• Home »
  • Sinhala »
  • මුළු උතුරම බලාගෙන සිටින්නේ ජිනීවා නගරය දෙසයි

මුළු උතුරම බලාගෙන සිටින්නේ ජිනීවා නගරය දෙසයි

(Courtesy of Divaina)

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් බොහෝ දේ ඉටු කරනුු ඇතැයි උතුරේම උදවිය බලාගෙන සිටියි.

මේ අතරින් ප‍්‍රධාන වී සිටින්නේ දෙමළ දේශපාලනඥයෝය. ඔවුන්ගේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය දෙමළ ජාතික සන්ධානය වුවත් පක්ෂයේ භේදය කුලල් කා ගැනීම මොහොතකට අමතක කොට පක්ෂ කීපයක්ම යාපනයට එක් වූහ.

ඔවුන් එහිදී තීරණය කළේ මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ යුත්තේ කුමන යෝජනාද යන කාරණයයි.

මේ සාකච්ඡුාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යැවීම සඳහා පෙත්සමක් පිළියෙල කළ බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකාවට ඉටු කළ යුතු බවට දැනුම් දී ඇති යෝජනා ඉටු කිරීමට කවර හෝ රටක් තවත් කාලය ඉල්ලන්නේ නම් ඊට දෙමළ ජාතික සන්ධානය තරයේම විරුද්ධ බව මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් ශ‍්‍රී ලංකා රජයට ඉටු කිරීම සඳහා ලබා දී ඇති කරුණුවලින් එකක් හෝ මේ දක්වා ඉටුවී නොමැතිව තිබියදී ඒවා ඉටුකිරීමට ශ‍්‍රී ලංකා රජයට තවත් වසර දෙකක කාලයක් ලබා දෙන මෙන් මුලින් ලබා දුන් කාලය අවසන් වීමට ආසන්නව තිබියදී මෙවර සැසිවාරයේදී බි‍්‍රතාන්‍ය විසින් ඉල්ලීමක් කිරීමට සූදානම් බව මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

බි‍්‍රතාන්‍ය නොව කවර හෝ රටක් එම කාලය දීර්ඝ කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම් හා යෝජනා වලට දෙමළ ජාතික සන්ධානය තරයේම විරුද්ධ බව පවසන මාවෙයි සේනාධිරාජා මන්ත‍්‍රීවරයා කියා සිටින්නේ මේ නිසා ජිනීවා යෝජනාවලිය දෙමළ ජනතාව හා ජාත්‍යන්තරය තුළ විශාල රැුවටීමකට ලක්වන තත්ත්වයකට පත්වන බවයි.

මේ නිසා ශ‍්‍රී ලංකාවට එම කාරණා ඉටු කිරීම සඳහා තවදුරටත් කාලය ලබා නොදෙන මෙන් ජිනීවා මානව හිමිකම් කමිටුවෙන් ඉල්ලීමක් කරන අතරතුර තවත් ප‍්‍රධාන කාරණා තුනක් දෙමළ ජාතික සන්ධානයේ හා දෙමළ පක්ෂ වල ඉල්ලීම් වශයෙන් ඉදිරිපත් කරන බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

වත්මන් රජය මානව හිමිකම් යෝජනා ක‍්‍රියාවට නැංවීමට කටයුතු නොකිරීම දෙමළ ජාතික සන්ධානයට විශාල ගැටලූවක් බව පෙන්වා දෙන මන්ත‍්‍රීවරයා ඒවා කිසි දිනක ඉටු නොකරන තත්ත්වයක් පෙන්නුම් කරන බවද කියා සිටියේය.

මේ නිසා සියලූම දෙනා විසින් සාකච්ඡුා කොට ගන්නා ලද තීරණය වූයේද ලබා දී ඇති කාලය කුමන හේතුවක් නිසා හෝ දීර්ඝ නොකරන ලෙසට ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට බල කිරීම බව ඔහු පැවසීය.

උතුරේ සිදුවුණු යුද අපරාධ ඇතුළු සියලූම ගැටලූවලට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ජාත්‍යන්තර අධිකරණයක් මගින් යම් විසඳුමක් අවශ්‍ය බවටද දෙමළ ජාතික සන්ධානය යළි ඉල්ලීමක් කරන බවද තුන්වෙනි කාරණාව වශයෙන් මේවා සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නියෝජිතයෙකු පත් කළ යුතු බවද මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේය.

x මැදට පැන්න විග්නේෂ්වරන්

දෙමළ ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ කීපයක් ජිනීවා නුවරට ඒ අන්දමට සාමූහිකව පෙත්සමක් යවන්නට කටයුතු සැලසුම් කරද්දී උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාද තනිවම ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට පෙත්සමක් යවා තිබේ.

ඔහු තනිවම වුවත් ඔහුද දැන් පක්ෂ නායකයෙකි. දෙමළ ජනතා සන්ධානය හෙවත් ටීඑම්කේ පක්ෂය ඔහුගේය. උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාද එසේ හිතනවා විය හැකිය. ඒ තමන්ද දැන් දේශපාලන ලොක්කෙකු යනුවෙනි.

මේ නිසාම ඔහු දැඩි විශ්වාසයකින් යුතුව ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ලිපියක් යවා තිබේ.

ඔහු ඒ ලිපියෙන් ඉල්ලා ඇත්තේ තිස් වසරක් පුරාවට උතුරේ පැවති යුදමය වාතාවරණය නිසා උතුරු පළාතේ ජාත්‍යන්තරමය වශයෙන් විසඳා ගැනීමට ප‍්‍රශ්න රාශියක් ඇති බැවින් වහාම එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් උතුරු පළාතේ පිහිටුවන ලෙස යි.

විග්නේෂ්වරන් මහතා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියේ සඳහන් කොට ඇත්තේ දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් උප කාර්යාලයක් යාපනයේ පිහිටා ඇතත් ඉන් සිදුවන්නේ ඔවුන්ගේ පරිපාලනමය කටයුතු මිස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්න විසඳා ගැනීමට හැකි ක‍්‍රමවේදයක් නොවන බවයි.

මේ නිසා පූර්ණ බලතලවලින් සමන්විතව හා ශ‍්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කළ හැකි අන්දමේ ප‍්‍රබල කාර්යාලයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීම ඉතා වැදගත් බව ඔහු යෝජනා කොට තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් වසර තුනක් මුළුල්ලේ ජිනීවා නුවරදී පවත්වන ලද සැසිවාර වලදී ශ‍්‍රී ලංකා රජයට ඉටුකරන ලෙස යෝජනා කීපයක්ම ඉදිරිපත් කොට ඇතත් මේ දක්වාම ඒවා ඉටුකොට නොමැති බව විග්නේෂ්වරන් මහතා සිය ලිපියේ සඳහන් කොට තිබේ.

ශ‍්‍රී ලංකා රජය ඒවා ඉටුකිරීමට ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් කල් ඉල්ලීම සිරිතක් බවට පත් කරගෙන ඇති බැවින් උතුරේ දෙමළ ජනතාවට ඒ තුළින් විශාල අසාධාරණයක් වන බව පෙන්වා දෙන හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාත තුළ එක්සත් ජාතීන්ගේ ප‍්‍රබල කාර්යාලයක් ස්ථාපිත වන්නේ නම් එම කාරණා පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බැලීමට අවස්ථාව තිබෙන බව ඔහුගේ ඉල්ලීමේ සඳහන් කොට තිබේ.

යුද සමයේදී සිදු වූ යුද අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමේ ඇති අවශ්‍යතාවයත් ඊට විදේශීය විනිසුරුවරුන් පත්කළ යුතු බවටත් වූ මානව හිමිකම් යෝජනාව පිළිබඳව දැන් අවශ්‍යතාවයක් ඇත්තේ උතුරේ පිරිසට පමණක් බව පවසන විග්නේෂ්වරන් මහතා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයද ඒ පිළිබඳව නිහඬව සිටින බව කියා සිටියි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ මේ දුරස්ථ භාවය තවදුරටත් සමීප කර ගැනීම සඳහාත් නිරන්තරයෙන්ම ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුා කිරීමටත් අවශ්‍යතා ඉටුවන්නේද යන්න සොයාබැලීමටත් ඉතා හොඳම පියවර වන්නේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් උතුරේ පිහිටුවීමත් මානව හිමිකම් මණ්ඩලය මගින් ශ‍්‍රී ලංකාවේ උතුරු පළාත සම්බන්ධයෙන් ගන්නා තීරණ ක‍්‍රියාත්මක කිරීමට එම කාර්යාලය වෙත බලය පැවරීමත් බවට විග්නේෂ්වරන් මහතා යෝජනා කොට තිබේ.

x තණ්හාවට දෙකඩ වුණු කාන්තාවෝ

‘‘හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට’’ කීවා සේ මේ ජිනීවා සමුළුව ආරම්භ වීමට පටන් ගැනීමත් සමගම උතුරේ කාන්තා සංවිධානයක සිටි ප‍්‍රබල කාන්තාවන් දෙදෙනෙකු කොණ්ඩ වලූ පටලවාගෙන සිටිති.

ඒ ජිනීවා යාමටත් ජිනීවාවලින් ආධාර ලබා ගැනීමටත් ගත් උත්සාහයක ප‍්‍රතිපලයක් වශයෙන් හා ඊට දේශපාලන මැදිහත්වීම නිසාය. මේ නිසා දැන් ඒ සංවිධානය දෙකඩ වී සංවිධාන දෙකක් බවට පත්ව තිබේ.

මේ කාන්තා සංවිධානය වවුනියාවේදී පිහිටුවා ගන්නා ලද්දේ 2010 වසරේදීය. ඒ යුද්ධයේදී තම ස්වාමිපුරුෂයින් අහිමිවීමෙන් වැන්දඹුභාවයට පත් කාන්තාවන් විසිනි. ඔවුන් එම සංවිධානය නම් කරන ලද්දේ යුද සමයේදී අතුරුදන්වූවන් පිළිබඳව සොයාබැලීමේ සංවිධානය වශයෙනි. ඊට ලිංග භේදයක් නොවූ නිසා යුද සමයේදී ස්වාමිපුරුෂයින් අහිමිවූ කාන්තාවන් පමණක් නොව යුද සමයේදී තම දරුවන් අහිමි වූ පිරිස්ද මේ සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටියහ.

නමුත් දරු දුක වැඩියෙන්ම දැනෙන්නේ අම්මාවරුන්ට නිසා මේ සංවිධානයේ සාමාජිකයින්ගෙන් වැඩි දෙනා කාන්තාවෝ වූහ.

2010 වසරේදී වවුනියාවේ බාලේස්වරී නමැති කාන්තාවක් සිය සැමියා යුද සමයේදී අතුරුදන්වීම නිසා ඒ අන්දමටම අතුරුදන් වූ පිරිසක් එකතු කරගෙන මෙම සංවිධානය බිහි කරන ලදී.

වවුනියාවේ එක් දෙමළ දේශපාලනඥයෙකුගේ මැතිවරණ සටන දියත් කිරීම සඳහා මෙම සංවිධානය ප‍්‍රයෝජනයට ගනිමින් ඊට එම දේශපාලනඥයා සහය ලබා දීම නිසා මේ සංවිධානය ඉතා ප‍්‍රබල මට්ටමකට පත් විය.

නමුත් ටික කාලයකදී බාලේස්වරී එම සංවිධානයෙන් ඉවත්ව නිහඬ වීමත් සමගම එහි සභාපතිත්වයට ජෙයවනිතා පත්විය.

ඇය මෙම සංවිධානය මෙහෙයවමින් ජනාධිපතිවරයා පවා හමු වී යුද සමයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉෂ්ට කර දෙන මෙන් ඉල්ලා සිටියාය.

ඉන් පලක් නොවූ නිසා 2017 වසරේදී වවුනියාව තැපැල් කාර්යාලය අසල ප‍්‍රධාන පාර අසල ඉදි කරගනු ලැබූ තාවකාලික කූඩාරමක අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කරමින් යුද සමයේදී අතුරුදන්වූවන් සඳහා සාධාරණ විසඳුමක් ඉල්ලා සිටියාය.

මේ අතර වාරයේදී ජෙයවනිතාට ඇයගේ මියගිය සැමියා වෙනුුවෙන් විශාල වන්දි මුදලක් ලැබුණු නමුත් ඇය ඒ බව සංවිධානයට නොදන්වා සංවිධානය ඉදිරියටම ගෙන යෑමට කටයුතු යෙදීය.

මේ අතුරුදන්වූවන්ගේ ප‍්‍රශ්නයට දෙමළ දේශපාලනඥයන්ගෙන් කිසිම පිහිටක් හව්හරණක් නොලැබෙන නිසා ජෙයවනිතා ඇතුළු එම සංවිධානයේ පිරිස දේශපාලනඥයින්ගෙන් ඉවත් වන්නට වීමත් සමගම එම සංවිධානයට එතෙක් ලැබුණු දේශපාලන අනුග‍්‍රහයද අවසන් විණි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ හතළිස් වෙනි සැසිවාරය ආරම්භ වීමට ආසන්න වෙත්ම මේ සංවිධානයට සහය දුන් වවුනියාවේ ප‍්‍රබල දේශපාලනඥයා ජෙයවනිතාගේ සංවිධානයට එරෙහිව යෑමට ක‍්‍රියා කොට සරෝජා දේවී නැමති කාන්තාවක් සොයා ඇයගේ ප‍්‍රධානත්වයෙන් වෙනම සංවිධානයක් බිහි කොට තිබේ.

ජෙයවනිතා රජයෙන් වන්දි මුදල් ලබා ගත් බවත් ඇය අනුන්ගේ මුදල්වලින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට සහභාගීවීමට යන්නේ මේ ප‍්‍රශ්නය කතා කිරීමට නොව සුදියේ සංචාරයක් කිරීමට යැයි කියමින් විශාල ප‍්‍රචාරයක් ගෙන යෑමත් සමගම දැන් එම කාන්තාවන් දෙදෙනා විශාල විරසකයකට පත්ව සිටියි.

පසුගිය දිනවල උතුරේ පවත්වන ලද හර්තාල් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මෙහෙයවන ලද්දේ දෙකට කැඞී අලූතින් බිහි වූ සරෝජා දේවීගේ නායකත්වයෙන් වූ සංවිධානය මගිනි. ඒ සඳහා වවුනියාවේ දේශපාලනඥයා ඔහුට හිතවත් උතුරේ සියලූම දෙමළ දේශපාලනඥයන්ගේ සහයද ඇයට ලබා දී කිළිනොච්චියේදී දැවැන්ත විරෝධතාවයක් පවත්වනු ලැබූහ.

මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට අලූත් සංවිධානයේ නායිකාව වූ සරෝජා දේවී සහභාගි කරවීමට මේ දිනවල දැඩි උත්සාහයක් ගෙන යන අතරතුර මුල් සංවිධානයේ නායිකාව වන ජෙයවනිතාද ඊට හරස් වෙමින් ඇය ජිනීවා යෑමට උත්සාහ දරමින් සිටියි.

මේ නිසා දැන් වවුනියාවේදී එම සංවිධාන දෙක තරගයට මෙන් දේව කන්නලව් පවත්වා අතුරුදන් වූවන් වෙනුවෙන් පිහිට ඉල්ලා සිටිති.

විරෝධතා හා පෙළපාලි පවත්වමින් රජයෙන් යම් සහනයක් ඉල්ලා සිටිති.

මේ සංවිධාන දෙකෙන් ජෙයවනිතාට ඇති සරෝජා දේවිට නැති එකම දේ අඛණ්ඩ විරෝධතාවය පමණි. ජෙයවනිතාගේ නායකත්වයෙන් යුතුව වවුනියාව නගරයේ පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට දින 725 කට වඩා වැඩි කාලයක් ගතවී ඇතත් සරෝජා දේවිට තවමත් එවැනි පසුබිමක් ගොඩ නගා ගැනීමට නොහැකි වී තිබේ.

වවුනියාවේ ප‍්‍රබල සංවිධානයක් දෙකඩ වූයේ ජිනීවා යෑමට ඇති වූ තණ්හාවේ ආශාවේ තත්ත්වයක් මතය. එහෙත් මේ සියලූම දෙනා සිතා සිටින්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය බවයි.

rathu

264 Viewers