යහපාලනය

ගත වූ යමපාළණ වසර තුන තුළ විටින් විට රට ට බිහි වූ පිළිල බොහොමයකි. සන්ධ්‍යා එක්නැලිගොඩ, නිමල්කා ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය, වික්‍රමභාහු කරුණාරත්න, පිරිමි නර්ස් සහ බස් ගැමුණු ඉන් කීප දෙනෙකි. රටට වින කරන බටහිරයන්ගේ ඩොලර් වලින් පෝශණය වූ NGO නඩ කරුවන්ගේ සුරතලුන් බවට පත්ව ඇති මොවුන්, ලැබෙන වරදාන වරප්‍රසාද වලට ගිජුවී රට පාවා දෙන මුග්ධ ක්‍රියාවේ පෙර ගමන් කරුවන් බවට පත්වී සිටි. අද වන විට එම පජාත රංචුවට අභිනවයෙන් එකතු වූ තවත් දෙදෙනෙකි 2020 ජනපති අපේක්ශකත්වය බලාපොරොත්තුවෙන් සිටින නාගානන්ද කොඩිතුවක්කු සහ ඔහුගේ වේදිකාවේ ප්‍රධාන කථිකාචාර්‍ය්වරිය වූ සුගන්ධිකා ප්‍රනාන්දු. මේ වන විට රටේ පවතින අධිකරණ පද්ධතිය අභියෝගයට ලක් කරමින් සිදු කල ප්‍රකාශයක් නිසා, සුගන්ධිකා ප්‍රනාන්දු අර්ධ තරුවක් බවට පත්වී ඇත. එම ප්‍රකාශයට හූ මිටි තබමින්, මෙතෙක් කල් හැංගී සිට එළියට පැමිණි රන්ජන් රාමනායකද නැවත කරළියට පැමිණ ඇත.

කෙසේ වෙතත්, පසුගිය දිනක නිදහස් චතුරස්‍රයේ ජාතික පුස්‍ථකාළ පරිශ්‍රය තුළ, නාගානන්ද සහ සුගන්ධිකාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට, අනාරාධනයෙන් බලෙන්ම එම ස්ථානයට ගිය නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න විසින් NGO බත්බැලයන් දෙදෙනාගේ නිරුවත රටටම පෙන්වන ලදි. රටේ පවතින අධිකරණ පද්ධතිය සහ නීතියෙහි යම් යම් වෙනස්වීම් සිදුවිය යුතු බව තර්කයකින් තොරව පිළිගත යුතු කරුණකි. ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීම 2018 මැයි 09 දින, මාධ්‍යවේදී චාපා බණ්ඩාර විසින් මුහුණු පොතට මුදා හළ වීඩියෝව නැරඹීමෙන් කළ හැක. එමෙන්ම 2018 මැයි 07 දින ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවති පොදුජන පෙරමුණ මැයි දින කම්කරු රැලිය ඇමතූ විමල් වීරවංශ මහතා කළ පැහැදිලි කිරීමද ඉතා වැදගත්‍ ය.

එනම්, අද වන විට රට මුහුණ පා තිබෙන්නේ ඉතාමත් බැරෑරුම් තත්වයකටය. රටට වින කටින බටහිර ස්වාමියාගේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කරන වත්මන් රජය රටේ සෑම දෙයක්ම පොළොවට සමතලා කර ඇත. ආර්ථිකය, දේශපාළණය, සමාජ සංස්කෘතිය මෙන්ම සිංහල බොදු සිරිත් විරිත්ද එයට අදාළය. ඒ සෑම දෙයටම වඩා බැරෑරුම් තත්වය අධිකරණය අභියෝගට ලක් කිරීමය. ජාත්‍යන්තර අධිකරණ වල අත පෙවීමක් කිරීමට වලිකන ජාත්‍යන්තරයට, මෙය ඉබ්බා දියේ දැම්මහම ඇන්නෑවේ කිව්වාක් වැනිය.

ඊලාම් සිහිනයට නැවත පණ දෙමින්, රනිල්ගේ සහයෙන් සිරිසේන පඹයට අන්දවමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ උන්ට හිතැති බටහිරයන් රටේ බල පෙරළිය සිදු කිරීමට මූලික වන්නේ බෙදුම්වාදය කරපින්නාගෙනය. මෙයට අවැසි මූලික පියවර වනුයේ මේ වන විට රටේ හමුදාවට එල්ලවී ඇති සාවද්‍ය යුධ අපරාධ චෝදනා සහ සාවද්‍ය මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ජාත්‍යන්තර අධිකරණ ලවා ඔප්පු කර ගැනීමය. නාගානන්දලා, සුගන්ධිකාලා කරළියට එන්නේ එහෙයිනි. දෙමළ කොටි ත්‍රස්තවාදය විනාශ කළද, එහි බළල් අත් තවම ඉතිරිව ඇත. එමෙන්ම අද වන විට රුපියලට වඩා ඩොලරය 150 වාරයක් බල සම්පන්නය. එවන් තත්වයක එම බළල් අත් වලට, නාගානන්දලා, සුගන්ධිකාලා වැනි චරිත අල්ලා ගැනීම අපහසු නොවේ.

මෙවන් වූ වටපිටාවක නාගානන්දලාගේ කුමන්ත්‍රණ ගුහාවට මේජර් අජිත් ප්‍රසන්නගේ කඩා පැණීම මා දකින්නේ යුගයේ අතිශය වැදගත් අවශ්‍යතාවයක් ලෙසය. 2015 දී බළ පෙරළිය සිදුවු දා සිට අද දක්වා ගත වූ කාළය තුළ, රටට, රට රැකි නායකයාට, හමුදාවට එල්ලවූ නොයෙකුත් අපවාද අවලාද වලට මුහුණු පොතේ මෙන්ම භූමියේද කොන්දේසි රහිතව ක්‍රියාත්මක වූ, තවමත් එහි නිරත වන මේජර් අජිත් ප්‍රසන්න ගැන රටේ බොහෝ ජනයා තුළ ඇත්තේ පැහැදීමකි. නාගානන්දගේ රැස්වීමට බලෙන් ගිය මේජර් අජිත් ප්‍රසන්න ඉල්ලා සිටියේ ඔවුන්ගේ මතය ගැන නීතිඥයෙකු වශයෙන් අදහස් දැක්වීමට ඔහුටද අවස්ථාව ලබා දෙන ලෙසය. කටු කන බැල්ලියෙකුගෙ ස්වරූපය විදහා පාමින් සුගන්ධිකාගේ වාග් ප්‍රහාරය හමුවේ කෙසේ හෝ අවස්ථාව ලබා ගත් ඔහු අනාවරණය කළේ මෙතෙක් කිසිවෙකු අනාවරණය නොකළ කරුණකි.

තමා ස්වාධීන මත දරන්නෙකු ලෙස හුවා දක්වන නාගානන්දට ඔහු පවසා සිටියේ,ඔබලාගේ සැබෑ අරමුණ සත්‍ය වශයෙන්ම රටේ පවතින නීතියේ සිදුරු වලින් පීඩාවට පත්වන ජනතාවට සේවය කිරීමට නම්,තමාද ඔවුන් සමග බවය. එමෙන්ම ඔහු පවසා සිටියේ රටේ අධිකරණය නීතිගරුක නොවන මෙන්ම දුර්වල එකක් යැයි පෙන්වීමට ජාත්‍යන්තරය උත්සහ දරණ මොහොතක ස්වාධීන මත දරන්නන් වශයෙන් කළයුතු වඩා වැදගත් කර්තව්‍යයක් ඇති බවය. එනම් ජාත්‍යන්තරය විසින් රටේ හමුදාවට එල්ල කළ සාවද්‍ය යුධ අපරාධ චෝදනා, 2015 ඇමෙරිකාව සමගින් ජිනීවා 30/1 සමයෝජනාවට අත්සන් තබමින් පිළිගත් වත්මන් පාළණයට, බ්‍රිතාන්‍ය සාම මණ්ඩලයේ මන්ත්‍රී නේසබි සාමිවරයා එරට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකල අතිශය වැදගත් ප්‍රකාශය සැලකිල්ලට ගෙන ඉවත් කර ගන්නා ලෙස බල කරන ලෙසය. ඉතා කෙටි කාළයක් තුළ කළ මෙම පැහැදිලි කිරීම අවසානයේ රැස්වීම් ශාලාව අත්පොලසන් නාදයෙන් රැව්දෙද්දී, නාගානන්දගේ සහ සුගන්ධිකාගෙ දත කට පූට්ටු කර මේජර් අජිත් ප්‍රසන්න බලෙන් ගොඩවූ වේදිකාවෙන් බැස ගියේ උපන් මව්බිම වෙනුවෙන් තවත් එක් සේවයක් අහවර කරමිනි.

නාගානන්ද සහ සුගන්ධිකා කව්ද යන්න දැන් රටම දනී. එමෙන්ම මේ අධිකරණ සංශෝධන පනත කුමක්ද යන්න ගැනත් ඔබ දැනුවත් වීම ඉතාමත් වටී. මෙහි අරමුණ අන් කිසිවක් නොව සාවද්‍ය චෝදනා නගා ගෝඨාභය රාජපක්ශ මහතා සිර කිරීමම පමණකි.


216 Viewers