• Home »
  • Sinhala »
  • බෞද්ධ භික්‍ෂූන්ට සහ පොලිසියට චෝදනා එල්ල කළ එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගේ වාර්තාව රජය ප‍්‍රතික්‍ෂේප කරයි

බෞද්ධ භික්‍ෂූන්ට සහ පොලිසියට චෝදනා එල්ල කළ එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගේ වාර්තාව රජය ප‍්‍රතික්‍ෂේප කරයි

ස්විස්ටර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැත. මෑතකදී ස්විස් අධිකරණය තීන්දුවක් දෙමින් කොටි සංවිධානය අපරාධකාරී සංවිධානයක් නොවන බවට ප‍්‍රකාශ කළේය. මේ පසුබිම මත ස්විස් රජය දේශපාලන රැුකවරණ ලබාදී ඇති හිටපු කොටි ත‍්‍රස්තයන් 200 ක් ඇතුළු කොටි ඩයස්පෝරාවට ස්විස්ටර්ලන්තය තුළ ඕනෑම මෙහෙයුමක් දියත් කිරීමේ අවස්ථාව හිමිවී ඇත.

පසුගිය පෙබරවාරි 24 වැනිදා නුවරදී මානව හිමිකම් 43 වැනි සැසිවාරය ආරම්භ වන අවස්ථාවේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති පාද තුනේ පුටුව නමැති සංකේතය අසල ශ‍්‍රී ලංකාවේ හමුදාව සිදුකළ යුද අපරාධ මැයෙන් ඡුායාරූප ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීහු ක‍්‍රියාකළහ.

එහිදී අගමැති මහින්ද රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවන් ලෙස සඳහන් කළ ඡුායාරූප පුවරුද ප‍්‍රදර්ශනයට තබා තිබුණි. මේ සඳහා ජිනීවා පොලිසිය සහ නගර සභාව අවසර දී තිබුණි.

මෙය ඉතා බරපතල ප‍්‍රශ්නයකි. බි‍්‍රතාන්‍ය ප‍්‍රංශ හෝ වෙනත් යුරෝපා රටක නායකයන් සහ ඇමරිකානු ජනපති ට‍්‍රම්ප් යුද අපරාධකරුවකු ලෙස නම්කර ප‍්‍රදර්ශන පුවරු මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ස්ථානගත කිරීමට ස්විස් බලධාරීන් කිසිවිටෙක ඉඩදෙන්නේ නැත.

මෙලෙස කොටි ඩයස්පෝරාවට ස්විට්සර්ලන්තය තුළ ශ‍්‍රී ලංකා විරෝධි කි‍්‍රයාවක් සිදුකිරීමට ඉඩලැබෙද්දී මෙවර මානව හිමිකම් සැසිවාරයට පැමිණ විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන් පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ ආරක්‍ෂක රැුකවලූන් දැඩි නිරීක්‍ෂණයක් කරනු ලැබීය.

ඊට හේතුවී ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයට ලත් පැමිණිල්ලක් නිසාය. මේ පැමිණිල්ල ගැන සිදුවූ විමර්ශනයේදී තහවුරු වී ඇත්තේ ආරක්‍ෂක ජාලය බිඳ දැමීමට එක්තරා පිරිසක් කි‍්‍රයාකර ඇති බවයි.

මෙවන් තත්ත්වයක් මත ශ‍්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවේ සමඅනුග‍්‍රහයෙන් ඉවත්වීම මත සැසිවාරය හමුවේ ඉදිරිපත් කළ කරුණු මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සහ ජාත්‍යන්තර ප‍්‍රජාවද ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය.

2015 සැප්තැම්බර් මස ඇල්බේනියාව, ජර්මනිය, ග‍්‍රීසිය, ලැම්බියාව, මොන්ටිනිග්‍රෝ, පෝලන්තය, රුමේනියාව, මැසිඩෝනියාව, බි‍්‍රතාන්‍ය සහ ඇමරිකාව එක්වී ගෙන ආ ජිනීවා යෝජනාවට එවකට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර සම අනුග‍්‍රහය ලබාදීමට එකඟ විය.

මෙම රටවල් වලින් ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය සහ පෝලන්තය පමණක් වත්මන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් වේ.

මෙවන් පසුබිමක් මැද යුරෝපා සංගමය, කැනඩාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ කැනඩාව යන රටවල් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ප‍්‍රතික්‍ෂේප කිරීම අනුමත කරමින් ශ‍්‍රී ලංකාව තවදුරටත් ජිනීවා යෝජනාව කි‍්‍රයාත්මක කළ යුතු බවත් වගවීමේ කි‍්‍රයාදාමය සහ සංහිඳියා කි‍්‍රයාවලිය දිගටම ගෙනයා යුතු බවත් කියා සිටියා.

මෙය ෂයිලොක් නැමැති මස් වෙළෙන්දා මස් රාත්තලම ඉල්ලීමට සමානය.

මේ රටවල් තවදුරටත් ශ‍්‍රී ලංකාවට කියා සිටින්නේ ශ‍්‍රී ලංකාවේ හමුදාවට එල්ල වූ යුද අපරාධ චෝදනාවලට දඬුවම් දෙනු සහ මුළු ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණයට ලක්කරනු යන්නයි.

ලොව කිසිදු රටක නායකත්වයට තම ආරක්‍ෂක හමුදාව සංශෝධනය කරනු යයි උපදෙස් දීමට වෙනත් රටවලට හිමිකමක් තිබේද?

එසේම විදේශ රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීමක් කරමින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර හයිබි‍්‍රඞ් යාන්ත‍්‍රණයක් ආරම්භ කරන ලෙස දන්වා ඇත.

මෙම විදේශ රාජ්‍ය නොවන සංවිධාන අතර ඇමනෙස්ට් ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් නමැති සංවිධානයකි.

එම එන්. ජී. ඕ සංවිධාන තවදුරටත් දන්වා ඇත්තේ ජාත්‍යන්තර නීතිය යටතේ ශ‍්‍රී ලංකාව වගවීමේ කි‍්‍රයාවලියට වගකිවයුතු බවයි.

මේ හැර මෙකී සංවිධාන මෙරට දේශපාලන කටයුතු වලටද සෘජුව මැදිහත්වී ඇත.

‘‘ශ‍්‍රී ලංකාව 19 වැනි සංශෝධනය අහෝසි කරන බවට පවසා තිබෙනවා. එසේම අතුරුදන්වූවන්ගේ පණත යළි නිරීක්‍ෂණය කරන බවද දක්වා ඇත. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කළ හමුදා නිලධාරීන්ට උසස්වීම් දීම ගැනද මානව හිමිකම් කොමසාරිස්වරිය කළ ප‍්‍රකාශය අපි අනුමත කරන්නෙමු. රාජ්‍ය නොවන සංවිධාන ගැන නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කි‍්‍රයාකරන බව පැහැදිලිවී ඇත.

 

image001 මේ අතර ජිනීවා මානව හිමිකම් සැසිවාරයට පැමිණි විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක නිලධාරීන් හමුවිය.

මෙවන් පසුබිමක් මැද මානව හිමිකම් සමුළුව තුළ කොටි ඩයස්පෝරාව සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ තර්ක කිරීමට ඉදිරිපත්ව සිටියේ එදා සිට කි‍්‍රයාකරන ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව පමණකි.

මේ සඳහා බි‍්‍රතාන්‍යයේ සිට නීතිඥවරුන්වූ රිෂ් උඩවත්ත, ජෙයරාජ් පලිහවඩනද, ස්විට්සර්ලන්තයේ එරික් මාකවිට, රනිල් ජයනෙත්ති, බ‍්‍රයන් බස්නායක සහ රිශ‍්‍රායලයේ ජනිත් විමලද මානව හිමිකම් සමුළුව වෙත පැමිණ සිටියහ

එහිදී ඊශ‍්‍රායල් නියෝජිත ජනිත් විමල විදේශ ඇමැති වෙත පැවසුවේ පොලිස් භටයන් 600 ක් ඝාතනය වීමේ සිද්ධිය ගැන තමා කවුන්සිලයෙන් පරීක්‍ෂණයක් ඉල්ලා ඇති බවත් ඊට රජයේ සහය අවශ්‍ය බවයි.

එසේම කොටි ඩයස්පෝරාව එල්ල කරන චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්වීමට විද්වත් මණ්ඩලයක් පත්කරන ලෙස ජනෙත් විමල කල ඉල්ලීම ඇමැතිවරයා පිලිගනු ලැබීය.

මානව හිමිකම් සහ මාධ්‍ය සංවිධාන 12 කට වැඩි සංඛ්‍යාවකට තර්ජනාත්මක පැමිණීම් සිදුවී තිබේ.

ඉහත කී ප‍්‍රකාශයට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ කොළඹ ප‍්‍රධාන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානින් බව අනාවරණය වී ඇත.

මේ අතර විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන පසුගිය සිකුරාදා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් හමුවී කළ සාකච්ඡුාවේදී ශ‍්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවේ සමඅනුග‍්‍රහයෙන් ඉවත් වූවත් වගවීම සහ මානව හිමිකම් කි‍්‍රයාවලිය තවදුරටත් ගෙනයන බව ප‍්‍රතිඥා දී ඇත.

ශ‍්‍රී ලංකාවේ ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම කටයුතු සිදුකරන බවත් හෙතෙම තවදුරටත් පවසා තිබේ.

ශ‍්‍රී ලංකා විදේශ කටයුතු ඇමැතිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගිවූයේ දින තුනක කාලයකි. ඔහු ආපසු ශ‍්‍රී ලංකාව බලා ඒමෙන් පසු සමුළුවට පැමිණ සිටි ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී ආනන්දි සසිතරන් ඇතුළු පිරිස සිය බොරු ප‍්‍රකාශ කිරීමේ මෙහෙයුම ආරම්භ කළහ.

ශ‍්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදුකර තිබෙනවා. ශ‍්‍රී ලංකා හමුදාව අන්තර්ජාතික අධිකරණය වෙත හෝ ජාත්‍යන්තර විනිශ්චය සභාවක් ස්ථාපිත කර ඊට යොමුකළ යුතුයි මේ සඳහා කාලය පැමිණ තිබේ යයි අපි‍්‍රකානු රාජ්‍ය නොවන සංවිධානයක සහයෙන් සමුළුව ඇමතූ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාව කි‍්‍රයාකළ යුතු බවද හෙතෙම තවදුරටත් පළ කළේය.

30/1 ජිනීවා යෝජනාවෙන් හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවද තවදුරටත් පැවසූ ගජේන්ද්‍රකුමාර් මානව හිමිකම් සංවිධාන රැුසක්ද තමා කරන ඉල්ලීමට සහය දක්වා ඇති බව කීවේය.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කළ ප‍්‍රකාශය තහවුරු වූයේ සිව්කස්, අයි. එස්. එච්. ආර්. පෝරම්ඒෂියා, ප‍්‍රැන්සිස්කන් ඉන්ටර්නැෂනල් ඇතුළු සංවිධාන කීපයක් ශ‍්‍රී ලංකා හමුදාව අන්තර්ජාතික අධිකරණය වෙත යොමුකළ යුතු බව පැවැසීමයි.

එසේම ශ‍්‍රී ලංකාව වෙත නැවතත් භීතිය පැමිණ ඇති බවත් වාර්ගික ජන කොටස් වලට තර්ජන එල්ල වී ඇති බවටත් එම සංවිධාන මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවේ සඳහන් කළහ.ජිනීවා යෝජනාවට එරෙහිව මුලසිටම ගමන්කළ රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙවර ජිනීවා නොපැමිණියේ මැතිවරණ කටයුතු වල යෙදීම නිසාය.

මේ අතර 2015 පසු ජිනීවා පැමිණ කීපදෙනෙක් ජිනීවා යෝජනාව පසෙකට දමා මැතිවරණයට ඉදිරිපත් වී ඇත. මේ සැබෑ දේශපේ‍්‍රමයද?

හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් පසු එම යෝජනාවට එරෙහිව කි‍්‍රයාකිරීම සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර බි‍්‍රතාන්‍යයේ බෞද්ධ සහන සේවා සංවිධානයේ සහය ලබාගන්නා තෙක් කිසිවෙක් ඒ සඳහා කැපවුයේ නැත.

රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවර බෞද්ධ ජාත්‍යන්තර විහාරයේ සහය ලබාගත් අතර ජිනීවාහි පිහිටි තවත් විහාරස්ථානයකින් එම සහය ලැබුණේ නැත. එම විහාරස්ථානයේ දායිකාවක්වූ  ගායකයකුගේ ඥාතියකු රියර් අද්මිරාල් වරයාට එරෙහිවී තිබුණි.

මේ නිසා ජිනීවා බෞද්ධ විහාරය නැමැති දේශපේ‍්‍රමී විහාරස්ථානයේ කැපවීම මත රියර් අද්මිරාල්වරයාට ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට හැකිවිය.

මේ පසුබිම මැද දේශපේ‍්‍රමීන් මවිතයට පත්කරන සිද්ධිය හෙළිවිය. ඒ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් රියර් අද්මිරාල්ට සහය නොදැක්වූ විහාරස්ථානයේ පිළිගැනීම්  

රැුස්වීමක් පැවැත්වීමයි. මේ පිළිගැනීමේ රැුස්වීමට විදේශ ඇමැතිවරයාට කැඳවාගෙන ගිය පිරිස කවුරුන්දැයි දැන් හෙළිවී ඇත.

මේ අතර මානව හිමිකම් කවුන්සිලය තුළ ශ‍්‍රී ලංකාවට එරෙහි ඉතා රහසිගත කුමන්ත‍්‍රණයක් දියත් වී තිබේ. මේ බව රජය දන්නේ නැත.

43 වැනි මානව හිමිකම් සැසිවාරය ඇමතූ විදේශ රාජ්‍ය නොවන සංවිධාන අතරින් ඉමාඩර් සංවිධානය මෙහෙයවන්නට මෙරට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිනියකි. යහපාලන රජය යටතේ ඇති අතුරුදන්වූවන්ගේ කොමසාරිස්වරියක් ලෙසද ඇය කි‍්‍රයාකළාය.

එසේනම් ජාත්‍යන්තර අධිකරණ යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටීමට ඇයට ඇති හිමිකම කුමක්ද?

මෙම සංවිධාන වලට අමතරව ඔස්ටේ‍්‍රලියානු ද්‍රවිඩ කොංග‍්‍රසයක්ද ඉන්ටර්නැෂනල් ජූරිස්ට් කමිෂන් නැමැති සංවිධානයද ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන ඕක්ලන්ඞ් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂිකා අනුරාධ මිට්ටාල්ද ශ‍්‍රී ලංකාවට එරෙහිව ප‍්‍රකාශ කර ඇත.

මෙවන් වාතාවරණය මැද පසුගිය සිකුරාදා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් හමුවී ජිනීවා යෝජනාවේ පසුබිම සහ යහපාලන රජය ඊට සමඅනුග‍්‍රහය දීම ගැන තොරතුරු හෙළිදරව් කර ඇතත් එම තොරතුරු පිලිගෙන නැත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද කි‍්‍රයාකරන්නේ බටහිර රටවල්වලට අවශ්‍ය ලෙසයි. ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය කවුන්සිලය තුළ නැතිවූවත් එම රටවල ආධාරකරුවෝ කවුන්සිලය තුළ කි‍්‍රයාත්මක වෙති.

ඒ බව තහවුරු වූයේ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරියකුවූ රෝලන්ඩෝ ගෝමෙස් කළ ප‍්‍රකාශයෙනි.

ඔහු පවසන්නේ යෝජනාවක් සම්මත වූ විට ඉන් ඉවත්ව යාමට නොහැකිබවයි.

ඔහු කළ එම ප‍්‍රකාශය වත්මන් රජයට සහ විදේශකටයුතු ඇමැතිවරයාට එල්ලවූ අතුල් පහරක් වැනිය.

එසේනම් ජිනීවා යෝජනාව හෙවත් ශ‍්‍රී ලංකාවේ හමුදාව සහ රට පාවාදීම ගැන වගවිය යුත්තේ කවුරුන්ද?

ඒ යහපාලන රජය නොවේද?

ජනතාව රැුවටිය හැක්කේ එක වතාවක් පමණක් බව හිටපු ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් වරක් පැවසීය.

එසේනම් 2015 සැප්තැම්බර් මස ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමේ සිට 2019 දක්වා සිදුවූයේ ජනතාව රැුවටීම නොවේද?

2009 මැයි මස 18 දා කොටි පරාජය වූවත් වසර 11 ක් තිස්සේ කිසිදු ආණ්ඩුවක් කොටි යුද අපරාධවලට එරෙහිව සටන් කළේ නැත.

එහෙත් කොටි ඩයස්පෝරාව, ද්‍රවිඩ සන්ධානය සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව දිගටම යුද අපරාධ චෝදනා එල්ල කරනු ලැබීය.

යහපාලන රජය වගවීම සහ සංහිඳියා කි‍්‍රයාදාමය ගැන හඬ නගද්දී කොටි යුද අපරාධ යටපත්විය.

එම යුද අපරාධකරුවෝ බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, නෝර්වේ ස්ටිවන් කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව යන රටවල නිදහසේ සිටිති.

බි‍්‍රතාන්‍යයේ පදිංචි ඇඩෙලා බාලසිංහම් යුද අපරාධකාරියෙකි. එහෙත් අදවනතුරු ශ‍්‍රී ලංකා රජය ඇඩෙලා යුද අපරාධකාරියක් ලෙසට නම්කර නැත.

එසේම කොටි ආයුධ ප‍්‍රවාහන ප‍්‍රධානියා වූ රවින්ද්‍ර කැනඩාවේ දේශපාලන රැුකවරණ හිමිවී ඇත. ඔහුට වව්නියා අධිකරණය සිරදඬුවමක් නියම කර තිබුණි. එසේ වූවත් රජය ඔහු මෙරට අවශ්‍ය කරන ත‍්‍රස්තයකු බව කැනඩාව වෙත දැනුම් දී නැත.

මෙවන් තත්ත්වයක් මත ශ‍්‍රී ලංකාවට එරෙහි සතුරෝ ඒකරාශී වී 2020 මාර්තු සමුළුව හමුවේ ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර විනිශ්චය සභාවකට ගෙන යෑමට සූදානම් වේ.

එසේම හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා විසින් යුද අපරාධ චෝදනා එල්ල කර ඇති හමුදා නිලධාරීන් 59 කට එරෙහිව විදේශ සංචාර තහනමක් කි‍්‍රයාත්මක කිරීමටද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සහ පවුලේ අයට එරෙහිව ඇමරිකාවේ සංචාරයක යෙදීම තහනම් කිරීම ගැන රජය විරෝධය පළකරන ලද අතර මෙතෙක් එම තහනම ඉවත් කර නැත.

මේ පසුබිම මැද ඇමරිකානු කොංග‍්‍රස් සභාවේ ¥ත පිරිස මෙරටට පැමිණි අතර මෙරටදී ඔවුන් ඇමරිකාව වෙනුවෙන් මෙහි සිටින ශ‍්‍රී ලාංකික නියෝජිතයා හමුවී සාකච්ඡුා කර ඇත.

මේ ඇමරිකානු ශ‍්‍රී ලංකා නියෝජිතයා මෙරට විදේශ පිළිවෙතටද ඉතා උපක‍්‍රමශීලීව මැදිහත්වී ඇත.

එහෙත් රජයේ වගකිවයුතු බලධාරීහු සිදුවන්නේ කුමක්දැයි නොදනී.

ඔහු මුලින්ම ආරක්‍ෂ අංශ වලින් විශ‍්‍රාම ගිය නිලධාරියකු තම රාජ්‍ය නොවන සංවිධානයට බඳවාගෙන ඉන්පසු ඔහුගේ මාර්ගයෙන් ක‍්‍රමක‍්‍රමයෙන් විදේශ සබඳතාවලට සමීප වී තිබේ.

එහෙත් රජයේ ඉහළ පොළේ බලධාරීන් මේ කි‍්‍රයාදාමය ගැන නිරීක්‍ෂණය කර තිබේද?

රනිල් වික‍්‍රමසිංහ සහ ප‍්‍රභාකරන් අතර අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුම පසුබිමේ සිටි විදේශ ඒජන්තවරයා හැරිහැටි හඳුනාගැනීමට වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ කටයුතු කළේ නම් එම විදේශ ඒජන්තගේ 2 වැනි මෙහෙයුම හෙළිවනු නියතය.

මේ අතර ප‍්‍රභාකරන්ගේ උපදේශන විශ්වනාදන් රුද්රකුමාරන් විසින් ඇමරිකාවේ පිහිටුවාගෙන ඇති රටින් පිටත ඊලම් ආණ්ඩුව නැමැති තක්කඩි සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් ශ‍්‍රී ලංකා රජය සැලසුම් කර ඇති දේශීය සංහිඳියා කි‍්‍රයාදාමය ප‍්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා ඇත.

මෙම හොර සංවිධානයේ මානව හිමිකම් කවුන්සිල නියෝජිතයා යයි හඳුන්වාගන්නා මනිවන්තන් මානව හිමිකම් සමුළුවට පැමිණියේ ප‍්‍රංශ තරුණ සංවිධානයක නියෝජිතයා ලෙස දන්වමිනි.

මෙවන් තොරතුරු හෙලිවන අවස්ථාවේ ප‍්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු භාර අධ්‍යක්‍ෂක තිසරි මානිව් එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ජිනීවා යෝජනාව ගැන පැවසුවේ රජය ඉන් ඉවත්වූවත් එකී යෝජනාව නීත්‍යානුකූලව ක‍්‍රියාත්මක වන බවයි.

ශ‍්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවෙන් ඉවත්වූ විගස එය අතුරුදන් වන්නේ නැතැයිද ඔහු ප‍්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමද් ෂහිද් විසින් ශ‍්‍රී ලංකාවේ ආගමික කටයුතු පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ශ‍්‍රී ලංකා රජය ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

මේ වාර්තාව මාර්තු 2 දා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කර තිබුණි. එම වාර්තාවෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට සහ පොලිසියද චෝදනා එල්ල කර තිබුණි.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවේ සමාන්තර රැුස්වීම් සියල්ල අවලංගු කෙරුණි. ඒ ජිනීවා නුවරට කොරෝනා තර්ජනය එල්ල වීම නිසාය. මේ නිසා ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ කොටි ඩයස්පෝරාවේ රැුස්වීම 7 ක් අවලංගු විය.

ස්විට්සර්ලන්තය තුළ කොරෝනා රෝගීන් 55 ක් හමුවීම නිසා මානව හිමිකම් සැසිවාරයද අවලංගු කිරීමේ තත්ත්වයක මතුවී ඇත.

මේ තත්ත්වය මත ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ආනන්දි සසිතරන් ඇතුළු කොටි ඩයස්පෝරාවට කොරෝනා නිසා බරපතල පහරක් එල්ල විය

 



464 Viewers