• Home »
  • Sinhala »
  • මේජර් ජයනාත් ගිනිමැලගේ PWV.ශ්‍රීලංකා යුද්ධ හමුදාව,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකාය.

මේජර් ජයනාත් ගිනිමැලගේ PWV.ශ්‍රීලංකා යුද්ධ හමුදාව,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකාය.

jayanath-featured
යාපනය අර්ධද්වීපය කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සදහා දියත්වූ ජයසිකුරු මෙහෙයුමට 53 සේනාංකයේ ,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකායේ,චාලි බලඝනයෙහි අනදෙන නිලධාරී ලෙස කපිතාන් (එවකට)ජයනාත් ගිනිමැලගේ එක්වී සිටියේය.

1997 දෙසැම්බර් වනවිට හමුදාව මාන්කුලම් දක්වා පැමින සිටියහ.1997 දෙසැම්බර් මස 4වනදා මේජර් ගිනිමැලගේගේ නායකත්වයෙන් චාලි බලඝනයේ සෙබලු කන්ඩායමක් ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු මධ්‍යස්ථානයකට පහරදීමට සැලසුම්කලහ.නමුත් ඉලක්කය ත්‍රස්තවාදීන්ගේ උගුලක් වූ අතර සෙබල කන්ඩායමවෙත දරුනු ප්‍රහාරයක් එල්ලවිය.මේජර් ගිනිමැලගේ වහාම කුඩා කන්ඩායමක් සමග ඉදිරියට ගොස් ප්‍රතිප්‍රහාර එල්ල කලේය.ඒ අතරතුර තම සෙබලුන්ට වහාම පසුබසිනලෙස නියෝග කලේය.නමුත් ත්‍රස්තවාදී කාලතුවක්කු ප්‍රහාරවලින් සෙබලු විශාල පිරිසක් තුවාල ලැබූහ,නැතහොත් මියගියහ.ආධාරක කන්ඩායමක් එවනලෙස මේජර් ගිනිමැලගේ විසින් ඉහල නිලධාරීට දන්වනලදමුත් කිසිම ලෙසකින්වත් ඔවුන්වෙත ලන්වීමට ආධාරක කන්ඩායම්වලට නොහැකිවිය.අවසානයේ මියගිය හා තුවාලලද සෙබලුන් අතහැර වහාම පසුබසිනලෙස මේජර් ගිනිමැලගේට දන්වන ලදී.

ස්වකීය සහෝදර සෙබලුන් සමග අවසන් හුස්මපොද දක්වා සටන් කිරීමට අදිටන් කරගත් මෙම අභීත නිලදාරියා ඉහලින්ලද අණ බැහැරකලේය.එකම සෙබලෙකුහෝ පනපිටින් සිටිනතාක් තමන් කිසිලෙසකින්වත් පසුනොබසින බව ඉහල නිලධාරීන්ට දැන්වූ ඔහු ත්‍රස්තවාදීන්ට එරෙහිව බිහිසුණු සටනක නිරතවිය.නමුත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර එන්න එන්නම දරුනුවිය.කාලතුවක්කු ප්‍රහාරවලින් සෙබලුන්ට දැඩිහානි සිදුවිය.ඉහල නිලධාරීන්ගෙන් ලැබුනු අණ නොතකා,ස්වකීය සහෝදර සෙබලුන් අත්නොහැර,ඔවුන් සමග සටන්කල මෙම අති විශිෂ්ට කමාන්ඩෝ නිලධාරියා හිසට වැදුනු වෙඩි පහරකින් මියගියේය.මෙහෙයුම ඛේදාන්තයකින් අවසන්විය.ඊට සහභාගිවූ සෙබලු 180 ක් පමණ මියගියහ.ස්වකීය ජීවිතාරක්ශාව පසෙකලා සහෝදර සෙබලුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්,ඔවුන් අතනොහැර,නායකත්වය දෙමින්, මියයනතෙක් ප්‍රදර්ශනයකල අසමසම රණ පෙලහර වෙනුවෙන්,ශ්‍රීලංකා යුද්ධ හමුදාව විසින් සන්ග්‍රාමික වීරත්වය උදෙසා පිරිනමන ඉහලම සම්මානයවන පරම වීර විභූශනයෙන් මේජර් ජයනාත් ගිනිමැලගේ පුදනු ලැබීය.එම සම්මානයෙන් පුදනු ලැබූ පලමු හා එකම කමාන්ඩෝ සෙබලා මේජර් ජයනාත් ගිනිමැලගේය.

සතුරන් අබියස දණින් නොවැටී,අවසන් හුස්ම දක්වා අසමසම රණකෙහෙලි නැන්වූ මේජර් ජයනාත් ගිනිමැලගේ PWV ජාතිය වෙනුවෙන් ජීවිතය පූජාකර දහනව වසරකි.ලක් මෑණියන්ගේ පිනට පහලවූ අභීත පුතුනුවනි,සසර වසනාතුරා ඔබ ලක් මෑණියගේ පුතකුව ඉපදේවා.සසර අවසන ලක් මෑණියන් වෙනුවෙන්කල උත්තරීතර පිනෙන් අජරාමර නිවන්සුව ලැබේවා!

67 Viewers