• Home »
  • Sinhala »
  • බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු කොටිහඬ නගද්දී නේස්‌බි සාමි ගෝලීය ශ්‍රී ලංකා සංසදය (GSLF) හමුවෙයි

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු කොටිහඬ නගද්දී නේස්‌බි සාමි ගෝලීය ශ්‍රී ලංකා සංසදය (GSLF) හමුවෙයි

today16-sinhala

බ්‍රිතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම්ය. එහෙත් බ්‍රිතාන්‍ය රජය කොටි මිනීමරුවන්ට කොටි ධජය සහ ප්‍රභාකරන් නමැති මිනීමරුවාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් විරෝධතා පැවැත්වීමට ඉඩදී ඇත. මේ හැර තෙරේසා මිලර්ස්‌, රොබට්‌ සැල්පන්, පෝල් ස්‌කලි, එඩ්වඩ් ඩේව්, ජෝන් රයිස්‌, ස්‌ලොබද්‍රනා මැක්‌ඩොනා ඇතුළු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ යෑපෙන්නේ කොටි අරමුදල් වලිනි. පසුගිය සතියේ ලන්ඩන් නුවරදී අපට දක්‌නට ලැබුණේ මේ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් විසින් කොටි ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇති බවි.
16second
මින් තෙරේසා මිලර්ස්‌ කොටි ත්‍රස්‌තවාදීන්ට හඳුන්වනු ලැබුවේ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ ජනසමූහය යනුවෙනි. ඇය බ්‍රිතාන්‍ය ස්‌වදේශ ලේකම් වෙත හදිසි ලිපියක්‌ යවමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ තානාපති මුක්‌තිය ඉවත්කරන ලෙස ඉල්ලා සිටියාය.

letter

ඊට සමගාමීව සර්ව පාක්‍ෂික ද්‍රවිඩයන් සඳහාවූ සංවිධානයේ උප සභාපති ජෝන් රයිස්‌ සහ ස්‌ලොබදානා මැක්‌ඩොනා විදේශ ලේකම් මොරිස්‌ ජොන්ස්‌න්ස්‌ වෙත හදිසි ලිපියක්‌ යවමින් බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ තානාපති මුක්‌තිය අහෝසිකර ඔහුව රටින් පිටුවහල් කරන ලෙස කියා සිටියහ.

today-article -below

මේ හැර ගැරත් තෝමස්‌ සහ එඩ්වඩ් ඩේව් යන මන්ත්‍රීවරුද බ්‍රිගේඩියර්වරයා ලන්ඩන් නුවරින් නෙරපා දැමිය යුතු බව බ්‍රිතාන්‍ය රජයට කියද්දී මෙරට රජය හෙවත් යහපාලන රජය නිහඬ විය. www.sinhalanet.net

hela jathika

මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ ඡේම්ස්‌ ඩව්රිස්‌ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙමින් ශ්‍රී ලංකාවේ රජයට උපදෙස්‌ දී ඇති අවස්‌ථා ගණනාවක්‌ හෙළිවූවත් ඩව්රිස්‌ගේ මුක්‌තිය අහෝසිකර ඔහුව ශ්‍රී ලංකාවෙන් නෙරපා දැමිය යුතු බව ශ්‍රී ලංකාවේ කිසිදු මන්ත්‍රීවරයකු අදවන තුරු ඉල්ලා සිටියේ නැත.

මෙලෙස බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු කොටි මිනීමරුවන් වෙනුවෙන් හඬ නගද්දී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ කොන්සර්වටිව් සංවිධානය, බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, ගෝලීය ද්‍රවිඩ සංසදය, ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ටැමිල්ස්‌ පෝ ලේබර් ටැමිල් ප්‍රෙන්ඩ්ස්‌ ඔµa ද ලිබරල් ඩිමොක්‍රටිස්‌, ටැමිල් ඉන්පොමේෂන් සෙන්ටර් ද්‍රවිඩ සන්ධානය (බ්‍රිතාන්‍ය ශාඛාව – රටින් පිටත ඊලම් ආණ්‌ඩුව – ටැමිල් සොලිඩරටි, ටැමිල් යූත් සංවිධානය සහ වර්ල්ඩ් ටැමිල්ස්‌ හිස්‌ටරිකල් සංවිධානය නමින් අටවා ගත් කොටි හිතවාදී සංවිධාන බ්‍රිගේඩියර්වරයා රටින් පන්නා දැමිය යුතු බව කීවේය.

uk_ministers

මෙහිදී කොටි හඬ නගන ජෝන් මේරි රසන් මන්ත්‍රීවරිය කවුරුන්ද යන්න නිරීක්‍ෂණය විය.

ඇය කොටි හිතවාදී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ සන්නිවේදන අධ්‍යක්‍ෂකවරියයි. ඇගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම දියත් කළේ ප්‍රභාකරන්ගේ හිටපු ආරක්‍ෂක නිලධාරියා වූ ප්‍රතිපන් නඩරාසායි. එසේම ඇයට කොටි අවි ආයුධ ප්‍රවාහන මුරුගේසු විනයගමුර්තිද සම්බන්ධ විය.

එසේම බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ සභාපති කන්දයියා සෙන්නිල්කුමාර් නමැත්තා ප්‍රභාකරන්ගේ බිරියගේ ඥතියකුවූ ඒ කේ ශාන්තන් සමඟ දැඩි සබඳකම් පවත්වන අයෙක්‌ බව හෙළිවිය.

2011 වසරේදී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය තම කටයුතු ආසන රැසක ව්‍යාප්ත කරනු ලැබීය. එහිදී ලිස්‌කොට්‌, පිරෙන්ද්‍ර ශර්මා, ගේවින් බාර්ඩෙල්, රොබට්‌ හැල්පන් යන මන්ත්‍රීවරු එම සංසදයට සම්බන්ධ වීමයි.

විරෙන්ද්‍ර ශර්මාගේ මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සැපයුවේ වසන්තන් නමැති කොටි ක්‍රියාකාරියායි.

මේ පසුබිම මැද බ්‍රිතාන්‍ය කොටි ඩයස්‌පෝරාවට එරට තුළ ඕනෑම ක්‍රියාවක්‌ සිදුකිරීම සඳහා බලධාරීන් ඉඩදීම විස්‌මයට කරුණකි. කලකට පෙර ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ ක්‍රිකට්‌ තරගයකදී කොටි ඊට සහභාගිවූවන්ට පහර දුන්නේය. එම ක්‍රිකට්‌ තරගය නැරඹීමට පැමිණි එවකව සිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌වරයා පොලිස්‌ ආරක්‍ෂාව මැද පිටියෙන් ඉවතට ගෙනයාමට සිදුවිය.

තවත් අවස්‌ථාවකදී ශ්‍රී ලාංකිකයකුට බෝතල් පහරක්‌ එල්ලවිය. එය සිදුකල කොටි අසුවූයේ මාර්ගයේ තිබූ සීසීටීවී කැමරාවකිනි.

මේ තත්ත්වය මත අල්කයිද්‍රd හෝ තාලිබාන් ත්‍රස්‌ත නායකයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට බ්‍රිතාන්‍ය රජය ඉඩදෙන්නේ නැත.

එහෙත් බ්‍රිතාන්‍යයේ සිටින කොටි යුද අපරාධකරුවන්ට නිදහසේ කටයුතු කිරීමට රජය ඉඩදී තිබේ.

flag

මෙය බ්‍රිතාන්‍යයේ ද්විත්ව රංගනයකි. බ්‍රිතාන්‍යය තුළ කොටි යුද අපරාධකරුවන් සිටියදී මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ ඩව්රිස්‌ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලකරමින් එවන් චෝදනා එල්ලවූවන්ට දඬුවම් කළ යුතු බව ප්‍රකාශ කර ඇත.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬක්‌ නැගීමට ඉදිරිපත්වූයේ නේස්‌බි සාමිවරයා පමණකි. පසුගිය සතියේ දිනෙක නේස්‌බි සාමිවරයා සාමි මණ්‌ඩලයේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එමීර් රාජ්‍යයේ නියෝජිතවරුන්වූ සුනිල් චන්ද්‍රකුමාර, යසස්‌, නුවන් බෙල්ලන්තුඩාව, ස්‌විස්‌ නියෝජිත එරික්‌ මාකවිට, ස්‌විස්‌ නියෝජිත රාජා, බ්‍රිතාන්‍ය නියෝජිතවරුන්වූ ප්‍රසංග ජයමහ සහ ජයරාජ පලිහවඩන, සහ ලහිරු ඇතුළු පිරිසක්‌ සමඟ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්‌ථාවට බෙංගමුවේ නාලක සහ වදුරඹ කස්‌සප යන හිමිවරුන්ද සහභාගි වූහ.

එහිදී තමා නැවත වරක්‌ ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව නේස්‌බි සාමිවරයා කියා සිටියේය.

කීර්ති වර්ණකුලසූරිය



380 Viewers