• Home »
  • Sinhala »
  • බුදු දහමට නිගා කිරීමට එරෙහිව මහ සඟරුවනෙන් රජයට සංදේශයක්

බුදු දහමට නිගා කිරීමට එරෙහිව මහ සඟරුවනෙන් රජයට සංදේශයක්

(Courtesy of The Divaina)

බුදු දහමට එරෙහිව විවිධ වැරදි මත පතුරුවාලන පුද්ගලයින් පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස දන්වන සංදේශයක් සැකසීම සඳහා සාකච්ඡුා කිරීමට මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා ඇතුළු විද්වත් ස්වාමීන් වහන්සේලා පිරිසක් පෙරේදා (15 දා) මල්වතු මහා නායක හිමි නිල නිවසේදී රැස්වූහ.

වර්තමානයේදී ත්‍රිපිටක ධර්මය විකෘති කිරීම, බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන් බවට මිථ්‍යා මත පතුරුවමින් බුදු දහමට නිගා කිරීම සැබෑ බුදුදහම පිළිබඳව වැරදි ආකල්ප ඇති කර නොගෙන ඉදිරියේදී ජනතාව මුළාවේ වැටීමෙන් වළක්‌වාලීම ඇතුළු කරුණු රැසක්‌ සම්බන්ධයෙන් අදාළ වගන්ති ඇතුළත් නීති පද්ධතියක්‌ මෙම සාකච්ඡාවේදී සකස්‌ කළ බව අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ “දිවයින”ට පැවසූහ.

එම වගන්ති සහිත සංදේශය මල්වතු, අස්‌ගිරි, උභය විහාරයීය මහානායක ස්‌වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත භාර දීමටත් එම නීති රීති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරවීමටත් ඉදිරි සතියේදී පියවර ගන්නා බව උන්වහන්සේ ප්‍රකාශ කළ

සමන්තී වීරසේකර

330 Viewers