• Home »
  • Sinhala »
  • බි‍්‍රතාන්‍ය රජයට එරෙහිවූ නේස්බි සාමි ශ‍්‍රී ලංකාවට…. බි‍්‍රතාන්‍ය තානාපති රිටා ප්‍රෙන්ච් ශවේන්ද්‍ර සිල්වා ගැන ප‍්‍රශ්න කරයි… ශ‍්‍රී ලංකා රජය බි‍්‍රතාන්‍ය රහස් ලියවිලි මානව හිමිකම් කවුන්සිලයට යොමු කර නැත

බි‍්‍රතාන්‍ය රජයට එරෙහිවූ නේස්බි සාමි ශ‍්‍රී ලංකාවට…. බි‍්‍රතාන්‍ය තානාපති රිටා ප්‍රෙන්ච් ශවේන්ද්‍ර සිල්වා ගැන ප‍්‍රශ්න කරයි… ශ‍්‍රී ලංකා රජය බි‍්‍රතාන්‍ය රහස් ලියවිලි මානව හිමිකම් කවුන්සිලයට යොමු කර නැත

new

  •  බි‍්‍රතාන්‍ය තානාපති රිටා ප්‍රෙන්ච් ශවේන්ද්‍ර සිල්වා ගැන ප‍්‍රශ්න කරයි
  •  චැනල් ෆෝ මාධ්‍ය පාර්ශ්ව කොටි අරමුදල් මත යැපෙන්නන්
  •  ශ‍්‍රී ලංකා රජය බි‍්‍රතාන්‍ය රහස් ලියවිලි මානව හිමිකම් කවුන්සිලයට යොමු කර නැත
  •  ශ‍්‍රී ලංකාව ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කරන්නේ සෙමින් බව බි‍්‍රතාන්‍ය තානාපතිනී රිටා ප්‍රෙන්ච් චෝදනා කරයි
  •  කොටින්ට අරමුදල් සැපයූ රාජ් රාජරත්නම් වසර 2 කට පෙර හිරෙන් නිදහස් වේ
  •  ශ‍්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිත කළ බවට එක්නැළිගොඩ නැමැත්තෙක් කළ ප‍්‍රකාශය බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශක ගෑෂ් ප‍්‍රතික්‍ෂේප කරයි

මයිකල් මොරිස් හෙවත් නේස්බි සාමිවරයා හෙට (සැප්තැම්බර් 16 දා) මෙරට පැමිණේ. කොළඹ පැවැත්වෙන විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුව ඇමතීම සඳහා පැමිණෙන නේස්බි සාමි 2009 වසරේ වන්නි මෙහෙයුම ගැන බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සේවය කළ ආරක්‍ෂක උපදේශක ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් වාර්තා හෙළිදරව් කිරීමෙන් ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ සේවාවක් කළේය.

මේ රහස් වාර්තාවල සඳහන් වූයේ වන්නි මෙහෙයුමින් මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර විය හැකි බවය.

එහෙත් ඒ වනවිට ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව බොරු තොරතුරු රැසක් ලොව පුරා ප‍්‍රචාරය වී තිබුණ.

එම සාවi තොරතුරු මෙසේය.

මන්නාරම් හිටපු රදගුරු රායප්පු ජෝශප් – මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 147000

හිටපු බී බී සී වාර්තාකාරී – ප‍්‍රාන්සස් හැරිසන් – 140000

උතුරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානය – 30000-40000

එක්සත් ජාතීන්ගේ නියෝජිත ගෝඩන් වෙයිප් – 10000-40000

ඇලන් කීනන් 40000-140000

බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ් 7000-8000 යි

මේ පසුබිම මැද නේස්බි සාමිවරයා එරට තොරතුරු දැනගැනීමේ පනත යටතේ බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයෙන් ලබාගත් රහස් වාර්තාවලින් වන්නි මෙහෙයුමේදී මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මෙරට මාධ්‍යවලින් ඉරිදා ‘දිවයින.ට පමණක් මුල්වරට හෙළිකළේය. එම රහස් ලියවිලිවල පිටපතක් ලබාගැනීමටද අපට හැකිවිය.

මෙම රහස් වාර්තාව පසුව යහපාලන රජයට ලැබුණත් විදේශ කටයුතු බලධාරීන් එම වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමුකළේ නැත. ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි ගැන එවකට සිටි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ද දැනසිටියත් කොටි ඩයස්පෝරාව ප‍්‍රාන්සස් හැරිසන් සහ චැනල් ෆෝ අධ්‍යක්‍ෂක කැලම් මැක්රේ එල්ල කරන බොරු වාර්තා මත පදනම්ව කැමරන් කි‍්‍රයාකරනු ලැබීය.

මේ තත්ත්වය මැද විදේශ කටයුතු බලධාරීහු ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ජනපතිගෙන් වසන් කර තිබුණ. මේබව තහවුරු වූයේ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභා නිලධාරීන් පිරිසක් ජනපතිවරයා හමුවූ අවස්ථාවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැතැයි ජනපතිවරයා දැඩි ලෙස පැවැසීමය. එහෙත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක මණ්ඩලය ජිනීවා මානව හිමිකම් වාර්තාවේ ස්ථාන 39 ක ශ‍්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කර ඇතැයි ජනාධිපතිවරයාට පෙන්නුම් කළහ.

මේ අතර නේස්බි සාමිවරයා ‘දිවයින ආරක්‍ෂක විශේෂාංගය. සමග කළ විශේෂ සාකච්ඡුාවකදී පැවැසුවේ ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් මියගිය බවට කරන ප‍්‍රකාශය බොරුවක් බවය.

nesab sami2
මේ මියගිය සිවිල් වැසියන්ගේ සිරුරු දුටුවේ කවුද? එම සිරුරු වලට වූයේ කුමක්ද? එක්සත් ජාතීන්ගේ වාර්තාවේ 2008 මාර්තු සිට 2009 මැයි 13 දක්වා මියගිය ද්‍රවිඩ වැසියන් 7721 ක් යයි සඳහන් වෙනවා. මේ කාලය තුළ 40000 ක් මියගිය බවට කරන ප‍්‍රකාශ පිළිගත හැකිද යයි මා සාමි මණ්ඩලයේදී ප‍්‍රශ්න කළා.

අපේ ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ් පවා 40000 ක් මියගිය බවට පළවූ වාර්තා ප‍්‍රතික්‍ෂේප කළා. නේස්බි සාමිවරයා තවදුරටත් මෙලෙස පැවැසුවේය.

‘‘2017 වසරේදී මා බි‍්‍රතාන්‍ය තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2009 ජනවාරි 01 සිට මැයි 19 තෙක් කොළඹ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ් පොදු රාජ්‍ය මණ්ඩල විදේශ කාර්යාලයට එවූ රහස් ලියවිලිවල පිටපත් ඉල්ලා අභියාචනා හතරක් ඉදිරිපත් කළා.

එහෙත් මකාදැමූ තොරතුරු සමග පිටු 39 ක් පමණක් මා වෙත ලබාදීමට කි‍්‍රයා කළා.

නේස්බි සාමි කළ ඉල්ලීමට බි‍්‍රතාන්‍ය බලධාරීන් ප‍්‍රතිචාර දැක්වීම නිසා කොටි හිතවාදී සුරේන් සුරෙන්ද්‍රන් වඩාත් කෝපයට පත්විය. ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප‍්‍රකාශක ලෙස කි‍්‍රයාකරන මේ කොටි ආධාරකරුවා පැවසුවේ නේස්බි සාමි බි‍්‍රතාන්‍ය රජය නියෝජනය කරන්නෙක් නොවන බවය.

එම ප‍්‍රකාශය මෙරට සිටි බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩව්රිස්ද අනුගමනය කරමින් නේස්බි සාමිගේ ප‍්‍රකාශය බි‍්‍රතාන්‍ය රජයේ අදහස නොවන බව පළ කළේය.

‘‘එසේ නම් අපේ ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි බොරුද ඒවා ඔහු සකස් කළ සාවi තොරතුරු යයි සිතනවාද යයි මා අපේ ආණ්ඩුවෙන් විමසුවා. එහෙත් අදවනතුරු රජය මගේ ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.. යයි නේස්බි සාමි වැඩිදුරටත් කියා සිටියේය.

මෙලෙස නේස්බි සාමිවරයා ඉල්ලා සිටි සියළු රහස් තොරතුරු ලබාදීමට තොරතුරු ලබාදීමේ කොමසාරිස්වරිය කි‍්‍රයාකළේ නැත. එම තොරතුරු තවදුරටත් ලබාදීම ඇය ප‍්‍රතික්‍ෂේප කළාය.

එසේ වූවත් නේස්බි සාමිවරයා තමා සතු රහස් ලියවිලි වල පිටපත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව කෙතෙක්දැයි පරීක්‍ෂා කරන ලෙස ඉල්ලා සිටියත් 2019 සැප්තැම්බර් මස ආරම්භවූ 42 වැනි මානව හිමිකම් සමුළුව තෙක් විමර්ශන ආරම්භ කර නැත.

අපේ රජය ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් මියගිය බවට දැක්වෙන මහා බොරුව මත පිහිටා දිගටම කි‍්‍රයාකරනවා. එහෙත් මියගිය ද්‍රවිඩ වැසියන්ගේ සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර බවට බි‍්‍රතාන්‍ය රජය තොරතුරු වසන් කරනවා යයි නේස්බි සාමිවරයා සඳහන් කළේය.

මේ අයුරින් ශ‍්‍රී ලංකාවට පක්‍ෂව නේස්බි සාමි මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව අභියෝගයට ලක්කරද්දී විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකාව අපූරු ප‍්‍රකාශයක් කළාය.

මහේෂි කොලන්නේ නමැති එම ප‍්‍රකාශිකාව පැවසුවේ මරුමුවට පත් සිවිල් වැසියන් ගැන අන්තර්ජාතික කරළිය තුළ තර්ක කිරීම තුළින් ප‍්‍රශ්න විසඳෙන්නේ නැති බවය. එසේ නම් එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ශ‍්‍රී ලංකාවට එරෙහිව දිගින් දිගටම යුද අපරාධ චෝදනා එල්ල කරමින් අතුරුදන් වූවන් සංඛ්‍යාව අතිවිශාල බව පවසන්නේ ප‍්‍රශ්න විසඳීමටද?

මේ අතර නේස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය අතරින් ‘ඉරිදා දිවයින. ආරක්‍ෂක විශේෂාංගය වෙත පමණක් රහස් ලියවිලි ලබාදීමට කි‍්‍රයාකළේය.

මෙම රහස් ලියවිලි වල මෙලෙස දක්වා තිබුණ.

⋆ කොටි සහ සිවිල් වැසියන් හඳුනා ගැනීම පහසු නැත

⋆ ශ‍්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිත කළේ නැත

එසේ වූවත් එක්නැළිගොඩ නැමැත්තෙක් ශ‍්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිත කළ බවට සොයාගත් බව ඔහුගේ බිරිය පවසා තිබුණ.

මේ නිසා ආරක්‍ෂක උපදේශක ඇන්ටන් ගෑෂ්ටත් වඩා මේ එක්නැලිගොඩ නැමැත්තා ආරක්‍ෂක විශේෂඥයෙක් හෝ රසායන විශේෂඥයෙක්ද?
nesab sami3
මේ තත්ත්වය මැද ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් මියගිය බවට මහා බොරුව ප‍්‍රචාරය කළේ යස්මින් සුකා බව තහවුරු වී ඇත. එසේ වූවත් ඇය ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි වල ඇති මියගිය සංඛ්‍යාව ගැන අභියෝග කරන්නේ නැත. එම රහස් ලියවිලි බොරු යයිද නොකියය. ඊට හේතුව නම් මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව ගැන පරීක්‍ෂණ කළහෙත් ඇගේ බොරුව හෙළිවන නිසාය.

සුකාගේ මේ බොරුවට හිටපු බී බී සී වාර්තාකාරිය ප‍්‍රාන්සන් හැරිසන්ද සහය දැක්වූවාය. ඇය ‘‘ස්ටිල් කවුන්ටින්ද ඬේඞ්.. හෙවත් මියගිය ගණන තවමත් ගනිනවා යනුවෙන් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කළාය.

2012 ඔක්තෝම්බර් 5 දා මෙම ග‍්‍රන්ථය ප‍්‍රකාශයට පත්වී මේ වනවිට වසර 7 ක් ගතවූවත් ප‍්‍රාන්සන් හැරිසන්ට තවමත් මියගිය පිරිස ගණන් කිරීමට නොහැකි වී ඇත.

මේ පසුබිම මැද නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස පැවසුවත් එම ඉල්ලීම ඉටුකිරීමට හිටපු අගමැතිවරුන්වූ ඬේවිඞ් කැමරන් සහ තෙරේසා මේ සහ වත්මන් අගමැති බෝරිස් ජොන්ස්ටන් කි‍්‍රයාකළේ නැත. මෙම ද්‍රවිඩයන් 40000 ක් මැරුවා යයි කියන චෝදනාවේ පසුබිමේ සිටින පිරිස අතර ටැමිල් නෙට් කොටි වෙබ් අඩවිය සහ චැනල් ෆෝ වෙබ් අඩවියේ කැලම් මැක්රේ සහ ජෝන් ස්නෝද වේ.

මේ පිරිස හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ට දැඩි බලපෑම් එල්ල කළා. ඇත්ත හෙළිදරව්වීම වැළැක්වීමට බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය කි‍්‍රයාකළා. ඔවුන් මට තොරතුරු ලබාදීම ප‍්‍රතික්‍ෂේප කරන බව මා තොරතුරු දැනගැනීමේ කොමසාරිස්වරියට පැමිණිලි කළවිට ඇය මැදිහත්වී රහස් ලියවිලි 39 ක් ලබාදුන්නා. එහෙත් සමහර ලියවිලි වල රහස් තොරතුරු මකා දමා තිබුණා. මේ රහස් ලියවිලි මා හෙළිකළවිට ඒවා චැනල් ෆෝ රූපවාහිනියෙන් ප‍්‍රකාශ කළේ නැහැ. එම රූපවාහිනියේ පිරිස රහස් ලියවිලිවල සඳහන් වූ මියගිය සංඛ්‍යාව 7000 ත් 8000 ක් යයි දැක්වූ තොරතුරුවලට අභියෝගයක් ඉදිරිපත් වූයේත් නැහැ යැයි මිචෙල් වුල්පැන්ස් ලෝරන්ස් මොරිස් හෙවත් නේස්බි සාමිවරයා තවදුරටත් කියා සිටියේය.

නේස්බි සාමි හෙළිකළ ලූතිනන් ඇන්ටන් ගෑෂ්ගේ එක් රහස් ලියවිල්ලක මෙලෙස දක්වා තිබුණ.

‘‘කොටි පරාජය වන බව කොටි දැනගෙන සිටියා. මේ නිසා ටැමිල් නෙට් සහ වෙනත් පාර්ශ්ව ලවා සටන් විරාමයක් කි‍්‍රයාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකට දැඩි බලපෑම් කළ යැයි කීවාය. රෝහල් වලට ප‍්‍රහාර එල්ල කිරීම” රසායනික අවි භාවිත කිරීම” විෂ බෝම්බ භාවිත කිරීමට යුද හමුදාව කි‍්‍රයාකර ඇතැයි ටැමිල් නෙට් වෙබ් අඩවිය ප‍්‍රචාරය කළා. එහෙත් මේ චෝදනා විශ්වාස කළ නොහැකිය…

මේ අතර පෝලන්ත යුද්ධයේදී ශ‍්‍රී ලංකාව ආජන්ටිනාවට එරෙහිව බි‍්‍රතාන්‍යයට දුන් සහය ගැනද බි‍්‍රතාන්‍ය රජය සිහිපත් කළ යුතු බව පැවසූ නේස්බි සාමිවරයා ආරක්‍ෂක උපදේශකගේ රහස් තොරතුරු හෙළිවීමට පෙර බි‍්‍රතාන්‍යයේ ගාඩියන් පුවත්පත විසින් ශ‍්‍රී ලංකාව යුද අපරාධ කළ බවට චෝදනා කර තිබූ බව කීවේය.

එසේම ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි අතරේ නෙස්බි සාමිට ලබානොදුන් ලියවිලිද වේ. එම ලියවිලි හෙලිදරව් කිරීමට බි‍්‍රතාන්‍ය රජය අද වනතුරු කි‍්‍රයාකර නොමැත.

nesab sam4
1975 වසරේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධ සර්වපාක්‍ෂික පාර්ලිමේන්තු කමිටුව ආරම්භ කළ නේස්බි සාමිවරයා එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශයට පත් නොකළ වාර්තාවද හෙළිකරමින් 2008 අගෝස්තු සිට 2009 මැයි 13 දා මියගිය සංඛ්‍යාව 7721 ක් බවත් 2009 මැයි 13 සිට මැයි 2009 දක්වාවූ කාලය තුළ 40000 ක් මියගිය බවට පළවන වාර්තා පිළිගත නොහැකි බවද සඳහන් කරනු ලැබීය.

නේස්බි සාමිවරයා තවදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී 8000 ක් අතුරුදන් වී ඇති බවත් හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් 2009 ජනවාරි 20 සිට අපේ‍්‍රල් 6 දක්වා මියගිය සංඛ්‍යාව 4164 ක් යයිද මේජර් ජෙනරාල් හෝල්ම්ස් මියගිය සංඛ්‍යාව 7000 ක් 8000 ත් අතර බවට දන්වා ඇති බවය.

බි‍්‍රතාන්‍ය හමුදා විශේෂඥයකුවූ ජෝන් හෝල්ම්ස් 2015 මාර්තු මස සිය වාර්තාව ප‍්‍රකාශයට පත්කරන ලදී. එම වාර්තාවටද අභියෝගයක් එල්ල වූයේ නැත.

එසේ වූවත් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ සහ සෙයිද් රාද් හුසෙන් මේ වාර්තා කෙරේ තැකීමක් කළේ නැත. මන්ද යත් ඒ වනවිට බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව මහා පරිමාණයෙන් යුක්තව ශ‍්‍රී ලංකාව 40000 ක් ද්‍රවිඩයන් මැරූ බවට චැනල් ෆෝ රූපවාහිනියේ සහයෙන් දැවැන්ත ප‍්‍රචාරයක් ගෙනයෑමය.

මේ චැනල් ෆෝ රූපවාහිනිය පුද්ගලික ආයතනයක් බවට ප‍්‍රකාශ වූවත් එය රාජ්‍ය ආයතනයක් බව අප කළ විමර්ශනයේදී හෙළිවිය.

2012 වසරේදී බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මෙරට පැවැති පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට පැමිණියේ චැනල් ෆෝ රූපවාහිනියේ ජෝන් ස්නෝ නැමැත්තා සමගය. ඔහුට වීසා නුදුන්නොත් තමා සමුළුවට එන්නේ නැතැයි කැමරන් තර්ජනය කළේය. මේ නිසා එදා පැවැති මහින්ද රාජපක්‍ෂ රජයට සිදුවූයේ ඬේවිඞ් කැමරන් නමැති කොටි හිතවාදියාට හිස නැමීමටය.

කොළඹ බණ්ඩාරනායක සමරුහලේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ඔහු ප‍්‍රශ්න ඇසීමට ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ඉඩදුන්නේ නැත. ඔහු නම් කියමින් බි‍්‍රතාන්‍ය වාර්තාකරුවන්ගේ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දැක්වීය.

ඉන්පසු 2016 දී යහපාලන රජය චැනල් ෆෝ රූපවාහිනියේ ජෝන් ස්නෝ නමැති තක්කඩියාට මෙරටට ඒමට අවසර දුන්නේය.

ඔහු යාපනයට ගොස් ශ‍්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් 40000 මැරූ බව සනාථ කිරීමට කොටි හිතවාදීන්ගෙන් ලිඛිත සාක්‍ෂි ලබාගත්තේය.

ඔහු ඉන්පසු ලන්ඩන් නුවරට ගිය ජෝන් ස්නෝ සිය වාර්තාමය වැඩසටහන අමතා ‘‘ශ‍්‍රී ලංකාව මිනීමරුවන්ගේ රටක්.. යයි ප‍්‍රකාශ කළේය.

‘‘මම ශ‍්‍රී ලංකාවේ මිනීමරු භූමියට පා තැබූ අවස්ථාවේ රටේ ජනපති හා අගමැති අප ප‍්‍රදර්ශනය කළ යුද අපරාධ චෝදනා විභාගයට විදේශ රටවලින් කිසිවෙකු ගෙන්වන්නේ නැති බව පැවසුවා. මේ නිසා දෙමළ ජනතාව දැඩි වෛරයෙන් පසුවෙනවා. යුද හමුදාව උතුරේ අක්කර දහස් ගණනක් අල්ලාගෙන සිටිනවා. අපේ අගමැති කැමරන් ශ‍්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම් එකක්වත් ඉටුකර නැහැ. ශ‍්‍රී ලංකා හමුදාව විසින් ද්‍රවිඩ ජනතාව විශාල ලෙස කොටුකර ඝාතනය කළා. මෙම මිනීමරු භූමියේ තත්ත්වය ගැන මම අතිශයින්ම කණගාටුවන්නෙම. උතුරේ 120000 ක හමුදාවක් සිටිනවා. මිලියන 20 ක්වත් ජනගහණයක් නැති රටකට බි‍්‍රතාන්‍යයටවත් නොමැති හමුදාවක් කුමකටද.. යැයි චැනල් ෆෝ රූපවාහිනී වාර්තාකරුවා පළ කළේය.

එහෙත් යහපාලන ජනපති සහ අගමැති ජෝන් ස්නෝ කළ අවමානයට නිසි ප‍්‍රතිචාර දැක්වූයේ නැත. එසේම ඔහු ශ‍්‍රී ලංකාවට නොපැමිණිය යුතු අයෙක් බවටද තහනමක් ප‍්‍රකාශයට පත්වූයේ නැත.

එසේ වූවත් කොන්දක් ඇති නේස්බි සාමිවරයා ප‍්‍රතිචාර දක්වමින් චැනල් ෆෝ රූපවාහිනියේ සිටින්නේ බොරුකාරයන් බවත් කැලම් මැක්රේ කොටි ඩයස්පෝරාවෙන් යැපෙන්නෙකු බවත් කියා සිටියේය.

මෙහිදී බි‍්‍රතාන්‍ය රජය පැවසුවේ යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වූයේ ශ‍්‍රී ලංකා රජය බවය.

මෙම අනුග‍්‍රහය දැක්වීමට එකඟ වූයේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීරය. ශ‍්‍රී ලංකාවේ අධිකාරම්වරු” ශ‍්‍රී වික‍්‍රම රජසිංහ රජු සුද්දන්ට පාවාදීමෙන් පසු මෙරට සිදුවූ තෙවැනි පාවාදීම මෙයය. 2002 දී රනිල් වික‍්‍රමසිංහ රජය ඊනියා සටන් විරාම ගිවිසුමට අත්සන් කිරීම දෙවැනි පාවාදීමය. මේ පසුබිම මැද පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු ඇමැති අහ්මද් සාමිවරයා මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව ගැන අර්බුදයක් නැතැයි කීවේය.

එහෙත් බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක උපදේශකගේ වාර්තාවේ මියගිය සංඛ්‍යාව 8000 ක් යයි සඳහන් වෙද්දී එය තවත් 32000 කින් වැඩිවූයේ කෙසේද?

මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය ජනපතිවරයා නේස්බි සාමිගේ සොයාගැනීම අගය කිරීමත් යහපාලන රජය ඒ ගැන තැකීමක් නොකිරීමය.

මේ අතර බි‍්‍රතාන්‍ය තොරතුරු දැනගැනීමේ කොමසාරිස් කාර්යාලයද ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි වසන් කිරීමට කි‍්‍රයාකිරීමේ හේතු හෙළිකළේය.

‘‘ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට අදාලව විමර්ශන ආරම්භ කළ අවස්ථාවේ ආරක්‍ෂක උපදේශකගේ වාර්තාව ප‍්‍රකාශයට පත්කළේ නම් එය ජිනීවා විමර්ශනයට බලපෑමක් සිදුවෙනවා. 2015 සැප්තැම්බර් 16 දා ජිනීවා විමර්ශන වාර්තාව ප‍්‍රකාශයට පත්වන අවස්ථාවේ ඊටද රහස් ලියවිලිවලින් බාධා ඇතිවෙය. බි‍්‍රතාන්‍ය රජය මේ රහස් තොරතුරු ආරක්‍ෂා කළේ විදේශ සබඳතාවලට බාධාවක් ඇතිවීම වැළැක්වීමටය.

මේ නිසා තොරතුරු දැනගැනීමේ පනතේ 31 වැනි වගන්තිය යටතේ ලූතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස් ලියවිලි හෙළිකිරීම අත්හිටවූ බව කිවයුතුය. මෙම රහස් ලියවිලි වල දැක්වෙන නම් ප‍්‍රකාශයට පත් කිරීමද නතර කර ඇතැයි තොරතුරු දැනගැනීමේ කොමසාරිස්වරිය සඳහන් කර ඇත.

එහෙත් 2021 වසරේ මාර්තු මස ශ‍්‍රී ලංකාව යළි ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවට යොමු වේ.

වන්නි මෙහෙයුම අවසන් වී වසර 12 ක් ගතවන එම අවස්ථාවේ ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් මියගිය බවට දැක්වෙන මහා බොරුවට රජය අභියෝග නොකරන්නේ මන්ද?

මේ වසරේ මාර්තු මස ජිනීවාහිදී විදේශ ඇමැති තිලක් මාරපන මානව හිමිකම් කවුන්සිලය හෙල්ලූ බවට සාවi ප‍්‍රචාර දියත් වූ අවස්ථාවේ අපි මානව හිමිකම් සමුළුවේ සිටියෙමු.

අඩු වශයෙන් නේස්බි සාමිගේ රහස් වාර්තාව ගැන මානව හිමිකම් සමුළුවට දැන්වීමටවත් ඔහු කි‍්‍රයාකළේ නැත. මානව හිමිකම් සමුළුව වෙත ද්‍රවිඩ තරුණ තරුණියන්ව ගෙන්වා ශ‍්‍රී ලංකාවට එරෙහිව බොරු ප‍්‍රකාශ කරද්දී ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැත. මේ පසුබිම මැද ශ‍්‍රී ලංකාවට ඇති එකම සාක්‍ෂිය නේස්බි සාමිගේ රහස් ලියවිලිය.

මෙම රහස් ලියවිලි හෙළිකිරීම නිසා කොටි ඩයස්පෝරාව කෝපයට පත්විය. එහෙත් නේස්බි සාමිවරයා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ ශාලාවට කැඳවා සාකච්ඡුාවක් පවත්වනු ලැබීය. මේ අවස්ථාවට මේජර් ජෙනරාල් හෝම්ස්ද එක්විය.

මේ අතර වසර 30 කට පසු කොටි සංවිධානයට එරෙහි යුද අපරාධ පැමිණිල්ලක් අප‍්‍රිකන් ග‍්‍රීන් පවුන්ඬේෂන් සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමුකර ඇත.

මෙම යුද අපරාධ පැමිණිල්ල ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු විසින් මානව හිමිකම් කවුන්සිලයට යොමුකර යුතුව තිබුණත් කිසිදු ආණ්ඩුවක් ඊට ඉදිරිපත් වූයේ නැත.

එම පැමිණිල්ලේ ගොනු කර ඇති කරුණු මෙසේය.

1. පැය 24 ක් තුළ උතුරෙන් සිංහලයන් සහ මුස්ලිම් ජනතාව නෙරපීම

2. සිංහල සහ මුස්ලිම් ජනතාව සතු දේපල කොල්ල කෑම

3. ගම්මානවලට කඩාවැදී සිවිල් ජනයා සහ ළදරුවන් කපා කොටා මරාදැමීම

4. ළමුන් පැහැරගෙන ගොස් කොටි හමුදාවට බඳවා ගැනීම

5. ශ‍්‍රී ලංකා රජයට තොරතුරු දුන් බව පවසමින් සිවිල් වැසියන් ප‍්‍රසිද්ධියේ මරා දැමීම

6. මිනීමැරුම් සඳහා ළමුන් පුහුණු කළ ඇඩෙලා බාලසිංහම් තවදුරටත් ලන්ඩන් නුවර පදිංචිව සිටීම

7. ද්‍රවිඩ දේශපාලකයන්” විද්වතුන්” රජයේ නිලධාරීන්” ආගමික නායකයන්” මාධ්‍යවේදීන් ප‍්‍රතිවිරුද්ධ ද්‍රවිඩ කල්ලි නායකයන් ඇතුළු පිරිස් 200 කට අධික පිරිසක් ඝාතනය කිරීම

8. ළමුන් පැහැරගෙන යෑම

9. ත‍්‍රස්තවාදය සඳහා විදේශ රටවල සිට අරමුදල් එකතු කිරීම

10. ජිනීවා ප‍්‍රඥප්ති උල්ලංඝණය කිරීම

11. අත්අඩංගුවේ සිටි සිරකරුවන් ඝාතනය කිරීම

මෙම යුද අපරාධ පැමිණිල්ල ගොනුකරමින් ඇප‍්‍රිකන් ග‍්‍රීන් ෆවුන්ඬේෂන් සංවිධානය පවසන්නේ රටවල් 32 ක් කොටි සංවිධානය තහනම් කළත් කොටි සංවිධානය කොටි සංවිධානය ත‍්‍රස්ත මෙහෙයුම් දියත් කරද්දී එම රටවල් නිහඬව සිටි බවය.

මෙම රටවල් අතරත් වසරකට ඩොලර් මිලියන පහ බැගින් අරමුදල් එකතු කර කොටි සංවිධානයට සපයනු ලැබුවේ කැනඩාවය.

මේ හැර ජාත්‍යන්තර නාවික ආයතනයේ ලියාපදිංචියකින් තොරව කොටි නාවික යාත‍්‍රාවලට ජාත්‍යන්තර සාගරය තුළ යාත‍්‍රා කිරීමටද ඉඩ ලැබී තිබුණ.

මේ අතර බි‍්‍රතාන්‍ය රජය ජාත්‍යන්තර මානව හිමිකම් තානාපතිනිය ලෙස පත්කළ රිටා ප්‍රෙන්ච් විහිළුවක් බවට චෝදනා එල්ල විය. මේ චෝදනාව එල්ල වූයේ බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන්ගෙන.

රිටා ප්‍රෙන්ච් 42 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශ‍්‍රී ලංකාව ජිනීවා යෝජනාව කි‍්‍රයාත්මක කරන්නේ සෙමින් බවත් එය කි‍්‍රයාත්මක කිරීම සඳහා උදව් කිරීමට සූදානම් බවත් කීවාය.

මෙම ජිනීවා යෝජනාව කි‍්‍රයාත්මක කිරීම දුෂ්කර වී ඇත්තේ නිලධාරිවාදය නිසා බවද ඇය තවදුරටත් පළකළාය. එසේම ඇය ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීම සංහිඳියා කි‍්‍රයාදාමය අවතක්සේරුවකට ලක්කිරීමක් බවද පළකළාය.

ඇගේ මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපතිවරයා හමුදාපති පත් කිරීම ජනාධිපතිගේ ෙසෙවරී තීරණයක් බව කීවේය.

මේ පසුබිම මැද කොටි සංවිධානයේ ප‍්‍රධාන ඇමරිකානු ආධාරකරුවූ රාජ් රාජරත්නම් කොටස් වෙළෙඳපළේ දූෂණ කි‍්‍රයාවකට සිරදඬුවම් ලැබීමෙන් පසු වසර දෙකකට කලින් සිරෙන් නිදහස් වී ඇත.

රාජ් රාජරත්නම්ට එරෙහි මිනීමැරීම් චෝදනා මත ශ‍්‍රී ලාංකිකයන් 31 ක් පැවරූ නඩුව කැලිෆෝනියා අධිකරණය මෙතෙක් විභාගයට ගෙන නැත.

150 Viewers