවත්ත මහතා ද මෙහිදී කරුණු දක්‌වමින් මේ අතර මෙම 28 දා ගල්ගමුවේ සංගප්පාය දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන රණවිරු සමරුවට එන ලෙස දේශප්‍රේමී ජනතාවට ඇරයුම් කරන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය කියා සිටී.



139 Viewers