• Home »
  • Sinhala »
  • මහවිරු සතිය ප්‍රකාශයට පත්කරයි

මහවිරු සතිය ප්‍රකාශයට පත්කරයි

(Courtesy of Divaina)

දෙමළ ජාතික සන්ධානයත් යාපනය විශ්වවිද්‍යාලයත් එක්‌ව උතුරු පළාත තුළ මහවිරු සතියක්‌ ප්‍රකාශයට පත් කොට තිබේ. මේ සතිය ආරම්භ වූයේ නොවැම්බර් 21 දාය. අවසන් වන්නේ නොවැම්බර් 27 වැනිදාය.

මෙහිදී මිය ගිය අයගේ ඡායාරූපවලට මල් දම් පලඳවා ඒ ඉදිරියේ පහන් දැල්වීමක්‌ සිදු කරනු ලබයි. පහන් මෙන්ම ඉටිපන්දම් දල්වන අවස්‌ථාද හඳුන්කූරු දල්වන ආකාරයද පසුගිය කාලවකවානුවේදී අපට දැක ගන්නට ලැබුණි.

නොවැම්බර් මාසයේ 21 දා සිට 27 දා දක්‌වාම මේ මහවිරු සතිය තෝරාගැනීමට බලපෑ හේතූන් දෙකක්‌ම තිබේ. ඉන් පළමු වැන්න වන්නේ නොවැම්බර් මස 26 වැනිදාට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී තිබීමයි.

නොවැම්බර් මස 27 වැනිදාට මහවිරු සැමරුම් දිනය ප්‍රකාශයට පත් කොට ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයකු වූ ප්‍රභාකරන්ගේ ඉතාම සමීප මිතුරා වූ ෂංකූ නමැත්තා මියයැමයි.

1982 නොවැම්බර් මස 27 වැනිදා ඔහු ආරක්‌ෂක අංශවල ප්‍රහාරයකින් මිය ගිය අතර ඔහු මියයන විට එල්.ටී.ටී.ඊ.ය විසින් ඔහුව කර්නල් නිලයකට පත්කොට තිබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉහළම පෙළේ නායකයකු මුල්ම වරට මිය ගිය දිනය නොවැම්බර් මස 27 වැනිදා වීමත් ඔහු ප්‍රභාකරන්ගේ ඉතාම සමීප හිතවතෙකු වීමත් නිසා මහවිරු දිනය එදිනට සමරනු ලබයි.

අතීතයේදී මේ දිනයේදී සවස හරියටම 6.25 ට මියගිය සියලුම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව සිහිපත් කොට පහන් දල්වයි. උතුරේ සෑම ගම්මානයකම ඉදිකොට තිබූ එල්.ටී.ටී.ඊ. සොහොන් බිම්වල මේ කාර්යය සිදුවෙයි.

පහන් දල්වා අවසන් වූ පසුව ප්‍රභාකරන් කිසියම් ස්‌ථානයක සිට දෙමළ ජනතාව අමතයි. ඔහු ඔහුගේ කතාවෙන් හැමදාම කියා සිටියේ කෙසේ හෝ ඊලාම් දේශය ලබන මහවිරු දිනය වන විට උතුරු නැගෙනහිර පළාත්වල බිහිකරන බවයි.

ප්‍රභාකරන් මියයන තුරුම ඒ කතාව කියමින් සිට මියගියේය.

* මහා රැවටීමක්‌

මහවිරු සතිය දැන් සංවිධානය කරනු ලබන පිරිස්‌ කියා සිටින්නේ ඔවුන් යුද්ධයෙන් මියගිය මිනිසුන්ට පින් අනුමෝදන් කරවීම සඳහා මේ මහවිරු සතිය ප්‍රකාශයට පත් කොට ඇති බවයි.ඔවුන් එසේ ප්‍රකාශ කරනුq ලබන්නේ දකුණේ වැසියන්ගේ අනුකම්පාව දිනා ගැනීමටත් උතුරේ ආරක්‌ෂක අංශ රැවටීමත් පිණිසය.

මියගිය අය සිහිකිරීම සදහා ඕනෑම ජාතියකට ආගමකට අයත් පුරවැසියකුට සදාචාරාත්මක අයිතියක්‌ තිබේ. නමුත් මේ සතිය සංවිධානය කරනු ලබන වත්මන් තරුණයෝ සිදුකරන්නේ සියලුම දෙනා රවටා ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමයි.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා මේ පිරිස වෙනම දිනයක්‌ ප්‍රකාශයට පත් කරගෙන තිබේ.ඒ වසරේ මැයි මාසයේ 19 වැනිදාය. මෙය ඉතාම ඉහළින් සංවිධානය කරනු ලබයි. එය සංවිධානය කෙරෙන්නේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදීය.

උතුරු පළාත් සභාවත්, දෙමළ ජාතික සන්ධානයත් මේ උළෙල සංවිධානය කරනු ලබන අතර යාපනය විශ්වවිද්‍යාලයේ පමණක්‌ නොව මඩකලපුව හා නැගෙනහිර පිහිටි සෙසු විශ්වවිද්‍යාලවලද සහය මේ සඳහා ලැබෙයි.

හරියටම මේ උළෙල සංවිධානය කරනු ලබන්නේ ප්‍රභාකරන් මියගිය ස්‌ථානය බවට සැක කෙරෙන ස්‌ථානයේය. ඒ වෙනුවෙන් මේ වන විට විශේෂ ස්‌මාරකයක්‌ද උතුරු පළාත් සභාව විසින් නිමවා ඇත.

අනෙක්‌ කාරණය වන්නේ මේ සඳහා යොදාගෙන ඇති දිනය වන්නේද ප්‍රභාකරන් මියගිය බවට සැලකෙන දිනයයි. ඒ මැයි මස 19 වැනිදාය.

යුද්ධයේදී මියගිය වැසියන් සිහිපත් කිරීමට උතුරේ දෙමළ වැසියන්ට කවුරුන් හෝ දින දෙකක්‌ම ලබා දී තිබේ. මේ දින දෙකම නිර්මාණය කොට ඇත්තේ ප්‍රභාකරන් වෙනුවෙන්මය.

එනම් ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරෙන කාලයට සිහි කරන්නේද යුද්ධයෙන් මියගිය වැසියන්වය. ප්‍රභාකරන් මියගිය දිනයට සිහිපත් කරන්නේද යුද්ධයෙන් මියගිය පිරිස්‌මය. මේ තත්ත්වය ඉතාම හොඳින් නිරීක්‌ෂණය කරන විට මේ දිනයන් දෙකම යොදාගෙන ඇත්තේ කවර අපේක්‌ෂාවන් මතද යන්න ඉතාම පැහැදිලිව පෙනී යයි.

* ජවිපෙට පුළුවන් නම් අපිටත් පුළුවන්

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා කියා සිටින්නේ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා ඇති අයිතිය කිසිවෙකුටත් නතර කළ නොහැකි බවයි.

ජනතා විමුක්‌ති පෙරමුණට ඔවුන්ගේ මියගිය සාමාජිකයන් සැමරීමට අවස්‌ථාවක්‌ ඇතිවා සේම දෙමළ ජනතාවටද ඔවුන් වෙනුqවෙන් මියගිය පිරිස සැමරීමට අයිතියක්‌ ඇති බව සිවාජිලිංගම් මහතා පෙන්වා දෙයි.

එල්.ටී.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කොට ඇති සංවිධානයක්‌ නිසා එහි සාමාජිකයන් සිහි කිරීමට අවස්‌ථාවක්‌ සලසා දිය නොහැකි බව රජය ප්‍රකාශ කළත් රජය ශ්‍රී ලංකාවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම අතුගා දැමූ බව මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා විසින් යුද්ධය ජය ලැබූ අවස්‌ථාවේදී ප්‍රකාශ කළේ නම් තවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයක්‌ ගැන කතා කිරීම තේරුමක්‌ නැති බවද කියා සිටියි.

මේ නිසා මේ අවස්‌ථාවේදී ආරක්‌ෂක අංශ විසින් දෙමළ ජනතාව මර්දනය කරමින් ඔවුන්ව තවත් පීඩාවට ලක්‌ කරමින් කටයුතු කිරීමේ තේරුමක්‌ නොමැති බවද ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ නිසා කවුරුන් විරුද්ධ වූවත් උතුරේ මහවිරු සැමරුම් උළෙලවල් පවත්වන බවද ඔහු කියා සිටියි.

* උතුරේ ආරක්‌ෂක අංශ හෑල්ලු වෙයි

යාපනයේ කෝපායි පොලිසිය යාපනය විශ්වවිද්‍යාලය විසින් පළාතේ සංවිධානය කරනු ලබන මහවිරු සැමරුම් උළෙලවල් තහනම් කළ යුතු බවට අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කළේය.

යාපනය විශ්වවිද්‍යාලය ඇතුළු යාපනයේ ස්‌ථාන ගණනාවක මෙවර මහවිරු උළෙල පැවැත්වීම සඳහා සැරසිලි සිදුකොට ඇති බැවින් යාපනයේ කෝපායි පොලිසිය විසින් 21 දා යාපනය දිසා අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ මහවිරු උළෙලවල් නිසා යාපනයේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට බාධාවක්‌ විය හැකි බවයි.

මෙම පෙත්සම සලකා බැලූ යාපනය දිසා විනිසුරුවරයා තීන්දුව දෙමින් ප්‍රකාශ කොට ඇත්තේ මියගිය පිරිසක්‌ වෙනුවෙන් යම් යම් පූජාවන් පවත්වා ඔවුන්ව සිහිපත් කිරීමට ජනතාවට අයිතියක්‌ ඇති බවයි.

නමුත් මේ මහවිරු උළෙලවල් වලදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩිය, සංකේත හා සාමාජිකයන්ගේ ඡායාරූප භාවිත කිරීම, ඒවා මහජනයාට ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බවත් මහවිරු උළෙලවල්වලදී ඒවා නොකළ යුතු බවත් විනිසුරුවරයා විසින් ලබාදුන් නඩු තීන්දුවේ සදහන් වේ.

මේ අතරවාරයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින්ද විශේෂ නිවේදනයක්‌ නිකුත් කොට ඇත. ඉන් කියෑවෙන්නේ රජය මේ උතුරේ මහවිරු දිනයන් සැමරීම සඳහා කිසිදු අන්දමක අවසරයක්‌ ලබා දී නොමැති බවයි.

රාජ්‍ය පාර්ශ්වයෙන් සිදුකෙරෙන මෙවැනි නිවේදනවලින් ශක්‌තිමත් වන්නේ උතුරේ ආරක්‌ෂක අංශ සාමාජිකයෝය.

zzපෙන්නපන්කො මේ සැරේ ප්‍රභාකරන්ගෙ පින්තූර… අපි දෙන්නම් වැඩේzz යනුවෙන් අමුතු මොරාල් එකකින් ඔවුන් මේ සතිය ගෙවීමට උත්සාහ කරයි.නමුත් පසුගිය වසරවල ඔවුන්ගේ කඳවුරු අසලම ප්‍රභාකරන්ගේ ඡායාරූප පෙන්වා ඒවා මහජනයාට ප්‍රදර්ශනය කරමින් ඒවා අසල සිට ජනතාවට ටොµs බෙදා දුන්නේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙනි.

මහවිරු සතිය තුළ නීති විරෝධී කටයුතු වල නිරතවන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවත් තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාත්, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාත් තව පැය කීපයකින් ජනමාධ්‍ය ඔස්‌සේ ප්‍රකාශ කරනු ඇත.එය මේ ගත වූ කාලය පුරාවටම සිදු වූ එකකි.

නමුත් ඒ ප්‍රකාශයත් සමගම සිදුවන්නේ නොවැම්බර් මස 26 වෙනිදා සිට 28 වෙනිදා දක්‌වා උතුරේ ආරක්‌ෂක අංශ සාමාජිකයන්ට බැරැක්‌ක ගතවන නියෝගය ලැබීමයි.

මේ නියෝගය ලද සැනින් උතුරේ මහවිරු සැමරුම්වල නිරත පිරිස්‌ මුළු උතුර පුරාම ඩෙඟා නටයි. ජනතාව බියට පත් වන්නේ මේ තත්ත්වයටයි.

ආරක්‌ෂක අංශ සාමාජිකයෝ බැරැක්‌කවලට සීමා කොට ඇති නිසා ඔවුන්ට ඕනෑම දෙයක්‌ කළ හැකිය. ප්‍රභාකරන්ගේ ඡායාරූප ඉදිරියේ කේක්‌ කැපීමට නොව ඔහුගේ පිළිම අඹා එය කිරීමට තරම් නිදහසක්‌ ලබා දෙන්නේ අවසාන මොහොතේ රජය විසින්මය.

* ඩග්ලස්‌ ඇමැතිගේ කරුණාව

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඩග්ලස්‌ දේවාන්නදා මහතාගේ ඊ.පී.ඩී.පී.පක්‌ෂයෙන් නියෝජිතයකුට අවස්‌ථාව හිමි වී නොතිබීම පිළිබඳව අමාත්‍යවරයා උරණ වී සිටියි.

මේ නිසාම ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පසුගියදා සිදුවූ ක්‍රම වේදය වැරදි සහගත බවත් තමන් එය අනුමත නොකරන බවත්ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වවුනියාවේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

ඩග්ලස්‌ දේවානනදා අමාත්‍යවරයා තවත් විශේෂ කතාවක්‌ යාපනයේදී පසුගියදා කියා සිටියේය.

ඒ රජයෙන් පුනරුත්ථාපනය කරන ලද හා නොකරන ලද එල්.ටී.ටී.ඊ.සාමජිකයන්ට රජයෙන් වන්දි ලබාදීමට ඔහු ක්‍රියා කරන බව පැවසීමයි.

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පවා යොදාගෙන ඩග්ලස්‌ දේවානන්දා අමාත්‍යවරයාව ඝාතනය කිරීමට අවස්‌ථා ගණනාවක්‌ම උත්සාහ දැරීය.

තත්ත්වය එසේ තිබියදී හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් කෙරෙහි හදිසියේම අමාත්‍යවරයාට කරුණාවක්‌ පහළ වූයේ මන්ද යන්න විශාල ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් යාපනයේ වෙම්බඩි විද්‍යාලයේ පැවති උත්සවයක්‌ අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙළ යටතේ පුනරුත්ථාපනය වූ සියලුම සාමාජික සාමාජිකාවන්ට රජයෙන් වන්දියක්‌ ලබාදීම සඳහා කටයුතු කරන බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ සාමාජික සාමාජිකාවන් දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක්‌ පුනරුත්ථාපනය වී ඇති බවයි.

* විග්නේශ්වරන් යළි ප්‍රතික්‍ෂේප වෙයි

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා විසින් කැනඩා රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ ඒ රජය විසින් ප්‍රතික්‍ෂේප කොට තිබුණි.

උතුරේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු සදහා ආධාර සපයන මෙන් ඔහු කැනඩා රජයෙන් ඉල්ලීමක්‌ කොට තිබුණේ ඔහු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලවකවානුවේදීය.

සී. වී. විග්නේශ්වරන් මහතා විසින් කරන ලද ඉල්ලීමක්‌ කැනඩා රජය මගින් ප්‍රතික්‍ෂේප කොට තිබේ.

මේ සම්බන්ධයෙන් වූ දැනුම් දීම කැනඩා තානාපති කාර්යාලය හරහා විග්නේශ්වරන් මහතාට දැනුqම් දී තිබේ.

විග්නේශ්වරන් මහතා කැනඩා රජයට ලිපියක්‌ යවමින් ඉල්ලීමක්‌ කොට ඇත්තේ උතුරු පළාතෙන් කැනඩාවට ගිය පිරිස වර්ධනය වී මේ වන විට කැනඩාවේ එක්‌ලක්‌ෂ හතළිස්‌ දාහක්‌ පමණ දෙමළ වැසියන් ජීවත් වන බවයි.

ඔවුන් එහි වාසය කරමින් විවිධ රැකියාවල නිරත වෙමින් කැනඩා රජයට විශාල ආදායමක්‌ උපයා දෙන බැවින් උතුරේ වැසියන්ගේ මවුබිමේ සංවර්ධනය වෙනුqවෙන් යම් මුදලක්‌ ලබා දෙන ලෙසයි.

විග්නේශ්වරන් මහතා කැනඩා රජයට යොමු කරන ලද ලිපිය සමග උතුරේ විවිධ සංවර්ධන සැලසුම් අඩංගු සැලසුම් දහයක ඇස්‌තමේන්තුද යවා ඇති අතර ඔහු එම ලිපිය යවා ඇත්තේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරය දරන ලද කාලවකවානුවේදීය.

දිනසේන රතුගමගේ

89 Viewers