• Home »
  • Sinhala »
  • මල්වත්තේ අපේ නායක හාමුදුරුවනේ,

මල්වත්තේ අපේ නායක හාමුදුරුවනේ,

රට දෙකඩ කරන්නේ යයි ඇතැමුන් කියන්නේ බලය බෙදීම ගැන වරදවා වටහාගෙන බවත් බලය බෙදන රට නොබෙදන ව්‍යවස්‌ථාවක්‌ රටට උවමනා බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පසුගියදා කළ ප්‍රකාශයට රට පුරා විරෝධය එල්ලවී තිබේ.

උන් වහන්සේ මෙම අදහස්‌ පළ කර තිබුණේ නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් නාහිමියන් දැනුවත් කිරීම සඳහා මල්වතු මහා විහාරයට ගිය පුරවැසි බලය සංවිධානයේ හා නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිලධාරී පිරිසකටය.

නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් මල්වතු මහ නාහිමියන් විසින් පසුගියදා දැක්‌වූ අදහස්‌ සම්බන්ධයෙන් මහා සංඝරත්නය පවා විරෝධය පළ කළහ. ඒ සම්බන්ධයෙන් පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභය තිස්‌ස නාහිමියන් විසින් මාධ්‍ය හමුවක්‌ කැඳවමින් විරෝධය දක්‌වන ලදී.

zඅලුත් ව්‍යවස්‌ථාවක්‌ ඇති කරන්න තමයි ආණ්‌ඩුව පොරොන්දුවෙලා ඇවිල්ලා ඉන්නේ., බෙදුම්වාදී ව්‍යවස්‌ථාව නොවන බව තමන් වහන්සේට විශ්වාසයි ඒ නිසා මෙය සිදු කළාට කමක්‌ නෑ කියලා මල්වතු මහා නායක හාමුදුරුවෝ කියල තිබුණා, අපේ මල්වතු පාර්ශවයේ මහා නායක හාමුදුරුවෝ කියන්නේ මගෙත් නායක හාමුදුරුවෝ මමත් මල්වතු පාර්ශවයේ හාමුදුරු නමක්‌. ඒ ගෞරවයෙන් ආදරයෙන් දෙපා නැමද අපි මහා නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මහා නායක හාමුදුරුවනේ මේ අතුරු වාර්තාව ඔබ වහන්සේ ගෙන්වාගෙන කියවන්න. මේ පිළිබද සැකසූ ලිපියක්‌ තියෙනවා ඒක දින කිහිපයකින් ගිහිල්ලා බාර දෙන්න මම ලැස්‌තියි.

මීට කලිනුත් උන්වහන්සේ ලි තව ඉල්ලුවා අපි උන්වහන්සේට ලි තව ලබා දීලා තියෙනවා මේ ගැටලුව පිළිබඳ කියවන්න. උන්වහන්සේ මේ ව්‍යවස්‌ථාව පිළිබඳ අවබෝධයක්‌ ගන්න අවශ්‍ය නම් නායක හාමුදුරුවෝ, සංඝ සභාවේ ඉන්න විද්වත් හාමුදුරුවන් වහන්සේලා එකතු කරගෙන කිසියම් මණ්‌ඩලයක්‌ පත් කරගෙන ඒ මණ්‌ඩලයේ අදහස්‌ යෝජනා අරගෙන ඔබ වහන්සේ කටයුතු කරන්න ඔබ වහන්සේ පෞද්ගලික දේශපාලන හෝ මතිමතාන්තර, විශේෂතා පුද්ගලයන් පිළිබඳ තියෙන ප්‍රසාදය මත මේ රටේ අනාගතය පිළිබඳ තීරණ ගන්න එපා කියලා අපි වැඳලා ඉල්ලා සිටිනවා.

බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නේ මේක අපේ රට පිළිබඳ ප්‍රශ්නයක්‌, ඒ නිසා මහා නායක හාමුදුරුවන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලයන් කියන දේවල් උඩින් බලලා පිළිගන්න එපා යෑයි පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමියන් පැවසූහ.

අද පෝය දවසේ ඔබ වහන්සේගේ පොස්ට් බර ගානක් ෆේස්බුක් එකේ දැක්කා. බණක් හෝ පෙරහැරක් ගැන නෙමෙයි ව්‍යවස්ථාවට සම්බන්ධ කරල. ගම්මන්පිලගෙයි ජයම්පතිගෙනුයි පස්සෙ ව්‍යවස්ථාව ගැන ලොකුම අවධානයකින් ඉන්නේ ඔබවහන්සේ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා දැක්කම. කොහොමත් ෆේස්බුක් එකේ පක්ෂ විපක්ෂ ලොකු ඉඩක් තියෙනවා හාමුදුරුවරුන්ට. මියන්මාර සරණාගතයන් ගැන කතාකලත් හාමුදුරුවරු, සිල්රෙදි ගැන කතාකලත් හාමුදුරුවරු, ලංකා හොස්පිටල් ගැන කතාකලත් හාමුදුරුවරු, හෙදියෝ ගැන කතාකලත් හාමුදුරුවරු, විල්පත්තුව ගැන කතාකලත් හාමුදුරුවරු, ශිෂ්‍ය අරගලවලත් හාමුදුරුවරු, ෆීල්ඩ් මාෂල් කතාකරන්නෙත් හාමුදුරුවරු ගැන, ඉතින් මෙහෙම ගියොත් ඔබ වහන්සේ නායක හාමුදුරුවෝ බව මේ රටේ දායක දායිකාවන්ට අමතක වේයැයි සිතා දෝ රටේ ආන්දෝලනාත්මක ලියමන වන ව්‍යවස්ථාව ගැන ඔබවහන්සේත් ප්‍රකාශයක් කිරීමට සිතුවානම් එහි වරදක් නැත.

පිරිවෙන්වල වැඩ සිටින සාමණේරයන්වහන්සේලාගේ සිට විහාරාධිපතිවරු දක්වා සියලුමදෙනා පාහේ දේශපාලනය කරන කාලෙක ඔබ වහන්සේත් දේශපාලන ප්‍රකාශයක් කිරීම හෝ දේශපාලන පක්ෂයකට සහය දැක්වීම හෝ රටේ වැදගත් ප්‍රශ්ණ වලට සක්‍රීයව දායකවීම වරදක් නොවේ. මිනිස්සු කියන විදියට එය UNP නම් එයත් වරදක් නොවේ. සරත් ෆොන්සේකා මහතා කියනවානම් රණවිරුවෝ යුධ අපරාද කළා කියල, නායක හාමුදුරුවන්ට බැරිද UNP වෙන්න?

ඔබ වහන්සේ කල නිර්භීතම වැඩේ මේ කිසිවක් නොව, සිවුරු දාගත්ත පළියට පන්සල් වල ඉන්න හාමුදුරුවරුන්ට රටේ සිවිල් ප්‍රශ්නවලට සම්බන්ධවීමට ඉඩ නොදියයුතුයයි කියූ, නායක හාමුදුරුවරු දායකයෝ දෙන දෙයක් අරගෙන පන්සල්වලට වී සිටිය යුතුයැයි කියූ, සංඝ සමාජය ජාතිවාදියෝ යයි කියූ, ස්වාමීන්වහන්සේලාගේ අතේ සුළු ජාතීන්ගේ ලේ ගැවී ඇතැයි කියූ, හාමුදුරුවරු දේශපාලනය කතාකිරීම නීතියෙන්ම තහනම් කලයුතු යයි කියූ, දැන් මේ රට කොරන්නේ හාමුදුරුවරුදැයි ප්‍රසිද්ධියේම ඇසු, පුරවැසි බලයේ මහත්තුරු පන්සල ඇතුලට ගෙන්වා, දමනය කර, දන ගස්වා, රුපවාහිනී කැමරා ඉස්සරහින් තබා කල ප්‍රාතිහාර්යයයි.

අපේ නායක හාමුදුරුවනේ, මේ ඇත්තොත් දොහොත්මුදුන් තබා සාදු සාදු කීමෙන් පසු පංචසීලයෙහි පිහිටෙව්වාද?

මම මේ ලිපිය ලිව්වේ, ඉහත සදහන් කරුණු මතුකරන්නම නොව, ඔබ වහන්සේට සැදැහැ සිතින් ආරාධනාවක් කරන්නය. අවසර, ඔබ වහන්සේත් දන්නා විදියට මේ වෙනකොට හම්බන්තොට වරාය විකුණල, ත්‍රිකුණාමලය ටෙන්ඩර් දාල, ශ්‍රී ලංකන් ඇතුළු රාජ්‍ය ආයතනවලට මිලගණන් කැදවලයි තිබෙන්නේ. විකිණීම කොච්චර සරල වේගෙන යනවද කිවොත් සීගිරිය, කලා වැව සහ ශ්‍රී පාදය වුනත් වික්කා කියල පත්තරේ තිබුනොත් තමා ජනාධිපතිතුමා වුනත් දැන ගන්නෙ. මත්තල ගුවන්තොටුපල මිලදී ගන්නේ ඉන්දියානු සමාගමක්. මෙහෙම ගියොත් ආණ්ඩුව අපේ ගෙවල් දොරවලුත් විකුණන්න ඉඩ තියෙන නිසා අපි සේරම අද මත්තලදී දැවැන්ත විරෝධතාවයක් දක්වනවා. ලක්ෂ ගණනක් රටට ආදරේ දායක දායිකාවෝ ඒවි.

අපේ මල්වත්තේ නායක හාමුදුරුවනේ, කාගෙ කාගේත් ඇස් ඇරෙන්නත් එක්කම, ඉතින් වඩින්න අද උදේම මත්තලට!

මිලින්ද රාජපක්ෂ

86 Viewers