• Home »
  • Sinhala »
  • මාතෘ භූමිය සහ 30/1 ජිනීවා යෝජනාවලිය

මාතෘ භූමිය සහ 30/1 ජිනීවා යෝජනාවලිය

SD-P-18-03-17-MD2015 වසරේදී එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ඇතුළු විදේශ බලවේග වල සහ දෙමළ ඩයස්‌පෝරාවේ වුවමනාව මත සිදුවූ “රෙජිම් ෙච්න්ග්” හි ප්‍රතිඵලයක්‌ ලෙස බලයට පත් මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ සහවාස ආණ්‌ඩුව මෙම පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුව ඉතා දැඩි ලෙස සැලකිල්ලට ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මතයයි.

2015 ජනවාරි සහ අගෝස්‌තු මැතිවරණයන්හිදී දේදුනු සන්ධානයේ ජයග්‍රහණය උදෙසා ක්‍රියාත්මක වූ ඉහත කී විදේශීය බලවේගයන් හා දෙමළ ඩයස්‌පෝරාවේ බළල් හස්‌තය තවදුරටත් රහසක්‌ නොවේ. සිරිසේන – වික්‍රමසිංහ රජය විසින් ඊනියා සංහිඳියාවේ මුවාවෙන් ගෙන ගිය රට කැබැලි කරවන ෆෙඩරල් ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියත්, රණවිරුවන් දේශීයව හා විදේශීයව යුධ අපරාධ ක්‍රියාවලියට බිලි දීමත් දේදුනු යහපාලන ආණ්‌ඩුව ඔවුන් බලයට පත් කළ බලවේගයන් වෙනුවෙන් ඉටු කළ යුතු පරම වගකීම කර ගත්හ. ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදය පරාජය කළ අභිමානවත් ජාතියක්‌ නිවට නියාලු තත්ත්වයකට ඇද දැමීමේ වර්තමාන ආණ්‌ඩුවේ ක්‍රියාවලියට අද වන විට මෙරට ජනතාව අභියෝගයට ලක්‌ කර ඇත.

2015 යහපාලන ජයග්‍රහණයට බෙදුම්වාදීන් අතර සම්මුතියකට මග පාදන ලද්දේ 2013 ලන්ඩන් අමිර්තලිංගම් ගුණ සමරුවේදී යහපාලන ව්‍යවස්‌ථා කටයුතු ඇමැති ජයම්පති වික්‍රමරත්න ගේ අදහසයි. එනම් මහින්ද රාජපක්‍ෂ බලයේ සිටින තුරු දෙමළ අභිලාෂයන් ජයග්‍රහණය කළ නොහැකියි යන්නයි. මෙහිදී දෙමළ අභිලාෂයන් ලෙස හැඳින්වූයේ නිජභූමි සංකල්පය මත පදනම් වූ ඊනියා ඊළාම් රාජ්‍යයයි. මහින්ද රාජපක්‍ෂ රජය පෙරළා දැමීම සඳහා සිරිසේන, රනිල්, චන්ද්‍රිකා, මංගල, සම්බන්ධන්, ගනේෂන්, සුමන්තිරන්, චම්පික, අනුර කුමාර වෛවර්ණ මතවාදීන් එක්‌ වන්නේ ඉහත වුවමනාව පදනම් වූ සිංගප්පූරු එකඟතාව මතයි.

සිරිසේන – වික්‍රමසිංහ රජයේ ඇත්ත ප්‍රතිපත්ති ප්‍රකාශය වූයේ “මෛත්‍රී පාලනයක්‌ – ස්‌ථාවර රටක්‌ නොව ඔවුනගේ ස්‌වාමිවරුන් වූ විදේශ බලවේගයන් සහ දෙමළ ඩයස්‌පෝරාව තිර පිටපත නිර්මාණය කළ 30/1 ජිනීවා යෝජනාවලියයි. ලෝක ඉතිහාසයේ රජයක්‌ විසින් ඉතාම නිර්ලඡ්ජිත ලෙස ස්‌වකීය ත්‍රිවිධ හමුදාවන් පාවාදෙමින් එක්‌සත් ජනපදයේ යුද අපරාධ චෝදනා අගය කරමින් සම අනුග්‍රහය දැක්‌වූයේ මෙම ඊනියා සංහිඳියා රජයයි.

එතැන් පටන් සිරිසේන වික්‍රමසිංහ රජය මහජන මතය නොතකා 30/1 ජිනීවා යෝජනාවලියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හදවතින් කැපවූහ.

පාර්ලිමේන්තුවේ සරල බහුතරයවත් නොමැතිව අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා ජනතාව අතර පුළුල් එකඟතාවක්‌ ඇතැයි අමු කෙප්පයක්‌ කියමින් ස්‌ථාපිත කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව 30/1 යෝජනාවලියේ මූලික වුවමනාවකි. බෙදුවාදී කොන් ෆෙඩරේෂන් ව්‍යවස්‌ථාවක්‌ බිහි කර ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කරමින් සමගාමී ලැයිස්‌තුව අහෝසි කරමින් දුර්වල ශ්‍රී ලංකා රාජ්‍යයක්‌ බිහි කිරීම එකී වුවමනාවයි. මධ්‍යම රජයට අවනත කළ නොහැකි මහා ඇමැති ප්‍රමුඛ විධායකයන් සහ තමන්ගේ විෂය පථයන් තුළ ස්‌වාධීන ව්‍යවස්‌ථා අධිකාරයක්‌ පළාත් සභා වලට ලබා දීමෙන් ෆෙඩරල් ආකෘතිය මනාව ස්‌ථාපිත කිරීමට මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සභාව හරහා යෝජනා කෙටුම්පත් වී ඇත.

මෙම බෙදුම්වාදී ව්‍යවස්‌ථාවේ අනතුර වඩාත් උග්‍ර වන්නේ සහ ආසන්න අනතුරක්‌ වන්නේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව පවා මෙහෙයුම් කමිටුව විසින් සකස්‌ කරන ලද අතුරු වාර්තාව සලකා බැලීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව කැඳවීමයි. ඒ අනුව මෙම ඊනියා ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ගෞරවනීය මහා සංඝරත්නයේ අන්‍යාගමික පූජකවරුන්ගේ සහ මහජන මතය නොතකා හොර රහසේම අවසාන අදියර දක්‌වා මේ වන විට පැමිණ ඇත.

එසේම මැතිවරණයෙන් පසු මහජන මතයට පටහැනිව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බලයේ තබාගනිමින් සංහිඳියා රජයේ පැවැත්ම සහතික කිරීමට ඉන්දියානු තානාපති කාර්යාලයේ මැදිහත් වීම බෙදුම්වාදී ව්‍යවස්‌ථාව අවසානයක්‌ දක්‌වා ගෙන ඒමට 30/1 යෝජනාව පදනම් වූ ජාත්‍යන්තරයේ වුවමනාව පැහැදිලිව තහවුරු කරයි.

එසේම බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන් පවා පිළිගත් බුදු දහමට හිමි වූ ප්‍රමුඛස්‌ථානය, දුර්වල රාජ්‍යයක්‌ බිහි කිරීම තුළ නාමික තත්ත්වයට පත් කර ඇත. බෙදුම්වාදීන්ගේ සංස්‌කෘතික වෛරය පිළිබිඹු කරන 30/1 යෝජනාවලිය මත පදනම්ව ඊනියා දණ්‌ඩ නීති සංග්‍රහ සංශෝධන පහත භික්‍ෂු කථිකාවත කෙටුම්පත විහාර හා දේවාලගම් කෙටුම්පත හා සංහිඳියාවේ නාමයෙන් පුරාවිද්‍යා විනාශයන්a ඉදිරියේ නිහඩව සිටීම ඔස්‌සේ වර්තමාන රජය සංස්‌කෘතික සංහාරයකට පාර කපමින් සිටිති.

30/1 ජීනිවා පාවාදීමේ යෝජනාවලියේ අනෙක්‌ අරමුණ වූයේ විරෝධාර රණවිරුවන් යුද අපරාධ චෝදනා සඳහා බිලිදීමයි.

යහපාලන ආණ්‌ඩුවේ වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු කාර්යාල පනත බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීමට විරුද්ධ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත රණවිරු දඩයමට අවශ්‍ය නෛතික පසුබිම ඇති කරයි. සාක්‍ෂි ආඥ පනතේ ප්‍රතිපාදනවලින් බැහැරව කේලාම් ඕපාදූප හා ගොතන ලද සාක්‍ෂි මත අතුරුදන්වූ කාර්යාල පනත යටතේ වාර්තා සැදිය හැකිය. ඒ කාර්යාලයට දඬුවම් දිය නොහැකි නමුත් වෙනත් රටකට ඒ වාර්තා පදනම් කරගෙන ඔවුන්ගේ රටේ හෝ ඔවුන් පිළිගත් වෙනත් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක අපගේ රණවිරුවන් වෙනුවෙන් නඩු පැවැරිය හැක. අදාළ රට රෝම ප්‍රඥප්තිය මගිsන් ස්‌ථාපිත ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය පිළිගතහොත් අපේ රණවිරුවන් එම රට මගින් එම අධිකරණයට ඉදිරිපත් කිරීමට බලය ඇත. රජය විසින් බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීමට විරුද්ධ ජාත්‍යන්තර ප්‍රඥප්තිය නීතිගත කර තිබුණේ නම් එවැනි ජාත්‍යන්තර අධිකරණයක චෝදනා ලබන රණවිරුවන් නඩු විභාගය සඳහා පිටුවහල් කිරීමේ වගකීම ජාත්‍යන්තර නීතිය ඉදිරියේ රජයට පැවැරෙනු ඇත. ඒ අනුව දේශීය විදේශීය විනිසුරුවරුන් සහිතව හෝ රහිතව හයිබ්‍රිඩ් අධිකරණයක්‌ පිහිටුවීමකින් තොරව රණවිරුවා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට බිලිදීමට 30/1 මගින් සිරිසේන වික්‍රමසිංහ රජය එකඟව ඇත.

මවුබිමේ අනාගතයත් රණවිරුවන්ගේ ඉරණමත් සිය පටු දේශපාලන වුවමනාව වෙනුවෙන් කුණු කොල්ලයට පාවා දෙමින් සිරිසේන – වික්‍රමසිංහ රජය විසින් අගය කරමින් සම අනුග්‍රහය දැක්‌වූ ජිනීවා 30/1 යෝජනාවලිය මේ වන විට ජාත්‍යන්තරය තුළ පවා හාස්‍යයට ලක්‌ව තිබේ.

බෑන්කි මූන් විසින් එක්‌සත් ජාතීන්ගේ මූලධර්ම උල්ලංඝණය කරමින් බිහිකරන ලද දරුස්‌මාන් වාර්තාව සහ ධෂීඛ (ධසෛජැ දෙ ෂබඩැsඑසට්‌එසදබ දබ Sරස ඛ්බන්) 30/1 යෝජනාවලියේ පදනමයි. එම වාර්තාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ නිල වශයෙන් සභාගත කිරීමක්‌ නැත. එනයින් එයට නිල පිළිගැනීමක්‌ නැත.

එසේම එම වාර්තාවට පදනම් වූ කරුණු සත්‍ය තොරතුරු හෝ සාක්‍ෂි සලකා බලා නැත. අවම වශයෙන් මානුෂික මෙහෙවර පැවති 2009 ජනවාරි මැයි කාලය අතර තුර මෙරට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයාගේ එවකට බ්‍රිතාන්‍ය ආරක්‍ෂක නියෝජිතයාගේ හෝ රජයේ පරිපාලන නිලධාරීන්ගේ වාර්තා සහ ලේඛන සලකා නැත. නැතිනම් වුවමනාවෙන්ම මගහැර ඇත. ගෝලීය ශ්‍රී ලංකා සංසදය වශයෙන් ප්‍රවීණ නීතිඥ මණ්‌ඩලයක්‌ මගින් සකස්‌ කරන ලද විරුවන්ගේ විත්තිවාචකය කරුණු සහිතව මෙම යෝජනාවට පදනම් වූ ධෂීඛ වාර්තාව අභියෝගයට ලක්‌ කර ඇත. තවද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් අවස්‌ථා තුනකදී තොරතුරු ලබා ගැනීම සඳහා මෙරටට එවන ලද නියෝජිතයන් හමුවීම සඳහා ගෝලීය ශ්‍රී ලංකා සංසදය කරන ලද ඉල්ලීම කොළඹ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය විසින් ප්‍රතික්‌ෂේප කරනු ලැබිණි. එසේම නාවික කොමදොaරු ඩී. කේ. පී. දසනායකගේ දියණිය විසින් අවසාන වරට පැමිණි ජෝස්‌ අන්තානියෝ ලී ටූමි ඇතුළු අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්‌ඩායම හමුවීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රසිද්ධියේ ප්‍රතික්‍ෂේප කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ මේ සියලු වාර්තාවන් සකස්‌ වන්නේ ඔවුන්ගේ අරමුණට වාසි සහගත සාක්‍ෂි ඒකපාර්ශ්විකව එකතු කිරීමෙන් පමණක්‌ බවයි.

මෑතකදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ නේස්‌බී සාමිවරයා විසින් පෙන්වා දෙන ලද්දේ මානුෂික මෙහෙවර අවසාන කාලය තුළ සිවිල් වැසියන් 40000 ක්‌ ඝාතනය වූ බව කීම අමූලික අසත්‍යයක්‌ බවයි.

කෙසේ වුවද මෙම 30/1 යෝජනාවට ශ්‍රී ලංකා රජය මගින් සම අනුග්‍රහය ලබා දීම නිසා ජාත්‍යන්තර වශයෙන් මවුබිම රටක්‌ වශයෙන් බරපතළ අනතුරකට මුහුණ පා සිටිති. මානව හිමිකම් සමුළුව තුළ ශ්‍රී ලංකාවට හිතවත් රටවල් ගණනාවක්‌ සිටියද චෝදනාවට ලක්‌වූ රට වශයෙන් ලක්‌ රජය යෝජනාවට අනුග්‍රහය ලබා දීමෙන් මිතුරු රාජ්‍යයන් රාජ්‍යතාන්ත්‍රික උභතෝකෝටිකයකට මුහුණ දී සිටිති.

එසේම රෝම සම්මුතිය අනුව රෝම සම්මුතියේ පාර්ශවකරුවකු නොවන රටකට එරෙහි වුවද යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට යොමු කිරීමට ආරක්‍ෂක මණ්‌ඩලයට අධිකාරය ඇත.

එම ප්‍රතිපාදනවලට බැහැරව සියාරා ලියෝන් රාජ්‍යයට එරෙහිව විශේෂ යුද අපරාධ අධිකරණය පිහිටුවන ලද්දේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවක්‌ පදනම්ව ආරක්‍ෂක මණ්‌ඩලය මගින් කරන ලද යොමු කිරීමක්‌ මගිනි. ඒ අනුව අසත්‍ය හා තහවුරු නොකරන ලද නීතිය ඉදිරියේද පිළිගත නොහැකි ප්‍රාවාදක සාක්‍ෂි මත පදනම් වූ එක්‌සත් ජාතීන්ගේ මූලධර්ම අනුව නීත්‍යානුකූල පිළිගැනීමක්‌ නැති වාර්තාවක්‌ මත පදනම් වූ 30/1 යෝජනාවලිය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට ආරක්‍ෂක මණ්‌ඩලයට යොදා ගත හැකිය.

තත්ත්වය මෙවැනි අනතුරු දායක වුවද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ හෝ ආරක්‍ෂක මණ්‌ඩලය තුළ චීනය හෝ රුසියාව වැනි මිතුරු රටක නිෂේධ බලය යොදවා ගැනීමට ශ්‍රී ලංකා රජයේ ස්‌ථාවරය බාධාකාරී වනු ඇත. ජාත්‍යන්තරය ජය ගත්තේ යෑයි කියන්නේ නම් 30/1 ව්‍යසනයෙන් මවුබිම බේරා ගැනීමේ පළමු වගකීම වර්තමාන රජය සතුය. ඒ සඳහා පළමුව මෙම යෝජනාවේ පදනම් රහිත අන්තර්ගතය ප්‍රතික්‍ෂේප කරමින් හා එහි නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්‌කරමින් 30/1 යෝජනාවට ලබා දුන් සම අනුග්‍රහය ඉවත් කර ගත යුතුය.

පළාත් පාලන මැතිවරණයේදී සිරිසේන-වික්‍රමසිංහ රජයට එරෙහිව ප්‍රකාශ වූ ජනවරම ආණ්‌ඩුවේ ෆෙඩරල් ව්‍යවස්‌ථාවට, රණවිරු දඩයමට රාජ්‍ය සම්පත් විකිණීමට හා සංස්‌කෘතික සංහාරයට එරෙහිව බල ගැන්වීම විපක්‍ෂයේත්, ගෞරවණීය මහ සංඝරත්නයේත් විශ්‍රාමික රණවිරුවන් ඇතුළු සියලු පුරවැසියන්ගේත්a යුතුකමකි. මෙරට ජනතාවගේ පරමාධිපත්‍ය වෙනත් රටක තානාපති කාර්යාලයක්‌ කෙරෙහි නොව මෙරට ජනතාව සතු අයිතියක්‌ බව සිරිසේන-වික්‍රමසිංහ රජයට නැවතත් සිහිපත් කළ යුතුය.

නීතිඥ නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව
නේවාසික සම්බන්ධීකාරක
ගෝලීය ශ්‍රී ලංකා සංසදය

449 Viewers