• Home »
  • Sinhala »
  • භික්‍ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ නීති සංශෝධනය විය යුතුයි – අස්ගිරි මහ නාහිමියෝ කියති

භික්‍ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ නීති සංශෝධනය විය යුතුයි – අස්ගිරි මහ නාහිමියෝ කියති

z_p18-Asgiri

(Courtesy of Divaina)

භික්ෂූන් වහන්සේලාට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි ලෙස සහ මැතිවරණවලට තරග කිරීමට නොහැකි වන ලෙස මැතිවරණ පනතට සංශෝධන ගෙන ආ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවසූහ.

භික්ෂූන් වහන්සේලාට නාමයෝජනා ලබාදිය නොහැකි ලෙස නීති සංශෝධනය වූ විට ශාසනයේ පැහැදිලි දියුණුවක් අපේක්ෂා කළ හැකි බවද මහනාහිමියෝ පැවසූහ.

පවතින මැතිවරණ නීතිය පැරණි එකක් බැවින් ඊට සංශෝධන ගෙනඑමින් අදාළ කටයුත්ත කඩනමින් කළ යුතුව තිබෙන බවද උන්වහන්සේ කීහ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ඊයේ (03දා* අස්ගිරි මහා විහාරයට ගොස් මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.

භික්ෂූන් වහන්සේ සෘජුව දේශපාලනයට යොමු වීමෙන් ශාසනය පිරිහීමට ලක්වන බවද අස්ගිරි මහ නාහිමියෝ කීහ. අතීතයේ මෙන්ම පාලකයින්ට දැහැමිව රට පාලනය කිරීම පිණිස අවවාද අනුශාසනා කිරීම මහා සංඝරත්නයේ කාර්යභාරය බවත්, ඉන් ඔබ්බට ගොස් මහා සංඝරත්නය සෘජුව දේශපාලනය කිරීමට යෑමෙන් විශාල පිරිහීමක් ශාසනය තුළ ඇති වූ බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද මෙම අදහසම ප‍්‍රකාශ කළේ යැයි පැවසුවේය.

මැතිවරණය ප‍්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක අපේක්ෂකයින්ට මහනාහිමිවරුන් බැහැදැකීමට පැමිණිය හැකි වුවත්, විහාරස්ථාන භූමියේ මාධ්‍යයට ප‍්‍රකාශ ලබාදීමට නොහැකි බවත්, එය කළ හැක්කේ පන්සල් භූමියෙන් පිටත් බවත් මහින්ද දේශප‍්‍රිය මහතා කීය.

සමන්තී වීරසේකර,
සිරිල් විමලසුරේන්ද්‍


230 Viewers