• Home »
  • Sinhala »
  • නැගෙනහිර උරුමය මකා දැමීම – මූතූර් ගරාවැටුණු චෛත්‍යය කිසියම් පිරිසක්‌ ඩෝසර් කරලා

නැගෙනහිර උරුමය මකා දැමීම – මූතූර් ගරාවැටුණු චෛත්‍යය කිසියම් පිරිසක්‌ ඩෝසර් කරලා

නැගෙනහිර බෞද්ධ උරුමයට අත්ව තිබෙන්නේ ෙ€දනීය ඉරණමකි. එය වඩා තහවුරු වන්නේ පෙරේදා දිනයේ ජාතික පුවත්පතක පළවූ ප්‍රධාන සිරස්‌තලයට අදාළ වූ පුවතිනි. සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් චෛත්‍යයක්‌ කිසියම් පිරිසක්‌ විසින් ඩෝසර්කොට සමතලා කිරීමේ පුවතයි. මෙම ගරාවැටුණු චෛත්‍යය ගැන පුරාවිද්‍යා නිලධාරීන් දත්ත සටහන් ලේඛනයක්‌ද සකස්‌ කර දින කිහිපයක්‌ යැමට ප්‍රථම එතැනට කඩාවැදුණු පිරිසක්‌ මේ වෙහෙර ඩෝසර් කර ඇත. එසේ නම් නැගෙනහිර බෞද්ධ උරුමය සුරක්‍ෂිතද? චෛත්‍ය ඩෝසර් කරන නූතන කාලිංග මාඝලා අත්අඩංගුවට ගැනීමට ආරක්‌ෂක අංශවලට නොහැකිද? සංහිඳියාව වෙනුවෙන් බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කටපියාගෙන සිටිය යුතුද?

වර්ග අඩි පහළොවක පමණ වට ප්‍රමාණයෙන් යුතු වූ මෙම චෛත්‍යයේ ඉතිහාසය ඉතා සාහසික අන්දමින් විනාශ කර ඇත. නැගෙනහිර අන්‍ය ආගමික ස්‌ථානයක්‌ හදිසියෙන් හෝ ඩෝසර් වීමට නොව ගල් පහරක්‌ එල්ල වුවත් කලබල වන පුද්ගලයන් මේ ගැන නිහඬ මන්ද? ආගමික සංහිඳියාවට බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කතා කිරීම අකැපද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විනාශය ගැන කියන්නේ කවරක්‌ද? විල්පත්තු විනාශය මෙන්ම නැගෙනහිර සුඩකුඩා චෛත්‍යය විනාශ කිරීම ගැනද නිහඬව සිටිය යුතුද?

වසර ගණනාවක පටන් නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීම සංවිධානාත්මකව සිදු වේ.

මේ උරුමය විනාශ කිරීමත් සමගම ඒ බිම මතම අන්‍යාගමික ගොඩනැගිලි ඉදිවනවා පමණක්‌ නොව ජනාවාස ඇති කිරීමද ශීඝ්‍රයෙන් සිදු වේ. සාම්පූර්හි සිදු වන්නේද එයයි. මේ බෞද්ධ විරෝධී බලවේගවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේද?

කාවන්තිස්‌ස රජු සේරුවිල චෛත්‍යය ඉදිකරන සමයේ ඒ අවට ස්‌ථානවලද වෙහෙර විහාර ස්‌මාරක ඉදිකරන ලද බව ශිලා ලේඛනවල සඳහන් වන බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. විනාශ කරන ලද සාම්පූර් සුඩකුඩා චෛත්‍යයද කාවන්තිස්‌ස රජ සමයේ ඉදි වූවක්‌ බවට සැක නැත. එසේ නම් ඒ අතීත උරුමය විනාශ කිරීම කොතරම් ෙ€දනීයද?

මේ චෛත්‍යයට සිදුවූ විනාශය ගැන පරීක්‍ෂණ පැවැත්වීම සාම්පූර් පොලිසිය මගින් අරඹා ඇත. නැගෙනහිර පළාතේ බොහෝ පුරාවිද්‍යා ස්‌ථානවලට හානි සිදු වුවද ඒවාට වගකිවයුතු කිසිවෙක්‌ එතෙක්‌ මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැත. එසේම මේ චෛත්‍යය භූමියද තවත් මාස කිහිපයක්‌ යන විට ජනාවාසයක්‌ බවට පත්වීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය. චෛත්‍යයේ ගල්පුවරු යම්කිසි ජනපද වැසියකුගේ නිවසක මිරිස්‌ ගලක්‌ වීමටද බැරි නැත. මිරිස්‌ගල ඇඹරී යන්නා සේම බෞද්ධ උරුමයද ඇඹරී විනාශ වී යයි.

නැගෙනහිර බෞද්ධ උරුමය ඇඹරී විනාශ වී ගියහොත් අනාගත පරම්පරාවට ඉතිරි වන්නේ කවරක්‌ද? ප්‍රභාකරන්ගේ ත්‍රස්‌ත මෙහෙයුම් පවතින සමයේදීවත් මෙවැනි පුරාවිද්‍යා විනාශයක්‌ හෝ වන විනාශයන් අසන්නට දකින්නට ලැබුණේ නැත. නමුත් අද යුද්ධය නිමවීමත් සමග නැගෙනහිර බෞද්ධ උරුමය මකාදැමීම වඩා වේගවත්ව සිදුවේ. මෙය වැළැක්‌වීම සඳහා කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ නැත. අසන්නට ලැබෙන්නේ වේදිකාවල වහසි බස්‌ පමණි.
image001

යුද ගැටුම් අවසන් වීමෙන් පසුව නැගෙනහිර පළාතේ සැඟවී තිබූ පැරැණි ස්‌ථාන සොයා සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකින් පසුව මෑතකදී සොයා ගන්නා ලද මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් සුඩෙයි කුඩා පිහිටා තිබූ ගරා වැටුණු චෛත්‍ය හදිසියේම කිසියම් පිරිසක්‌ විසින් ඩෝසර් කරනු ලැබ ඇත.

image002
image003

පුරාවිද්‍යා ගවේෂණයකට අනුව මෙම චෛත්‍ය අනුරාධපුර මුල් යුගයට අයත් එකක්‌ වන බව එම ස්‌ථානයේ තිබී සොයා ගන්නා ලද පාදම්ගලින් එය තහවුරු වූ බව පුරාවිද්‍යා ගවේෂකයෝ පවසති. ත්‍රිකුණාමලය වරායට ප්‍රවිෂ්ට වන µවුල් තුඩුව අසල වෙරළ ආසන්නයේ පිහිටි මෙම පැරැණි චෛත්‍ය කැණීම් කිරීම සඳහා සූදානම් කර තිබූ අතර මේ තුළින් ඉතිහාසයේ වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ගැනීමට තිබිණැයි සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ පැවැසූහ.

පුරාවිද්‍යා නිරීක්‍ෂණයට අනුව වට අඩි 15 ක විෂ්කම්භයකින් යුත් මෙම දාගැබ ආසන්නයේ මීට වසර කිහිපයකට පෙර ඉදිකරන ලද හින්දු කෝවිලක්‌ ද පවතී. සේරුවිල විහාරස්‌ථානයේ ස්‌ථානගත මෙම පුරාවිද්‍යා කණ්‌ඩායම මෑතකදී සොයාගත් මෙම චෛත්‍ය පිළිබඳව දිනෙන් දින නිරීක්‍ෂණ කටයුතු කරමින් ඊට අදාළ දත්තයන් එක්‌ රැස්‌ කිරීම කරනු ලැබීය. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ මෙම චෛත්‍ය පිහිටි ප්‍රදේශය පුරාවිද්‍යා ස්‌ථානයක්‌ ලෙස නම් කර එහි කැණීම් කරමින් ඉතිහාසයේ තොරතුරු ගවේෂණය කිරීම සඳහා වුවත් එය පසුදාම ඩෝසර් කර දමන්නට අමනයන් පිරිසක්‌ කටයුතු කර තිබිණි.

එකොළොස්‌ වසරක්‌ පුරා කොටි පාලනය යටතේ තිබී ඉන් අනතුරුව මුදාගනු ලැබූ මෙම ප්‍රදේශයේ තිබී සොයා ගන්නා ලද මෙම ඓතිහාසික දාගැබ විනාශකර දැමීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා පොලිසිය මෙන්ම සාම්පූර් පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබ තිබේ.

මේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව සංවේගයෙන් යුතුව අදහස්‌ දැක්‌වූ සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන් පැවැසුවේ විනාශ කරන ලද දා ගැබ සාම්පූර් ප්‍රදේශයේ පැවැති එකම ස්‌ථූපය වන බවත් එය ඉන්දියාවේ සාංචි ස්‌ථූපයෙහි අනුරුවකට සමාන ලෙස නිමවා තිබූ එකක්‌ බවයි. මෙම විනාශය පිළිබඳව නිරීක්‍ෂණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්‍ෂක ඩබ්ලියු. එච්. ඒ. සුමනදාස මහතා මෙසේ පැවැසීය. මෙම විනාශය කළ පිරිස්‌ පිළිබඳව විවිධ තොරතුරු ගලා එමින් තිබෙනවා. එය විනාශ කළ වූවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා චෛත්‍යයේ පෞරාණිකත්වය පිළිබඳව වාර්තාවක්‌ සකසමින් සිටිනවා. ඩෝසර් කරලා තිබෙන විදිහට පෞරාණික බව සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක්‌ මෙහි ඉතිරි කරලා නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන්නට ගිය වෙලාවේ විශාල ජනතා විරෝධයක්‌ පැමිණියා. ඒ සම්බන්ධයෙන් මේ වන විට මූතූර් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තියෙනවා.

935 Viewers